හාපෝ... නාකි චමින්දල..යන්තන් මාත් සැට් වෙනවා 89 හින්දා...![]()
![]()
හම්මෝ.... ළමයෙකුට තියා මහ මනුස්සයෙකුටවත් දරාගන්න අමාරු අත්දැකීමක්නෙ ඒක...80 ගනන් වල ඉපදිලා 80 ගනන් වලම වෙච්ච කතාවක් තමයි මං ලියන්න යන්නෙ. මේක සිද්ද උනේ මටයි මගේ ඥාති නංගි කෙනෙකුටයි. ඇත්තටම මේකේ සම්පූර්ණ කථාව මටවත් නංගිටවත් මතක නෑ. මටයි නංගිටයි මතක කථාවේ සිද්ධ වුනු කොටස් කීපයක් විතරයි. අපේ අම්මයි, තාත්තයි, අයියයි, බාප්පා කෙනෙකුයි කියපු කතාවලින් තමා සම්පූර්ණ කථාව හදා ගත්තේ. කථාව වුනේ 80 දශකයේ උනාට කථාවේ මුල් 70 දශකයටම විහිදිලා තියෙනවා. ඒ හින්දා 70න්ම පටන් ගන්නම්.
අපේ මුල් ගම තියෙන්නේ මාතර දිස්ත්‍රික්කයේ. අපේ තාත්තලාගෙ ගමට ගම් කීපයක් එහායින් තමයි අපේ අම්මලාගේ මුල් ගම තියෙන්නේ. අපේ තාත්තලා ඒ කාලේ හෙනම යූ.එන්.පී. තාත්තලගේ පවුලේ කොල්ලොම 6ක් තාත්තත් එක්කම. කොහොම හරි 60 ගනන් වල අග වගේ අපේ සීයා( තාත්තගේ තාත්තා ) පුත්තලමට ඇවිත් තියෙනවා ගොවිතැන් කරන්න. සීයත් එක්ක අපේ ලොකු තාත්තලා 3න් දෙනෙකුත් ඇවිත්. මහා කැලේ මැද තනියෙන් කටුමැටි ගෙයක් හදාගෙන කැලේ කොටසක් කපලා හේනක් කොටලා තමා වැඩ ආරම්භ කරලා තියෙන්නේ. මෙහෙම කිව්වට ඔය වැඩටික කරගන්න අපේ සියාටයි ලොකු තාත්තලටයි අවුරුද්දක් විතර ගිහින් තියෙනවා. පස්සේ හේනෙන් කුඹුරු වලට බැහැලා හේන් කුඹුරු කියන දෙකේම ගොවිතැන කරපු අපේ සියා ගාවට ලොකු තාත්තලා 4යි සීයාගේ මල්ලිලා වෙච්ච තවත් සීයලා දෙන්නෙකුයි ගිහින් වැඩේ සාර සුභාවට කරගෙන ගිහින් තියෙනවා. මුලින් කටුමැටි ගේ ලොකු කරලා හොද ගෙයක් එහෙමත් හදලා තියෙනවා. පස්සෙ 71 කැරැල්ල පටන් අරන්. ඔය 71 කේ කැරල්ලට අපේ සීයලා පක්ශත් නැති විරුද්ධත් නැතිව තමා ඉදලා තියෙන්නේ. මොකද අපේ සීයලා යූ.එන්.පී. නේ. කැරැල්ලට පක්ෂ උනොත් සීයලා ජේ.වී.පී. කියලා හංවඩු ගැහෙයි, විරුද්ධ උනොත් ශ්‍රී ලංකා කියලා හංවඩු ගැහෙයි කියලා අපේ සීයලා පැත්තක් අරගෙන නෑ. ඔහොම ඉන්දෙද්දි දවසක් සීයාව හම්බෙන්න ඇවිත් ජේ.වී.පී. සෙට් එකක්. ඇවිත් සීයාට කිව්වලු සීයා වගා කරන කුඹුරු සහ හේන් ඉඩම් සීයලා මහ ජනතාවගෙන් කොල්ල කාපු ඉඩම් ඒ නිසා ඒ ඉඩම් වහාම මහ ජනතාවට බෙදලා දෙන්න කියලා. ඒ පාර සීයයි, සීයගේ සහෝදරයො ටිකයි කියල දුන්නලු මේ ඉඩම් මිළදී ගත්තේ කොහොමද සහ ඒ සල්ලි හොයා ගත්තේ කොහොමද කියලා. බොහෝම මහන්සියෙන් හම්බ කරපු සල්ලි වලින් තමයි මේ ඉඩම් අරගෙන තිබ්බේ. කථාව අහගෙන හිටපු කට්ටිය තේ එහෙමත් බීලා තමයි ගෙදරින් ගිහින් තිබ්බේ.
ඔය හේන් ගොවිතැන් කරපු එක එච්චර සුන්දර වෙලා නෑ ඒ කාලේ. හැම තිස්සේම සත්තු එහෙම හේනට රිංගලා වගා පාළු කරන නිසා අපේ සීයා තුවක්කුවක් අරගෙන තිබ්බලු හේන ආරක්ෂා කරන්න. ඔය තුවක්කුව ටිකක් සැර තුවක්කුවක්. අර කාණු දෙකේ තුවක්කු කියන්නෙ. එයින් එකක්. එක දවසක් රෑ සීයා කොහේද ගිහින් ගෙදර එනකොට කැලේ මැදින් සීයාගේ නම කියලා කිව්වළු නවතින්න කියලා. ඒ පාර සීයා නැවතුනාම කිව්වළු සීයගේ තුවක්කුව හෙට රෑ අහවල් තැන තියන්න කියලා. අපේ සීයා සද්ද නැතුව ඇවිල්ලා. ඊට පස්සෙන්දා තුවක්කුව තියන්න කිව්වට සීයා තුවක්කුව නොදී තියාගෙන. දවස් දෙකකට පස්සෙ අපේ ලොකු තාත්තලා දෙන්නෙකුට මගදි අල්ලගෙන හොදටම ගහලා. කිව්වළු ජීවත් වෙන්න ඕනෙනම් තුවක්කුව දීපිය කියලා. එදාම සීයා ලොකු තාත්තලාවයි අනිත් සීයලවයි ගෙදරින් පිට කරාළු මාතරට. හැබැයි එක සීයා කෙනෙක් විතරක් නැවතිලා අපේ සීයාගේ තනියට. කට්ටිය පිට කලාට අපේ සීයල වැඩ නවත්තලා නෑ. කුඹුරු වගේම හේනත් කරගෙන ගිහින්. දවසක් අපේ සීයා ගෙදර ඉද්දි පුංචි සීයා හේනේ පැල් රකින්න ගිහින්. පස්සෙන්දා උදේම අපේ සීයා නැගිටලා වතුර කලයක් ගේන්න ලිඳට යනකොට පොල්ලකින් සීයාගේ ඔළුවට ගහලා. ගෙදර හිටපු බල්ලගෙත් කකුල් දෙකක්ම කඩලා ගෙයි තිබිච්ච තුවක්කුව උස්සන් ගිහින්. සීයා නැති උනා. බල්ලානම් සනීප වෙලා මාතරට ආවාලු.
ඔය සිද්ධියෙන් පස්සෙ අපේ තාත්තලා නයි වයිර උනා ජේ.වී.පී. එකත් එක්ක. හැබැයි ඉතින් දේශපාලනිකව විතරයි. ගමේම හිටපු සමහර ජේ.වී.පී. පාක්ශිකයෝ අපේ තාත්තලත් එක්ක සම්භන්ධතා පවත්වලත් තියෙනවා. ගෙවල් වල ඇවිල්ලා කාලා බීලා ගිහිල්ලත් තියෙනවා. හැබැයි කොහෙදි උනත් කවුරු උනත් දේශපාලන කතාවක් ඇද ගන්නකන් විතරයි. එහෙම ඇද ගත්ත ගමන් අපේ තාත්තලා යූ.එන්.පී. එකට පක්ශව තමයි අදාහස් දක්වලා තියෙන්නේ. අනික ජේ.වී.පී. එකට විරුද්ධවලු.
ඔහොම ටික කාලයක් යනකොට තමා අපේ අම්මයි තාත්තයි අතරේ සම්භන්ධතාවක් ඇති වෙලා තියෙන්නෙ. අපේ අම්මගේ පවුලේ අය උග්‍ර කොමියුනිස්ට් කාරයෝ. කොටින්ම දොස්තර වික්‍රමසිංහ පවා හොදින්ම අදුරන පවුලක්. ( ඒ කලේ ). කොටින්ම අපේ අම්මලාව ඉස්කෝලේට බාර අරගෙනත් නෑ කොමියුනිස්ට් කාරයාගේ ළමයි කියලා. ඉතින් ලග පාත තිබ්බ ඉස්කෝලේ පහු කරලා පයින්ම දුර තිබ්බ ඉස්කෝලට ගිහින් තමයි අපේ අම්මලාගේ පවුලේ අය ඉගෙන ගෙන තියෙන්නේ. අපේ අම්මගෙයි තාත්තගෙයි සම්භන්දෙට පවුල් දෙකෙන්ම විරුද්ධ උනාලු. ඔය දේශපලන කත්නදර නිසාම තමයි. හැබැයි අම්මගේ තාත්තනම් කිව්වලු දේශපාලනේ වෙනයි. කසාද බසාද වෙනයි කියලා. කොහොම හරි මේ දෙන්නා බැදලා පුංචි පැටවු දෙන්නෙකුත් හැදුවා. ඒ තමයි මායි, අයියයි.
කොහොම හරි මම ඉස්කෝලේ යන්නත් පටන් අරන් ටික කලෙකින්ම ආයි රට ගිණි ගත්තානේ. ඒ පාරනම් ලේසි උනේ නෑ. ඔය වෙනකොට අපේ තාත්තත් ටිකක් යූ.එන්.පි. එකෙන් ඈත් වෙලා. තාත්තා කෙලින්ම විරුද්ධ උනාලු ඔය ඉන්දු ලංකා ගිවිසුම ගහපු එකට. හැබැයි එහෙමයි කියලා අපේ තාත්තලා ජේ.වී.පී. එකට පක්ෂ වෙලත් නෑ. ඔය නිසාම දවසක් තාත්තාගේ ජේ.වී.පී. යාළුවෙක් ඇවිල්ලා පණිවිඩයක් දුන්නලු අපේ තාත්තලාවත් මරන්න ඉන්නේ කියලා. එදාම තාත්තලා ගෙදරින් පිටවෙලා ගිහින්. එක එක්කෙනා එක එක පලාත් වලට ගිහින් තියෙන්නෙ. තාත්තලා ඉස්සෙල්ලම ගිහින් තියෙන්නෙ ඌරාපොලට. එහේ තමයි අපේ අම්මගේ තුන්වෙනි අයියා ( පුංචි මාමා ) ඉදලා තියෙන්නේ. එහ යනකොට මාමාටත් මරණ වරෙන්තුව ඇවිත්. මාමා කොමියුනිස්ට් නිසා. මාමලත් එළියට බහින්න ලෑස්ති වෙවී ඉදලා තියෙන්නේ. ඒ පාර මාමාලාගේ පවුලත් එක්කර ගෙනම ආයි අපේ තාත්තලා ගිහින් සූරියවැවට. සූරිය වැවේ අපේ තාත්තගේ එක අයියා කෙනෙක් ඉදලා. ජනපද ව්‍යාපාරෙට එහේ ගියපු කෙනෙක්. එයාටත් ටිකක් එහෙන් මෙහෙන් කරදර තිබ්බට ලොකු කරදරයක් තිබිලා නෑ. අපේ තාත්තලා එහේ ගිහින් සතියකින් ලොකු තාත්තට ටෙලිග්‍රෑම් එකක් ආවලු තාත්තලාගේ මහගේ පිච්චුවාය කියලා. තාත්තලා පිටත් වෙච්ච දවසෙමයි ඒක කරලා තියෙන්නෙ.
ඊළග සතියේ ලොකු තාත්තටත් මරණ වරෙන්තුව ලැබිලා. ලොකු තාත්තා ප්ලෑන් කරගෙනමයි ඉදලා තියෙන්නේ මොකද කරන්නේ කියලා. එයා අම්පාරට යන්න ලෑස්ති වෙලා තාත්තලාටත් කිව්වලු යං කියලා. තාත්තලා කැමති වෙලා නෑ. මොකද ඔය වෙද්දි පොඩි ලමයි 6ක් එකම තැණක. අපි දෙන්නයි, පුංචි මාමගේ දුවලා දෙන්නයි, ලොකු තාත්තගේ දුවයි, පුතයි. ඒ අස්සේ අපේ අම්මා ප්‍රෙග්නන්ට් නංගි හම්බවෙන්න. ලොකු අම්මත් ප්‍රෙග්නන්ට් මල්ලියෙක් හම්බවෙන්න. අපේ පුංචි මාමා අදුරණ වතු සුපිරින්ටන් කෙනෙක් ඉදලා දෙනියාය පැත්තට වෙන්න. ඒ පාර අපියි මාමලයි එහෙට ඇවිල්ලා. ලොකු තාත්තලා අම්පාරට ගිහින්.
දෙනියායේ වත්තේ සුපිරින්ටන්ට නම් එච්චරම අවුලක් තිබිලා නෑ. ලොකු බංගලාවේ කට්ටියටම ඉන්න ඉඩත් තිබ්බලු. වත්තේ වැඩට ඉදලා තියෙන්නේ බහුතරයක් දෙමල මිනිස්සු. දෙමල මිනිස්සුන්ව මරන්න ආපු වෙලවේ සුපිරින්ටන් හෙන ගේමක් දීලා ඒ දෙමල මිනිස්සු ඔක්කොම බේර ගත්තලු. එකම එක දෙමල මිනිහෙක් විතරලු මැරුනේ. ඒ නිසා මිනිස්සු සුපිරින්ටන්ට පණ ඇරලා. අපේ මාමටයි තාත්තටයි සුපිරින්ටන් වත්තෙම රස්සාවල් දෙකකුත් දුන්නලු. ටික දවසකින් අපේ මමා මොකද්ද වැඩකට දෙනියායේ ටවුන් එකට ගියාම අපේ බාප්පා කෙනෙක් ඇවිල්ලා කතා කලාලු. පස්සෙ බලනකොට අපේ තාත්තලාගේ ගෙදරින් කොළඹ යනවයි කියලා බාප්පා පිටත් උනාට කොළඹ ගිහින් නෑ. මොකද්දෝ ගේමක් දීලා ජේ.වී.පී. කාරයෝ ටිකකට. එහෙන්ම දෙනියායට පැනලා. ( බාප්පා දීපු ගේම මොකද්ද කියලා අදටත් කියන් නෑ බාප්පා. මං කියලා තියෙන්නේ මැරෙන්න ඉස්සෙල්ලා මට කියලා මැරියන් කියලා. ) ඉතින් මාමා බාප්පවත් එක්කන් ඇවිත් වත්තට. සුපිරින්ටන් බාප්පාව තමයි වත්තේ කංකානි කමට දාලා තියෙන්නේ.
ඔය වෙනකොට වතු බංගලාවේ පොඩි උන් හතරයි. මායි, අයියයි, පුංචි මාමාගේ දුවලා දෙන්නයි. චූටි නංගි නම් ගොඩක්ම පුංචියි. දනගාන වයසෙලු. අපේ අයියාට නම් ටිකක් තේරෙන වයසෙලු. මටයි ලොකු නංගිටයි නම් මෙලෝ මගුලක් තේරෙන් නෑලු. සෙල්ලන් කරකර ඉන්නවලු. ඒ දවස් වල ඔය වතු බංගලාව තිබිලා තියෙන්නේ පොඩි කන්දක මුදුනේ. මුදුනේ ඉදන් බැලුවට ඇතුළුවෙන්න තියෙන ගේට්ටුව පේන්නෑළු. මමයි ලොකු නංගියි කරන්නෙම ගෙදර ඉදන් ඔය ගේට්ටුව ලගට දුවන එකලු. ඒ කාලේ එහේ හාවෝ ඉදලා. සමහර වෙලාවට ඔය ගේට්ටුවෙන් එහා පැත්තේ කැලේ ඉන්න හාවෝ එහෙම පේනවාලු එතෙන්ට ගියාම. ඒකලු අපි ඔතෙන්ට දුවන්නේ. අනික ගේට්ටුවේ එල්ලිලා ගේට්ටු පදින එකත් අපේ සෙල්ලමක්ලු.
ඔහොම ඉන්නකොට සුපිරින්ටන්ට තුණ්ඩුවක් ආවාලු වත්තේ වැඩ නවත්තන්න කියලා. සුපිරින්ටන් වහාම මුළු වත්තෙම වැඩ කරන මිනිස්සු ගෙන්නලා රැස්වීමක් තියලා කිව්වලු තුණ්ඩුව ගැන. ඊට පස්සෙ කිව්වලු කැමති කෙනෙක් කැමති දේශපාලනයක් කරගන්න. හැබැයි ෆැක්ටරියේ වැඩ නවත්තන්න බෑ. එහෙම නැවැත්තුවොත් මිනිස්සුන්ට පඩි ගෙවන්න වෙන් නෑ කියලා. ඔය වතු වල ඉන්න ගොඩක් මිනිස්සු දවසේ පඩියටනේ වැඩ කරන්නේ. ඒ මිනිස්සුන්ට දවසක පඩි නැති වෙනවා කියන්නේ එදාට බඩගින්නේ තමයි. සුපිරින්ටන් කිව්වලු අකමැති කෙනෙක් ඉන්නවා නම් වැඩට එන්න එපා. අනිත් අයට වැඩට ඇවිත් දිගටම වැඩ කරන්න කියලා. ඕක කියලා දවස් දෙකකින් සුපිරින්ටන් වත්තේ ඉන්නකොට ජේ.වී.පී. කාරයො තුන්දෙනෙක් තුවක්කුවකුත් අරගෙන ඇවිත් සුපිරින්ටන්ට තර්ජනේ කරලා. උන්ගේ කරුමේ කියන්නේ සුපිරින්ටන්ටත් ඉස්සෙල්ලා අපේ බාප්පා උන් තුන්දෙනාව දැකලා වත්තේ මිනිස්සුත් එක්ක තුන්දෙනාව වට කරලා. බාප්පාගෙන් පලවෙනි පොලු පාර කාලා තියෙන්නෙ තුවක්කුව අතේ තියන් හිටපු එකාලු. ඒත් එක්කම වත්තේ අනිත් මිනිස්සුත් පැනලා තුන් දෙනාටම සුපිරි දීමනාවක් දීලා. පස්සෙ සුපිරින්ටන්ම මැදිහත් වෙලා මුන් තුන්දෙනාව මරන්න ඉස්සෙල්ලා බේරගෙන. අපේ බාප්පා කියලා තියෙන්නේ තුන් දෙනාවම ආමි එකට බාර දෙමු කියලා. සුපිරින්ටන් මුන් තුන් දෙනාවම සුපිරින්ටන්ගේ ජීප් එකෙම දාගෙන දෙනියායේ හොස්පිටල් එකට අරන් ගිහින් පොලිසියට බාර දීලා.
එදා ඉදන් සතියක් වගේලු ගියේ. දවසක් වත්තට ගියපු සුපිරින්ටන් ආයි බංගලාවට ඇවිත් නෑ. අපේ බාප්පයි, තාත්තයි, වත්තේ මිනිස්සුයි හෙව්වට හම්බ වෙලත් නෑ. මාමා නම් කෙලින්ම පොලිසියට ගිහින්. පොලිසියේ ඕ.අයි.සී. මහත්තයා සුපිරින්ටන්ගේ යාළුවෙක් නිසා එවෙලෙම තුන්දෙනෙක් එව්වලු හොයන්න කියලා. හැබැයි එවෙලෙත් මාමාට කිව්වලු මේවා මේ කාලේ සුලබ දේවල් කියලා.
සුපිරින්ටන් නැතිවෙලා දවස් දෙකක් යනකොට අපේ අම්මලා ලෑස්ති වෙලා ආයි කොහේ හරි යන්න කියලා. තාත්තාගේ කොළඹ හිටපු යාළුවෙක් කිව්වලු කොළඹට එන්න කියලා. හරියටම කොළඹ එන දවසේ උදේම මායි නංගියි සුපුරුදු පරිදි ගේට්ටුව ගාවට දුවලා. අපි ඇවිල්ලා කෙලින්ම නැවතුනේ සුපිරින්ටන් ගාව. සුපිරින්ටන් කිව්වට මුළු සුපිරින්ටන්ම නෙවෙයි. සුපිරින්ටන්ගේ ඔළුව විතරයි. ඇඟ නෑ. කෝටුවක් බිම හිටවලා එකේ සුපිරින්ටන්ගේ ඔළුව ගහලා. ඒ වගේම කෝටු දහයක වත්තේ වැඩ කරපු මිනිස්සු දහ දෙනෙකුගේ ඔළු ගහලා. කාගෙවත් ඇගවල් නෑ.
මේක දැකපු මායි නංගියි ගල් වෙලා බලං ඉදලා මේ දිහා. අපේ මාමයි බාප්පයි තමයි දුවන් ඇවිල්ලා අපිව ආයි ගෙදර අරන් ගිහින් තියෙන්නේ. ඒ වෙලාවෙ ඉදන් සතියක් යනකන් මට උණ. පස්සෙ නුවරට ගෙනැල්ලා හොස්පිටල් එකෙත් සතියක් ඉදලා. ඒ වෙනකොට හොද නීරෝගී ළමයෙක් විදියට හිටපු මං මාස තුනක් යනකන් වචනයක්වත් කතා කරලා නෑ. මම 6 වසරට යනකනුත් රෑට හිනෙන් බය වෙලා ඇහැරෙනවා. අඩුම තරමේ හත වසරෙදිවත් මම කළුවරේ එලියට බහින් නෑ. ඔය සිද්දිය වෙනකොට හොදට කතා කරකර හිටපු නංගි සිද්දියට පස්සේ මාස තුනක් විතර යනකන් දිගටම කියවලා තියෙන්නේ එකම වචන හතර විතරයි. " ඔළු විතරයි. ඇග නෑ "
හා හා...අංකල්ස් ක්ලබ් එකක් නේද??
අපි 90 කොල්ලො...
හාපෝ... නාකි චමින්දල..
අප්පද බොල... මේක සිරාද බං??80 ගනන් වල ඉපදිලා 80 ගනන් වලම වෙච්ච කතාවක් තමයි මං ලියන්න යන්නෙ. මේක සිද්ද උනේ මටයි මගේ ඥාති නංගි කෙනෙකුටයි. ඇත්තටම මේකේ සම්පූර්ණ කථාව මටවත් නංගිටවත් මතක නෑ. මටයි නංගිටයි මතක කථාවේ සිද්ධ වුනු කොටස් කීපයක් විතරයි. අපේ අම්මයි, තාත්තයි, අයියයි, බාප්පා කෙනෙකුයි කියපු කතාවලින් තමා සම්පූර්ණ කථාව හදා ගත්තේ. කථාව වුනේ 80 දශකයේ උනාට කථාවේ මුල් 70 දශකයටම විහිදිලා තියෙනවා. ඒ හින්දා 70න්ම පටන් ගන්නම්.