පද පේළී - EK LYRICS THREAD PART 2

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා....

කලාවැව ළඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා...

ඉසුරුමුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුනා ඔහු
තවම තනිකඩ යැයි කියා
තවම තනිකඩ යැයි කියා....
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මුතු මුතු වැස්‌සේ...පට කුඩයේ තනිවෙලා....
    සුදු මුතු මැණිකේ...කොහි යන්නේ හැඩ වෙලා....
    තෙමි තෙමි වැස්‌සේ...ඇයි ඉන්නේ හිනහිලා....
    යමු අපි හනිකේ...එක කුඩයේ සැගවිලා....


    පාලුවේ වැහි බිරමේ....තනිවි බලා හිදින්නේ....
    කාටදෝ...පවසන්නකෝ...ඔබගේ සෙනෙහේ පුදන්නේ....

    මා ලැබු...සිත් වේදනා...ඇයගේ ලොවේ පෙරදිනේ....
    නෑ මැකි...මතකෙන් මගේ...එය මා සිතේ දරන්නේ....

    ජීවිතේ...හැම කාලයේ...ඔබගේ ලොවේ රැදෙන්නේ....
    රෑ දිවා...දුක හා සැපේ...හිඳිමී පලා නොයන්නේ....

    මේ ලෙසේ...තනි ජීවිතේ...සැමදා ගෙවා පතන්නේ....
    ආදරේ...පිලිගන්න බෑ...යළි මා මුලා නොවන්නේ....


    -Chandraleka Perea & Somasiri Madagedara-

    (මාලිංග අ‍යි‍යා විතරක් බස් සින්දු දාන හින්දා ඔන්න අද මමත් එකක් දැම්මා......:rofl::rofl::rofl:)

    ______________________________________________________________________________________________________________

    තනි තරුවක් ලෙස රෑ අහසේ
    ....................
    හැමදාමත් මිහිරාවියේ ඔයා තමයි මගෙ මුලු ලෝකෙම උනේ :yes:

    පූසි මූව විනාස කරලම දාලාවගේ.......:sorry::sorry::sorry:
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    බෝ මලුවේ මල් සුවදට සැතපි
    අම්මා පෙව් කිරි සුවද ගලා එන්නේ
    නුපුරැදු උණුහුමකට සිත ඈදී
    ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ
    දං බෝ විටියා කැලේ මැදින්
    එන්න හිතයි නුබෙ ලගට සෙමින්
    එතෙර කරන්නම් සසර වරිගයම
    සංසාරේ යනමේ ගමනේ
    චුට්ටක් සෙල්ලම් කරලා එන්නද
    පුරැදු යහලුවන් සෙනෙහේ
    එහෙම ගියොත් ඒ අය පොඩි සාදු
    කියා කියන විට වැද වැටිලා
    කොහොමද අම්මේ ඔට්ටු දුවන්නේ
    වෙල් ඉපනැල්ලේ පැන නටලා
    බෝ මලුවේ මල් සුවදට සැතපි..........
    භවයෙන් බවයේ පෙරැම් පුරා මම
    බවුන් වඩා උපදින වාරේ
    දිනයක මතු දා සසර වරිගයම
    එ‍තෙර කරන්නම් සංසාරේ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සඳවාගෙ සුදු මූණ දෝතින් වසා
    කඳුළැල් ගලා සීතලේ
    මා දෑස මානේ පාවී ගියේ
    රහසින් මැවූ ආදරේ
    ඔබ නේද මගෙ ජීවිතේ

    විඳවූ අතීතේ සැමරුම් මකා
    විඳිමින් මැවූ ජීවිතේ
    සඳපානෙ හිටියාම අපි ළංවෙලා
    සිහිනේ මැවේ ආදරේ
    ඔබ නේද මගෙ ජීවිතේ

    පෙරුමන් පුරා කී නුඹෙ කල්පනා
    පෙර මතක රැඳිලා නොවේ
    හැමදාම ඉන්නම් හදේ ළංවෙලා
    සොඳුරුයි ‍සුපෙම් මාරුතේ
    ඔබ නේද මගෙ ජීවිතේ

    සඳවාගෙ සුදු මූණ .............


    ගායනය :- නලින්ද රණසිංහ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බුදුන් දවස උපදින්නට
    වරම් ‍නොලැබුණත් මා හට
    මෙතේ බුදුන් උපදින රට
    උපදීවා මිනිසකු ලෙස

    එදා මෙතේ බුදුමුව ඇර
    දෙසා වදාරණ බණ පද
    අසා සිටිමි දෑඟිලි බැඳ
    විදා නුවන් කවුළුව ළඟ

    බලා කතර තව දුර දිග
    සොයා සසර මං කෙටිකර
    මුදා දෑත් භව බැමි සිඳ
    සොයා ඇදෙමි නිවනට මඟ


    ගායනය :- අජිත් ආරියරත්න
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මුතු මුතු වැස්‌සේ...පට කුඩයේ තනිවෙලා....
    සුදු මුතු මැණිකේ...කොහි යන්නේ හැඩ වෙලා....
    තෙමි තෙමි වැස්‌සේ...ඇයි ඉන්නේ හිනහිලා....
    යමු අපි හනිකේ...එක කුඩයේ සැගවිලා....


    පාලුවේ වැහි බිරමේ....තනිවි බලා හිදින්නේ....
    කාටදෝ...පවසන්නකෝ...ඔබගේ සෙනෙහේ පුදන්නේ....

    මා ලැබු...සිත් වේදනා...ඇයගේ ලොවේ පෙරදිනේ....
    නෑ මැකි...මතකෙන් මගේ...එය මා සිතේ දරන්නේ....

    ජීවිතේ...හැම කාලයේ...ඔබගේ ලොවේ රැදෙන්නේ....
    රෑ දිවා...දුක හා සැපේ...හිඳිමී පලා නොයන්නේ....

    මේ ලෙසේ...තනි ජීවිතේ...සැමදා ගෙවා පතන්නේ....
    ආදරේ...පිලිගන්න බෑ...යළි මා මුලා නොවන්නේ....


    -Chandraleka Perea & Somasiri Madagedara-

    (මාලිංග අ‍යි‍යා විතරක් බස් සින්දු දාන හින්දා ඔන්න අද මමත් එකක් දැම්මා......:rofl::rofl::rofl:)

    ______________________________________________________________________________________________________________


    පූසි මූව විනාස කරලම දාලාවගේ.......:sorry::sorry::sorry:

    එළ එළ ඕක බස් සිංදුවක් ද? :rolleyes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එළ එළ ඕක බස් සිංදුවක් ද? :rolleyes:
    හෑ...... ඇ‍යි ඒක බස් සින්දුවක් නෙවෙ‍යිද.......:eek::eek::eek:
    ඊ‍යේ උදේ වැඩට ‍යනකොට බස් එකේදි ඕක ඇහුනේ.....මම හිතුවේ බස් සින්දුවක් කි‍යලා......
    :baffled::baffled::baffled:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ලෙන්ගතුකම වැඩි හින්දයි
    උදේ හවා ඔබ සිහි වෙන්නේ
    නොදැක ඉන්න බැරි හින්දයි
    නෙතු අද්දර කඳුළු පිරෙන්නේ
    අනන්තයට සිත දිව්වත්
    ඔබ ළඟමයි සිත නවතින්නේ
    උන්මාදව ඔබෙ නාමය
    මගේ තොල් අග ඇයි මිමිනෙන්නේ

    නිදි වරමින් රෑ තුන්යම
    ඔබ ගැනමයි සිතන්නේ
    දෑස වැසුන හැම මොහොතෙ ම
    ඔබමයි මට පෙනෙන්නේ
    ඉහ ඉද්දර ළඟට වෙලා
    කවදද කවි කියන්නේ
    පොරොන්දුවක්‌ දුන්න සිතින්
    නෑ සරදම් කරන්නේ

    ලෙන්ගතුකම වැඩි හින්දයි ............

    හීනෙන්වත් දුරස්‌ වුණොත්
    කොහොමද දුක දරන්නේ
    මුළු ලෝකෙම උරණ වුණත්
    නෑ මගෙ හිත බිඳෙන්නේ
    ආදරයක්‌ කියා දුන්නු
    හිත ළඟ තනි රකින්නේ
    පුංචි කෙල්ල මම ඔබ ළඟ
    දිව ඇති තුරු රැඳෙන්නේ

    ලෙන්ගතුකම වැඩි හින්දයි ............


    ගායනය :- මංජුලා දිල්රුක්ෂි










    හෑ...... ඇ‍යි ඒක බස් සින්දුවක් නෙවෙ‍යිද.......:eek::eek::eek:
    ඊ‍යේ උදේ වැඩට ‍යනකොට බස් එකේදි ඕක ඇහුනේ.....මම හිතුවේ බස් සින්දුවක් කි‍යලා......
    :baffled::baffled::baffled:


    එහෙනම් බස් සිංදුවක් වෙන්න ඇති. ඕක හැබැයි ජනප්‍රිය සිංදුවක්.:D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කිරිවෙහෙරට මල් නෙලුවට
    ‍මගෙ මතකය මට සුවඳයි
    මල් අරගෙන ගිය ඔයාට
    සම්මා සම්බුදු සරණයි

    ගිනි අවුවට පිච්චි පිච්චි
    දෑස දෙපා කකියනකොට
    අහම්බෙන් වගේ පිපුනා
    සොඳුරු සිත් මලක් සිසිලට
    වහන් වෙලා ඇවිත් නඩෙන්
    නෙතින් කතා කරපු ඔබට
    කොහොම ද මං මිලක් දෙන්නෙ
    මගෙන් ගත්තු මල් දහයට

    කිරිවෙහෙරට .............

    නිකමටවත් කොයි රටේ ද
    අහගන්නත් බැරිවුණානේ
    මල් දහයෙන් ඔය මතකය
    සෙමින් සෙමින් ළංවුණාවෙ
    අනේ මහත්තයෝ යලිත්
    ඇවිත් ගියොත් මේ පලාතෙ
    ඇත්තට එතකොට මගෙ වෙයි
    මුලු හද මඬල ම ඔයාගෙ

    කිරිවෙහෙරට .............


    ගායනය :- ශෂිකා නිසංසලා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එකම එක වරක්වත් ආදරෙයි කියන්න
    රැහුණු දුම්රියෙන් අද රෑ ගම රට එන්න
    කවි ලීවට ගී ලීවට කොලේ පිරෙන්න
    හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ළඟ ඉන්න

    හිතේ කාන්සිය නිවන්න පාර කියන්නේ
    සුදු වැල්ලයි මෘදු වෙරළයි තනියට ඉන්නේ
    වැටකෙයියා මල් සිඹගෙන පෙම් රළ ගුවනේ
    පාවෙන සුළඟට දැනුනා ඔබ නැති අරුමේ

    එකම එක වරක්වත් ...........

    නිදිනැති රෑ යහන පුරා හීනෙන් තනිවී
    ඔබ යන එන මඟ බල බල සිත තනිරකිවී
    හෙට හිමිදිරියෙ ම කියන්න තුරුලෙහි නැලවී
    හුරතල් පෙම්බස් බොහොමයි දෙතොලග සිරවී

    එකම එක වරක්වත් ...........


    ගායනය :- සුභානි හර්ෂනී
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොණ්ඩෙ දිගට වවලා කරාඹුවක් දමලා
    අණ්ඩ දැමූ කලිසම ඇඳි මගේ පෙම්වතා
    රස්සාවක් තව නෑ හොයාගන්න හිත නෑ
    රංචු ගැහී තැන තැන යන මගේ පෙම්වතා
    රංචු ගැහී තැන තැන යන මගේ පෙම්වතා

    වැඩ නිමවී මා එනතුරු බලමින් සිටියා
    ආදරබස් තෙපලන්නට ඔහු හරි රුසියා
    අහස් මාලිඟා හදනව මගෙ හිත රවටා
    මට ම දුකයි දාල යන්න මගේ පෙම්වතා

    කොණ්ඩෙ දිගට වවලා ............

    පුංචි හාදුවක් දීලා මගෙ කම්මුල වෙත
    පෙම්වතුන්ගෙ දිනයට ඔහු තෑගි දුන්න මට
    මගෙන් ඊයෙ ඉල්ලගත්ත සල්ලිවලින් එය
    මට ම දුකයි දාල යන්න මගේ පෙම්වතා

    කොණ්ඩෙ දිගට වවලා ............


    ගායනය :- උරේෂා රවිහාරි
     
    • Like
    Reactions: rcccc

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එහෙනම් බස් සිංදුවක් වෙන්න ඇති. ඕක හැබැයි ජනප්‍රිය සිංදුවක්.:D
    ටක ටක ටක ඩෝං ඩෝං ගාලා drum beat එක වදිනකොට ඒකේ විදි‍යටම බස් එකේ ඩ්‍රැවා ලෑල්ලට පෑගුවා.....
    ඒක‍යි මම හිතුවේ බස් සින්දුවක් කි‍යලා.......
    :eek::eek::lol::lol:
     
    • Like
    Reactions: rcccc

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    104iydc.jpg

     
    • Like
    Reactions: rcccc

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මේ කැකුන කැලේ ගගේ එහා කොනේ
    මගේ සුදු හාමිණේ සුදු හාමිණේ:love:
    නුබේ සීදේවී රූසිරී
    මගේ නේදෝ මා රූබරී

    රට කාසී රිදී මලු ඕනෑ නෑ:no:
    රට කාසී රිදී මලු ඕනෑ නෑ:no:
    මට සෑහේවි සිරියාව මුහුණේ:love::yes:
    නුබ යාවීද :(මා දාලා:sorry: හා හා එපා:no::no:

    මේ කැකුන කැලේ ගගේ එහා කොනේ
    මගේ සුදු හාමිණේ සුදු හාමිණේ:love:
    නුබේ සීදේවී රූසිරී
    මගේ නේදෝ මා රූබරී
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මදකට හෝ නුඹ ඇවිත් යන්න...

    මදකට හෝ නුඹ ඇවිත් යන්න එනවානම්
    මගේ හිතට මඟ වියදම් දෙන්නම්
    ඒ අපේ පෙර මතක
    මතකද දෙදෙනා එකතු කරපු මතක

    මල් ලියකම් සැදි උයන තීරයේ
    මා සිත ඇතුලේ මිණි බැඳි ඕවිල්ලේ
    පෙම් ගිමන් හැරිය නුඹ ලමැද තලා යහනේ
    මතකද මා හැර නොයනා බව කීවා

    සල් සපු මල් පිපි ඉවුරු තීරයේ
    මා නෙතු පතුලේ මන්මද තරංගයේ
    පෙම් පහස නිවාගෙන මතකද මට කීවා
    සසර පුරා නුඹ මට අයිතියි කියලා

    මදකට හෝ නුඹ ඇවිත්...


    -Kasun Kalhara-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔබෙ සිත මා සිත...

    ඔබෙ සිත මා සිත වෙන් කළ
    සිතුවිලි සංගිලි පාලම
    ඒ මේ අත වැනෙනා
    චකිතය සිත තනනා

    ඇඟ සමබර කර එන්නෙ කොහොමද
    හමනා විට ආදරේ කුණාටුව
    ඇඳගෙන වැටුනත් හිතට දුකක්නම් නෑ
    ඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවී
    මා මියදුනත් කමක් නෑ

    කීරි ගැහෙන කන් අයා සිටින්නද
    බිදෙනා විට පාළමේ රැහැන්පට
    දෑස පියාගෙන මං පියවර මැන්නා
    ඔබ මා අතැඟිළි හමුවූ විගසකිනා
    අප සිත් වෙන් කළ පාලම බිඳුණා


    -Kasun Kalhara-
     
    • Like
    Reactions: Rex921

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    වළා තීරයෙන් එහා
    කොහේද ලෝකයක්..
    සොයා ඇදෙන් පැතුම් බිඟුන්
    අපේම ලෝකයක්...
    අපේම ලෝකයක්...

    තරංඟයක් ලෙසින් අදී
    බිදී නොයන් සිතින්..
    වසන්තයක් ලෙසින් උදාව
    එන්න ජීවිතෙන්...

    සිහිල් සහන් සුසුන් සරින්
    පවන් රොදක් ලෙසින්...
    නැවුම් පැතුම් අරන් වඩින්න
    පෙම් උයන් දොරින්...