පද පේළී - EK LYRICS THREAD PART 2

Good Heart

Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    ටිකක් වෙනස් ආරක සින්දුවක්.....:yes::yes::yes:

    ආකාස‍යේ.....දුර ගිම්හාන ඉවුරේ....//
    මා ඉගිල එන්නම්
    ලඟින් තුරුලු වෙන්නම්
    ඔබේ උණුසුමේ රාත්‍රි‍යේ....//

    නන්නාදුනන මේ....රන් තාරකාවෙන්
    වලා ‍යහන ර
    න්වන් වෙලා....
    ඔබේ නුහුරු ගී‍යෙන් සදා සොඳුරු බැල්මෙන්
    රැ‍යේ පීදිලා ‍යෞවනේ....

    මංමුලා කතරේ....කම්බිමක්දෝ මේ
    වෙලී නිලන තුරු වැල් අරා....
    නිදා නොඉඳ ඉන්නම් ලි‍යා තබා ‍යන්නම්
    ඔබේ ජීවිතේ මා නමින්....

    nice song.music kasun kalharage:)
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    මේ ඇස් දිහා බලන් ...
    දැන්වත් කියන්න මගේ රත්තරන් ....
    ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා ....
    දැන්වත් කියන්න මගේ රත්තරන් ....
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland


    බඩගිනි වීලා හැඩු විටදී
    මට බත් කැවු අම්මේ
    පාසල් යවලා උගන්නලා මට
    මා ලොකු මිනිසෙකු කළ අම්මේ
    ආදරයෙන් මට අඩගහලා
    පුතා කියූ අම්මේ
    ඔබ මතු බුදුවී දහම් දෙසන විට
    මමත් නිවන් දකිනෙමි අම්මේ


    -නිහාල් නෙල්සන්-
    11.gif
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    අනන්තයක්‌ වී
    ඔබේ ආදරේ ඔබේ ආදරේ
    මෙ සුරම්‍ය පාරදීසේ
    හදවතින් පුබුදු වූ
    සදා නන්ද කල සරාග සුවද විජිතයේ

    නිල්ල නෙලන නිම්නයේ සුමුදු සයනයේ
    නෙතු පියන් වැසී... වැසී වැසී...
    ස්‌වප්නයක්‌ද මේ තරම් පුදුම වූ
    ඔබේ ආදරේ ඔබේ ආදරේ
    මෙ සුරම්‍ය පාරදීසේ

    මීර ඒනාක version :P
     

    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සුපුන් ස‍ඳේ කැළුම් පිරේ
    විල්තෙරේ පියුම් පිපේ
    සිහිනෙන් ඔබ සිහිවී..
    හිදිමිදෝ කෙසේ
    ඔබ තමා..
    ස්නේහයේ පහන් දැල්වුයේ..
    :love:

    §දයාන් විතාරණ-සමිතා මුදුන්කොටුව§

    නැවත හමු‍වන තුරු..
    අවසරයි..!
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඈත සිතිජයේ හැඩට රුවින්
    දිලෙන තරුව ඔබ නම්
    මේඝ වලා සළු පට අතරින්
    මම ඔබ වෙත එන්නම්

    ඉරට මුවාවෙන් සඳට මුවාවෙන්
    අපි ඉමු පිලිසඳරේ
    රන් දෝලාවෙන් කැඳවා යමි මන්
    කුමරියේ ඔබ මාගේ

    සඳලු තලාවේ මුනින් තලාවේ
    කඳුළැල් පිරිණු නෙතින්
    සමුගන්නෙමි මම කුමරියේ ඔබගෙන්
    ආයෙත් දකිනු රිසින්

    මෑත තුෂාරා බිඳු අතරේ
    පිපුණු කුසුම ඔබ නම්
    සඳ මඩලේ සඳ කුමරියනේ
    මම ඔබ සුරකින්නම්
    මම ඔබ සුරකින්නම්



     
    Last edited:

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    කවදාද ආයෙ එන්නේ හමුවන්න මා ඉතින්
    දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන්

    රෑ බෝ වීලා අද දින ගෙවිලා වැඩිහිටියන් බලා හිඳී
    අප දුටුවෝතින් සිදුවෙයි නපුරක් වෙන් වී යමු හණික අපී

    අප වෙන් වීලා ඉමු සිත් බැදිලා මුළු ලෝකය බලා හිදී
    අපමණ බාධා අප වට සැදිලා එක සිත් සේ ඉදිමු සැදී



    Download>>>>>>කවදාද ආයෙ එන්නේ
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හංගන්න බෑ ආදරේ.....
    ඔබ කොහේ හෝ..... ඉන්නවා නම්.....
    පි‍යවි ලෝකෙට නෑවිත් හොරෙන්....
    මේ සිහිනෙන් අවදි නොවී.....
    රත්තරන් ඔබ සො‍යා එන්නම්.....

    සිහි වෙන්නේ..... ඔ‍ය නිල්මිණි දෙනුවන්.....
    මා වෙනුවෙන් හැඬූ තරම්.....
    ඉර හඳ තරු....පවතින තුරු....
    ඔබ නිරතුරු සනසන්නම්......


    ඔබෙ සුසුමන්.....හිස් අහසට නොමදී.....
    හැමදාම සිප ගන්නම්.....
    ඔ‍ය රතු තොල්.....මා ල‍ය මත.....
    දුන් උණුහුම රැකගන්නම්.....


    __________________________________________________________________________________

    අනන්තයක්‌ වී
    ඔබේ ආදරේ ඔබේ ආදරේ............

    මීර ඒනාක version :P
    :oo::oo::oo:
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    හංගන්න බෑ ආදරේ.....
    ඔබ කොහේ හෝ..... ඉන්නවා නම්.....
    පි‍යවි ලෝකෙට නෑවිත් හොරෙන්....
    මේ සිහිනෙන් අවදි නොවී.....
    රත්තරන් ඔබ සො‍යා එන්නම්.....

    සිහි වෙන්නේ..... ඔ‍ය නිල්මිණි දෙනුවන්.....
    මා වෙනුවෙන් හැඬූ තරම්.....
    ඉර හඳ තරු....පවතින තුරු....
    ඔබ නිරතුරු සනසන්නම්......


    ඔබෙ සුසුමන්.....හිස් අහසට නොමදී.....
    හැමදාම සිප ගන්නම්.....
    ඔ‍ය රතු තොල්.....මා ල‍ය මත.....
    දුන් උණුහුම රැකගන්නම්.....


    __________________________________________________________________________________


    :oo::oo::oo:
    සිරස සුපර්ස්ටාර් එකේ කිව්ව එකක් :P:eek:
     
    • Like
    Reactions: amila256

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවුරුන්ද ඔබ මගේ... කවුරුන්ද මා ඔබේ..

    දෙතොල් සලා මුදු සිනහ නගන්නෙමු
    දෙනෙත් පුරා පිරි කඳුළු සලන්නෙමු
    හදවත් ගැහෙනා රිද්මය අතරේ
    සිතින් ගතින් එක්තැන් වී ඉන්නෙමු

    කවුරුන්ද ඔබ මගේ…

    ප්‍රේමය ගොළු වී හඬා වැටීලා
    ඔබ හද මා හද රිදවන මොහොතේ
    ජීවිතයට හුරු පැරදුම හමුවේ
    නොදොඩා ගොළුවී බලා සිටින්නෙමු

    කවුරුන්ද ඔබ මගේ .. කවුරුන්ද මා ඔබේ ..

    -සුනිල් එදිරීසිංහ-
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හද පාරන මාරුතයේ
    ඔබ ආ හැටි ආදරියේ
    හැමදාකම මා පැතුවේ
    සුවඳයි මලයි ඔබමයි....:love:
     
    • Like
    Reactions: rcccc

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බොලඳ සිහිනයකි මා සිත දකිනා
    සැබෑ ලොවක ඉටු නොවනු ඇති

    ආසයි එනමුදු නැවත දකින්නට
    ඒ සිහිනේ සැරි සරමු අපි.... :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පායන්න සඳ සේ ඔයා
    තරු අහසෙ රැජිනක් වෙලා
    සිත් අහස මට පවරලා
    බැස යන්නෙපා සඳ නිසා

    හොරැහින් එබිලා තුරුලේ රැඳිලා
    මට පෑ ඔබෙ ආදරේ
    කිසිදාක මැකිලා නොයන් සොඳුරියේ
    මං ආදරෙයි පණ වගේ
    මං ආදරෙයි පණ වගේ

    පායන්න සඳ සේ .............

    අඳුරින් පිරුණූ කඳුළින් තෙමුණූ
    මගෙ ජීවිතේ පුරා
    පහනක් සේ එළිය කළේ නම්
    සඳමාලියේ ඒ ඔයා
    සඳමාලියේ ඒ ඔයා

    පායන්න සඳ සේ .............


    ගායනය :- චන්දන ලියනාරච්චි
     
    • Like
    Reactions: DAMER

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සුළගෙ ළෙලෙනා...
    මලසෙ දගපා...
    අප පාසල් ගිය කාලයෙ...
    යාලුවො අද නැත
    වෙන අය මෙහි ඇත
    කාලය මැවු වෙනසක අරුමෙ


    :love::love::love:
     
    • Like
    Reactions: amila_90210

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Yasanath || Manmulawee

    මං මුළා වේවී
    සිත කෝල වූවොත්
    මේ මිනිස් වනයේ ගිණි කණ වැටී ඇස
    මං මුළාවේවී
    මුවැත්තී

    සුදත්නී
    සිත බියෙන් සසළේවී
    නුඹ මුවන් විදුමට දඩයමේ යන නිරිදූදැයි
    සිත බියෙන් සසැළේවී


    හී සර වෙතත් විස හී නොවේ
    නුඹ විදනුවත්
    නැසුමට නොවේ
    මුවැත්තී
    හද කුසුම් සර මිස විස හී නොවේ

    විස හී නොවී
    මල්සර වූවත්
    දුනු දිය මිදී ළය විනිවිදිවී
    සිත බියෙන් සසැළේවී
    නුඹ මුවන් විදුමට දඩයමේ යන
    නිරිදූදැයි සිත බියෙන් සසැළේවී

    කඟ රන් වුවත් තුඩ නපුරු වේ
    ගල මිණි වුවත් හැපුනොත් රිදෙයි
    සුදත්නී
    සිත කෝල බිය මිසක් සනහස නොවේ

    දැඩි සිත් නොවේ
    රජකම් දැරුවත්
    ඇවුළුණු සිතුම් නුඹ ළඟ මියේවී
    සිත දුකින් සසැළේවී
    නෙතු පියන් පෙති මත
    මියැදිලා යන සිහිනෙකැයි නුඹ
    සිතුම් සසැළේවී

    ගී පද : යසනාත් ධම්මික බණ්ඩාර
    නාද රටා : සුරේශ් මාලියැද්ද
    ගායනය :අමරසිරි පීරිස්|| රශ්මි සංගීතා
     
    • Like
    Reactions: rcccc