ආදරය ගැන යමක් - ඒත් මම කවියෙක් නම් නොවේ
මගෙ කලින් ත්‍රෙඩ් එහෙම දැකපු කෙනෙක්ට මතක ඇතිනෙ මං බොහෝ විට විහිලු කතාවක් නෙ ඔයාලට ගේන්නේ... අද මට ලාච්චුවක් අස්සෙ තිබිල අවුරුදු 4ක් පරණ කොල කෑල්ලක් හම්බුණා. නිදාන කතාව අහන්න කලින් මේ පද පේලි බලල ඉන්නකො.
සොඳුරු වූ මගෙ ඒ අතීතේ නැවත ඒ දෝ මා කරා
පැතුම් හද බැඳ සිටිමි සැමදා නුඹට පමණක් පෙම් පුරා
ගෙවුනු මොහොතක ඒ නිමේෂය සිහිනයක් දෝ මට හැඟේ
සිතාගන්නට නොහැක මටනම් අහිමි ඇයි සිනහව ඇගේ
නින්ද යහනට වඩින යාමේ මන්ද හදවත ගොලු වුනේ
චන්ද්‍ර මඩලයි මනෙත ගැටුනේ සුන්දරයි ඔබ සිහි වුනේ
වැන්ද වෙහෙරට පිදුව කුසුමට පැතුම නුඹ පමණයි අනේ
ලන්දු නුඹ නම් සුන්දරයි හරි ඇත්තමයි මගෙ පණ වැනේ
අහස් කුස තුල රුවන් කැට වැනි ගුවන් තලයම හැඩ වෙනා
දහස් ගණනින් තරු දිලෙයි රෑ නමුත් නැත මම සතුටිනා
දෙඇස් නුඹගේ එතරු පරයන අහස දුටු මට සිහි වුනා
රහස් නොකරම නොසඟවා මම කියමි නුඹමයි උවමනා
නැගේ සිහියට හැමවෙලේ නුඹ බැරිය අමතක කරන්න
නගේ නොසිතේ වෙන කෙනෙක් ගැන මෙවන් තරමට සිතන්න
මගේ හදවත අරක්ගෙන නුඹ බැහැනෙ පන්නා හරින්න
අගේ මටනම් නුඹම පමණයි, ඕනෙ මට මෙය කියන්න
කවුරු හරි ඇහුවොතින් දිනයක සුරඟනක් කවුදැයි මගෙන්
සෞමි මම නුඹ පෙන්නලා කියනවා සත්තයි "අර බලන්"
කවුරු හිටියත් හරස් වෙන්නට දුරස් වෙන්නෑ මම ඔබෙන්
පවුරු පදනම් මම තකන්නෑ ලැබෙනතුරු මදහස ඔබෙන්
(2009-05-22)
මං උසස් පෙළ කරන්න හිටිය කාලෙ වුනු සිද්ධියක් මේක. මං යාලුවෙක් විදියට ආශ්‍රය කරපු කෙල්ලෙක් ගැන මගේ හිතේ ඇතිවුණු අදහස් කියන්න ගිහින් උන අකරතැබ්බයක්. මං ඒකිට ලයින් කියල මීටර් වෙලා, තිබුණ යාලු කමත් නැති වුණා. ආයෙ යාලු කරගන්න හැදුවට හරි ගියෙම නෑ. එහෙම හිතේ දුකෙන් පංති ඇරිල ආපු දවසක රෑ තමයි මේ කවි පෙළ ඔහොම ලියවුනේ. ඉතින් මට හිතුනා ඔයාලාගේ අදහස් දැනගන්න එක්ක මේක දාන්න. වැරදි ඇති, මොකද මං කවියෙක් නෙවෙයි. ඒත්, හිතල බලන්න හිතට තදින් දැනෙන සමහර දේවල් අපි තුලින් සමහරවිට අමුතුම හැකියාවන් ගේනව නේද කියල...