යාලුව, එහෙම බැලුවොත් දේශනා කරලා තියෙන්නේ අනත්ත කියන පදයත් නෙමෙයි. මොකද අනත්ත කියන්නේ පාලි වචනය. බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කලේ මාගධී භාෂාවෙන්. අකුරුවල ඉස්පිලි පාපිලි වල වෙනස නෙමෙයි නේද අපි බලන්න ඕනේ වචනයෙන් කියවෙන අර්ථය ගැලපෙනවද කියන එකයි.අනාත්ම කියලා පදයක් දේශනා කරලා නෑ ,ඒක අනත්ත,මේ සම්බන්දයෙන් කලින් පිටුවල කෙනෙක් විග්‍රහ කරලා තියෙනවා
ඒ වචන දෙකම එකයි කියල බං මම හිතාගෙන හිටියෙ.. he he
මෙතන ඉන්න අනිත් උන්ටත් ඒ කේස් එකම වෙන්න ඇති තියෙන්නෙ
![]()

යාලුව, එහෙම බැලුවොත් දේශනා කරලා තියෙන්නේ අනත්ත කියන පදයත් නෙමෙයි. මොකද අනත්ත කියන්නේ පාලි වචනය. බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කලේ මාගධී භාෂාවෙන්. අකුරුවල ඉස්පිලි පාපිලි වල වෙනස නෙමෙයි නේද අපි බලන්න ඕනේ වචනයෙන් කියවෙන අර්ථය ගැලපෙනවද කියන එකයි.
![]()
![]()
එකේ තේරුම නම් අනාත්ම කියන එක නෙවේ ,ත්‍රිලක්ෂණයේ අනිච්ච ස්වබාවය නිසා තමා දුක හටගන්නේ ,මේක තේරෙන්නේ නැති නිසා සත්වයන් අනාත බවට පත් වෙනවා ,ඒක තමා අනත්ත කියන්නේ ,නැත්තම් ත්‍රිලක්ෂණයේ කිසි සම්බන්දයක් නෑනේ

ත්‍රිලක්ෂණය තවම මට නම් අවබෝධ වෙලා නැහැ තමයි. ඒ උනාට අනත්ත = අනාතයි කියල කවුද උඹට කියල දුන්නෙ?
. නැත්තන් බියර් එකක් ගහපු වෙලාවක හිතුන දෙයක්ද?umba ithin mas waddane,umbata terenne naa,eka nisa awulak naa,nikamata hithala balapan anathma kiyana wachanaya galapenawada kiyala,duka nisa anathma wenne ayi kiyala kiyanna mama pili gannam
මාගධී කියන්නෙ බුදුන් වහන්සෙ දේශණා පවත්වපු භාශාව හා ඒ කාලෙ මගධ රාජ්‍යයේ භාවිතා වූ භාශාවක්. ඒ වගේම හැමචක්‍රාවාටයකම බුදු වරු ධර්මය දේශනාකරන්නෙ මේ මාගධී භාශාවෙන්. එය ධර්මතාවය.යාලුව, එහෙම බැලුවොත් දේශනා කරලා තියෙන්නේ අනත්ත කියන පදයත් නෙමෙයි. මොකද අනත්ත කියන්නේ පාලි වචනය. බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කලේ මාගධී භාෂාවෙන්. අකුරුවල ඉස්පිලි පාපිලි වල වෙනස නෙමෙයි නේද අපි බලන්න ඕනේ වචනයෙන් කියවෙන අර්ථය ගැලපෙනවද කියන එකයි.
කලින් ඔබට උත්තර නැතිඋනහම පිහිටට හිටියේ මස්වැද්දා කියන වචනය විතරයි. අදත් ඒ වගේ පිහිටට වචනයක් හොයාගන්න වෙයි.umba ithin mas waddane,umbata terenne naa,eka nisa awulak naa,nikamata hithala balapan anathma kiyana wachanaya galapenawada kiyala,duka nisa anathma wenne ayi kiyala kiyanna mama pili gannam
අනිච්ච කියන පදයේ අර්ථය ගැන නෙමෙයි මචන් ගැටළුවක් වෙලා තියෙන්නේ. අනත්ත කියන පදයේ අර්ථය ගැනයි.මාගධී කියන්නෙ බුදුන් වහන්සෙ දේශණා පවත්වපු භාශාව හා ඒ කාලෙ මගධ රාජ්‍යයේ භාවිතා වූ භාශාවක්. ඒ වගේම හැමචක්‍රාවාටයකම බුදු වරු ධර්මය දේශනාකරන්නෙ මේ මාගධී භාශාවෙන්. එය ධර්මතාවය.
මේ භාශාවට අකුරු නෑ. ඒම නිසා අවුරුදු 500ක් විතර කාලයක් බුදු පියාණන්ගෙ ධර්මය ඒ කාලයෙ හිමිවරුන් රැගෙන ආවෙ කට වචනයෙන්. තව දුරටත් මෙසේ රැගෙන යාම අපහසු බව දැක පාලි අකුරු සකස් කර ඒවා ග්‍රන්ථාරූඪ කලා. හරියට අපි ඉංග්‍රීසි අකුරු වලින් සිංහල ලියනව වගේ. අකුරු පාලි. නමුත් එම ලියූ වචන වලින් කියවෙන්නෙ අර්ථවත් වෙන්නෙ මාගධී භාශාව.
මෙතන වාද කරන්නවත් අල්ලගන්නවත් බදාගන්නවත් කිසිම දෙයක් නෑ.
පොඩ්ඩක් හිතල බලපන් ඔක්කොටම කලින් හේතු ඵල දහමට දාල.
අනිච්ච - කැමැත්ත ඒ අයුරින් ම පවතවාගෙන යාමට ඇති නොහැකියාව, කැමැත්ත වෙනස් වීම. කැමැත්ත ඇතිවන්නෙ හිතේ. අපේ හිතේ ඇතිවෙන කෙලෙස් නිසා තමයි අපි මෙච්චර ඩුරක් සංසාර ගමනෙ එන්නෙ එක එක දේවල් වලට ආශ කරල බැඳිල. බුද්ධ ධර්මයෙ කියල දෙන්නෙ හිතේ ඇති වෙන කෙලෙස් නිවන අයුරු.
අපිට මොකද බාහිර කිසිම දෙයක් අනිත්‍ය හෝ නිත්‍ය උනා කියල. ඒක එහෙම්ම තිබිච්චාවෙ. අපි කරන්න ඕනෙ අපේ හිතේ මුල් බැසගත්ත ආශාව පිලිබඳ හඳුනගන්න, තවන්න දවන්න.
හිනාවෙන්නද අඬන්නද කියල හිතාගන්න බැහැ. වචන ටිකේ අර්ථ උඩින් පැහැදිලිව දාල තියනකොට මෙයා තව අලුත් අර්ථ හදල දානවා. පුලුවන්නම් කාලාම සුත්‍රයට අනුවයි කියල ත්‍රිපිටකයම බොරුවක් කියල කියන්න.වෙරි හින්දුනම ආයේ ලොග් වෙන්න.http://www.youtube.com/watch?feature...NgPbjvnw#t=701
අටුවා ටීකා හරි කියලා උඹ දන්නේ koහෙන්ද ?
ඒක තමා කලාම සුත්‍රයේ තියෙන්නේ හිතලා බලලා තමුන්ගේ දැනුමට බුද්ධ දේශනාවට බහා ගලපා බලන්න කියලා
උඹල වගේ එවුන් නිසා තමා අන්‍ය ආගමික එවුන් උඩ පැන පැන වැරදි site දාන්නේ
මට පෙන්නන්න ආත්මය කියලා එකක් අනිච්ච ,දුක්ක එක්ක සම්බන්ද වෙන්නේ කියලා
අනත්ත කියන්නේ අනාත වෙනවා කියන එක ,බුදු රජාණන් වහන්සේට නමක් තියෙනවා අනාථ නාථ කියලා ,ඒ අනිච්ච ස්වබාවය නිසා දුකට පත් වෙලා අනාථ වෙලා ඉන්න මිනිසුන්ට ඒවගෙන් බේරෙන ක්‍රමය කියලා දුන්න සහ ඉදිරියේදී කියලා දෙන්න පුළුවන් එකම කෙනා බුදු කෙනෙක් පමණක් නිසා
මේ ශබ්ධකෝශයෙ තියෙනව අනත්ත කියන්න්නෙ ආත්මයක් නෑ කියල. පද පරම විදිහට තමයි මේ පරිවර්තනය කරල තියෙන්නෙ, ගොඩක් පුද්ගලයන් ඔලුවට දාගෙන තියෙන්නෙ.අනිච්ච කියන පදයේ අර්ථය ගැන නෙමෙයි මචන් ගැටළුවක් වෙලා තියෙන්නේ. අනත්ත කියන පදයේ අර්ථය ගැනයි.
අන්න මචන් දැනුයි අපි ප්‍රධාන ටොපික් එකට වැටුනේ. උඹ පිළිගන්නවනේ බුදුදහමේ කියන්නේ පුනුරුප්පත්තියක් ගැන නෙමේ පුනර්භවය ගැන කියල. එතනම තියනවා ඕකට පිළිතුර. ආත්මයක් පිළිගන්නේ නැති නිසා තමයි පුනුරුප්පත්තිය ප්‍රතිෂේප වෙන්නේ. ආත්මය කියන දේ අනිත්‍ය සංකල්පයට ප්‍රතිවිරුද්ධයි නේද? එතකොට සංසාරයේ මැරී මැරී ඉපදෙන්නේ එකම පුද්ගලයෙක්. බුදුදහමේ එහෙම සඳහන් වෙන්නේ නැහැ. ඒකයි පුනර්භවයක් ගැන කතා කරන්නේ.මේ ශබ්ධකෝශයෙ තියෙනව අනත්ත කියන්න්නෙ ආත්මයක් නෑ කියල. පද පරම විදිහට තමයි මේ පරිවර්තනය කරල තියෙන්නෙ, ගොඩක් පුද්ගලයන් ඔලුවට දාගෙන තියෙන්නෙ.
හිතල බලපන්කො ආත්මයක් නැත්නම් මොකටද නිවනක්? අපි මේ ආත්මෙ ඉඳල මැරුනාම ඊලඟ ආත්මයක් නැත්නම් නිවන් දකින්න වෙහෙසෙන්න ඕන ද. අනත්ත කියන වචනෙ අනිත් අන්තය අත්ත. එතකොට අත්ත කියන්නෙ ආත්මයක් තියෙනව කියන එක වෙන්න ඕන නේද?
මචං.
කවුරු හරි ඉන්නව නම් අත්තකිලමතානු යෝගී කියන වචනෙ තේරුම දන්න කෙනෙක්, මෙතන post කරන්න. ඒක මේ පටලැවිල්ල ලිහාගන්න උඩවක් වෙයි.
අන්න මචන් දැනුයි අපි ප්‍රධාන ටොපික් එකට වැටුනේ. උඹ පිළිගන්නවනේ බුදුදහමේ කියන්නේ පුනුරුප්පත්තියක් ගැන නෙමේ පුනර්භවය ගැන කියල. එතනම තියනවා ඕකට පිළිතුර. ආත්මයක් පිළිගන්නේ නැති නිසා තමයි පුනුරුප්පත්තිය ප්‍රතිෂේප වෙන්නේ. ආත්මය කියන දේ අනිත්‍ය සංකල්පයට ප්‍රතිවිරුද්ධයි නේද? එතකොට සංසාරයේ මැරී මැරී ඉපදෙන්නේ එකම පුද්ගලයෙක්. බුදුදහමේ එහෙම සඳහන් වෙන්නේ නැහැ. ඒකයි පුනර්භවයක් ගැන කතා කරන්නේ.
පුන පුනා ඇතිවන උත්පත්තිය පුනරුප්පත්තිය. පුනර්භව කියන්නෙ පුන පුනා භව(රාග බව, ද්වේශ බව, මෝහ බව ) බිහි වීම. මේ භව බිහි වීම ජීවත් වෙලා ඉන්න උඹත්, මමත්, තිරිසනාත්, දෙවිය බ්‍රහ්මයන් ඇතුලු ඕන සත්ත්වයෙකුට පොදුයි. මේ භව බිහි වීම නිසා තමයි අපි පුන පුනා එක එක දේවල් වලට ආශ කරන්නෙ, වෛර කරන්නෙ, වැරදි විදිහට මනින්නෙ. අන්න ඒ භව තියෙනකන් ඕනෑම සත්ත්වයෙක් මැරි මැරි උපදිනව. ඒ අනුව පුනරුප්පත්තියත්, පුනර්භව ත් එකටම ඇලිල තියෙන දෙකක්.
මෙන්න මේ භව නසන එක තමයි බුද්ධ බවට පත් වෙනව කියන්නෙ.
මෙයා කියල තියන දේ හරි. වචන දෙකක වෙනස තමයි කට්ටියට පැටලිලා තියෙන්නෙ. පුනුරුප්පත්තිය සහ පුනර්භවය කියන වචන දෙකේ තියෙන්නේ අර්ථ දෙකක්. ඒවායින් බුදුදහමේ කියන්නේ පුනර්භවයක් ගැන. පුනුරුප්පත්තිය සංකල්පයේදී කියන්නේ නොවෙනස්ව පවතින ආත්මයක් ගැන. බුදුදහමේ කියන අනිත්‍ය බව එක්ක පුනුරුප්පත්තිය කියන දේ ගැලපෙන්නේ නැහැ. අපිට වැඩිය ධර්මය ගැන දන්නා හාමුදුරුවරු දෙන්නෙක් මේ ගැන කියල තියන දේවල් පහලින් තියෙන්නේ.
මැදගොඩ අභයතිස්ස හිමි.![]()
ස්වාමින් වහන්ස, බුදු දහමේ මූලික ලක්ෂණය පිළිබඳ කතා කරන විට සබ්බේ සංඛාරා අනිච්චා (හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියල්ල අනිත්‍යයි) සබ්බේ සංඛාරා දුක්ඛා (දුක්ඛ) සබ්බේ ධම්මා අනත්තා (සියලු ධර්මතා අනාත්මයි) ලෙස දක්වා තිබෙනවා. මෙහිදී සංස්කාර හා සංස්කාර නොවන සියලු ධර්මතා අනාත්ම යැයි පැවසෙන නිසාදෝ ඇතැමෙක් බුදු දහම අනාත්මවාදයක් ලෙස අර්ථ දක්වනවා. එහෙත් හෑගොඩ ඛේමානන්ද වැනි පාණ්ඩිත්‍යයෙන් හෙබි යතිවරයන් ඊට වෙනස් මත ඉදිරිපත් කර තිබෙනවා.
මෙතනදි මුලින්ම බුදුරජාණන් වහන්සේ අනාත්මවාදියෙක් යැයි හඳුනාගන්න වෙනවා. ධම්මපදයේ රහතන්වහන්සේ පිළිබඳ මෙ වැනි අදහසක් තිබෙනවා.
“අත්තං නිරත්තං නහිතස්ස අත්ථි - යෙනතං වජ්ජුං නහිතස්ස අත්ථි
සබ්බේ සු ධම්මේ සු සමූහතේ සු - සමූහතා වාද පථාපි සබ්බේ”
ආත්මයක් හෝ අනාත්මයක් කියන දෙක ම රහතන්වහන්සේ සම්බන්ධයෙන් නැහැ. අප වාග් ව්‍යවහාරයෙන් ප්‍රකාශ කළ ද එය ද උන්වහන්සේ තුළ නැහැ. සියලු ධර්මයන් ප්‍රහාණය කළ උන්වහන්සේ වාද පථ (වචනයෙන් කියන දේ) ඉක්මවා ඇත.
ඒ වගේ ම සච්චක සමඟ භාග්‍යවතුන් වහන්සේ කරන සාකච්ඡාවකදී සච්චක අසනවා ආත්මයක් තිබෙනවා ද නැද්ද යන වග. බුදුරජාණන්වහන්සේ විමසනවා ඔබ ආත්මය කියන්නේ කුමකට ද කියා. සච්චක කියනවා පංචස්කන්ධයට කියලා.
භාග්‍යවතුන්වහන්සේ විමසනවා රූපය ආත්මය ද? වේදනාව ආත්මය ද? ආදී වශයෙන්. සච්චක කියනවා ඒ සියල්ල නෙවෙයි කියලා. එසේනම් එහි එකතුව ද යැයි විමසනවා. එයත් නොවෙයි කියන තැන ආත්මයක් කොයින් ද? අප අනාත්මය පිළිබඳ කතා කිරීමට නම් ආත්මය පිළිගන්න සිදු වෙනවා. මම කියනවානම් මෙතන ගිනි නැහැ කියල. මම පිළිගන්න ඕනැ මෙතන නැතත් ගිනි කියල දෙයක් තිබෙන බව. බුදු දහම ප්‍රතික්ෂේප කරන්නේ ආත්මය නෙවෙයි, ඒ සම්බන්ධ ප්‍රලාප හෙවත් ආත්මවාදය යි.
ස්වාමින්වහන්ස, උච්ඡේදවාදීන් ද ආත්මය ප්‍රතික්ෂේප කරනවා. එහෙත් බුදුදහම උච්ඡේදවාදයට හෝ ආත්මය පිළිගන්නා ශාස්වතවාදයට හෝ අයත් වන්නේ නැහැ. එසේනම් බුදු දහම කෙබඳු වූවක් ද?
ආත්මවාදී හින්දුන් මරණය දුටුවේ කැදැල්ලක් අතහැර වෙනත් කැදැල්ලකට යන කුරුල්ලකු සේ පුරාණ ශරීරය අතහැර අලුත් ශරීරයකට යාමක් ලෙසයි. උච්ඡේදවාදීන් පිළිගත්තේ ශරීරය අළු කළාට පසු නැවත පැමිණීමක් නැති බවයි, බුදු දහම ශාස්වතවාදී නොවෙන්නේ ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට අවිනශ්වර සදාකාලික ශක්තියක් වන ආත්මය කියන දේ බුදුරජාණන්වහන්සේ ප්‍රතික්ෂේප කරන නිසායි. සබ්බේ සංඛාරා අනිච්චා. එහෙම නම් නාම රූප දෙකම අනිත්‍යයි. සත්ත්වයා නිර්මාණය වී තිබෙන්නේ නාම රූප දෙකින්. එහෙම නම් ස්ථිර දෙයක් තිබෙන්න බැහැ.
ථෙරවාදයට අනුව උත්පාද වය ධම්මිනෝ මිසක් උත්පාද තිථි භංග කියල තුනක් නැහැ. තිථි අවස්ථාව තිබෙනවානම් ආත්මයක් තියෙනවා කියන්න පුළුවන්. උත්පාද සහ වය, එනම් ඇතිවීම සහ වෙනස් වීම යන දෙක පමණයි ලෝකයේ තිබෙන්නේ. කෙනෙක්ට එක් ලක්ෂණයක සිට තවත් ලක්ෂණයකට යන්න බැහැ. යාම පටන් ගත්ත පුද්ගලයා නෙවෙයි යාම අවසන් කරන්නේ. ඒ වන විටත් ඔහු වෙනස් වෙලා. එතන සිදුවන්නේ දේශාන්තරෝත්පත්තියක්. එහෙත් එහෙම වුණා කියල උච්ඡේදවාදී කියන්නත් බැහැ. එහෙමනම් හේතුඵල න්‍යායෙන් පලක් නැති වෙනවා. අනිත්‍යයේ උගන්වන ක්ෂණභංගුර න්‍යාය (වහා වෙනස්වීම) නිසා ආත්මයක් නැහැ කියනවා වගේ ම හේතු පවතින තුරු ඵල පවතිනවා යන හේතුඵල න්‍යාය නිසා උච්ඡේදයත් නැති වෙනවා.
ඔබ විමසන්නේ එසේනම් බුදු දහම කුමක් ද කියායි. බුදුරජාණන්වහන්සේ කච්ඡාන ගොත්තට දේශනා කරනවා මේ ලෝකයේ ඇත, නැත කියා අන්ත දෙකක් තියන බව මේ උභයාන්තය අල්ලාගත් සමාජයකට ශාස්වතවාදය හැරුණුකොට උගන්වන්න තිබෙන්නේ උච්ඡේදවාදය පමණයි. බුදු දහම උභයාන්තය අල්ලාගන්නේ නැහැ. එහි ඉගැන්වෙන්නේ යථාර්ථයයි. ඒ නිසා බුදුදහම ශාස්වත වාදයත් උච්ඡේදවාදයත් යන දෙකම නෙවෙයි. ඒ දෙක අතර වූ දහමකුත් නෙවෙයි. ඒ දෙකෙහි සම්මිශ්‍රණයකුත් නෙවෙයි. එය යථාභූත ඥානයයි.
බෞද්ධ දර්ශනයට අනුව පුනර්භවය පිළිගැනෙනවා. මෙසේ භවයක් පාසා යන ආත්මයක් නැතිනම් කුසල අකුසල ආදී පුද්ගල අනන්‍යතාවය රැගෙන යන වාහකයා විඥානය යැයි කිව හැකි ද?
මහා තන්හා සංඛය සූත්‍රයේදී බුදුරජාණන්වහන්සේ පෙන්වා දෙනවා විඥානය වෙනත් ප්‍රත්‍යයන්ගෙන් තොරව හට නොගන්නා බව. නලකලාප සූත්‍රයේ සඳහන් වෙනවා බට මිටි දෙකක් කෙළින් කර තැබීම සඳහා එකට හේත්තු කර තැබිය යුතුයි වගේ නාම රූප නිතර ම එකට තිබෙන බවත්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කියන පංචස්කන්ධයෙන් විඤ්ඤාණ පමණක් වෙන් කරන්න බැහැ. පංචස්කන්ධයෙන් වියුක්ත අවස්ථාවක් සත්ත්වයාට තිබෙනවා කියන්නේ උච්ඡේදවාදයයි. මරණින් මතු වෙනස් නොවූ විඤ්ඤාණයක් ගමන් කරනවාත් නෙවෙයි. සමස්ත පංචස්කන්ධයම ශක්ති බවට පරිවර්තනය වී එයත් වෙනස් වෙමින් ගමන් කරනවා.
නූතන මනෝවිද්‍යා පරීක්ෂණවලින් පවා සොයාගෙන තිබෙනවා සත්ත්වයාගේ පැරැණි සිත පමණක් නොවෙයි ගුණගුණ හා කායික ලක්ෂණත් ගමන් කරන බව. ඒ අනුව විඤ්ඤාණ ආදී නාමයන් පමණක් නොවෙයි රූපයත් ගමන් කරනවා.
එහෙත් කය මිස සිත නැති බඹලොව පිළිබඳ දේශනා තිබෙනවා. එය රූපයෙන් නාමය වියුක්ත වීමක් නොවේ ද?
බත් උයන විට ජලය වැඩි වුණොත් කැඳ කියනවා. නියම ප්‍රමාණයට ජලය තැබුවොත් බත් කියනවා. ඒත් මේ දෙකේම සහල් සහ ජලය තිබෙනවා. ඒ වගේ ම සිත නිරුද්ධ වූ අවස්ථාවක් පිළිබඳයි ඒ සඳහන් වන්නේ. ප්‍රභලතාව අනුවයි මිස වියුක්ත වීමක් මත නොවෙයි ඒ සඳහන කරන්නේ. කය පමණක් තිබෙනවානම් එය උච්ඡේද දෘෂ්ටියට අයත් වෙනවා. ඒක හරියට බිස්සේ තිබෙන වී වගේ. ක්ෂේත්‍රයට වැටුණොත් පමණයි පැළවෙන්නේ.
ආත්මයක් කියා දෙයක් නැති නිසා අනාත්මයක් පිළිබඳ සාකච්ඡා කළ නොහැකි බව ඉහත සාකච්ඡා වුණා. එහෙත් දස සංයෝජනයේ එන සක්ඛාය දිට්ඨිය හා ආත්මය අතර සම්බන්ධයක් තිබෙනවා නොවේ ද?
සක්ඛාය දිට්ඨියේ දී මෙය මගේ ය. මම ය. මේ මාගේ ආත්මය ය කියන ආත්මවාදී දෘෂ්ටිගතිකත්වයෙන් මිදීමක් මිසක් එමඟින් කෙලෙස් ප්‍රහාණය කිරීමක් කතා කරන්නේ නැහැ. සක්කාය දිට්ඨිය නැති කරනවා කියන්නේ සදාකාලික ආත්මයක් කියන, මම ය, මාගේ ය කියන දෘෂ්ටිය නැති කිරීම පමණයි. එය වරක් පැළවෙන බීජයක් වගේ. සෝවාන් ඵලයට පත්වූ පුද්ගලයා තුළ සක්කාය දිට්ඨිය නැහැ. එහෙත් ඔහු තුළ බීජ ශක්තිය නැති වී නැහැ. කාම රාග, පටිඝ නැති වූ විට පමණයි කාමලෝක සම්බන්ධ පැවැත්මෙන් ඉවත් වන්නේ. එහෙත් රූප රාග අරුප රාග තියෙනවා. ලෝකය තිබෙන්නේ අවිද්‍යාව කියන කැණි මඩලට සම්බන්ධවයි. එය නැති කරන තුරු සසර පවතිනවා.
හෑගොඩ විපස්‌සී හිමි.![]()
බුදුදහමේ පුනරුප්පත්තිය ප්‍රතික්‌ෂේප කරනවා. නමුත් පුනර්භවය පිළිගනු ලබනවා. පුනර්භවය හෙවත් පුනබ්භව යනු නැවත වීමයි. භව කියන වචනයේ ධාතුව තමයි භූ ධාතුව භූ ධාතුවෙහි අර්ථය වීමයි. එය කර්මයයි. කරන්නෙක් නැහැ. මේ හේතුව නිසා මේ දේ හට ගන්නවා. පටිච්චසමුප්පාදයේ මේ පිළිබඳව කෙටි සූත්‍රයක් සඳහන් වෙනවා.
ඉමස්‌මි සති - ඉධං හෝති
ඉමස්‌මිං අස්‌ති - ඉධ න හෝති
මෙහි තේරුම මෙය ඇති කල්හි මෙය සිදුවන බවයි. මෙය නැති කල්හි එය සිදුනොවේ.
පුනබ්භව යනු නැවත වීමයි. නැවත වීමෙන් අර්ථ දෙකක් තිබේ. මොහොතක් පාසා සත්වයාගේ ඇතිවෙමින් නැතිවෙමින් පවත්නා පැවතීම මෙහි එක් අර්ථයකි. අනෙක් අර්ථයෙන් කියවෙනුයේ මරණයෙන් පසු පුද්ගලයා තවත් භවයක උප්පත්තිය ලැබීම. අපි බොහෝ විට කතා කරන්නේ මරණයෙන් පසු සත්වයාගේ උප්පත්තිය පුනර්භවය කියායි. මේ කියන සංකල්පය නිසා බොහෝ අය පුනර්භවය වෙනවද? නැද්ද? කියා සැකයක් ඇති කරගෙන තිබෙනවා.
එනිසා පුනර්භවය පිළිබඳව මුල් අදහස එනම් මොහොතක් පාසා සත්වයාගේ පැවැත්ම ඇතිවෙනව නැතිවෙනව, යන සංකල්පය තමයි සමාජය තුළ දියත් කළ යුත්තේ. දැන් ගත් තීන්දුව අනුව ඊළඟ තීන්දුව ලැබෙනවා.
හින්දු ආදී ආගමිකයින්ගේ ඉගැන්වීම තුළ තියෙන්නේ ආත්මය නමින් ස්‌ථිරව දෙයක් පවතින බවයි. පුද්ගලයා තුළ ස්‌ථිර වූ වෙනස් නොවන සත් පදාර්ථයක් ඇති බවයි, එම ආගමිකයින් විශ්වාස කරන්නේ. එහිදී එම ආගමිකයින් පදාර්ථයන් ලෙස සලකනු ලබනුයේ මේ කියන ආත්මයයි. මරණයේදි භෞතික ශරීරය විනාශ වුවත් ආත්මය විනාශ වීමක් හෝ වෙනස් වීමක් සිදුනොවන බවයි, එම ආගමිකයින් විශ්වාස කරන්නේ.
නමුත් බුදු දහමේදී පුනර්භවයක් ගැන කතා කළත් ආත්මය ගමන් කරන බවක් විශ්වාස කරන්නේ නැහැ. හින්දු ආගමට අනුව ආත්මය ගමන් කිරීම හා පුනරුප්පත්තිය ලැබීම ඔවුන් දකිනුයේ පැරැණි වස්‌ත්‍ර ඉවත් කර අලුත් වස්‌ත්‍ර ඇද ගැනීමක් ලෙසයි. මරණයේදී භෞතික ශරීරය විනාශවී ගූඪ වූ ආත්මය වෙනත් ආත්මයකට ගමන් කරන බවයි හින්දු ආගමිකයින් පෙන්වා දෙන්නේ. එම ආත්මයේදී යළිත් භෞතික ශරීරයක් ගොඩ නඟා ගන්නවා. එය තමයි දිගින් දිගට ගමන් කෙරෙන්නේ. මෙයයි ශාස්‌වත වාදය කියලා අදහස් කරන්නේ.
හින්දු ආගමට අනුව මෙය තමයි පුනරුප්පත්තිය ලෙස අදහස් කරන්නේ. මෙය බුදු දහමේදී ප්‍රතික්‌ෂේපකරනවා. පුනරුප්පත්තිය යනු නැවත වීමයි. එවිට කර්තෘ කෙනෙක් සිටිනවා. නැවත කරනවා නම් කරන්නෙක් සිටිය යුතුයි.
නමුත් බුදු දහමේ කියවෙන පුනර්භවයෙන් මේ කියන අදහස ප්‍රතික්‌ෂේප කරනවා. පුනර්භවයෙන් අදහස් කරනුයේ මේ දේ නිසා මේ දේ හටගන්නා බවයි. හට ගැනීම පුනබ්භවයයි. මෙතැන තියෙන්නේ භාෂාමය ගැටලුවක්.
http://www.silumina.lk/punkalasa/20110515/_art.asp?fn=ar1105155
http://www.divaina.com/2010/08/26/samadi01.html
හිනාවෙන්නද අඬන්නද කියල හිතාගන්න බැහැ. වචන ටිකේ අර්ථ උඩින් පැහැදිලිව දාල තියනකොට මෙයා තව අලුත් අර්ථ හදල දානවා. පුලුවන්නම් කාලාම සුත්‍රයට අනුවයි කියල ත්‍රිපිටකයම බොරුවක් කියල කියන්න.වෙරි හින්දුනම ආයේ ලොග් වෙන්න.
බුදුසරණයි..!!
සිංහලට පරිවතනය කරපු ත්‍රිපිටකේ තමයි වැරදි තියෙනව කියල හොයාගෙන තියෙන්නෙ. පාලි ත්‍රිපිටකයෙ ඒ දේවල් හරියට තියෙනව. මම මේ දේවල් දැනගත්තෙ පාලි ත්‍රිපිටකය,සිංහල, ඉංග්‍රීසි ත්‍රිපිටකය, බුද්ධ ඉතිහාසය ඇතුලු පොතපත් ගොඩාක්, පුස්කොලපත් ඇතුලු දේවල් වලින් දැනුම ලබාගෙන ඒ මඟ ඔස්සේ ගිහිල්ල මම විශ්වාස කරන විදිහට ඒහි ඵල නෙලාගත් අති උත්තමයෙකු ගෙන්.ත්‍රිපිටකයේ අඩුපාඩු තියෙනවා ,එකේ ප්‍රධාන එකක් තමා ත්‍රිලක්ෂණ විග්‍රහය ,අනික් එක කබලිංකාර ආහාර කියන එක සම්බන්දයෙන් ,මේ පැහැදිලි දෙකක්
උඹට හිනා වෙන්න දෙයක් නම් කිව්වේ නෑ ,මටනම් උඹ ගැන හිනා යනවා උඹේ දැනුම ගැන
දැන් කියපන් බුදුහාමුදුරුවන්ට අනාථ නාථ කියලා කිව්වේ නෑ ඒක මම හදපු එකක් කියල