▂ ▃ ▅ ▆ ElaKiri Bike Clinic ▆ ▅ ▃ ▂

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
බ‍යික් එකකුත් නෑ.....පදින්න ල‍යිසන් එකකුත් නෑ......:rofl::rofl::rofl:

ඔන්න මගෙනුත් බම්ප් එකක්.......
 
ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    මචං මගේ තියෙන්නේ Suzuki GN 125 ජපන් එකක්. ඒකේ කාබියුරේටර් එක සවුත්තු වෙලා තායිවාන් කාබ් එකක් දැම්මා. බාස්ලා 2-3 දෙනෙකුටම පෙන්නුවා උන් කියන්නෙත් හදන්න බෑ කියලා.උන් කියන්නේ මේ මොඩ්ල් එකේ කාබ් වල අවුල් එනවා කියලා. මට දැන ගන්න ඕනේ මචං මේ මොඩ්ල් එකේ කාබ් ඉක්මනට සවුත්තු වෙනවද? මේක 68000 ක් දුවලා.උපදේශයක් දීපල්ලකො...
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Machan mage discover125 ekak thiyenne, 6500KM wage pedala thiyenne..
    Langadi oil adjust kara, but dan start karaddi engine eka nawathinawane, race karala rath unama thama hari yanne..:sorry: Moko aula..

    මචන් oil adjust කර කියන එක නම් මට තේරුනේ නැහැ.
    මට තේරුණ විදියට නම් උඹ කියන්නේ fuel adjust කරා කියන එකයි.
    fuel adjust කරන කතාවේ අන්ත දෙකක් තියෙනවා. එකක් තමයි carb එක fuel rich විදියට වැඩ කරන්න හදන එක සහ lean විදියට වැඩකරන්න හදන එක.
    rich කියන්නේ fuel ගොඩක් එන විදියට ( fuel බිඳිති ලොකුයි) සහ lean කියන්නේ ටිකක් එන විදියට (fuel බිඳිති කුඩයි).

    ඉතින් carb එක ගොඩක් lean කලාම fuel වැඩ කරනවා කියල ගොඩක් අය අඩු කරනවා. නමුත් එකෙන් වෙන්නේ fuel අඩුවෙන් දහනය වීමේදී අධික තාපයක් ජනිත වීමෙන් කාලයක් යනකොට එන්ජිමේ bore එක සහ ඊට අදාළ පිස්ටනය, වැල්ව (valve), rings සහ සිලින්ඩරය කර වෙලා විනාශ වෙනවා.
    නමුත් rich උනා කියල fuel වැඩියෙන් යනවා මිසක් එන්ජිමට හානියක් වෙන්නේ නැහැ.

    carb එක lean කලාම තියෙන ලොකුම ප්‍රශ්නයක් වෙන්නේ, රාත්‍රියේ නතර කරලා උදේට start කරනකොට හෝ ගොඩක් වෙලා එක තැන තිබිල start කරනකොට start වෙන්නේ නැහැ.එක්කෝ choke එක අදින්න ඕන නැත්නම්, self start කර කර ඉන්න ඕන.එන්ජිම රත් උනාට පස්සේ හරියනවා.

    ඔහොම වෙන තව අවස්තාවක් තියෙනවා. ඒ carb එකේ float level එක ගොඩක් පහත වෙලා තිබෙන අවස්ථා වලදී.ඒ වෙලාවේ සිද්ද වෙන්නේ lean වෙන එක වගේම බ'නුලි ගේ theory එක හරියට සිද්ද වෙන්නෑ. ඒ කියන්නේ fuel හරියට ඉහලට ඇවිල්ල බිඳිති වෙන්නේ නැහැ.

    carburetor එක ගැන දැන ගන්න යන්න අපේ Amila256 මල්ලි ලිව්වා මේ ලිපියට....!

    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අඩේ කැන්ඩි පුටෙ
    බයික් එකක එන්ජිම කරකවන්නේ නැතුව තියෙද්දී ස්පාර්ක් ප්ලග් එක ස්පාර්ක් උනොත් ඇතුලේ පැට්‍රොල් මිශ්‍රණය තිබුනොත් දහනය වෙන්න පුළුවන් නේද ?

    ඔව් අනිවාර්යෙන්ම ..... නමුත් මචන් ගොඩක් වෙලාවට ඕක හරියටම හිටින්නේ නැහැ. මොකද power stroke එකට කලින් හරියටම නැවතෙන්න ඕන ඔහොම දෙයක් කරන්න. අනික valve දෙකම 100% වැහිලා තියෙන්නත් ඕන. අනික කවදාවත් එහෙම වැරදි වෙලාවට spark වෙන්න හදන්නෙත් නැහැ.

    ඉතින් ඕක හරියට විය සිදුරෙන් එලිය බලනවා වගේ වැඩක්. නමුත් එහෙම හරි සිද්ද උනොත් අනිවා crank එක කඩාගෙන යනවා.....!

    උඹටත් තියෙන ප්‍රශ්න.....:lol::lol::lol::lol:
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පෙට්ටෝල් සෑහෙන වහල වගේ..

    හොදටම තෙල් අඩුකරලා.. අපරාදේ මචං ඔහොම තෙල් වහපුවම එන්ගිම අම්බානකට රත්වෙනවා අනික පිස්ටන් රින්ග්ස්, පිස්ටන්, රෝඩ් ඔක්කොම සෑහෙන රත්වෙන නිසා එන්ගිමේ ආයු කාලේ අඩුවෙනවා

    දන්නා කෙනෙක් ට කියල හරි ෆුවල් ස්ක්රු එක ටිකක් අරින්න

    62448d1347346055-mileage-problem-please-advise-carb.jpg

    ඔයාගේ කාබ් එක කොම්පැනියෙන් ම දාල අජස්‌ කරලා හදාගන්න එයාල මැෂින් එකකට දාල හදන්නේ එක සුවර් !

    ඔය කියල තියෙන්නේ සත්‍ය කතාව බොහොම කෙටියෙන්....! එල thanx මචන්...!
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    බ‍යික් එකකුත් නෑ.....පදින්න ල‍යිසන් එකකුත් නෑ......:rofl::rofl::rofl:

    ඔන්න මගෙනුත් බම්ප් එකක්.......
    එල එල මල්ලි ගමු බයික් එකක් පස්සේ.....!

    thx a lot macho.man danatanam oil damma.:shocked: ayenam danne :) macho normal grease hoda nedda ?

    නිකන් ග්‍රීස් දානවට වඩා නම් පිච්චුනා තෙල් දාන එක හොඳයි මචන්.....
    කවදාවත් chain වලට ග්‍රීස් දන්නා එපා. දාන්නෙත් නැහැ කවුරුවත්. SAE 40 වගේ ටිකක් ගනකම oil ටිකක් දාන්න.

    liquid grease කියන එක special compound එකක්. ග්‍රීස් කියන නම කීවට ඒකෙ ක්‍රියාවලිය සාමාන්‍ය ග්‍රීස් වලට වැඩ වෙනස්....!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    ඔව් අනිවාර්යෙන්ම ..... නමුත් මචන් ගොඩක් වෙලාවට ඕක හරියටම හිටින්නේ නැහැ. මොකද power stroke එකට කලින් හරියටම නැවතෙන්න ඕන ඔහොම දෙයක් කරන්න. අනික valve දෙකම 100% වැහිලා තියෙන්නත් ඕන. අනික කවදාවත් එහෙම වැරදි වෙලාවට spark වෙන්න හදන්නෙත් නැහැ.

    ඉතින් ඕක හරියට විය සිදුරෙන් එලිය බලනවා වගේ වැඩක්. නමුත් එහෙම හරි සිද්ද උනොත් අනිවා crank එක කඩාගෙන යනවා.....!

    උඹටත් තියෙන ප්‍රශ්න.....:lol::lol::lol::lol:[/COLOR][/SIZE]

    උබ විශ්වාස කරන එකක් නෑ
    මේක මගේ පල්සරේ වෙනවා
    බයික් එක දුවල ගිහින් නවත්තල ඒ වෙලාවේම අපහු ඔන් කලොත් එන්ජිම ස්ටාර්ට් වෙන්න වගේ කැරකෙනවා පොඩ්ඩක්
    මම හිතුවේ ස්ටාර්ට් රිලේ එක ඔන් වෙනවා කියල
    මම අද වම් පැත්තේ ප්ලග් කප් එක ගලවල වයර් ඒකක අමුණලා යතුර ඔන් කරලා බැලුව. යතුර ඔන් කරද්දී එක පාරක් ස්පාර්ක් වෙනවා
    හෙට රිලේ එක ගලවල චෙක් කරනවා
    රිලේ එක නැතුව ඕක වෙනවා කියන්නේ අනිව එන්ජිමේ ඉතුරු මිශ්‍රණය දහනය වෙනවා. එහෙම නැතිනම් භූත බලපෑමක්
    අනිත් එක තමයි මේක වෙන්නෙ එක පාරයි. අයෙත් වෙන්නෙ අපහු එන්ජිම ස්ටාර්ට් කරලා නැවත්තුවොත් විතරයි.

    බයික් එකේ කිසිම අව්ලක් නම් නෑ. තෙල් 65 ක් වැඩ (පල්සර 135)

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :shocked: 8000 අයියෝ මුදල්

    සමහර උන් කියනවනේ බං ගියර් ඔයිල් දාන්න කියල
    සර්විස් වල උනුත් ඔහේ ඔයිල් අල්ලනවා බං o-රිං චෙන් වලට
    අඩේ මමත් මතක නැතුව ගිය සතියේ මගේ පල්සරේ චෙන් එකට එන්ජිං ඔයිල් ටිකක් දැම්ම පුටෙ
    මොකෝ කියන්නේ ? භූමිතෙල් දාල හෝදන්නද

    මචන් pulser එක අලුත් එකක් නම් සහ o-ring type chain නම් තියන්නේ. liquid grease දන්නා පුළුවන් නම් හොඳයි.නැත්නම් ගනකම අඩු අලුත් oil එකක් දාන්න.
    තව දෙයක් භූමිතෙල් දාල බයික් එක සහ chain එක සෝදනවා නම් රබර් washer තියන තැන් සහ o-ring type chain නම් ඉක්මනට සෝදලා භූමිතෙල් ටිකත් ඉක්මනට සෝදන්න නැත්නම් තම්බිලා ඉක්මනට විනාශ වෙයි...!
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ah ow mama nemei habai , bf ganna inne...:rolleyes::rofl:

    මලා...... ඒ මනුස්සයගේත් අවසානේ තමයි එහෙනම් ඒ......
    ඔයාටත් පදින්න දෙනවා කිව්වද?:rofl::eek::lol::rolleyes::dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචං මගේ තියෙන්නේ Suzuki GN 125 ජපන් එකක්. ඒකේ කාබියුරේටර් එක සවුත්තු වෙලා තායිවාන් කාබ් එකක් දැම්මා. බාස්ලා 2-3 දෙනෙකුටම පෙන්නුවා උන් කියන්නෙත් හදන්න බෑ කියලා.උන් කියන්නේ මේ මොඩ්ල් එකේ කාබ් වල අවුල් එනවා කියලා. මට දැන ගන්න ඕනේ මචං මේ මොඩ්ල් එකේ කාබ් ඉක්මනට සවුත්තු වෙනවද? මේක 68000 ක් දුවලා.උපදේශයක් දීපල්ලකො...

    Pissuda macho:shocked: Japan carb ekata mokada kale? Mage thiyenneth japan ekak. Carb awul awa kiyanne mulinma gahuwa model eke diaphragm eka. Ehema parana bike ekak lankawe thiyanawada kiyalawath sure na:no:

    Macho oke carb galewwoth dannathi ewun wade kagannawa(80%k garage wala ewun hariyata danna oke wosher tikak thiyanawa ewa halagannawa). Lede hoyaganna baruwa baila gahanawa un.Ekai wenna aththe. Bike eke podi miss ekak ehema thiyanawada? Danenna ketenawa wage wenawada engine eka? CDI awlak wennath puluwan.Dry solder wenawa ekanam.

    Japan carb eka rebiuld kit ekak dala hadaganna thibba.:( Honda bas kenek hoyaganna.

    Wagakemen kiyanne kawadawath hadanna bari leda enna oke:)
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    macho efi bike tune karanawa kiyala deyak karannedda ?

    අපොයි තියෙනවා.... නමුත් ඒකෙ කතාව ටිකක් advanced.ලොකු mechanical වැඩ නැති උනත් electronic වැඩ ගොඩයි.
    nozzle adjusting, EFI unit programming ඇතුළු තව වැඩ ගොඩක් තියෙනවා.හරියට car වල ECU එක වෙනස් කරනවා වගේ තමයි...!
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    ah ow mama nemei habai , bf ganna inne...:rolleyes::rofl:

    මනුස්සයට හොද බයික් එකක් ගන්න කියන්න. ස්කුටි පදින්නෙ කෙල්ලො ?! මෙලො රහක් නෑ :lol: :lol: :lol:

    මගේ බයික් එකෙත් අවුලක් තියනව. එකට ගහන පෙට්‍රල් පදිනකොට ඉවර වෙනවනෙ. :rofl: :P
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    උබ විශ්වාස කරන එකක් නෑ
    මේක මගේ පල්සරේ වෙනවා
    බයික් එක දුවල ගිහින් නවත්තල ඒ වෙලාවේම අපහු ඔන් කලොත් එන්ජිම ස්ටාර්ට් වෙන්න වගේ කැරකෙනවා පොඩ්ඩක්
    මම හිතුවේ ස්ටාර්ට් රිලේ එක ඔන් වෙනවා කියල
    මම අද වම් පැත්තේ ප්ලග් කප් එක ගලවල වයර් ඒකක අමුණලා යතුර ඔන් කරලා බැලුව. යතුර ඔන් කරද්දී එක පාරක් ස්පාර්ක් වෙනවා
    හෙට රිලේ එක ගලවල චෙක් කරනවා
    රිලේ එක නැතුව ඕක වෙනවා කියන්නේ අනිව එන්ජිමේ ඉතුරු මිශ්‍රණය දහනය වෙනවා. එහෙම නැතිනම් භූත බලපෑමක්
    අනිත් එක තමයි මේක වෙන්නෙ එක පාරයි. අයෙත් වෙන්නෙ අපහු එන්ජිම ස්ටාර්ට් කරලා නැවත්තුවොත් විතරයි.

    බයික් එකේ කිසිම අව්ලක් නම් නෑ. තෙල් 65 ක් වැඩ (පල්සර 135)

    මචන් හැබැයි ඕක bajaj service center එකකට පෙන්නුවා නම් හොඳයි. මොකද බජාජ් බයික් වල twin spark system (අර spark plugs දෙකක් එන සීන් එක) එක නිසා තමයි ඔය සිද්ධිය වෙන්නේ. හැම එකේම ඔහොම වෙන්නේ නැහැ. ඒ නිසා පෙන්නුවොත් නම් හොඳයි කියලයි මම හිතන්නේ...!
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,473
    22,140
    113
    Gotland
    මචන් හැබැයි ඕක bajaj service center එකකට පෙන්නුවා නම් හොඳයි. මොකද බජාජ් බයික් වල twin spark system (අර spark plugs දෙකක් එන සීන් එක) එක නිසා තමයි ඔය සිද්ධිය වෙන්නේ. හැම එකේම ඔහොම වෙන්නේ නැහැ. ඒ නිසා පෙන්නුවොත් නම් හොඳයි කියලයි මම හිතන්නේ...!

    එක තමා මාත් බැලුවේ සර්විස් එකට පෙන්නන්න ඕනි.
    හෙන ගානකට කෙලවන වැඩක් සෙට් වෙයිද මන්ද
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මචං මගේ තියෙන්නේ Suzuki GN 125 ජපන් එකක්. ඒකේ කාබියුරේටර් එක සවුත්තු වෙලා තායිවාන් කාබ් එකක් දැම්මා. බාස්ලා 2-3 දෙනෙකුටම පෙන්නුවා උන් කියන්නෙත් හදන්න බෑ කියලා.උන් කියන්නේ මේ මොඩ්ල් එකේ කාබ් වල අවුල් එනවා කියලා. මට දැන ගන්න ඕනේ මචං මේ මොඩ්ල් එකේ කාබ් ඉක්මනට සවුත්තු වෙනවද? මේක 68000 ක් දුවලා.උපදේශයක් දීපල්ලකො...

    Pissuda macho:shocked: Japan carb ekata mokada kale? Mage thiyenneth japan ekak. Carb awul awa kiyanne mulinma gahuwa model eke diaphragm eka. Ehema parana bike ekak lankawe thiyanawada kiyalawath sure na:no:

    Macho oke carb galewwoth dannathi ewun wade kagannawa(80%k garage wala ewun hariyata danna oke wosher tikak thiyanawa ewa halagannawa). Ekai wenna aththe.

    Japan carb eka rebiuld kit ekak dala hadaganna thibba. Honda bas kenek hoyaganna.

    Wagakemen kiyanna kawadawath hadanna bari leda enna oke:)

    හපොයි නැහැ. නියම ජපන් carb එකෙක් නම් කවදාවත් 100000km මෙහා ලෙඩක් නම් එන්නේ නැහැ. කරන්න තියෙන එකම දේ carb එක ගලවල carb cleaner එකක් දාල carb එක clean කරගන්න එක.වෙන මොකුත් කරන්න ඕන නැහැ.
    අර Harindu කිව්වා වගේ ඕක ගලවපු පලවෙනි මනුස්සයම වැඩේ කන්න ඇති. ඕවට කොච්චර තායිවාන් carb දැම්මත් වැඩක් නැහැ. එක්කෝ reconditioned එකක් හරි අර Harindu කිව්වා වගේ carb rebuild kit එකක් හරි පරණ original carb එකට දාල හොඳට දන්නා කෙනෙක් ලවා හදාගන්න....!
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මනුස්සයට හොද බයික් එකක් ගන්න කියන්න. ස්කුටි පදින්නෙ කෙල්ලො ?! මෙලො රහක් නෑ :lol: :lol: :lol:

    මගේ බයික් එකෙත් අවුලක් තියනව. එකට ගහන පෙට්‍රල් පදිනකොට ඉවර වෙනවනෙ. :rofl: :P

    :lol::lol::lol: පිටිපස්සහ පෙට්‍රල් බූලියකුත් බැඳ ගත්තනම් හරි......!
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,508
    17,517
    113
    Auckland
    :lol::lol::lol: පිටිපස්සහ පෙට්‍රල් බූලියකුත් බැඳ ගත්තනම් හරි......!

    පෙට්‍රල් මික්ස්චර් අඩුම කරොත් පෙට්‍රල් නැතුව හුලන් වලින් විතරක් යන්න හදන්න බැරිද ? :rofl: :rofl: :P
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    පෙට්‍රල් මික්ස්චර් අඩුම කරොත් පෙට්‍රල් නැතුව හුලන් වලින් විතරක් යන්න හදන්න බැරිද ? :rofl: :rofl: :P

    එහෙනම් උඹට කරන්න වෙන්නේ තටු දෙකක් හයි කරගන්න........!
    ලංකාවේ අර වතුර වලින් යන වාහන හැදුව වගේ.... උඹත් සුපිරි වීරයෙක් වෙනවා .....!
    උඹත් නුවර නේද මචන්...?
    :lol::lol:
     
    Rasika

    Junior member
  • May 7, 2006
    667
    22
    18
    Horana
    අම්මෝ මමත් මේ Thread එකක් දාල මගෙ බබා ගැනත් ඇහුව විතරයි. ඇති යන්තන් Clinic එකක් ම හම්බුනා. :rofl:

    Platina 100CC Bike 1ee... Petrol කීයක් විතර කරනවද? මම අලුතෙන් ගත්ත බයික් එක දැන් මාස 3ක් තිස්සෙ බැලුව 55 - 60 අතර තමයි කරන්නෙ. "Petrol Full Open කරල තියෙන්නෙ." මම ගමන් කරන්නෙ සාමාන්ය කදු අඩු මාර්ග වල. Traffic Set වෙන්නෙත් අඩුවෙන්. බයික් ගැන දන්න අය කතා කරමුද?
     
    Status
    Not open for further replies.