කතරගම~මිත්‍යාව

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    දැන් උඹ කියන්නේ
    මම නෙමෙයි කියන්නේ. ඒක උඹේ බුදුදහම පිලිබඳ තියන දැනුම ගැන ප්‍රශ්නයක්.

    වසර 80000ක් ජිවත් වුන මිනිසුන් ගැන කතා උඹ විශ්වාස කරනවද?
    ෆොසිල වලින් හොයාගන තියනවා නුතන මිනිසුන් ලොව ඉඩ ඇත්තේ අවුරුදු ලක්ෂ දෙකකට පමණ පෙර ඉදන් කියල.
    එතකොට ඒ විද්‍යාඥයින් කියන්නේ බොරුද ?

    මේ වගේ ප්‍රශ්න අහන්න එකෙනුත් පෙනෙන්නේ උඹේ බුදුදහම ගැන තියන දැනුම තමයි.

    ගෞතම බුදුහාමුදුරුවන් ගේ කාලයේ පරමායුෂ අවුරුදු 120යි. මෛත්‍රී බුදුන් වැනි විර්යය අධික බුදුවරුන් ගේ කාල වලදී තමයි පරමායුෂ අවුරුදු 80,000 පමණ තිබෙනවා කියන්නේ.
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,840
    1
    15,522
    113
    මේ ලෝකෙ ඉන්න උන් මොනා කිව්වත් මොනා කරත් මම නම් අදහන්නෙ නැ කවුරුවත්!

    හැබැයි මං අනුගමනය කරනවා අපේ බුදුහාමුදුරුවෝ
    බුදුහාමුදුරුවන්ගෙ දර්ශනය ගොඩක් උන්ට ෆිට් නැ

    මොකද
    එකෙ තියෙන්නෙ ඇත්ත.. අපිට ඇස් පනා පිට පේන දෙ!
    එ උනාට මේ ලොකෙ මිනිස්සු ගොඩක් කැමති බොරුව දකින්න...
    බොරු පඩ ශො කැලි දාගන්න
    ගොඩක් මිනිස්සුන්ගෙ ලොකුවට ඇඟ පත තිබ්බට යාතාර්ථය තේරුම් ගන්න බැ තෙරෙන්නෙ නැ
    එහෙම උන් තමයි තමන්ගෙ හිතේ බය/දුක නැති කරගන්න වෙන දේවල් පස්සෙ යන්නෙ!

    බුදුහාමුදුරුවොන්ගෙ කඩ කැඩෙන කම් කියපු අනුගමනය කරන්නෙ නැ,
    ඒත් උප්පැන්නෙ ආගම බුද්ධාගම නිසා හිතං ඉන්නෙ බුදුහාමුදුරුවො ඔක්කොම වැඩ කරලා දෙයි කියලා (මෝඩ හැත්ත):angry:
    එපාර කියාවි චැක් වැඩක් නැ බන්
    සුරයක්වත් දාලා බලමු, දවස් 7ක් බෝදු පූජා තියලා බලමු /රෙදි කැල්ලක කාසි ඔතලා අනං මනං ගොඩක්

    ඇයි ලංකාවෙ මිනිස්සු මෙච්චර ගොං :angry:
    ගිහියන්ට තියෙන පන්සිල් රක්කින්නෙ නැ
    හොර දෙවාල ගුබ්බැයම් අස්සෙ රිංගනවා! :no:
    දුකයි මෙව්වා දකිනකොට
    මෙච්චර ලස්සනට තියෙන දර්ශනයකට පයින් ගහන හැටි
    එ උනාට කතාව ශුද්ධ බුද්ධාගම් කාරයෝ වගෙ!

    එක දිගට මාසයක් පන්සිල් රැකලා ධර්මයෙ හැසිරිලා බලපන් බොලාට වරදිනවද කියලා
    එක රෙද්දක් ඔනෙ නැ උබලාගෙ ඡෙතනාව හොද නම්... කරන හැමදේම හරියනවා
    අද්දැකිමෙන් කියන්නෙ අද්දැකිමෙන්!

    මෙවට ගොඩක්ම අපෙ වැඩිහිටි අයත් වගකියන්න ඔනෙ මොකද පොඩි කාලෙ ඉදන්ම මෙවා හදන්න ඕනෙ!
    උබලාගෙ ලමයිවත් එහෙම හදපල්ලා
    නැතිනම් සිංහල බුද්ධාගමෙ එක පවුලකින් 100ක් හැදුවත් වැඩක් නැ බොල
    මැටි විතරයි මැටි

    ලංකාවෙ මිනිස්සු හදන්නෙ ආගමක් පෙරලන්න :rolleyes::rolleyes:
    ඇයි බන් මුන්ට තෙරෙන්නෙ නැත්තෙ මිනිස්සුන්ගෙ ආකල්ප පෙරලුවා නම් මොනාද වෙන්නෙ කියලා???

    ක්‍රොස් වෙච්ච බුද්ධගාම් කාරයො සැහෙන්න ඉන්නවා මෙ එලකිරි එකෙත්
    උන් කොර්ස් වෙච්ච අයම තමයි!
    උන් ටිකව ශුද්ධ බුද්ධාගම් කාරයො කරගත්තෝත් එක ලොකු පිනක් වෙයි :yes:
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    "දෙවියන් පිළිනොගන්නා කෙනා බෞද්ධයෙක් නොවෙයි" කියන එක වැරදියි.

    නමුත් මෙහෙම දෙයක් තියනවා..

    බුදුදහමේ කියන්නේ ආනන්තරිය පාප කර්මයක් කල කෙනෙක්ට වඩා නියත මිත්‍යා දෘෂ්ටිකයෙක් වීම භයානකයි කියලයි. මොකද ආනන්තරිය පාප කර්මයක් කලත් ඔහු ළඟ විචිකිච්චාව නොමැති නිසා ශ්‍රද්ධාවෙන් යුක්ත බැවින් සසර කෙටිකර ගත හැකියි. උදා: මුගලන් මහරහතන් වහන්සේ.

    නමුත් නියත මිත්යදෘෂ්ටියට පත්වූ කෙනාගේ සංසාරය අති දීර්ඝ එකක් වෙනවා. මොකද ඔහු ළඟ විචිකිච්චාව තිබෙන නිසා.

    සතුටුයි උබේ ආගම ගැන තියෙන දැනුම ගැන :D .උබ මතකේන්ද කියන්නේ ?
    මම අහන්න ගියා වගේ ප්‍රශ්නයක් උබෙන් quote කරලා අහල තිබ්බ..

    හරි උඹ මෙහෙම හිතපන්. බෞද්ධ නොවන මිනිහෙක් බෞද්ධ ධර්මයෙන් සම්මත පව් කිසිවක් නොකර, තමන්ගේ සතුට වෙනුවෙන් අනුන්ට දන් දීල , අසරණයින්ට උදවු කරලා., බොහොම යහපත් විදියට ජිවත් වෙලා මැරිලා යනවා. එත් ඌ හිතන්නේ මරණින් මතු ජිවිතයක් නැහැ කියල. පොර පින් අතේ වැඩ කරේ පොරගේ හිතේ සතුටට මිසක් , ලබන ආත්මේ සැප ගන්න අදහසින් නෙවේ. කොටින්ම කිසිම ආගමක් ඇදහුවේ නෑ කියමුකෝ. දැන් උඹ කියන්නේ ඌ ආනන්තර්ය පාපකර්ම කරපු එකෙක්ටත් වඩා පට්ටම පවු කාරයෙක් කියලද? උට වඩා තමන්ගේ මව , පියා මරපු එකෙක් උසස් කියලද?
     
    Last edited:
    • Like
    Reactions: B_i_n_g_o

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සතුටුයි උබේ ආගම ගැන තියෙන දැනුම ගැන :D .උබ මතකේන්ද කියන්නේ ?
    මම අහන්න ගියා වගේ ප්‍රශ්නයක් උබෙන් quote කරලා අහල තිබ්බ..
    ගොඩක් දේවල් මතකයි. ඒ උනාට සමහර දේවල් ෂුවර් කරගන්න ඉන්ටර්නෙට් එකේ reliable source පාවිච්චි කරනව. :yes:
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    මම නෙමෙයි කියන්නේ. ඒක උඹේ බුදුදහම පිලිබඳ තියන දැනුම ගැන ප්‍රශ්නයක්.

    මේ වගේ ප්‍රශ්න අහන්න එකෙනුත් පෙනෙන්නේ උඹේ බුදුදහම ගැන තියන දැනුම තමයි.

    ගෞතම බුදුහාමුදුරුවන් ගේ කාලයේ පරමායුෂ අවුරුදු 120යි. මෛත්‍රී බුදුන් වැනි විර්යය අධික බුදුවරුන් ගේ කාල වලදී තමයි පරමායුෂ අවුරුදු 80,000 පමණ තිබෙනවා කියන්නේ.

    එහෙනම් මචන් උඹ අටවිසි බුදු වරුන්ගේ ආයුෂ ගැන ටිකක් කියවපන්.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    හරි උඹ මෙහෙම හිතපන්. බෞද්ධ නොවන මිනිහෙක් බෞද්ධ ධර්මයෙන් සම්මත පව් කිසිවක් නොකර, තමන්ගේ සතුට වෙනුවෙන් අනුන්ට දන් දීල , අසරණයින්ට උදවු කරලා., බොහොම යහපත් විදියට ජිවත් වෙලා මැරිලා යනවා. එත් ඌ හිතන්නේ මරණින් මතු ජිවිතයක් නැහැ කියල. පොර පින් අතේ වැඩ කරේ පොරගේ හිතේ සතුටට මිසක් , ලබන ආත්මේ සැප ගන්න අදහසින් නෙවේ. කොටින්ම කිසිම ආගමක් ඇදහුවේ නෑ කියමුකෝ. දැන් උඹ කියන්නේ ඌ ආනන්තර්ය පාපකර්ම කරපු එකෙක්ටත් වඩා පට්ටම පවු කාරයෙක් කියලද? උට වඩා තමන්ගේ මව , පියා මරපු එකෙක් උසස් කියලද?
    "මහ‍ණෙනි, මේ මිථ්‍යාදෘෂ්ටිය යම් ආකාරයක් වෙත්ද එසේ මහාසාවද්‍ය වූ අන් එකදු ධර්මයකුදු මගේ සර්වඥතාඥානයෙන් නො දකිමි. මහණෙනි, මිථ්‍යාදෘෂ්ටිය වරදවල් අතරින් සියල්ලටම මහත් වරද වේය"
    http://dahamsewana.blogspot.com/2009/04/blog-post_27.html
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එහෙනම් මචන් උඹ අටවිසි බුදු වරුන්ගේ ආයුෂ ගැන ටිකක් කියවපන්.
    මම කියවල තියනව. එක එක බුදුවරුන්ගේ ආයුෂ වෙනස්. බුදුවරු වර්ග 3ක් ඉන්නවා ප්‍රඥා අධික, ශ්‍රද්ධා අධික, විර්යය අධික කියලා. ප්‍රඥා අධික බුදුවරුන්ගේ ආයුෂ අල්පයි. ගෞතම බුදුන් ප්‍රඥා අධික බුදුවරයෙක්. මචෝ බුදුවරු පහලවෙන්නේ කල්ප ගණනාවකට සැරයක් . එක බුදු කෙනෙක් පහල වෙලා තව බුදු කෙනෙක් පහල වෙන්න ගතවෙන කාලය ඇතුලත මේ ලෝකය විනාශ වෙනවා. බුදු කෙනෙක් පහල වෙන කාලයේදී තමයි ආයුෂ උපරිම විදිහට තියෙන්නේ.

    ෆොසිල වලින් හොයාගන තියනවා නුතන මිනිසුන් ලොව ඉඩ ඇත්තේ අවුරුදු ලක්ෂ දෙකකට පමණ පෙර ඉදන් කියල.

    වෙනත් බුදුවරයෙකු සිටි කාලවලදී තිබුන ෆොසිල දැන් හම්බෙයිද?
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    වෙනත් බුදුවරයෙකු සිටි කාලවලදී තිබුන ෆොසිල දැන් හම්බෙයිද?

    එහෙනම් බන් අවුරුදු මිලියන ගානකට කලින් හිටපු ඩයිනොසිරස්ලගේ ෆොසිල හම්බුවෙන්නේ. ෆොසිල විතරක් නෙවේ , නැට්ට පිටින් ඇට සැකිලි හම්බ වෙන්නේ. :yes::yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    එහෙනම් බන් අවුරුදු මිලියන ගානකට කලින් හිටපු ඩයිනොසිරස්ලගේ ෆොසිල හම්බුවෙන්නේ. ෆොසිල විතරක් නෙවේ , නැට්ට පිටින් ඇට සැකිලි හම්බ වෙන්නේ. :yes::yes:
    උඹට තවමත් මම කියන දේ තේරුම්ගන්න බැරි උනා නේද. මචන් බුදුවරු පහල වෙන්නේ මිලියන නෙමෙයි, කල්ප ගණනාවකට සැරයක්. කල්පයක් කියන එකට උදාහරණයක් දීල තියනවා. යොදුනක් පළල, යොදුනක් දිග, යොදුනක් උස භාජනයකට අබ ඇට පුරවලා අවුරුදු 100ට සැරයක් අබ ඇටය ගානේ ගත්තොත් අබ ඉවර වේවි. නමුත් කල්පය ඉවර වෙන්නේ නැහැ. ඒ බුද්ධාන්තරය ඇතුලතදී මේ ලෝකය විනාශ වෙනවා. ලෝකය විනාශ උනහම කොහොමද ඔය ෆොසිල ඉතුරු වෙන්නේ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    ත්‍රෙඩ් එකේ දාපු ලින්කුවෙ බලපු ත්‍රෙඩ් එකේ, හොද කමෙන්ට් දෙකතුනක් තිබුන, ඒවත් මෙතන දැන්ම. :D
    සමහර බෞද්ධයෝ කැමති නැහැ බුදු දහමේ අපාය, දිව්‍යලෝක, පුනර්භවය, කියන සංකල්ප පිළිගන්න. එයාල හිතන්නේ ඒවා පිළිගන්න එකෙන් තමුන් අනෙකුත් දේවවාදී ආගම් අදහන අයගේ ඝනයට වැටෙනවා කියලයි. ඒක එයාලට මදිපුංචි කමක්. බුදු දහම විද්‍යාව එක්ක සසඳන්න හදන්නේ ඒ වගේ අය. හේතුවාදය සමග බුදු දහම ගලපන්න යන්නේ ඒ වගේ අය. එයාල භෞතික නොවන, විද්‍යාත්මකව ඔප්පු නොකරපු දේවල් පිළිගන්න කැමති නැහැ. ඒත් ලොකුම විහිලුව ඒ බෞද්ධයෝ විද්‍යාත්මකව ඔප්පු නොකරපු කර්මය, නිවන කියන සංකල්ප පිළිගන්න එකයි..:rofl:.. භෞතිකවදියාට කවදාවත් නියම බෞද්ධයෙක් වෙන්න බැහැ. මොකද එයා ඉන්නේ මැදුම් පිලිවතේ නෙමෙයි. එයා ඉන්නේ භෞතික වාදය කියන අන්තයේ. ඔබ කියූ ආකාරයට බුදු දහමට අනුව ඔහු මිත්‍යාදෘෂ්ටිකයක්
    :D:yes::yes:

    චගු;14433511 said:
    නමුත් ඔබ බෞද්ධ නම් මෙන්න මේ ටික දැන ගන්න...

    ඔබ දන්නවාද දස වස්තුක මිත්‍යා දෘෂ්ඨියෙ එක් අංගයක් තමයි "ඕපපාතිකව පහල වන ජීවීන් නැත" කියන දේ. එම මිත්‍යා දෘෂ්ඨියට අයත් වෙනවා දිව්‍ය බ්‍රහ්ම ලෝක නැත කියන ලෙස ගැනීමත්
    චගු;14433511 said:
    (දන්නෙ නැති නම් රෙරුකානෙ චන්දවිමල මහනායක ස්වාමීන්වහන්සෙ විසින් රචිත බෞද්ධයාගෙ අත්පොත කියවන්න.. මිත්‍යා දෘෂ්ඨිය ගැන පරිච්ඡේදය විශේශයෙන් ම. )

    බෞද්ධයෝ, දෙවියන්, බ්‍රහ්මයන් සිටින බවත් උවුන් අතරින් බොහෝ අය සම්‍යක්දෘෂ්ඨික අය බවත් අපි පිළිගන්නවා.. ඔවුන් ගේ ආයුෂ මනුශ්‍ය ආයුශ වලට වඩා බොහොමත් ම වැඩියි.

    මේ දෙවි බඹුන් අතරින් බොහොම අය මීට වසර 2600+ කට කලින් තථාගතයන් වහන්සේ දුටු, උන්වහන්සේගෙන් ධර්මය ඇසූ අය.
    ඒ නිසා ලොවුතුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ ගැන ඒ අයට තියෙන්නෙ අසීමිත භක්තියක්, ආදරයක්, පැහැදීමක්.

    මම මේ පහත කියන දේ ධර්මයට අනුව විමසා බලන්න කට්ටිය. ඔබට වැටහෙන දේ නැවත නැවත ධර්මය හා විමසා බලන්න :

    තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේ (
    උතුම් ශාරීරික චෛත්‍යයක්) වෙනුවෙන් මෙවන් පුද පූජාවන් මනුශ්‍යයන් සිදු කරන විට.. එය බලාසිටින දෙවියන්, බ්‍රහ්මයන් බුද්ධාලම්බන ප්‍රීතියෙන සතුටු වෙනවා.. පින් අනුමෝදන් වෙනවා..
    හේතුව: මේ පූජාවන් ලබන බුදුරජාණන් වහන්සේ ඔවුන් බොහොම දෙනෙක් සියැසින් දුටු නිසා.

    මෙවන් ප්‍රාතිහාර්‍යයන් මනුශ්‍යයන් වෙත දර්ශනය කරවන්නේ එම දෙවියන්, බ්‍රහ්මයන්.. හද පිරි ශ්‍රද්ධාවෙන් සාධුකාර දෙන උපාසක උපාසිකාවන් රැස් කරගන්න පින් අපමණයි
    නිසා.. ((විමානවත්ථු පොත බලන්න ))

    මතක තියා ගන්න.. ශ්‍රද්ධාව කියන්නෙ නිවණට අත්‍යවශ්‍ය ඉන්ද්‍රිය ධර්මයක්.

    ඉතින් ඔබත් නොගැටෙන සිතෙන්, විමර්ශනශීලීව ප්‍රාතිහාර්‍යයන් දකින්න.. ඒවා ඔබට ගෝචර නොවේ නම්, ඒවා එක්ක ගැටෙන්නට එපා. ලොව හැම දේම විද්‍යාවෙන් ඔප්පු කල යුතු නෑ නෙ.

    තථාගතයන් වහන්සේගේ ප්‍රඥාව, ඤාණ බල සක්වල 32ක් ඉක්මවා පැතිර තිබෙනවාලු.. ඒත් උන්වහන්සේ අප වෙත දෙසූ ධර්මය නිය පිටට ගත් පස් ස්වල්පයකට සමානයි ලු, අත්ලට ගත් ඇට්ටේරිය කොල අහුරකට සමානයි ලු.. සෙසු දේ අපට ගෝචර නොවේ... ඉතින් සමහර දේ ඔබේ අන්වීක්ෂයෙන් වත්, ආවර්තිතා වගුව අනුව වත්, කොන්ටම් විද්‍යාව අනුව වත් පැහැදිලි කල නොහැකි බව දකින්න.

    ඔබ ඉගෙන ගත් ධර්මය තමයි ඔබට ඇති පිහිට.. ධර්මය නොදැන මේ වගේ සිද්ධීන් මැජික් විදියට ම දකින්න එපා... රැවටෙන්නේ ඔබ පමණක් වෙන්න පුළුවන්
    තෙරුවන් සරණයි
    හිරිහැරයක් උනානම් සමාව :sorry::yes: කමෙන්ට් වල මේත්‍රෙඩ් එකට අදාල නැති කොටස් ඉවත් කරල තියෙන්නෙ.
     
    Last edited:

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    උඹට තවමත් මම කියන දේ තේරුම්ගන්න බැරි උනා නේද. මචන් බුදුවරු පහල වෙන්නේ මිලියන නෙමෙයි, කල්ප ගණනාවකට සැරයක්. කල්පයක් කියන එකට උදාහරණයක් දීල තියනවා. යොදුනක් පළල, යොදුනක් දිග, යොදුනක් උස භාජනයකට අබ ඇට පුරවලා අවුරුදු 100ට සැරයක් අබ ඇටය ගානේ ගත්තොත් අබ ඉවර වේවි. නමුත් කල්පය ඉවර වෙන්නේ නැහැ. ඒ බුද්ධාන්තරය ඇතුලතදී මේ ලෝකය විනාශ වෙනවා. ලෝකය විනාශ උනහම කොහොමද ඔය ෆොසිල ඉතුරු වෙන්නේ?

    එතකොට උඹ පිළිගන්නවද මිනිසා පරිනාමය වුනේ වානරයන්ගෙන් ගෙන් කියල?
    නැත්තන් උඹ හිතන්නේ ලෝකේ විනාස වෙලා අලුතෙන් පටන්ගත්තට පස්සේ පින් කල අය මිනිසුන් ලෙසම මෙලොව පහල වෙනවා කියලද? :yes::yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    katharagama devaleta yanavanam, niyama devio yana api ma thama. A mokadha , devaley kapuwata badaginna nivaganna money denne, balanna yana ayama thama, devaley wate inna salli illana ahinsaka minisunnata money denneth apima thama. Niyama devivaru devaley balanna yana apima netha ??
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    එතකොට උඹ පිළිගන්නවද මිනිසා පරිනාමය වුනේ වානරයන්ගෙන් ගෙන් කියල?
    නැත්තන් උඹ හිතන්නේ ලෝකේ විනාස වෙලා අලුතෙන් පටන්ගත්තට පස්සේ පින් කල අය මිනිසුන් ලෙසම මෙලොව පහල වෙනවා කියලද? :yes::yes:
    මචන් අවංකව පිලිගනින් බුදුදහමෙ මේ පැත්ත ගැන එකගව හෝ විරුද්ධව කතා කරන්න උබට පුංචි දැනුමක් විතරයි තියෙන්නෙ. නැතුව ගොඩක් එහාට ගිය ගැඹුරු දැනුමක් උබට නෑ. උබ බුදුදහම ආශ්‍රයෙන් දාන සමහර කරුනු ගෙඩි පිටින් ගූගල් කරපුවනෙ බන්.. :rofl:එවලෙට හොයල දාන සීන් එකක් තියෙන්නෙ. :P
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    මචන් අවංකව පිලිගනින් බුදුදහමෙ මේ පැත්ත ගැන එකගව හෝ විරුද්ධව කතා කරන්න උබට පුංචි දැනුමක් විතරයි තියෙන්නෙ. නැතුව ගොඩක් එහාට ගිය ගැඹුරු දැනුමක් උබට නෑ. උබ බුදුදහම ආශ්‍රයෙන් දාන සමහර කරුනු ගෙඩි පිටින් ගූගල් කරපුවනෙ බන්.. :rofl:එවලෙට හොයල දාන සීන් එකක් තියෙන්නෙ. :P

    මට උඹට වගේ බුද්ධාගම ගැන phd එකක් නැති වෙන්න පුළුවන්. එත් මන් කියපු දේවල් ගුගල් කරලා කියන්න තරම් දෙයක් නෙවේ. මම කිව්වේ කාලාම සුත්‍රය ගැන විතරනේ.

    අනික හැමෝම අහල තියනවා බෞද්ධ සාහිත්‍යයේ කියන ලෝක විනාසේ. ඉරවල් හතක් පායනවා, පස්සේ ගන් වතුරක් එනවා. පස්සේ පෘතුවිය නැවතත් යථ තත්වයට පත්වෙනවා. ජීවය මුල සිට අරබෙනවා . යනාධි වශයෙන්.

    ඕක අහද්දී මට එන ප්‍රශ්නේ ඉරක් යනු තාරකාවකි, ඉර ඇරුනම අපිට ආසන්නම තරුව පිහිටලා තියෙන්නෙත් ආලෝක වර්ෂ ගානක් ඈතින්. ඉතින් ඉරවල් හතක් පායන්නේ කොහොමද?
    ඊට අමතරව විද්‍යාඥයින් කියන්නේ අපේ ඉර පවතින්නේ තව අවුරුදු බිලියන 4.5 ක් විතරයි.
    අපේ ඉර මිය යාමට පෙර රතු යෝධ තාරකාවක් වෙනවා. එවිට එහි පරිධිය පෘතුවි කක්ෂයටත් වඩා විශාල වෙනවා.
    පෘතුවිය එතකොට දුහුවිල්ලක් ලෙස ඉරට බිලිවෙනවා. නැවත ජීවය ඇරඹෙන්න පෘතුවියක කෑල්ලක්වත් ඉතිරි වෙන්නේ නෑ.

    අපි ඉන්නේ මිනිස්සු හදට ගිහිනුත් අවුරුදු පනහක් වීතර ගිය යුගයක. එහෙම කාලෙක , අර විදිහේ සාහිත්‍ය කතා කිසිම විමසුමකට ලක් නොකර පිලිගන්නවා කියන්නේ අන්ධ භක්තිය.
    දලයි ලාමා තුමන් බෞද්ධ සාහිත්‍යයේ එන "මහා මේරු පර්වතය" යන අදහස ප්‍රතික්ෂේප කරන්න තරම් නිහතමානියි නම් ඇයි අපි ශත වර්ෂ ගානක් තිස්සේ බෞද්ධ දර්ශනය වහගන ඉන්න මේ මැජික් කතා වලින් මිදෙන්න බැරි.
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    chapter 01.
    මචං උඹ හරි. ඒත් මෙතන උඹට පොඩි වැරදීමක් වෙලා තියෙනව. මාත් ලඟක් වෙනකන් මේ විදිහට හිතගෙන හිටිය, ඒත් තේරුන අව්ල් සහගතයි කියල. හොයනකොට උත්තරේ හම්බුන. මේකයි,
    Gods and Deities කියල හඳුන්වන්නෙ දෙගොල්ලක්. Gods කියන්නෙ ඔය එක එක ආගම් වලින් හඳුන්වන මේ ලෝකෙ මැව්ව කියන අය.

    මේ චක්‍රාවාටයේ තල 31ක් තියෙනව මචන්. මේ මනුස්ස ලෝකය, තිරිසන් ලෝකය, නිරය, බ්‍රහ්ම ලෝක දිව්ය ලෝක තමයි මේ තල 31 ට ඇතුලත් වෙන්නෙ. අන්න ඒ තල 31න් 6ක් දිව්ය ලෝක. අන්න ඒ දිව්ය ලෝක වල ඉන්න දෙවිවරු තමඉ Deities කියන්නෙ.
    ඇත්තටම Deities ල ඉන්නව. Gods ල නම් ඉතින්න්.... :P :P
    මෙතනදි එන ප්‍රශ්නයක් තමයි "කෝ ඉතින් අපි මේ Deities ල ව දැකල නෑ නෙ", මේ චක්‍රාවාටයේ මනුස්ස සතුන්, තිරිසන් සතුන් හා නිර සතුන් ට තමයි මේ අපිට පේන විදිහෙ ශරීරයක් (කරජ කයක්) තියෙන්නෙ. ඒ කියන්නෙ අපි 3න් කට්ටුව තමයි අම්මගෙ බඩේ ඉඳල හරි බිත්තර වලින් හරි එන්නෙ. අනිත් තල 29යෙම සංසාර සත්ත්වයින් උපදින්නෙ ඕපපාතිකව. ඒ කියන්නෙ හුටස් ගාල එක පාරට ඉපදෙනව. ඒ අයගෙ හැඩරුවක් මෙන්න මේකයි කියල පෙන්නන්න බෑ. ගොඩක් දුරට මම දන්න විදිහට ශක්තිප්‍රභවයක් වගේ තමයි එයාල. හැබැයි ඕන නම් එයාලට මනුස්ස කයක් වගේ හදාගෙන මේ ලෝකෙට ඇවිල්ල ඉන්න හැකියාව තියෙනව. අපිත් ඕන තරම් දැකල ඇති. ඕන නම් අපිටත් ඊලඟ ආත්මේ ඒ වගේ තලයක ඉපදෙන්න පුලුවන් ද්වේශය ගොඩාක් අඩු කරගත්තොත්. (ඒත් ඒක නෙවේ සිදුවිය යුත්තෙ, හේතුපල දහම දැනගෙන යතාර්තය දැකල සංසාර ගමන නවත්තන එක)

    chapter 02.
    මේ සෑම දේකටම මුල වන හේතුඵල දහම ස්වයං භූ ඤාණයෙන් දැනගෙන ලොව්තුරා බුදු රජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරන ධර්මය තේරුම් නොගත්තාම පෘතක්ජනක මිනිස්සුන්ට හිතෙන්නෙ මේ හැම දේ ම දෙය්යො මැව්ව කියල. එතකොට දෙය්යොන් ව මවල තියෙන්නෙ කව්ද?:confused:

    chapter 03 (ලංකාවෙ ඔය Label බෞද්ධයො ගිහිල්ල යදින පතන දෙය්යො කවුද?)
    දෙවි කීයන්නෙ ද්වේශයෙන් වෙන් වූ කියන තේරුම.
    ඉස්සර මේ හෙළ බිමේ දෙවියන් කියල කොට්ඨාශ 3ක් සඳහන් කරල තියෙනව.

    01. විශුද්ධි දේව.
    02. උප්පත්ති දේව.
    03. සම්මත දේව.

    විශුද්ධි දේව කියල හඳුන්වල තිබිල තියෙන්නෙ කෙලෙස් ප්‍රහානය කරපු අරහතුන් වහන්සේ ල ට..
    උප්පත්ති දෙවි කියල හඳුන්වල තියෙන්නෙ ඔය උඩින් කිව්ව වගේ Deities ල ව.සම්මත දෙවියන් කියල හඳුන්වල තියෙන්නෙ ඒ කාලේ (හෙලබිම කොටස් 4කට බෙදා පාලනය වූ කාලයේ) ඒ ඒ ප්‍රදේශ පාලනය කරපු රජවරු. මේ රජවරුන්ට ඒ කාලෙ වැසියන් අමතල තියෙන්නෙ දේවයන් වහන්ස කියල. ඒ කාල වලදි ඔය රජවරුන් වැසියන්ගෙ පුද පූජා වන්දනා මාන වලට පාත්‍ර වේලා තියෙනව. ඒ කාලයෙ රුහුණෙ කාචරගාම පාලනය කරපු මහාසේන නැමැති දේව ගෝත්‍රික රජතුමාටත් මේ විදිහට මිනිස්සු වන්දනාමාන කරල තියෙනව. ඉතින් මේ රජු මරණයට පත්වුනාමත් මිනිස්සු රජු වෙනුවෙන් පුදපූජා පැවැත්වීම දිගටම කරගෙන ගිහිල්ල තියෙනව. ඒක තමයි මේ විදිහට තාමත් කතරගම දෙය්යො වෙනුවෙන් පුදපූජා පවත්වන්නෙ.
    මේ විදිහම තමයි සම්න් දෙවියො කියන්නෙ ශ්‍රී පාද අඩවිය, රත්නපුර අයත් ප්‍රදේශය පාලනය කරපු සමන රජතුමත්.
    ඒ රජ්ජුරුවො නම් ගෛතම බුදුහාමුදුරුවො ශ්‍රී පාදයට වැඩම කල අවස්තාවෙ බුදු හාමුදුරුවන්ගෙ බණ අහල සෝවාන් ඵලයටත් පත් වෙලා තියෙනව කියල සටහන් වෙලා තියෙනව.

    මේ විදිහ තමයි දේවියන් හ්ඳින්වෙන්නෙ. අද සමාජය ඔක්කොම පටලවගෙන. ඒත් පවිත්‍ර සිරි සද්ධර්මය එසේම නොනැසී පවතිනව.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඒත් පවිත්‍ර සිරි සද්ධර්මය එසේම නොනැසී පවතිනව.

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    ඒත් පවිත්‍ර සිරි සද්ධර්මය එසේම නොනැසී පවතිනව.

    mekata mama agree ne, budhdhagame koheda kiyala thiyenne gas, gal walata wandinna kiyala, ada unath kawuru hari ekek budu pilimayk nelala, dawas ganak, awwe thiyala, doowili gassala wikunuwahama, api gedara genalla eekata wandinawa. ehema ekak budu dahame kiyala thiyanawada? api budu dahama wikurthi karagena inne, ape oni epa kam anuwa. wediya oni ne, ey api pirith nool bandinne? budhdha kalaye pirith nool bendapu katha mama kohewath ahala ne,
    me wage dewal oya kiyana nonasee thiyana pavithra sri sadhramayata ayithi da?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,906
    1
    9,709
    113
    Gampaha
    මට උඹට වගේ බුද්ධාගම ගැන phd එකක් නැති වෙන්න පුළුවන්. එත් මන් කියපු දේවල් ගුගල් කරලා කියන්න තරම් දෙයක් නෙවේ. මම කිව්වේ කාලාම සුත්‍රය ගැන විතරනේ.

    අනික හැමෝම අහල තියනවා බෞද්ධ සාහිත්‍යයේ කියන ලෝක විනාසේ. ඉරවල් හතක් පායනවා, පස්සේ ගන් වතුරක් එනවා. පස්සේ පෘතුවිය නැවතත් යථ තත්වයට පත්වෙනවා. ජීවය මුල සිට අරබෙනවා . යනාධි වශයෙන්.

    ඕක අහද්දී මට එන ප්‍රශ්නේ ඉරක් යනු තාරකාවකි, ඉර ඇරුනම අපිට ආසන්නම තරුව පිහිටලා තියෙන්නෙත් ආලෝක වර්ෂ ගානක් ඈතින්. ඉතින් ඉරවල් හතක් පායන්නේ කොහොමද?
    ඊට අමතරව විද්‍යාඥයින් කියන්නේ අපේ ඉර පවතින්නේ තව අවුරුදු බිලියන 4.5 ක් විතරයි.
    අපේ ඉර මිය යාමට පෙර රතු යෝධ තාරකාවක් වෙනවා. එවිට එහි පරිධිය පෘතුවි කක්ෂයටත් වඩා විශාල වෙනවා.
    පෘතුවිය එතකොට දුහුවිල්ලක් ලෙස ඉරට බිලිවෙනවා. නැවත ජීවය ඇරඹෙන්න පෘතුවියක කෑල්ලක්වත් ඉතිරි වෙන්නේ නෑ.

    අපි ඉන්නේ මිනිස්සු හදට ගිහිනුත් අවුරුදු පනහක් වීතර ගිය යුගයක. එහෙම කාලෙක , අර විදිහේ සාහිත්‍ය කතා කිසිම විමසුමකට ලක් නොකර පිලිගන්නවා කියන්නේ අන්ධ භක්තිය.
    දලයි ලාමා තුමන් බෞද්ධ සාහිත්‍යයේ එන "මහා මේරු පර්වතය" යන අදහස ප්‍රතික්ෂේප කරන්න තරම් නිහතමානියි නම් ඇයි අපි ශත වර්ෂ ගානක් තිස්සේ බෞද්ධ දර්ශනය වහගන ඉන්න මේ මැජික් කතා වලින් මිදෙන්න බැරි.
    එල එල..තාමත් උබට තේරුම් ගන්න බැරි උන ගොඩක් දේවල් තියෙනව. උබ ඉන්නෙ උබේ මතේමනෙ. ඒකෙම හිටපන්z. වෙන්ස් කලා කියල කාටවත් සෙතක් නෑ. :) අපි අදහස් දැක්වුයෙ උබේ මතේ වෙනස් කරන්න නෙමේ විවෘත මන්සකින් මේ ත්‍රෙඩ් එක බලන කෙනෙකුට දෙයක් හිතන්නයි.. :yes::yes:

    මෙන්න කොපි කරපු තැන.
    http://sinhalabuddhist.com/2011/11/niveradiva-dharmaya-handunaganimu/?ref=nf :P
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    mekata mama agree ne, budhdhagame koheda kiyala thiyenne gas, gal walata wandinna kiyala, ada unath kawuru hari ekek budu pilimayk nelala, dawas ganak, awwe thiyala, doowili gassala wikunuwahama, api gedara genalla eekata wandinawa. ehema ekak budu dahame kiyala thiyanawada? api budu dahama wikurthi karagena inne, ape oni epa kam anuwa. wediya oni ne, ey api pirith nool bandinne? budhdha kalaye pirith nool bendapu katha mama kohewath ahala ne,
    me wage dewal oya kiyana nonasee thiyana pavithra sri sadhramayata ayithi da?

    e wadinne gas gal walata nemei budu guna sihikaramin darmaya kerehi sitha pahadan budu ruwata thamai wadinne .eken sitha lebenne manasika suwayak bodi puja walinuth kerenne ekama thamai.