පඩි_සල්ල_කෑ_මීයා එල්ලයි

Dhanushka.N

Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    පඩි_සල්ල_කෑ_මීයා එල්ලයි

    මුදල් නෝට්ටු සපා විනාශ කර දැමිීමේ වරදට මීයෙකුට රජකාලයේ දඩුවම් දුන් පුද්ගලයෙකු ගැන වාර්තා වන්නේ පලස්තීනයෙනි.

    අත්පා වලින් ඉණිමගකට තබා ගැටගසනු ලැබ සිටිනා මිීයෙකුගේ ඡායාරූපයක්ද ඔහු තම ෆේස්බුක් පිටුවේ පළ කර තිබුණි.

    මෙසේ මිීයාට දඩුවම් කිරීමට හේතුව ලෙස ඔහු දක්වා තිබුනේ තම මාසික චේතනය ලෙස ලද මුදල් සියල්ල මීයා සපා විනාශ කර තිබීමයි.අල්මාරියක දමා වැඩි පරිස්සමට සඟවා තිබු මුදල් නෝට්ටු සියල්ල මියා කා දමා විනාශ කර ඇතැයි ඔහු සදහන් කර තිබුණි.

    03(362).jpg



    02(412).jpg


    මෙම පුද්ගලයාගේ කි‍්‍රයාවට එරෙහිව අවි අතට ගෙන සිටින්නේ සත්ත්ව හිමිකම් වෙනුවෙන් පෙනී සිටිනා සංවිධානයන්ය.සතුන්ට මෙසේ වද හිංසා පැමිණවීම පිළිකුල් සහගත බව එම සංවිධාන වල මතයයි.

    නමුත් මෙම පුද්ගලයාට වූ අගතිය ගැන සිතා බලන විටදී ඔහු හැසිරුණු ආකාරයේ වරදක් නැතියි පවසන අයද සිටී.අනෙක් අතට පලස්තීනයේ ගාසා තීරයේ නිරතුරුව ඇතිවන ගැටුම් වලින් මිනිසුන් සිය ගණන් මිය යද්දී මුනිවත රකින්නන් මෙසේ මීයෙකු වද බන්ධනයට ලක් කළේයැයි හිස ගිනි ගත්තවුන් සේ හැසිරීම හාස්‍යජනකය යැයිද ඔවුන් කියයි.
    :oo::oo::oo::oo:


    උපුටා ගැනීම​.ලංකාදීප​