පට්ටම ලිරික්ස් ටික..පූසෙක් වගේ හිටියට කොටි දෙන
![]()







අනන්තයක් වී.....ඔබේ ආදරේ.....
ඔබේ ආදරේ.....
මේ සුරම්‍ය පාරාදීසේ.....
හදවතින්..... උමතු වූ.....
සදානන්ද කර සරාග සුවඳ විජිතයේ.....
නීල දිලෙන නිම්නයේ
සුමුදු සයනයේ....
නෙතු පියන් වැසී....වැසී....වැසී....
ස්වප්නයක්ද මේ තරම් පුදුම වූ
ඔබේ ආදරේ.....ඔබේ ආදරේ.....
කැකුලු හදින හිරිපොදේ පිපුණු සීතලේ
දෙතොල් පෙති ලිහී.....ලිහී.....ලිහී.....
මධුවිතක්ද මේ තරම් මධුර වූ
ඔබේ ආදරේ.....ඔබේ ආදරේ.....
-Rookantha & Chandralekha-

ටිකක් වෙනස් ආරක සින්දුවක්.....shashika nisansalage sinduwak thiyenawa"aakasaye dura gimhaana iwre" kiyala kattiya ekath ahala balanna lassana sinduwak



පුණ්‍යවන්ත පෙම්වතී
ප්‍රේමවන්ත ජන්මයේ
ශාන්ත වු ප්‍රසන්න රැයක සිල් මුදන්න මාධවී
පුණ්‍යවන්ත පරම පෙම්වතී//
හුදකලා අනන්තයේ කල් බලා හිමින් සැරේ
හඳුනගන්ත දේවතාවියේ
අසන්තෝෂ හිතක මහිම මැවු මෙනෙවියේ
පුණ්‍යවන්තියේ
පුණ්‍යවන්ත පෙම්වතී...
සැදැහැතී සඳ වාහිනී සිතැඟි නිවන දේහිනී
සිත අවනත සෙනෙහෙවන්තියේ
සිසිල සැපත අතුල යහන මැවු මෙනෙවියේ
ප්‍රේමවන්තියේ
පුණ්‍යවන්ත පෙම්වතී...
-නලීන් පෙරේරා-




