Internet Help desk Officer කෙනෙක් ගේ පාපොච්චරනය

Bill Gates

Member
Jan 25, 2012
456
76
0
42
Microsoft
Internet Help desk Officer කෙනෙක් ගේ පාපොච්චරනය

SLT එකේ internet Help desk එකේ වැඩකරන උන්ට තාක්ෂනික දැනුමක් නෑ කියලා ගොඩක් උන් බනිනවා.. ප්‍රශ්නයක් ඇහුවම වෙන වෙන බයිලා කියවනවා කියලා තමයි හැමෝම කියන්නේ.. ඇත්ත හොයලා බැලුවොත් කතාව මීට ටිකක් වෙනස්...
මම SLT එකට ජොයින් වුනේ 2008 අවුරුද්දේ අපේ බැච් එකේ 50ක් හිටියා සෙරමල්ලා IT සහ කස්ටමර් සර්විස් සම්බන්ධ පට්ටම වැඩ්ඩො ටිකක්:nerd:.. අපි කෙලින්ම වැඩ පටන්ගත්තේ internet Help desk එකේ.. එකට අපිට හෝ ගාලා දවස් තුනක පුහුනුවක් දුන්නා..එකෙනුත් දවසක්ම ගියේ ආයතනයේ විනය නීති රීති උගන්නන්න:lol:... ඒකට හෙතුව මම... මම කලින් වැඩකලේ ජාත්‍යන්තර බැන්කුවක... එහෙදි අපි අපේ බොසාට නම කියලයි කථා කලේ.. මම ඒ පුරුද්දට මෙකෙ බොසෙක්ට නම කියලා කතා කලා... ඌ හෙන ගැහුවා වගේ මගේ දිහා බලාගෙන ඉඳලා යන්න ගියා... එතනින් පස්සෙ තමයි උන් අපි 50 දෙනා දිහාම ත්‍රස්තවාදියෝ දිහා බලනවා වගේ බලන්න ගත්තේ...එදා තමයි මම දැනගත්තේ internet Help desk එක ඇතුලේ මට උඩින් මැනෙජ්මන්ට් ලේයර් 7ක් තියනවා කියලා.:shocked: (සාමාන්‍ය ආයතනයක ඇත්තේ 3ක් පමනි ).. අනිත් ලස්සනම දේ තමයි උඩම ලේයර් දෙකේ හිටිය දෙන්නම කාන්තාවන් වීමත් ඔවුන් අන්තර්ජාලය ගැන පැහදිලි දැනුමක් නොමැති අය වීමත්.(ඒකෙන් එක්කෙනෙක් කොටුවෙ මිහිඳුමාවත ශාඛාවේ හිටපු එකවුන්ටන් කෙනෙක්:no:).
පලවෙනි සතිය ඉවර වෙනකොට 5 දෙනෙක් අයින් වෙලා ගියා.. හේතුව කලමනාකාරිත්වයේ හැසිරීම දිරව ගන්න බැරුව.. කොහොම හරි මාස දෙකක් යනකොට ඉතුරුවුනෙ 35 දෙනයි
එත් අපි සර්විස් ලෙවල් එක අඩු වෙන්න දුන්නේ නෑ... කොල්ලෙක් කෝල් කරොත් කොහොම හරි වැඩේ ගොඩදාලා දෙනවා:cool:... කෙල්ලෙක් නම් ටිකක් අමාරුයි වැඩේ විසිට් එකක් තමයි ගොඩක් වෙලාවට:P.. ඔයාලට මතකනම් 2008 - 2010 කාලෙ එකේ සර්විස් එක, මතක ඇති ඒ කාලේ තමයි බැක් ඔෆිස් එකෙන් කතාකරන්න ඉස්සෙල්ලා සෙටින්ග්ස් එහෙම දෙන්න පටන් ගත්තේ..
කොහොමහරි අපේ අර මම කිව්ව එකවුන්ටන් නෝනට මාර අදහසක් ආවා 1243 විතරක් නෙමෙයි 1241 හා 1242 ලයින් වලින් එන කෝල් අපිට ලින්ක් කරන්න ( දුරකථන දොශ හා බිල් තොරතුරු ) මමයි අපේ කොල්ලො ටිකයි ඔකට හෙනට විරුද්ධ වුනා නමුත් වැඩක් වුනේ නෑ.. (අපිව ඒ වෙනකොට ස්ථිර කරලා තිබ්බේ නැති නිසා ස්ට්‍රයික් එකක් වත් කරන්න බැහැ.) අන්තිමට අපෙන් තව 5ක් අයින් උනා.. අපි ෆොන් එකෙන්ම විසඳුම් දෙන නිසා කෝල් එකකට අපි සමන්යෙන් විනාඩි 5-7 අතර ගන්නවා සමහර ඒවා පැය බාගෙ යන වෙලාවලුත් තිබ්බා
මෙයාලා අලුත් නීතියක් ගෙනාවා එක කෝල් එකට උපරිම ගන්න පුලුවන් විනාඩි 3යි කියලා.. එතනින් පස්සේ අපිට ෆෝන් එකෙන් විසඳුම් දෙන්න බැරි උනා.. අපි කලේ කම්ප්ලේන් දාපු එක විතරයි.. දුරකථන දෝශ හා බිල් තොරතුරු කෝල්ස් ගොඩක් එන නිසා 1243 (internet Help desk) ල්යින් එකෙන් එන අයට පැය ගනන් ලයින් එකේ ඉන්න වුනා සර්විස් ලෙවල් එක 20%-30% ට බැස්සා. ලොක්කන්ට කිව්වට ආයෙ පරන විදිහටම වෙනස් කරන්න කියලා එයාලා ඒකට කැමැති උනේ නෑ.. ( එයලට හිතෙන්න ඇති ඒක වැරැද්ද පිලිඅරගෙන සෙකන්ඩ් උනා වගේ වැඩක් කියලා) එයාල කලේ 1241 සහ 1242 ලයින් වල වැඩ කරපු අයටත් 1243 ආන්ස්වර් කරන්න දැම්මා.. එතන හිටිය බොහෝ අය අවුරුදු 45ට වැඩි අය අන්තර්ජාලය ගැන මෙලෝ හසරක් දන්නේ නෑ එයාලා
ඔය කාලේ මරු මරු වැඩ උනා.. ඔන්න එක දවසක් මගේ එහා පත්තේ වාඩ් උනේ එක ඇන්ටි කෙනෙක් ( අවු: 50ට වැඩියි කලින් හිටියේ බිල් අංශයේ ) මෙන්න මෙයාට ඉන්ටර්නෙට් කෝල් එකක් ආවා. මෙයා මට කිව්ව ඉන්ටනෙට් කෝල් එකක් කියලා. මම කිව්වා ස්පීකර් ඔන් කරන්න කියලා ..
agent: ආයුබෝවන් මම xxxx මට පුලුවනි ඔබට සහය වන්න (සුපුරුදු බයිලාව )
customer: මගෙ ඊ මේල් එක වැඩ කරන්නේ නෑ..
agent: මොකක්ද සර්ගේ ඊමේල් ඇඩ්‍රස් එක?
customer:[email protected]
agent: මම ආයෙත් කියන්නම් සර් හරිද බලන්න X, X, Y, Y, A, T sltnet.lk :shocked:
එහා පැත්තේ ලයින් එකෙ හිටපු බුවා හිනාව නවත්ත ගන්න බැරුව ලයින් එක කට් කලා
ඔය දේවල් වලට විරුද්දව මම කෑගහපු නිසා මට ලැබුන ප්‍රමොශන් එක මට නැති උනා.. ඊට පස්සේ මමත් අයින් උනා.. ඔන්න ඔය විදිහටයි internet Help desk එකේ කඩා වැටීම සිදු වුනේ..:(

මේකත් බලන්න මෙවට මෙ මිනිස්සු විතරක් නෙමෙයි කලමනා කාරිත්වයත් වගකියන්න ඔනේ (මේ ඇන්ටි සින්හල භාශාවෙන් බිල් සේවයේ call answer කරපු කෙනෙක්.. මෙයලට english language line එක දාලා වෙච්ච දෙයක් මේ )
 

jkdtharindu

Member
Jan 8, 2010
1,847
235
0
E:\SL\WP\KLT\MG
exactly. This idiot selected sinhala language and talking with operator in english. he might piss on his pants if english girl/boy answered. bloody idiots.

:- youtube comment
 

funkyguy89

Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Management එක හොද කෑමක් කනවා ඇති...මුන්ට නම් හෙණ ගහන්න ඕන..SLT එක කොහොම තිබුන ආයතනයක්ද? මට හිතෙනවා Dialog, Airtel වගේ පිටරට company වලින් මුන්ට ජරාව හම්බෙනවා ඇති කෝටි ගණන් වලින්, උන්ගේ management එක අවුල් ගිහින් services කෙල උනාම customers ල අනිත් ඒවාට යනවනේ එතකොට..
    කලින් හිටපු lady, Mrs. Leisha De Silva Chandrasena ගේ කාලේ SLT එකයි Mobitel එකයි හැමදේකින්ම මාර ඉස්සරහින් හිටියේ..ඒ 2008 විතර..වැඩ කරන්න පුළුවන් මිනිස්සු පන්නල බත් ගොට්ටෝ ලොකු පුටු වලට ආවම වෙන්නේ ඕක තමයි..බලමු මුන් තව මාස කීයක් අපේ ලාභය අච්චර වැඩි උනා මෙච්චර වැඩි උනා කියල දායි ද කියල..SLT එකෙන් අයින් උන customers ලව ආයිත් අද්දගන්න නම් බැරි වෙයි, මේ management එක ගිහින් අවුරුදු ගානක් ගියත්..මිනිස්සුන්ගේ විශ්වාසය බිදුණට පස්සේ මුන් broadband නිකන් දෙනවා කිව්වත් කවුරුත් ගන්නේ නෑ..මුන්ට හෙණම ගහනවා..
     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    Management එක හොද කෑමක් කනවා ඇති...මුන්ට නම් හෙණ ගහන්න ඕන..SLT එක කොහොම තිබුන ආයතනයක්ද? මට හිතෙනවා Dialog, Airtel වගේ පිටරට company වලින් මුන්ට ජරාව හම්බෙනවා ඇති කෝටි ගණන් වලින්, උන්ගේ management එක අවුල් ගිහින් services කෙල උනාම customers ල අනිත් ඒවාට යනවනේ එතකොට..
    කලින් හිටපු lady, Mrs. Leisha De Silva Chandrasena ගේ කාලේ SLT එකයි Mobitel එකයි හැමදේකින්ම මාර ඉස්සරහින් හිටියේ..ඒ 2008 විතර..වැඩ කරන්න පුළුවන් මිනිස්සු පන්නල බත් ගොට්ටෝ ලොකු පුටු වලට ආවම වෙන්නේ ඕක තමයි..බලමු මුන් තව මාස කීයක් අපේ ලාභය අච්චර වැඩි උනා මෙච්චර වැඩි උනා කියල දායි ද කියල..SLT එකෙන් අයින් උන customers ලව ආයිත් අද්දගන්න නම් බැරි වෙයි, මේ management එක ගිහින් අවුරුදු ගානක් ගියත්..මිනිස්සුන්ගේ විශ්වාසය බිදුණට පස්සේ මුන් broadband නිකන් දෙනවා කිව්වත් කවුරුත් ගන්නේ නෑ..මුන්ට හෙණම ගහනවා..

    munta paaduwa danenne naththe slt eka thaama duwanne suddo daapu copper line wala munta ganna hAma call ekakatama proffit witharay... CDMA genalla karapu project eka ehemma pitinma fail bun.. koti gaanak paaduy eken...
     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    umbala man power da hitiye? keeyak wage gewwada?

    na Bun mama Direct SLT ekata Join wune... dannam ganne man power eken... mama a sawa wala innakota mage basic eka 27,500 ethakoya man power eken gaththa ayage basic 15,000.. OT hadanneth a basic walatamay... :no: man power eke unuth karanne api karapu wademay eth inge padiyen baagayakma kapilaa yanawa anika bonus mukuth hamba wuneth na... paw bun un