EK 1980s Club (1980-1989)

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් මචං මම හිතන්නේ සුන්දර පොඩි කාලයක් අන්තිමට ගත කරේ අපි. දැං ඉන්න පොඩි උන් පව්. උන්ට පොඩි කාලයක් නෑ, 1 වසරෙ ඉදන් 5 වෙනකන් පන්ති යනවා. ආයි 6වසරෙ ඉදන් 11 වසර වෙනකන් පන්ති යනවා. උසස්පෙළට එක විෂයට පන්ති දෙකකටම යනවා. ඒ දවස්වල අපි පන්ති ගියේ සාමාන්‍ය පෙළ ගණනන්, විද්‍යාව වලට විතරයි. උසස්පෙළ ගොඩක් වෙලාවට ගියේ රිවීෂන් විතරයි.

    අඩේ 1 ඉඳන්ම පන්ති යන්න ඕන ද..ඉස්කෝලේ නොගිහින් හිටියා නම් හරි..ඒ දවස් වල අපිත් පන්ති ගියා..ඒත් යන මඟට ගස් පාලු,බතු පාලු පන්ති ඉවර වෙලා ගස් ඔට්‍ටු පන්ති පටන් ගන්න කලින් ගස් ඔට්‍ටු...හිටන් දැම්මා දැන් ඒ පන්තිය තිබුනත් ඔට්‍ටු පැනපු ගස් තිබුනතොට්‍ටු පනින්න එකෙක් නෑ..මං හිතන්නේ කෙල්ලොන්ට ලියුම් ලියපු අන්තිම යුගෙත් අපි වෙන්නැති..
    :P:P:P
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඒක නම් ඇත්ත බං, මම O/L වලට පන්ති ගියේ ගනන් වලට විතරයි ඒ ගියෙත් අන්තිම මාස 6දි මගේ යාලුවගේ කෑල්ල ඌට සෙට් කරල දෙන්න

    A/L වලටත් ගියේත් ඉදල හිටල ඒ උනාට මගේ Result අවුලක් උනේ නෑ

    A/L කියද්දි මතක් උනේ O/L කාලේ පන්ති ගිහින් තිබුණත් වැඩිම ළමයි ගානක් මම හිතන්නේ 70ක් වගේ වෙන්න තිබුන එක පන්තියයි මම දැකලා තිබුනේ..a?L වලට ගියා හෝල් ක්ලාස් එකකට පලවෙනි දවසේ ඉස්සෙල්ලම ඇතුලට ගියේ මායි මගේ යාලුවෙකුයි..ඇතුලට ගිය ගමන් ඩෙස් බංකුම තියෙනවා තෙරක් නොපෙනෙන්න..හිතා ගන්න බෑ කොහෙ ඉඳ ගන්නද කියලා..ගෑණු කොහෙද පිරිමි කොහෙද කියලා හිතා ගන්නත් බෑ සේප් එකේ ඉස්සරම පේලියේ පොත් දෙකක් තියලා ඇවිත් එලියෙන් හිටන් හිටියා.එදා තමා මම වැඩිම ළමයි ගානක් හිටි පන්තියක් දැක්කේ ගෙදර එද්දි බෙල්ලත් උලුක්කු වෙලා..
    කෙල්ලෝ දිහා බලල නෙමෙයි බං බංකුවේ ඉඳන් බෝඩ් එක බලන්න ගිහින්..(කෙල්ලෝ වකාරෙට..පන්තිවල කෙල්ලෝ වැඩි කොල්ලොන්ට වඩා..) අපිට ඒ උසස් පෙල කාලෙම සෑහෙන්න පරිණාමයක් දැක්කා ලමයින් ගේ..අපේ පන්නිවල රූම් කේස් වලට ගිහින් එකා දෙන්නා අහුවෙමින් තිබුන යුගයක් ඒව ඇහුවම අපේ උන් ඇස් ගෙඩි දොඹගෙඩි එකං බලන් හිටියේ.වෙනකොට දැන් ගම්පහ රූම් එකක් හොයා ගන්නවත් බැරි ගානට පිරෙන්න පටන් අරන් ලු...හරි සාමාන්‍ය දේවල් වෙලා..කාලය මැවු වෙනසක අරුමේ..
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    :D:D:D මතක් වෙද්දි පට්ට හැපී බන්... ඒ දවස් වල අද කාලේ වගේ සල්ලි නෑනේ. ජුජුබ්ස් කිව්වොත් ඉතින් ආයේ ඕනේ නෑ. :love:උඹට මතකද ඉස්සර ITN එකේ ඉරිදට ගියා ඩේන්ටි රස පැන කියලා වැඩසටහනක්...?

    :yes::yes::yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඉස්සර මේ මුතුහර වැඩසටහන ආසාවෙන් බැලුවා, දැන් ඉන්න එවුන් මේ වගේ ඒවා බලන්නෙ නෑනේ

    විශ්වයෙ සැමටම යුක්තිය ඉටුවන
    ලස්සන ලොවක් සදම්....
    ඒ ලොව සැදුමට ඇප කැප වී නිති
    මුලු ශක්තිය යොදවම්....

    :yes::yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    තනි ඇහැට ඇඬෙනවා බං මේවා මතක් වෙද්දි..මේ ආතල් අපිට විතරමද තිබුණේ..89 වෙනකන්ම වගේ හිටපු හැම එකෙක්ටම මේ ආතල් සෙට් වෙලා තියෙනවා..ඒ දවස් ගැන මතක් වෙද්දි පට්ට හැපී..අපිට හොඳ පොඩි කාලයක් තිබ්බා තොපිට වගේ නෙමෙයි කියුවෑකි.lරෙනෝල්ඩ් පෑනත් අපිත් එක්කම ඉස්කෝලේ යන එක නැවැත්තුවද කොහෙද ඇයි ලෙක්සි..

    සුවඳ පෑන් මතක් උන සැනින් තාමත් ඒ සුවඳ නහයට දැනෙනවා වගෙයි..ඉස්සර ඉස්කෝල වලට එන පොත් ප්‍රදර්ශන මතකද ඒ කාලේ ඉතින් අපිට සැනකෙළි වගේ තමා..ගෙදරින් රු 50ක් වගේ හම්බෙනවා.අර පොත් කොලෙත් ගෙදර අරන් යනවා ගිහින් සෑහෙන ගානක් මාක් කරන්න පස්සේ රු 50කට හෝ 100කට හරි යන්න ලිස්ට් අඩු කරන හැටි..ඉතිරි සල්ලි වලින් ස්ටිකට් කාඩ්,සුවඳ පෑන් අනන් මනං නේ ගන්නේ..

    මට මතකයි මම හතරේ පන්තියේ ඉන්නකොට ඔන්න එනවා බ්‍රිග් ගේම් කියලා එකක් කෑලි මූ‍ටු කරන්නයි,රේසින් කාර් එලවන්නයි වගේ ගේම් තියෙන.මට ඒ ජාතියේ ගේම් එකක් තිබුනේ නෑ ගන්න දිහාවක් දන්නෙත් නෑ..අපි ඉතින් තියෙන උන්ගේ ඒවට මරාගෙන ඉරි අල්ලං හරි ඌ රබර් බෝලයක් හරි දෙන්න පොරොන්දු කරන් ඉල්ල ගන්නේ.මගේ ඒ කාලේ එකම සිහිනය වුනේ ඒ ජාතියේ එහෙක හිමි කාරයෙක් වෙන එක..කියුවට අරන් දෙන්නෙත් නෑ..ආච්චිට හරි සීයට හරි තමා වද කරන්නේ..කොහොම හරි සීයා ඕකක් අරන් ගෙනවා කියලා හිටියේ ඉට කලින් හදිස්සියේම සීයා නැති උනා..මට මතකයි මම මරණේ වෙලාවේ ඇඬුවේ මට බ්‍රිග් ගේම් එකයි ගෝල්ඩ් ‍ෆිෂ් ජෝඩුවකුයි අරන් නොදී සීයා මලා කියලා..:dull::dull::dull:
    ping.php

    :dull::dull::dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඩේන්ටි රස පැනට පස්සේ මොකද්ද ගියපු වැඩසටහන..ඕකේ දින්නම ඩේන්ටි පොපි මල්ලක් ද කොහෙද දෙනවා නේද?මම මේ ඊයේ පෙරේදා දවසක ජුජුබ්ස් එකක් කෑවා..ඒකේ අර අපි ඒකාලේ කනකොට තිබ්බ ගතිය නෑ නේ..ඕක ඒ දවස් වල හපන්නේ නෑ සීනි ටික නැති වෙනකන්ම කටේ දාන් ඉඳලා පස්සේ තමා වැඩ දෙන්නේ..තාමත් එහෙම තමා..වොක්ලට් බිස්කට් එකක් අහු උනත් කෑලි දෙක ගලවලා මැද වොකලට් ටික හූරං කාලා පස්සේ තමා බිස්කට් එක කන්නේ..(ඒ නිසා ගෙදරින් පිටදී ඕවා කන්නෙත් නෑ පටි රෝල්..වෙන නිසා..) කැන්ඩොස් මැජික් බෝලේ වගේම ඒ එක්ක මතක් වෙන පුංචි වීරයෝ කතා සෙට් එක (චන්න පෙරේරා ගේ)

    දැන් ළමයින්ගේ වරදක් ද අපේ අවුලක් ද මන්දා අක්කගේ පොඩි එකත් ගෙදර ආවම ඌට කුරුම්බැට්ටියක් දැක්කත් මෙලෝ හැඟීමක් නෑ..ඌට කොහෙ ගියත් අම්මගේ ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක ඕන..අපේ පොඩි කාලේ වගේ ගෙදරකට ගියාම ගෙදර දුවන අල්ලන ඔට්‍ටු දාන්න ගස් පාලු කරන, මල් පෝච්චි කඩන කේස් නෑ..පාඩුවේ පු‍ටුවක ඉඳගෙන ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා..
    උන්ගේ අම්මලත් හෙන ආතල් එකේ කියනවා.."මෙයා දැන්ම ඉඳන් ඔය වගේ ඒවට තමා කැමති වැලි ඇල්ලිලි , මැටි ඇල්ලිලි නෑ කියලා.." මම කියුවේ දැන් මොන්ටි සෝරියේ දෙවෙනි අවුරුද්ද යන පොඩ්ඩෙක් ගැන..
    :dull::dull::dull:

    සිරාවට චන්න පෙරේරගෙ පුංචි වීරයෝ මැරීගෙන බැලුවෙ... තාමත් චොකලට් බිස්කට් කන්නෙ ඔය විදිහට තමා....
    :lol:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන

    A/L කියද්දි මතක් උනේ O/L කාලේ පන්ති ගිහින් තිබුණත් වැඩිම ළමයි ගානක් මම හිතන්නේ 70ක් වගේ වෙන්න තිබුන එක පන්තියයි මම දැකලා තිබුනේ..a?L වලට ගියා හෝල් ක්ලාස් එකකට පලවෙනි දවසේ ඉස්සෙල්ලම ඇතුලට ගියේ මායි මගේ යාලුවෙකුයි..ඇතුලට ගිය ගමන් ඩෙස් බංකුම තියෙනවා තෙරක් නොපෙනෙන්න..හිතා ගන්න බෑ කොහෙ ඉඳ ගන්නද කියලා..ගෑණු කොහෙද පිරිමි කොහෙද කියලා හිතා ගන්නත් බෑ සේප් එකේ ඉස්සරම පේලියේ පොත් දෙකක් තියලා ඇවිත් එලියෙන් හිටන් හිටියා.එදා තමා මම වැඩිම ළමයි ගානක් හිටි පන්තියක් දැක්කේ ගෙදර එද්දි බෙල්ලත් උලුක්කු වෙලා..
    කෙල්ලෝ දිහා බලල නෙමෙයි බං බංකුවේ ඉඳන් බෝඩ් එක බලන්න ගිහින්..(කෙල්ලෝ වකාරෙට..පන්තිවල කෙල්ලෝ වැඩි කොල්ලොන්ට වඩා..) අපිට ඒ උසස් පෙල කාලෙම සෑහෙන්න පරිණාමයක් දැක්කා ලමයින් ගේ..අපේ පන්නිවල රූම් කේස් වලට ගිහින් එකා දෙන්නා අහුවෙමින් තිබුන යුගයක් ඒව ඇහුවම අපේ උන් ඇස් ගෙඩි දොඹගෙඩි එකං බලන් හිටියේ.වෙනකොට දැන් ගම්පහ රූම් එකක් හොයා ගන්නවත් බැරි ගානට පිරෙන්න පටන් අරන් ලු...හරි සාමාන්‍ය දේවල් වෙලා..කාලය මැවු වෙනසක අරුමේ..

    ඇත්ත තමයි බන්... අපි ඒ වෙනස සජීවිව අත් වින්ද. මමත් හෝල් ක්ලාස් එකකට කියල මුලින්ම ගියෙ උසස් පෙළ කරන්න . නවය වසරෙ පන්ති තුනයි ගියෙ. ගණන්, විද්‍යාව, ඉංග්‍රීසි. ඒ කාලෙත් පන්ති පටන් ගන්න කලින් සෙල්ලන් කරන්නෙ. හවස ගෙදර යද්දි යාලුවො සෙට් එකම වඩ කාරයන්ගෙන් වඩ අරන් ගග අයිනට වෙලා කාලා යන්නෙ.
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඇත්ත තමයි බන්... අපි ඒ වෙනස සජීවිව අත් වින්ද. මමත් හෝල් ක්ලාස් එකකට කියල මුලින්ම ගියෙ උසස් පෙළ කරන්න . නවය වසරෙ පන්ති තුනයි ගියෙ. ගණන්, විද්‍යාව, ඉංග්‍රීසි. ඒ කාලෙත් පන්ති පටන් ගන්න කලින් සෙල්ලන් කරන්නෙ. හවස ගෙදර යද්දි යාලුවො සෙට් එකම වඩ කාරයන්ගෙන් වඩ අරන් ගග අයිනට වෙලා කාලා යන්නෙ.

    ඒ කාලේ කාපු වඩෙත් නෑ බං දැන් ඉන්න උන්ට කන්න..:dull::dull:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඒ කාලේ කාපු වඩෙත් නෑ බං දැන් ඉන්න උන්ට කන්න..:dull::dull:

    ඉස්සර උම්බල කඩ වඩ වල පත කෑල්ලක් තියනව. දැන් තියන උම්බල කඩ වඩ වල උම්බලකඩ හොයන්න අන්වීක්ෂයක් ගේන්න ඔනෙ.