රතුපස්වල කම්හල යළිත් අරින්න පුළුවන් වන්න
රතුපස්වල කම්හල යළිත් අරින්න පුළුවන් වන්නේ මගේ මළ මිනිය උඩින් විතරයි
රතුපස්වල ජනතාවගේ ජලයට විස මිශ්‍ර කරන කර්මාන්තශාලාව නැවත විවෘත කළ හැක්කේ තමන්ගේ මළ මිනිය උඩින් පමණක් බව පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියෝ ප්‍රකාශ කළහ.
සිරිධම්ම හිමියන් එසේ පැවැසුවේ පෙරේදා (7දා) කොළඹ නිපෝන් හෝටලයේදී නීතිඥ එකමුතුව විසින් කැඳවා තිබුණු මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මෙම ගැටලුව පිළිබඳ ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය හා අදාළ කර්මාන්තශාලා ප්‍රධානීන් නිසි පියවර නොගත් බවටත් ඔවුන් විවිධ උපක්‍රම භාවිත කර ප්‍රශ්නය යට ගැසීම නිසා නියපොත්තෙන් කැඩීමට තිබූ දෙය පොරවෙන් කැපීමට සිදුවීම දක්වා වර්ධනය වූ බවටත් චෝදනා කළ ඒ හිමියන් එක් ප්‍රශ්නයක් වැසීම සඳහා තව ගැටලු රාශියක් ඇති කරමින් මනුෂ්‍යයන් ඝාතනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදය දැයි විමසා සිටියහ.
සිරිධම්ම හිමියෝ මාධ්‍ය හමුවේදී මෙසේද පැවැසූහ.
රතුපස්වල වෙඩි තැබීම ගැන පාර්ලිමේන්තුවේ කතා කළ ආණ්ඩුවේ ඇමැතිවරුන්ට මම පැහැදිලිව කියනවා මැති ඇමැතිවරුනි, උඹලා ඇවිල්ලා මේ ප්‍රදේශයෙන් ජල ටැංකියක් අරගෙන ගිහින් උඹලගෙ දරුවන්ට දීපල්ලා. ඊළඟට උඹලත් බීපල්ලා, නාපල්ලා, උඹලට මොකද වෙන්නේ කියලා බලන්න.... මේවා පැහැදිලිව කියන්න ඕනෑ දේවල්... ප්‍රජාතන්ත්‍රවාදීව ජනතා ඡන්දයෙන් බලයට පත්වන රජයක් මහජන බලවේගවලට බයයි. ඒත් මේ ආණ්ඩුව මහජන බලවේගවලට බය නෑනේ...?
මේ අත් දෙකෙන් මමත් මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට, බැසිල් රාජපක්‍ෂ මැතිතුමාට, මර්වින් සිල්වා ඇමැතිතුමාට ඡන්දය දීපු කෙනෙක් ලොකු විශ්වාසයක් ඇතිව. මේ ප්‍රදේශයේ නායකයා වන බැසිල් රාජපක්‍ෂ ඇමැතිතුමා මේ උද්ඝෝෂණය දිහා ඇහැ ඇරලා බැලුවේ නැහැ. ඒක ගැටලු සහගතයි.
පෙරේදා පී.එච්.අයි. මහත්වරුන් ග්‍රාම නිලධාරීන් එක්ක අළුහුනු කොට්ටත් අරන් ඇවිත් මිනිස්සුන්ට කියනවා වතුර බොන්න හොඳයි කියලා. මම කිව්වා ඒ අයට බීලා බලන්න කියලා.
මේ උද්ඝෝෂණයේ මුල සිටම මා හිටියා. දේශපාලකයන් බොරු කිව්වට ජනතාව බොරු කියන්නේ නැහැ. දේශපාලකයන් කඩප්පුලිකම් කළාට සාමාන්‍ය මිනිස්සු එහෙම කරන්නේ නැහැ. දේශපාලකයන්ට ලැජ්ජාව නැති වුණාට මිනිසුන්ට විළිලැජ්ජාව තියෙනවා. මේ ප්‍රශ්නයේදී කඩාකප්පල්කාරීන් හිටියේ බලධාරීන් එක්ක.
යුද්ධ හමුදාවට පුළුවන් නම් යුද ටැංකි අරගෙන එන්න. සිවිල් ජනතාවට ඇයි බැරි පොලු කෑල්ලක්වත් අරන් එන්න? අපි කාගෙන්වත් කන්න ඉල්ලුවේ නැහැ. රැකියා ඉල්ලුවේ නැහැ. අපි ඉල්ලුවේ අපේ ජීවිතයයි. වතුර ටික තිබ්බ විදියට ඉල්ලුවේ. මේ සැබෑ ප්‍රශ්නය වහන්න කිසිම බලවේගයකට, නිලයකට බැහැ. මට හොඳ කොන්දක් තිබෙනවා. කොට්ටෝරුවා කෙහෙල් ගහට ඇනලා හොට පටලවා ගත්ත වගේ වැඩක් මේක. ඔය කර්මාන්තශාලාව නැවත විවෘත කළොත් ඒක කෙරෙන්න පුළුවන් මේ සිරිධම්ම හාමුදුරුවන්ගේ මළ මිනිය උඩින් විතරයි. වතුර දෙනවා කියලා තැන තැන කියලා ගියා. ජල කුප්පි වැසිකිළි යන්නවත් මදි.
මහජනතාව වෙනුවෙන් කතා කරන මගේ ආරක්‍ෂාවට බලුකුක්කෙක්වත් එව්වේ නැහැ. නමුත් විස ආකරයක් වෙච්ච කර්මාන්තශාලාව ආරක්‍ෂා කරන්න රජයේ පඩි ලබන පොලිස් නිලධාරීන් හා හමුදාව යොදවලා. සිරිධම්ම හාමුදුරුවෝ පස්සට ගිහින් නැහැ. අපිට විසඳුම් දෙනකන් අප සටන නවත්වන්නේ නැහැ. මැරුණු අයට පණ දෙන්න බැහැ. නමුත් තුවාල වූ අයට ප්‍රතිකාර කරන්න පුළුවන්. කිසිවකු බිය නොවී ඉදිරියට ඇවිත් සාක්කි දෙන්න. අපට නීතිඥයන් 2000කට වැඩිය නොමිලයේ පෙනී සිටින්න ඉදිරිපත් වී සිටිනවා. කර්මාන්තශාලාවේ වැඩ කරලා රැකියා අහිමි වූ කිසිවකු අපේ උද්ඝෝෂණයට එකතු කරගත්තේ නැහැ. ඒ වගේම මත්පැන් පානය කළ කිසිවකුත් හිටියේ නැහැ.ආණ්ඩුව කියනවා මෙතැන කඩාකප්පල්කාරීන් හිටිය කියලා. මා පැහැදිලිව කියන්නේ එතැන කඩාකප්පල්කාරීන් සිටියේ නැති බවයි. source :MAWBIMA.LK
Balala bump ekakvat dapalla

Last edited: