මචන්ලා.. අදත් ඉතින් හෙල්ප් එකක් ඉල්ලන් තමා ආවේ.. බනින්න එපා හොඳේ..
මේකයි මචන් සීන් එක.. මම අලුත් බිස්නස් එකක් පටන් ගන්න හිතුවා.. කොරියාවෙන් යුස්ඩ් ෆෝන් ගෙනත් විකුනන්න තමා බැලුවේ.. අපේ අයියා එහේ ඉන්න නිසා මට එහෙන් කිසි ප්රශ්නයක් නැතුව ෆෝන් දාගන්න පුලුවන්..
මට තියෙන ප්රශ්නේ තමා මෙහන් රිලිස් කරගන්න එක.. තැපෑලෙන් ෆෝන් එවද්දි බදු කීයක් විතර වදීද.. බදු නොගෙව ගේන්න පුලුවන්ද? ට්ර්සි එකේ අනුමැතිය ගන්නම ඕනද? එහෙම නැතුව ගේන්න ක්රමයක් තියෙනවද? අනුමැතිය ගන්නව නම් ඒකට කියක් විතර යනවද? මම එකපාර ෆෝන් 5ක් විතර තමා ගේන්න හිතන් ඉන්නේ.. දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩ්ක් කියපල්ලකෝ.. ලොකු උදව්වක්?

