ජීවිතය හදා ගන්න උපදෙස් ටිකක් ...
මේ Tread එක දාන්න හේතුව මම කැමතියි වැරදි පාරේ යන එක්කෙනෙක්ව හරි හරි පාරට ගන්න උදව්වක් කරන්න. ඒ වගෙම කියන්න ඕනේ හුදෙක් rep බලාපොරොත්තුවෙන් දාන tread එකක් නෙවෙයි මේක.
මුලින්ම කියන්න ඕනේ මම ජීවිතේ ගත කරේ පිස්සෙක් වගේ කියල තේරුනේ මට මගේ පෙම්වතිය හම්බුනාට පස්සේ. එයා මගේ ජීවිතේ මම කරන ගොඩක් වැරදි මට තේරුම් කරලා දුන්නා. ( දැන් උඹලා හිතනවා ඇති මූ මොන මගුලකටද යකෝ මේවා අපිට කියන්නේ කියලා ) ජීවිතේ හදාගන්න මචන් කියන්නෙ.
මට කියන්න ඕන උනේ උඹේ කෙල්ලත් උඹට ඇත්තටම ආදරෙයිනම් ඒ කෙල්ල කියන දේ අහපන්.උඹට කවදාවත් ජීවිතේ වරදින එකක් නෑ. තව එකක් කියන්නම් ඒ කෙල්ලට කවදාවත් දුකක් දෙන්න එපා උඹට පව් සිද්දවෙයි.
හරි මම දැන් මගේ කතාව කියන්නම්කෝ. මම බෞද්දයෙක් එත් මගේ පෙම්වතිය හම්බවෙන්න කලින් මම අඩුම ගානේ පන්සලකට ගියෙත් බොහොම කලාතුරකින්. ඒත් දැන් එයා මට පුරුදු කරා දවස ගානේ ගෙදර බුදුන් වදින්න , පින් දහම් කරන්න කොටින්ම කිව්වොත් බුදු දහමට අනුව ජීවත් වෙන්න. උඹලට කියන්න මචන් දැන් මම ඉස්සර හිටපු කෙනා නෙවෙයි.හිතට පුදුම සැනසීමක් එන්නේ බුදුන් වැදලා පිනක් දහමක් කරාම, මාව විශ්වාස කරපන්. උඹත් කරලා බලපන්.
එයා මට මගේ ජීවිතේ මට වැරදුන තව තැනක් හැදුවා. මම අවුරුදු 18 වෙනකන් සිගරට් එකක් නිකමටවත් කටේවත් තියලා තිබ්බේ නෑ, ඒත් මගේ අවාසනාවට මට මාර යාලුවො කීපදෙනෙක් හම්බුනා. මම සිගරට්, අරක්කු, බියර් වලට පුරුදු උනේ හිතා ගන්නවත් බැරි විදියට, සමහර දවස් වලට සිගරට් 10ක් විතර පත්තු කරා. ඒ වගේ දිගටම අවුරුදු 20 වෙනකන් ඒවා use කරා.
එත් මගේ තිබුන පිනකට මට මගේ ගර්ල් ව හම්බවුනා. එයා මට මේවා බොන එකෙන් වෙන side effects ,පිරේන පව් ගැන ගොඩක් කියලා දුන්නා. ඒත් කවදාවත් බල කරේ නෑ ඕව නවත්තන්න කියලා, මොකද එයා දන්නවා මම එයාට ඇත්තටම ආදරෙයිනම් මම ඒවා නවත්තනවා කියලා. කොහමෙන් කොහොමහරි මම ඒකටත් තිත තිබ්බා.දැන් මම ගොඩක් සතුටෙන් ඉන්නවා ඒවා නැවැත්තුව නිසා.
උඹලට කියන්න බුදුසරණින් මම අද ගොඩක් සතුටෙන් ඉන්නව මට ජීවිතේ ගැන කියලා දෙන්න කෙනෙක් හම්බවුන නිසා.
යාලුවනේ, මම ඔයාලට දේවල් කීපයක් කියන්නම් ,කරලා බලන්න ජීවිතේ සාර්තක වේවි
01- බුදුදහමට අනුව ජීවත් වෙන්න උත්සහ කරන්න.
02- අරක්කු,බියර්,සිගරට් වලට තිත තියන්න.
03- කෙනෙක් තමන්ට ඇත්තටම ආදරෙයිනම් ඒ කෙනාව කවදාවත් රිදවන්න එපා.
04-අම්ම, තාත්තව කවදාවත් අමතක කරන්න එපා.
05- සාදාරණ විදියට මුදල් හම්බ කරන්න.
06- හම්බ කරන මුදල් වලින් පිනට දහමට කීයක් හරි වියදම් කරන්න, ඒකත් අමාරු නම් රුපියල් 100ක් වියදම් කරලා දුප්පත් කෙනෙක්ට කෑම වේලක් අරන් දෙන්න. ගොඩක් සතුටු හිතෙයි.
මම මේ විස්තර ඔයාලට කිව්වේ ඔයාලට ප්රයෝජන වෙයි කියලා හිතලා. මට rep ඕනේ නෑ. මගේ කෙල්ලට පින් දෙන්න මට ඒ ඇති.

බුදු සරණයි !
Last edited: