මචන් මම දන්නා විදිහට උඹ ඔය කියන්නේ බුදුන් ඉපදුනේ ලංකාවේ කියන මීවනපලානේ හාමුදුරුවෝ ගැන වෙන්න ඕනේ. කල්ප විනාශයක් වෙනවා කියල ඒක වැරදුනා. ඊටපස්සේ කිව්වා ඒක කල්ප විනාශයක් නෙමෙයි සංකල්ප විනාශයක් කියල.සිංහලට පරිවතනය කරපු ත්‍රිපිටකේ තමයි වැරදි තියෙනව කියල හොයාගෙන තියෙන්නෙ. පාලි ත්‍රිපිටකයෙ ඒ දේවල් හරියට තියෙනව. මම මේ දේවල් දැනගත්තෙ පාලි ත්‍රිපිටකය,සිංහල, ඉංග්‍රීසි ත්‍රිපිටකය, බුද්ධ ඉතිහාසය ඇතුලු පොතපත් ගොඩාක්, පුස්කොලපත් ඇතුලු දේවල් වලින් දැනුම ලබාගෙන ඒ මඟ ඔස්සේ ගිහිල්ල මම විශ්වාස කරන විදිහට ඒහි ඵල නෙලාගත් අති උත්තමයෙකු ගෙන්.
උඹ කියනව වගේ කබලිංකාරාහාර කියන විඤ්ඤාණ ආහාරයෙ තේරුම අද ශාසනයෙ ඉන්න හාමුදුරුවන්ගෙන් ඇහුවොත් බහුතරයක් හාමුදුරු වරු කියන්නෙ කැබලි බවට පත් කරල කන්න ගන්න ආහාර කියල.
ඒත් ඒ පිලිබඳ අධ්‍යනය කරනකොට තේරෙනව කබලිංකාරාහාර කියන්නෙ කය බලියක් බවට පත් කරන ආහාර කියල. අපි කන කෑම බීම ඇඳුම් පැලඳුම් විසිතුරු ආභරණ රූපලාවන්‍ය ඇතුලු දේ.

