Do you Believe this ?

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    සිංහලට පරිවතනය කරපු ත්‍රිපිටකේ තමයි වැරදි තියෙනව කියල හොයාගෙන තියෙන්නෙ. පාලි ත්‍රිපිටකයෙ ඒ දේවල් හරියට තියෙනව. මම මේ දේවල් දැනගත්තෙ පාලි ත්‍රිපිටකය,සිංහල, ඉංග්‍රීසි ත්‍රිපිටකය, බුද්ධ ඉතිහාසය ඇතුලු පොතපත් ගොඩාක්, පුස්කොලපත් ඇතුලු දේවල් වලින් දැනුම ලබාගෙන ඒ මඟ ඔස්සේ ගිහිල්ල මම විශ්වාස කරන විදිහට ඒහි ඵල නෙලාගත් අති උත්තමයෙකු ගෙන්.
    උඹ කියනව වගේ කබලිංකාරාහාර කියන විඤ්ඤාණ ආහාරයෙ තේරුම අද ශාසනයෙ ඉන්න හාමුදුරුවන්ගෙන් ඇහුවොත් බහුතරයක් හාමුදුරු වරු කියන්නෙ කැබලි බවට පත් කරල කන්න ගන්න ආහාර කියල.
    ඒත් ඒ පිලිබඳ අධ්‍යනය කරනකොට තේරෙනව කබලිංකාරාහාර කියන්නෙ කය බලියක් බවට පත් කරන ආහාර කියල. අපි කන කෑම බීම ඇඳුම් පැලඳුම් විසිතුරු ආභරණ රූපලාවන්‍ය ඇතුලු දේ.
    මචන් මම දන්නා විදිහට උඹ ඔය කියන්නේ බුදුන් ඉපදුනේ ලංකාවේ කියන මීවනපලානේ හාමුදුරුවෝ ගැන වෙන්න ඕනේ. කල්ප විනාශයක් වෙනවා කියල ඒක වැරදුනා. ඊටපස්සේ කිව්වා ඒක කල්ප විනාශයක් නෙමෙයි සංකල්ප විනාශයක් කියල.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    ත්‍රිපිටකයේ අඩුපාඩු තියෙනවා ,එකේ ප්‍රධාන එකක් තමා ත්‍රිලක්ෂණ විග්‍රහය ,අනික් එක කබලිංකාර ආහාර කියන එක සම්බන්දයෙන් ,මේ පැහැදිලි දෙකක්

    උඹට හිනා වෙන්න දෙයක් නම් කිව්වේ නෑ ,මටනම් උඹ ගැන හිනා යනවා උඹේ දැනුම ගැන

    දැන් කියපන් බුදුහාමුදුරුවන්ට අනාථ නාථ කියලා කිව්වේ නෑ ඒක මම හදපු එකක් කියල
    ..
    ආත්මයක් නැති කියන අර්ථය දෙන පාලි පදය කුමක්ද? අනත්ත කියන පදයේ අර්ථය අනාතයි කියල තියෙන්නේ කොතනද ?
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සිංහලට පරිවතනය කරපු ත්‍රිපිටකේ තමයි වැරදි තියෙනව කියල හොයාගෙන තියෙන්නෙ. පාලි ත්‍රිපිටකයෙ ඒ දේවල් හරියට තියෙනව. මම මේ දේවල් දැනගත්තෙ පාලි ත්‍රිපිටකය,සිංහල, ඉංග්‍රීසි ත්‍රිපිටකය, බුද්ධ ඉතිහාසය ඇතුලු පොතපත් ගොඩාක්, පුස්කොලපත් ඇතුලු දේවල් වලින් දැනුම ලබාගෙන ඒ මඟ ඔස්සේ ගිහිල්ල මම විශ්වාස කරන විදිහට ඒහි ඵල නෙලාගත් අති උත්තමයෙකු ගෙන්.
    උඹ කියනව වගේ කබලිංකාරාහාර කියන විඤ්ඤාණ ආහාරයෙ තේරුම අද ශාසනයෙ ඉන්න හාමුදුරුවන්ගෙන් ඇහුවොත් බහුතරයක් හාමුදුරු වරු කියන්නෙ කැබලි බවට පත් කරල කන්න ගන්න ආහාර කියල.
    ඒත් ඒ පිලිබඳ අධ්‍යනය කරනකොට තේරෙනව කබලිංකාරාහාර කියන්නෙ කය බලියක් බවට පත් කරන ආහාර කියල. අපි කන කෑම බීම ඇඳුම් පැලඳුම් විසිතුරු ආභරණ රූපලාවන්‍ය ඇතුලු දේ.

    මට උඹ ගැන ආඩම්බරයි මචන් ,උඹ හරියටම පාරට වැටිලා ඉන්නේ ,කැබලි කරලා කන ආහාර විතරක් නම් විඤ්ඤාණ ආහාර වෙන්නේ කැබලි කරලා කන ආහාර විතරක් නම් විඤ්ඤාණ ආහාර වෙන්නේ අරක්කු බීම කිසිම අවුලක් නැති විය යුතුයි,එත් එක වැරදියි

    කබලිංකාරාහාර කියන්නෙ කය බලියක් බවට පත් කරන ආහාර කියල. අපි කන කෑම බීම ඇඳුම් පැලඳුම් විසිතුරු ආභරණ රූපලාවන්‍ය ඇතුලු දේ

    මේක හරියටම හරි ,ආයේ ඒකෙ විවාදයක් නෑ
     
    Last edited:
    • Like
    Reactions: jkdtharindu

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ ශබ්ධකෝශයෙ තියෙනව අනත්ත කියන්න්නෙ ආත්මයක් නෑ කියල. පද පරම විදිහට තමයි මේ පරිවර්තනය කරල තියෙන්නෙ, ගොඩක් පුද්ගලයන් ඔලුවට දාගෙන තියෙන්නෙ.
    හිතල බලපන්කො ආත්මයක් නැත්නම් මොකටද නිවනක්? අපි මේ ආත්මෙ ඉඳල මැරුනාම ඊලඟ ආත්මයක් නැත්නම් නිවන් දකින්න වෙහෙසෙන්න ඕන ද. අනත්ත කියන වචනෙ අනිත් අන්තය අත්ත. එතකොට අත්ත කියන්නෙ ආත්මයක් තියෙනව කියන එක වෙන්න ඕන නේද?

    මචං.
    කවුරු හරි ඉන්නව නම් අත්තකිලමතානු යෝගී කියන වචනෙ තේරුම දන්න කෙනෙක්, මෙතන post කරන්න. ඒක මේ පටලැවිල්ල ලිහාගන්න උඩවක් වෙයි.

    අත්තකිලමතානු වචනයේ අත්ත කියන එකේ අර්ථය ශරීරය කියන එකයි. චුල්ල සච්චක සුත්‍රයේදී සච්චක ආත්මය තිබෙන්නේ පංචස්කන්ධයේ කියන කොට බුදුහාමුදුරුවන් ඒක පිළිගත්තේ නැත්තේ ඇයි? එම සුත්‍රයේදී සච්චක 'අත්ත' කියන වචනයෙන් අදහස් කලේ කුමක්ද? බුදුහාමුදුරුවන් 'අනත්ත' කියන වචනයෙන් අදහස් කලේ කුමක්ද?
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    අත්ත කියන්නේ ශරීරය නෙමේ ,එහෙනන් කාම සුකල්ලිකානු ,කාම කියන්නේ ශරීරයට ද ?

    නිච්ච ,සුක ,අත්ත කියන්නේ අනික් 3

    ඒ කියන්නේ මේ හැමදේම හැම තිස්සෙම අපිට අවශ්‍ය විදියට පාලනය කරන්න පුළුවන් කියලා හිතලා ,ඒක සැපක් කියලා හිතාගෙන ,ඒ තුලම ඉන්නවා

    කලින් එකේ වෙන්නේ මේ හැමදේම හැම තිස්සෙම අපිට අවශ්‍ය විදියට පාලනය කරන්න බැරි නිසා ,ඒක දුකක් කියලා හිතාගෙන අනාථ වෙනවා

    ඉච්ච කියන වචනයේ තේරුම කැමැත්ත කියන එක ,උද්දච්ච ,විචිකිච්ච ,කුක්කුච්ච

    ඉච්චා බංගත්වය කියන එක දන්නවනේ
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,424
    697
    113
    37
    AREA 51
    උදාහරණයකට සංගීතය වගෙ කුසලතාවයක් ඉපදෙනකොටම ළමයෙක්ට එන්නෙ ... ඒ වගෙම යටි හිතේ තැන්පත් වෙන මතකයන් උඩට එනව

    ඒ උනාට ඒ උපදින්නෙ කලින් කෙනාම නෙවෙයි කියන එකයි පුනුරුත්පත්තිය පිළිගන්නෙ නෑ කියනෙකේ අදහස :D

    අම්මට සිරි එහෙනම් ජාතක කතාවල කියවෙන්නේ එකම බෝදිසත්වයන් වහන්සේ කෙනෙක් ගෑන නෙමෙයි ද. ජාතකෙන් ජාතකේ ඉන්නේ එක එක බෝදිසත්වයොන්ද
     
    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    මචන් මම දන්නා විදිහට උඹ ඔය කියන්නේ බුදුන් ඉපදුනේ ලංකාවේ කියන මීවනපලානේ හාමුදුරුවෝ ගැන වෙන්න ඕනේ. කල්ප විනාශයක් වෙනවා කියල ඒක වැරදුනා. ඊටපස්සේ කිව්වා ඒක කල්ප විනාශයක් නෙමෙයි සංකල්ප විනාශයක් කියල.
    උඹ හරි මචං. ඒ ස්වාමීන් වහන්සෙ තමයි. මම ඒ ස්වාමීන් වහන්සෙ ව අදහනව නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සෙ බුද්ධ ධර්මය ඒ අයුරින් ම පෙන්නල දෙනව අපිට. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ ව ආශ්‍රය කරනව.
    කල්පයක් කියන්නෙ කාල පරාසයක්. ලෝක විනාශය කියන්නෙ වෙන එකක්. ඔය දෙක පටල්ගත්තාම වැරදි වැටහීම් එනව. එක එක කාල වලදි සංකල්පයන්, ආකල්පයන් විනාශ වෙනව. ඉතින් එතන කල්ප විනාශයක් එතකොට. ලෝක විනාශය වීමත් කල්ප විනාශයක්.
    මට උඹ ගැන ආඩම්බරයි මචන් ,උඹ හරියටම පාරට වැටිලා ඉන්නේ ,කැබලි කරලා කන ආහාර විතරක් නම් විඤ්ඤාණ ආහාර වෙන්නේ කැබලි කරලා කන ආහාර විතරක් නම් විඤ්ඤාණ ආහාර වෙන්නේ අරක්කු බීම කිසිම අවුලක් නැති විය යුතුයි,එත් එක වැරදියි

    කබලිංකාරාහාර කියන්නෙ කය බලියක් බවට පත් කරන ආහාර කියල. අපි කන කෑම බීම ඇඳුම් පැලඳුම් විසිතුරු ආභරණ රූපලාවන්‍ය ඇතුලු දේ

    මේක හරියටම හරි ,ආයේ ඒකෙ විවාදයක් නෑ
    thanks machan. thawa dura yamu api hemoma.
    අත්තකිලමතානු වචනයේ අත්ත කියන එකේ අර්ථය ශරීරය කියන එකයි. චුල්ල සච්චක සුත්‍රයේදී සච්චක ආත්මය තිබෙන්නේ පංචස්කන්ධයේ කියන කොට බුදුහාමුදුරුවන් ඒක පිළිගත්තේ නැත්තේ ඇයි? එම සුත්‍රයේදී සච්චක 'අත්ත' කියන වචනයෙන් අදහස් කලේ කුමක්ද? බුදුහාමුදුරුවන් 'අනත්ත' කියන වචනයෙන් අදහස් කලේ කුමක්ද?
    මේ ගැන අධ්‍යනයක් කල යුතුයි.

    අම්මට සිරි එහෙනම් ජාතක කතාවල කියවෙන්නේ එකම බෝදිසත්වයන් වහන්සේ කෙනෙක් ගෑන නෙමෙයි ද. ජාතකෙන් ජාතකේ ඉන්නේ එක එක බෝදිසත්වයොන්ද
    :yes::yes::yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    උඹ හරි මචං. ඒ ස්වාමීන් වහන්සෙ තමයි. මම ඒ ස්වාමීන් වහන්සෙ ව අදහනව නෙවෙයි. ඒ ස්වාමීන් වහන්සෙ බුද්ධ ධර්මය ඒ අයුරින් ම පෙන්නල දෙනව අපිට. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ ව ආශ්‍රය කරනව.
    කල්පයක් කියන්නෙ කාල පරාසයක්. ලෝක විනාශය කියන්නෙ වෙන එකක්. ඔය දෙක පටල්ගත්තාම වැරදි වැටහීම් එනව. එක එක කාල වලදි සංකල්පයන්, ආකල්පයන් විනාශ වෙනව. ඉතින් එතන කල්ප විනාශයක් එතකොට. ලෝක විනාශය වීමත් කල්ප විනාශයක්.
    නමුත් මචන් මීවනපලානේ හාමුදුරුවන්ගේ අනුදැනුම මත කල්පවිනාශයෙන් ගැලවීමට කියා ඒ ස්වාමින් වහන්සේගේ අනුගාමිකයින් උදේට අවදිවිමෙන් පසු සහ රාත්‍රියට නිදාගැනීමට පෙර සත්‍යක්‍රියා කළා. ඒක මම කාගෙන්වත් අහගත්තු දෙයක් නෙමෙයි. මම පෞද්ගලිකව හොඳින් දන්න දෙයක්. උඹ මීවනපලානේ හාමුදුරුවන්ව 2012 නොවැම්බර්-දෙසැම්බර් කාලේ ඉඳන් ආශ්‍රය කරනවා නම් ඒ බව දන්නවා ඇති.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    y63wn.jpg

    අත්ත කියන වචනයේ ශරීරය කියන අර්ථය තිබෙනවා.

    13kla.jpg

    කා එක්කවත් වාද කරන්න ඕනේ නැහැ. අටුවා ටීකා ටිප්පනි කියල තුන් විදිහකට ධර්මයේ අර්ථ විවරණය කලේ පසු කාලෙකදී අර්ථය වෙනස් වෙන්න/කරන්න ඉඩ තියන නිසයි. ඒ අටුවා ටීකා ටිප්පනිත් නිවැරදියි කියන්නේ කොහොමද කියල බෞද්ධ කෙනෙක් අහනවනම්. අනේ මන්ද.
     
    වැඩිය බලන්න අවශ්‍ය නෑ ,දැන් උඹම උඩ දාලා තියෙනවා ආත්මයක් නෑ කියලා කතාවක් ,දැන් දානවා අත්ත කියන්නේ පරිකල්පිත ආත්මය කියලා ,එවිට උඹ කියන අනාත්ම කියන කතාව එතැනින්ම වැරදියි නේද යාළුවා ,දැන් උඹද මමද බීලා ඉන්නේ බලපන්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    වැඩිය බලන්න අවශ්‍ය නෑ ,දැන් උඹම උඩ දාලා තියෙනවා ආත්මයක් නෑ කියලා කතාවක් ,දැන් දානවා අත්ත කියන්නේ පරිකල්පිත ආත්මය කියලා ,එවිට උඹ කියන අනාත්ම කියන කතාව එතැනින්ම වැරදියි නේද යාළුවා ,දැන් උඹද මමද බීලා ඉන්නේ බලපන්
    "පරිකල්පිත"
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    බුදු රජාණන් වහන්සේ බුදු වෙන්න ඉස්සෙල්ල කොච්චර පෙරුම් පුරාගෙනද ආවෙ ? එතනම උබේ පොයින්ට් එක ඉවරයි නෙ බං

    දේව දත්ත කියන්නෙ ආත්මයෙන් ආත්මයට වයිර බැදන් ආව කෙනෙක්.. ඒකත් පැහැදිලි කරපං බලන්න..

    ඔය හැමෝම පුනරුප්පත්තිය සහ පුනර්භවය පටලවගෙන ඉන්නේ ,
    ඔය 2 ම එක වගේ පෙනුනට වෙනසක් තියෙනවා , පුනර්භවය තමයි බුදු දහමට අනුව නිවැරදි වචනය , පුනරුප්පත්තිය කිව්වොත් අර්ථ ගැන්වෙන්නේ මියයන පුද්ගලයාම නැවත උපදිනවා කියන එකයි , එක බුදුදහමට අනුව වැරදියි, බුදුදහමෙන් පිළිගන්නේ නැවත උපදින කෙනා මැරුණු පුද්ගලයත් නෙවෙයි , ඔහුගෙන් අන්‍ය පුද්ගලයෙකුත් නෙවෙයි කියන එකයි එක අර්ථගැන්වෙන වචනය තමයි පුනර්භවය කියන්නේ. ( රේරුකානේ චන්දවිමල ස්වාමීන්වහන්සේගේ පොත් කියවන්න, වෙනත් පොත් කියවීමෙදි ප්‍රවේසම් විය යුතුය )
     
    praneeth.pj

    Well-known member
  • Mar 2, 2013
    1,266
    432
    113
    ඕක එ තරන් දෙයක් නෙමේ.හතරවන ධ්‍යානය දක්වා හිත දියුණු කළ ඕනෑම කෙනෙකුට තමන්ගේ පෙර භාවය දැකිය හැක. එය හරියට චිත්‍ර පටයක් ලෙස ය. ඒ වගේම තම මනසින් සුක්ෂම කය වල් සහිත සතුන්ද මේ අවස්ථාවේ දැකිය හැක.ප්‍රශ්න ඇත්තේ මනසින් දකින දෙය තව කෙනෙකුට පෙන්වීමට නොහැකි වීමයි. ඉතින් අනිත් ප්‍රශ්නය වන්නේ හිත දියුණු නැති මිනිස්සුන්ට එය තේරුම් කිරීමට නොහැකි යාවයි. ඉතින් නැවත භාවයක් නැතෙයි කියන අයගෙ දුර්වලතාවට අනුකම්පා කරනවා ඇරෙන්නට ගැටෙන්න සුදුසු නැත.

    නමෝ බුද්ධාය __/\__
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුන පුනා ඇතිවන උත්පත්තිය පුනරුප්පත්තිය. පුනර්භව කියන්නෙ පුන පුනා භව(රාග බව, ද්වේශ බව, මෝහ බව ) බිහි වීම. මේ භව බිහි වීම ජීවත් වෙලා ඉන්න උඹත්, මමත්, තිරිසනාත්, දෙවිය බ්‍රහ්මයන් ඇතුලු ඕන සත්ත්වයෙකුට පොදුයි. මේ භව බිහි වීම නිසා තමයි අපි පුන පුනා එක එක දේවල් වලට ආශ කරන්නෙ, වෛර කරන්නෙ, වැරදි විදිහට මනින්නෙ. අන්න ඒ භව තියෙනකන් ඕනෑම සත්ත්වයෙක් මැරි මැරි උපදිනව. ඒ අනුව පුනරුප්පත්තියත්, පුනර්භව ත් එකටම ඇලිල තියෙන දෙකක්.

    මෙන්න මේ භව නසන එක තමයි බුද්ධ බවට පත් වෙනව කියන්නෙ.

    මම මේ ටික ගත්තෙ බුද්ධාගමෙන් නෙවෙයි බුද්ධ ධර්මයෙන්.
    අනේ සාදු!!!
    බුද්ධ දර්ශනය ගැන දන්න එකෙක් යමක් ලිහිල්ව තේරුම් කරල දෙන්න පුළුවන් දැක්කම ද කොහෙද.............
     
    • Like
    Reactions: jkdtharindu

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ එළකිරියේ බොහෝ කලතට පසු දැක්ක හරිහමන් සහ වටින ම සංවාදය............
    මේ හරවත් සංවාදයේ නිරත වන සියළු ම දෙනාට සත්‍යාවබෝධයම වේවා!!!!

    කරුණාකරල හරුප නැතුව පිට පනින්නේ නැතුව සංවාදය ගෙන යන්න..............
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මේ එළකිරියේ බොහෝ කලතට පසු දැක්ක හරිහමන් සහ වටින ම සංවාදය............
    මේ හරවත් සංවාදයේ නිරත වන සියළු ම දෙනාට සත්‍යාවබෝධයම වේවා!!!!

    කරුණාකරල හරුප නැතුව පිට පනින්නේ නැතුව සංවාදය ගෙන යන්න..............

    eka thamai :yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    පුනුරුත්පත්තිය බුද්ධාගමට අනුව නම් පිළිගන්නෙ නෑ ... නැවත උපදින කෙනාට කලින් ආත්මෙන් යම් යම් කුසලතා එහෙම පිහිටන්න පුළුවන් මන් හිතන්නෙ

    Edit:
    පළවෙනි පිටුව විතරක් බලල කෑගහන අයට

    බෞද්ධ අනාත්මවාදය සහ පුනර්භවය
    http://www.elakiri.com/forum/showpost.php?p=15649136&postcount=76
    මචන් ඕකේ තියෙන full article එකේ වැඩකරන link එකක් දෙන්නකෝ :)