Rail Hike part II Great Western to Thalawakelle #teamtraveler

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    ඔන්න පොරොන්දු උන විදිහටම Rail Hike part 2 එක අරගෙන ආවා. මේ සංචාරයටත් Team Traveler අපේ කණ්ඩායමට සහභාගී වෙන්න බැරි උනාට කට්ටියටම පොරොන්දු වෙනවා ලගදීම අපේ කට්ටියම ගිය සංචාරයකිනුත් ඔයාලා එක්ක එකතු වෙන්න. තව කියන්න දෙයක් තියෙනවා. අපේ Team Traveler thread අලුත් වෙනසකින් ඔයාලත් එක්ක එකතු වෙයි ලගදීම.

    ඔන්න එහෙනං අපේ ගමන පටන් ගමු. අපේ මේ ගමනටත් මගෙත් එක්ක මගේ යාළුවා TKNanayakkara එකතු උනා. අපේ දෙවැනි දවසත් ආරම්භ උනේ තලවකැලේ ඉදලා. නුවර ඉදලා බදුල්ලට යන උදේ බඩු කෝච්චිය තලවකැලේට උදේ 8 ට විතර එනවා. ඔන්න ඉතින් අපි station එකට වෙලා ඉද්දි එනවා කෝච්චිය.

    9709707116_43368309e0_c.jpg


    9706468733_bc98bfb0d1_c.jpg




    අපේ ගමන පටන් අරගෙන ටික දුරක් යනකොට ඔන්න තියෙනවා ඉහල කොත්මලේ ජලාශය. කලින් thread එකේදී ඔයාල දකින්න ඇතිනේ ඉහල කොත්මලේ ජලාශයේ අනිත් පැත්ත. දැක්කේ නැති කට්ටියට මේකේ බලන්න තියෙනවා. Rail Hike Hatton To Thalawakelle

    9706468099_9d8246f691_c.jpg




    ඔන්න තව ටිකක් දුර කෝච්චියේ යනකොට ලස්සන පාලමක් තියෙනවා.අපි Great Western වල ඉදල ඇවිදලා එනකොට මේ පාලමේ photo ටික පෙන්නන්නම්කො.

    9706467817_565c1645a4_c.jpg




    ඔන්න කෝච්චිය පාලම උඩ…..

    9706467433_3dee2d92c5_c.jpg




    කෝච්චිය Great Western වලට යනකන් මග දිග ලස්සන ටිකක්……

    9706468427_cdf1f80eac_c.jpg


    9706467063_1daf8c4106_c.jpg


    9709704720_65b692b569_c.jpg


    9706466383_5df5f6119b_c.jpg


    9709704100_dde620110d_c.jpg


    9706465625_3a742c3bdd_c.jpg


    9709703362_c64fc4aba3_c.jpg


    9706464937_1676015ac7_c.jpg


    9709702462_978ac99bc7_c.jpg


    9709702034_b0cea3831b_c.jpg




    මේ කෝච්චියට උඩින් පේන කන්ද තමයි Great Western කන්ද. මේක තමයි ලංකාවේ 6 වෙනියට උසම කන්ද. එදා මීදුම හින්දා උස හරියට පෙන්නේ නෑ. ලගදීම මේ කන්ද නගිනවා photo ටිකකුත් බලාගන්න පුළුවන් වෙයි.

    9706463619_7f1949736e_c.jpg




    අපිව station එකේ දාල දුම්රිය පිටත් උනා…..

    9709701468_fd2b3fd734_c.jpg




    Great Western දුම්රිය ස්ථානය…..

    9706469619_ee9509756e_c.jpg


    9706463153_4dab1768ce_c.jpg




    අදත් කකුල් දෙකට වැඳලා එහෙම ඔන්න අපි ගමන පටන් ගත්තා. අද අපේ ගමනාන්තය වෙන්නේ ගමන පටන් ගත්තු තලවකැලේ දුම්රිය ස්ථානයයි. ගමන මතක විදිහට 15km විතර දුරක් ගෙවෙනවා.

    9706462931_f1d734df36_c.jpg




    පොඩ්ඩක් ඉස්සරහට ගියාම දැක්ක පොඩි දේවල් ටිකක්…….

    9706462615_3fd2089028_c.jpg


    9709700458_d1d32fc649_c.jpg




    අපිට මේක අලුත් අත්දැකීමක් උනාට මෙයාලට හැමදාම ජීවිතයේ කොටසක්……

    9709700246_e5994bc77a_c.jpg




    ශ්‍රී ලංකා කපුටා……:baffled::baffled:

    9709699848_138fc6a34c_c.jpg




    Great Western දුම්රිය ස්ථානය පහු උනාට පස්සේ හම්බවෙන පලවෙනි කිලෝමීටර් කනුව…..

    9709699684_1722da6151_c.jpg




    අපේ උදේ ආහාරය……

    9706461043_bcae3d0787_c.jpg




    අපි නොදකින අපේ රටේ ලස්සන………

    9706461209_c5854770ac_c.jpg


    9709698920_9aa63b5d93_c.jpg


    9706460485_69b3d20549_c.jpg


    9706460173_0df898fc50_c.jpg


    9706459217_7d006e01f6_c.jpg


    9706458859_1c32e76e63_c.jpg


    9709696656_3d2cfdb092_c.jpg


    9709695982_f6b747deea_c.jpg


    9709695704_928f9b3e3b_c.jpg


    9709695350_9d7269a46d_c.jpg


    9709693510_ec5826f3df_c.jpg




    ඔන්න ටික දුරක් යද්දී එනවා බදුල්ලෙන් උදේ 5.45 ට කොළඹ යන උඩරට මැණිකේ……අපි ඉතින් ගමන නතර කරලා අයිනට වෙලා හිටියා.

    9706459783_1b85b51071_c.jpg


    9706459519_c5e07decb4_c.jpg




    වෙහෙසෙන ජනතාව……..

    9709696384_cb247ca73d_c.jpg




    මගේ පොඩි පිස්සු වැඩක්……..

    9709688936_b69ea21f4c_c.jpg




    I Love U…..

    9706469911_f078f25d96_c.jpg




    ඔන්න අපි වටගොඩ දුම්රිය ස්ථානය පේන දුරට ආවා…..

    9709695084_f6d0a3425b_c.jpg




    තව ටිකක් ලං වෙනකොට රේල් පාර හදන කට්ටියක් ඩක්කුවක් තල්ලු කරගෙන යනවා….

    9709694792_d5b8a7846e_c.jpg




    කියන්න අමතක උනානේ එදා දවසම වැස්ස තිබ්බ පොඩ්ඩක්. ඒත් ඒක අපේ ගමනට බාධාවක් උනේ නම් නෑ….

    වටගොඩ දුම්රිය ස්ථානය…….

    9709694422_4a9b97b4ce_c.jpg


    9706456099_5958b870e2_c.jpg




    Team Traveler……………

    9709693806_92a2fa6ab8_c.jpg




    වටගොඩ පහුවෙලා ටික දුරකින් අපිට හම්බවෙනවා 16 වෙනි tunnel එක… වැඩිය දිග එකක් නං නෙමෙයි සින්ගිමලේ එකත් එක්ක බලද්දී……

    9709693196_cd5e1f6b5a_c.jpg


    9709692790_e307948e1d_c.jpg




    ඔන්න තව ටිකක් දුර යද්දී ඉස්සරහට එනවා කොළඹින් උදේ 5.50 ට පිටත් වෙන පොඩි මැණිකේ දුම්රිය…

    9706454371_0b5871ea16_c.jpg




    මෙන්න තියෙනවා අර කෝච්චියේ යනකොට දැකපු පාලම. මේකත් යන්න ලේසි පාලමක් නෙමෙයි…

    9709691752_760d885fe5_c.jpg


    9706453343_408613dd86_c.jpg


    9709690970_3c9c76d832_c.jpg




    මම………

    9709707404_311fc2da09_c.jpg




    මෙන්න ඒ පාලම දුරින් පේන විදිහ…..

    9706452439_fa08b27998_c.jpg




    තව ටිකක් ඉස්සරහට යනකොට මෙන්න එනවා බදුල්ලෙන් උදේ 7.50 ට විතර කොළඹ යන කෝච්චිය…..

    9706451881_1872ff4588_c.jpg




    ඒ කෝච්චිය ඈතින්….

    9706451585_eb57698eb7_c.jpg




    මෙන්න අපිට පයින් යද්දී ඉහල කොත්මලේ ජලාශය පේනවා…….

    9706451333_d3e5d4600c_c.jpg




    ඔන්න අපේ ගමන අපි ඉවර කළා. කකුල් වලට නං හොද ගණන්. මේ සංචාරයේ අනිත් දවසත් සතියක් ඇතුලත ඔයාලට පෙන්නන්නම්. තව ලගදීම උඩවලව ගැන සංචරයකුයි කලින් කිව්වා වගේ Great Western කන්ද නැගපු එකයි බලාපොරොත්තු වන්න………

    මේ ගමනටත් මගෙත් එක්ක එකතු උන මගේ යාලුවට විශේෂ ස්තුතියක් පුද කරනවා. ලගදීම Team Traveler සංචාරයකින් නැවතත් හමුවෙමු……..

    9706616405_733734e4ba_n.jpg






    Read our all articles and old posts
    http://www.teamtraveler.info





    We Highly Appreciate Your Ideas..
    send your Suggestions and ideas :-

    [email protected]