true machan ... උන් කියපු දේවල් වලත් ගන්න දෙයක් තියෙනව ... පිටරටකින් හම්බ කරල ලංකාවට ආයෝජනය කරොත් ඇරෙන්න මෙහෙ පොඩි පඩියකින් නම් අර එකෙක් කියල තිබ්බ වගෙ අවුරුදු 55දි විතර මරුටි කාරෙකක් ගන්න පුළුවන් වෙයි

... අනික මම දැක්ක ලොකුම මතය තමයි ආණ්ඩු හදන්න බෑ කවුරු ආවත් ඔහොම තමයි තමන් තනියෙන් දියුණු වෙන්න ඕන කියන එක ...
සල්ලි කොච්චර තිබ්බත් වැඩක් නෑ අකාර්යක්ෂම රජයක් තියෙන කොට අපි හැමෝම ඒකෙ කොටස් කාරයො වෙනව ... අනුන්ගෙ පව් වලට අපි ණය ගෙවන්න ඕන ... ඩොලර් වලින් හම්බ කරත් ඩොලර් එක වැඩි උනාට ඉදි කට්ටෙ ඉඳන් හැම දෙයක්ම ගේන්නෙ පිටරටින් නිසා එතන ඉතුරුවක් වෙන්නෙ නෑ ... ලංකාවෙ කොච්චර ලොකු සල්ලි කාරයෙක් උනත් ආණ්ඩුවට හෙත්තු වෙන්නෙ නැතුව පවතින්න බැරි ඒකයි
රජය ශක්තිමත් උනොත් තමයි සිවිල් සමාජය ශක්තිමත් වෙන්නෙ, සිවිල් සමාජය ශක්තිමත් උනොත් තමයි පවුල ශක්තිමත් වෙන්නෙ ... එහෙම නැත්තම් මෙච්චර කාලයක් පවුල හදල රට හදන්න හිටපු කට්ටිය මේ වෙනකොට හොඳ රටක් ඉතිරි කරල තියෙන්න ඕනනෙ