පද පේළී - EK LYRICS THREAD PART 2

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
අහසේ තරු කැන් ඉහිලා
දුකකින් වාගේ
අඳුරේ හැඬුවා රහසේ
තනිකම ඉහිලුම් නොදේ
ගිලුනා හද මා අඳුරේ
ඔබ පෙරදා ආදරෙන්
මා ඟින් උන් හැටී
එහි සැමරුම් රූමයි ජීවිතේ
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ලියූ කවි පද දහක් අතරේ
ලියා ගන්නට බැරිව ලතැවුන
එකම එක දිග පුංචි කවියක්
තවම ලියනවා මං
 

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ජීවිත ගමනෙහි කොතැනකදී හෝ අපි යළි හමුවන දිනයේ...
    මේ දුක් කඳුලැලි වියැකුනු දෑසින් හිනැහෙනු මැන පෙර සේ... :)
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පරණ ලස්සන ගීත දෙකක්...
    11.gif
    :yes:
    11.gif
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මට චුට්ටි මෙමරි බැකප් එකක් ඕන.. සිංදු දෙක තුනක වචන ඔළුවෙ කැරකෙනවා සිංදු වල මුළ මතක නෑ :frown::( ඒ නිසා අහගන්න බෑ..

    එකක වචන එන්නේ

    මගේ සිත ඔබෙ වූ හැටී.. duet එකක් අළුත් සිංදුවක්
    අනික මට මතකම නෑ
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ඔබ මගේ වෙලා
    මගෙ ළඟට වෙලා
    නිවාඩු පාඩුවේ කියන්න ආදරේ කියා..
    සඳ මඬල වෙලා
    තරු ළඟට වෙලා
    කියාදෙන්න ආදරේ කියා...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට චුට්ටි මෙමරි බැකප් එකක් ඕන.. සිංදු දෙක තුනක වචන ඔළුවෙ කැරකෙනවා සිංදු වල මුළ මතක නෑ :frown::( ඒ නිසා අහගන්න බෑ..

    එකක වචන එන්නේ

    මගේ සිත ඔබෙ වූ හැටී.. duet එකක් අළුත් සිංදුවක්
    අනික මට මතකම නෑ
    බම්ප් තම‍යි බොස්.....මාලිංග අ‍යි‍යා නම් සමහර විට දන්නවා ඇති......:baffled::baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බම්ප් තම‍යි බොස්.....මාලිංග අ‍යි‍යා නම් සමහර විට දන්නවා ඇති......:baffled::baffled::baffled:

    එකපාරටනම් මතක් වෙන්නෙ නෑ :no:


    මට චුට්ටි මෙමරි බැකප් එකක් ඕන.. සිංදු දෙක තුනක වචන ඔළුවෙ කැරකෙනවා සිංදු වල මුළ මතක නෑ :frown::( ඒ නිසා අහගන්න බෑ..

    එකක වචන එන්නේ

    මගේ සිත ඔබෙ වූ හැටී.. duet එකක් අළුත් සිංදුවක්
    අනික මට මතකම නෑ

    ගායකයෙක් ද ගායිකාවක් ද කියන්නෙ කියලවත් මතක නැද්ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ආකාසෙ පීරාලා වැහි වලාවක් පායලා
    මා දෑස තෙත් වීලා කඳුලැල් බිඳක් වෑහිලා
    අදහන්න බෑ මට ඔබම ද කියා
    හැරදා ගියේ වෙන දෑතක් සොයා
    පපුවට ළංවීලා ඔයා හදවත දන්දීලා එදා
    පැවසූ පෙම් ආරාධනා හිමිනැති වෙලා

    සුව සංඛ තවරාලා නෙත් තීරයක් පාසා
    රෑ හීන සිත මාගේ ‍ජීවත් කළා
    පෝසත් සිනා යායේ කඳුළැ ගෑවුණත්
    මදිවට පින් සංසාරේ ඔබ නොලැබෙන්නත්

    පපුවට ළංවීලා ............

    ආකාසෙ පීරාලා ...............


    ගායනය :- චන්දන ලියනාරච්චි
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ අහසේ තරු දිලෙන තරම්

    රෑ අහසේ තරු දිලෙන තරම්
    මා මනසේ ඔබ රැදෙනවනම්
    විශ්වයේ නම් නොවේ තවත්
    මෙවන් සැනසුමක්
    හදට උණුසුමක්


    නුවන් තෙමී විසිරෙනා
    නුබේ කදුලු පාකරන්න
    වැහි වළාවකින්
    වැහි වැටෙන්න
    ලංවෙනකොට
    අකාසෙට දෙනෙත් යොමා
    බලා සිටින්නම්
    වැටෙන වැටෙන වැහි බිදු
    මා සගවන්නම්


    මල් උයනක සැරි සරන්න
    සමනළයනී ඉගිල එන්න
    නුබලට හැකිනම්
    පන්හිද ළග තනි වෙනකොට
    මා ලියනා කවි ගී වැල්
    ඈතට ගෙනහින්
    ඇයට ඇහිද ගන්න දුරක
    වී
    සි කරපන්


    -ගයන්ත-

    මට චුට්ටි මෙමරි බැකප් එකක් ඕන.. සිංදු දෙක තුනක වචන ඔළුවෙ කැරකෙනවා සිංදු වල මුළ මතක නෑ :frown::( ඒ නිසා අහගන්න බෑ..

    එකක වචන එන්නේ

    මගේ සිත ඔබෙ වූ හැටී.. duet එකක් අළුත් සිංදුවක්
    අනික මට මතකම නෑ
    :no::dull:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    ගායකයෙක් ද ගායිකාවක් ද කියන්නෙ කියලවත් මතක නැද්ද?
    යුගල ගායනයක්.. මොකක් හරි එකක තේමා ගීතයක්ද මංදා.. හයි පිච් ෆීමේල් වොයිස් එකක්

    ලියලා වැඩුනු හිතවත්කමක් ..

    මගේ හිත ඔබෙ වූ හැටී...
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    යාමේදාලා තිනෙ මාලිං :lol:
    සර්ච් එට අහුවුනේ පේලී එකේ :cool:


    ආදරෙන් හිත ආදරෙන්
    ලියලා වැඩුනු හිතවත්කමක්
    පාවී හොරැහින් ළඟින්
    සුවඳක් තරම් දුර ඇයි ඉතින්


    මහා කතරක ගිනි නිවා හිත
    වළාවක් වී ආ හැටී
    හිතේ අඳුරක සඟවලා තැබු
    මගේ දුක පිසලූ හැටී

    සොයාගෙන හදවතේ
    නොයිඳුල් ඉසව්වක උණුහුමේ
    මගේ හීනෙක හිතකවත් නැති

    නුඹේ ඇස් මගෙ වූ හැටී
    නුඹේ ඇස් මගෙ වුණු හැටී


    නොඉන්නට ඇසිපිය සලා
    පුංචි රහසක් සඟවලා
    කියන්නට හදවතේ තිබුණා
    දහසකුත් නෙක කාරණා

    වතාවක් නොව කතාවක් නැති
    පාලු තත්පර ගතවුණා
    ම‍ග අරින්නට බැරුව මගෙ හිත
    නුඹේ සෙවනෙ ම නැවතුණා
    නුඹේ සෙවනෙ ම දැවටුණා
    නුඹේ සෙවනෙ ම
    නැවතුණා

    ආදරෙන් හිත ...............


    පේකා නිර්මාණි|| නිශාන් සංදීප
     
    Last edited:

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    ඔබ ආයෙමත් ඇවිදින්..
    හිත හදාගත්තා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්...

    උන්නු දා පෙර
    අත පොවන්නට බැරි දුරින්
    නින්ද මට නැති
    දවස් තිබුනද කොයි තරම්..
    නුඹ නොදැක හිටි
    දිගු කාලයේ හිත
    හදාගත්තා විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්...

    දෑස අග මල් පිපී සැලුනත්
    කොයි තරම්..
    එක මලක්වත් සුවඳ නැති විය
    ඔබ තරම්
    නුඹ නොදැක සිටි ඒ කාලයේ
    නෙත කඳුළු මැකුනා
    විතරමයි
    ඔබ ආයෙමත් ඇවිදින්....
    :(:(:(
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    වහින්නට හැකිනම් ගිගුම් දී
    වියලි ගම් බිම් වලට ඉහලින්
    ඉදෙන්නට හැකිනම් බතක් වී
    බතක් නොයිදෙන පැලක රහසින්....


    ‍රැදෙන්නට හැකි නම් ළමා කැල
    හඩන දෙතොලග සිනාවක් වී
    පිපෙන්නට හැකි නම් තුරින් තුර
    නෙලා ගත හැකි වන මලක් වී.....


    නිදන්නට හැකි නම් දෙනෙත් තුල
    හැබෑවන සුභ සිහිනයක් වී
    ගැයෙන්නට හැකි නම් දොරින් දොර
    ලොවම පුබුදන ගීතයක් වී....

    :):):)
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    කෙටිම කෙටි කථාවක්
    මං ඔබ ගැනම ලියන්නම්
    මා අතැර ගියේ ඔබ බව
    එහි නොලියා ඉන්නම්
    ඔබ පැරණි මතකයෙන් මා
    මුදවනවානම්..
    සුදු ඔබ පැරණි මතකයෙන් මා
    මුදවනවානම්..

    සඳ නිවෙන තරු මඬල යට
    ගොස නගන මූදු රළ දෙස
    වරු ගනන් බලා උන් වග
    එහි නොලියා ඉන්නම්
    ඔබ පැරණි මතකයෙන් මා
    මුදවනවානම්..
    සුදු ඔබ පැරණි මතකයෙන් මා
    මුදවනවානම්..

    ගත හිවුඩු පිපෙන සීතේ
    දුම්රියේ එකට එක ළඟ
    දුර ගමන් ගෙවා ගිය වග
    එහි නොලියා ඉන්නම්
    ඔබ පැරණි මතකයෙන් මා
    මුදවනවානම්..
    සුදු ඔබ පැරණි මතකයෙන් මා
    මුදවනවානම්..

    :(:(:(
     

    Twinkle24

    Member
    Jul 12, 2013
    1,093
    25
    0
    ~upon a cloud~
    You've got a friend in me
    You've got a friend in me
    When the road looks rough ahead
    And you're miles and miles
    From your nice warm bed
    Just remember what your old pal said
    Boy, you've got a friend in me
    You've got a friend in me
    You've got a friend in me
    You've got a friend in me
    You've got troubles, well I've got 'em too
    There isn't anything I wouldn't do for you
    We stick together and we see it through
    You've got a friend in me
    You've got a friend in me

    Some other folks might be
    A little bit smarter than I am
    Bigger and stronger too
    Maybe
    But none of them will ever love you the way I do
    It's me and you
    And as the years go by
    Boys, our friendship will never die
    You're gonna see
    It's our destiny
    You've got a friend in me
    You've got a friend in me
    You've got a friend in me

    :D:D:D
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    යාමේදාලා තිනෙ මාලිං :lol:
    සර්ච් එට අහුවුනේ පේලී එකේ :cool:


    ආදරෙන් හිත ආදරෙන්
    ලියලා වැඩුනු හිතවත්කමක්
    පාවී හොරැහින් ළඟින්
    සුවඳක් තරම් දුර ඇයි ඉතින්


    මහා කතරක ගිනි නිවා හිත
    වළාවක් වී ආ හැටී
    හිතේ අඳුරක සඟවලා තැබු
    මගේ දුක පිසලූ හැටී

    සොයාගෙන හදවතේ
    නොයිඳුල් ඉසව්වක උණුහුමේ
    මගේ හීනෙක හිතකවත් නැති

    නුඹේ ඇස් මගෙ වූ හැටී
    නුඹේ ඇස් මගෙ වුණු හැටී


    නොඉන්නට ඇසිපිය සලා
    පුංචි රහසක් සඟවලා
    කියන්නට හදවතේ තිබුණා
    දහසකුත් නෙක කාරණා

    වතාවක් නොව කතාවක් නැති
    පාලු තත්පර ගතවුණා
    ම‍ග අරින්නට බැරුව මගෙ හිත
    නුඹේ සෙවනෙ ම නැවතුණා
    නුඹේ සෙවනෙ ම දැවටුණා
    නුඹේ සෙවනෙ ම
    නැවතුණා

    ආදරෙන් හිත ...............


    පේකා නිර්මාණි|| නිශාන් සංදීප

    Aluth song ekak lassanai :yes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔබව මට හිමි නෑ කියලා
    කොහොම ඉන්න ද වෙන්වෙලා
    හිත ම ඔබ ළඟ නැවතීලා
    දුරින් හිටියට තනිවෙලා
    කඳුළේ මා තනිවෙලා
    හැඬුවේ ඔබ නිසා
    කඳුළේ මා තනිවුණා
    හැඬුවේ ඔබ නිසා

    ඔබව නොදැක හිඳින විටදි
    දෑස මා හඬවනා
    තුරුළෙ ඔබේ ඉන්න නැතිව
    හිත ම තැවෙනවා
    රෑ සීතලේ තනිවී
    මා දෑසෙ ඔබ වෙලෙනා
    කවදාද ඉන්නෙ ඔයා
    මට ළංවෙලා

    ඔබව මට හිමි නෑ .............

    සිහින අතරෙ සුවඳ ඔබේ
    ළඟ ම දැනෙනවා
    දුරක ඉඳන් දෑස් ඔබේ
    මදෙස බලනවා
    නෑ තාම මට හිමිවී
    ඔය දෑස අන්සතු වී
    කවදාක ඉන්නෙ ඔයා
    මට ළංවෙලා

    ඔබව මට හිමි නෑ .............


    ගායනය :- දුෂ්‍යන්ත් වීරමන්