මා දුටු අපේ ක්‍රිකට්

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    මා දුටු අපේ ක්‍රිකට්

    සචීන් 200 වන test මැච් එක ගහල ක්‍රිකට් දිවියෙන් සමුගන්නවලු නේද..මං ක්‍රිකට් බලන්ට පටන් ගත්ත දවස් වල ඉඳල තාම ක්‍රිකට් ගහන්නෙ ඩයල් එක විතරයි.මං දැකපු ආකර්‍ෂණීයම පිතිකරු තමයි ඔහු..
    පොර කොච්චර bat කරනව බැලුවත් මට නං ඇතිවෙන්නෑ.ලාරගෙ කකුල් වැඩකරන හැටි,ලස්සන square drive ගහන හැටි,spinnersලට හුස්ම ගන්ට දෙන්නැතිව දිගට හරහට ගහන හැටි මාරම ගති උනාට ටෙන්ඩුල්කාර් තරං ඇසට සංයමය උපදවන පිතිකැවෙක් මම දැකල නැහැ.මං පොඩිකාලෙ සචීන් වගේ බැට් කරන්ට තමා බැලුවේ.පොර පන්දුවකට මුහුණදෙන්ට පෙර නැමෙන(duck කරන)විදිහට මාත් නැමුනා.bat එක ඉණ ගාව තිරස්(horizontal) විදිහට තමා තියං හිටියෙ බෝලෙ එනකං.ලස්සන Straight drive,cover drive ගහන්ට තමා මාත් try කලේ...

    by Roblinda2

    Brett Leeට ගහන මේ Shot ටික නං කියල වැඩක් නෑ
    by Roblinda2

    අවුරුදු 24ක ක්‍රිකට් දිවියට සමුදෙන්නට ඔහු සූදානම්..ඒවගේ පරිපූර්ණ,ඇසට ප්‍රිය පිතිකරුවෙක් නැවත ක්‍රිකට් පිටියට එන්නැතිවෙයි කියලයි මට හිතෙන්නේ..
    ටෙන්ඩුල්කාර් යන්නෙ දැන් ඉන්දියාවෙ ඉන්න මහ පොරවල් කියල හිතං ඉන්න කෝලි වගේ බෝලයක් ගානෙ අම්ම අප්ප මතක්කරල කුණුහරුප කියන හාල්පාරුවන්ට සචීන්ගෙ නිහතමානීත්වයෙන් ගොඩක් දේවල් ඉගෙනගන්ට ඉතිරි කරලා..

    මටත් හිතුන මගේ ක්‍රිකට් නැරඹුම් ඉතිහාසය ආවර්ජනය කරන්ට..ලංකාවෙ ක්‍රිකට් වල ස්වර්ණමය යුගය ඒ කාල පරාසය තුල තියනවා..ඒ යුගය අත්විඳපු හා අත්ඳීමට නොහැකි වූ සියල්ලෝම මේ නූලට එකතු වෙත්වා!

    මම සචීන්ව ඉස්සෙල්ලම දැක්ක කියල මතක 1994 දී ලංකාවෙ තිබ්බ ඉන්දියාව දින්න Singer world series එකේදි..මොහොමඩ් අසරුදීන් තමයි ඉන්දියාවෙ නායකය.ලංකාව කියන්නෙ ඒ කාලෙ සූටි ක්‍රිකට් ටීම් එකක්.හිටපුගමං මැච් එකක් අමාරුවෙං දිනනවා.දිනන්ට තියන මැච් පට්ට ට්‍රයි එකක් දීල කොහොමහරි පරදිනව.අරවින්ද තමා ලංකාවෙ හිටිය එකම world class player.ඩයල් එකත් කිසිම තේරුමක් නැති shot ගහල අවුට් වෙනවා.ඉතින් බඩයි(අර්ජුන),තිලකයයි හරි වෙන කවුරුහරි සෙට් වෙලා ලංකාවෙ ජාමෙ බේරන්ට දහිරි දානවා.ඒත් ඉතින් මැච් එකක් දින්නත් දිනන්නෙ වැරදිලා වගේ.ඒවගේම නොවුනත් දැං බංගලිදේසෙ ගානට තමා අපි ගැන හිතං හිටියෙ..
    1993 ලංකාව ඉන්දියාවෙ ගිහිං රෙදි ගලවගෙන ඒව එහෙ අමතක කරල තමයි ලංකාවට ආවෙ..පැරදුනා ටෙස්ට් මැච් 3 ම innings පිට..සිධූ ගැහුව අපේ කිරිසප්ප මුරලියට ක්‍රිකට් ආය එපාවෙන තරමට.කතාවක් ගියා ලංකාවෙ ටෙස්ට් තත්වය නැතිකරන්ට යනව කියලත්..ඉතින් ඉන්දියාව ආයෙ අපිව ගනං ගනීද වාතයක් තරමටවත්?

    ඔහොම යද්දි 1995 අවුරුද්ද ආවා.මං හිතන්නෙ ලංකාවෙ ක්‍රිකට් උඩු යටිකුරු වෙච්ච අවුරුද්ද 96 නෙවෙයි 95 කියල.ලංකාව නවසිලන්තය පරද්දල නවසිලන්තෙදි පලවෙනි විදේශ ටෙස්ට් තරග වගේම තරගාවලි ජයග්‍රහනය ලැබුවා.එකේ highlights තමා අපි බැලුවෙ.පකිස්තානෙදි පකිස්තානෙ පරද්දව්ව උංගෙ එක full strength teamගැහුවෙ නැතත්.විශේෂයෙන්ම පලවෙනි ටෙස්ට් මැච් එක පැරදිලත් ඉතිරි දෙක දිනල ටෙස්ට් සීරීස් එකයි,ODI සීරිස් එකයි දින්න..ඒ මැචුත් ලංකාවෙ live දුන්නෑ.දින්නයින් පස්සෙ record කරල රූපවාහිනියෙ පෙන්නුවෙ.
    ඊට පස්සෙ ආව සාර්ජා සීරීස් එක.ලංකාවයි,පකිස්තානයයි,කොදෙව්වොයි.ලංකාව final ඇවවිල්ල cup එක ඉස්සුවා.මං දැක්ක ලංකාව උස්සපු පලවෙනි කප් එක.හැබැයි එක නෙවෙයි මැච් එක.ලාර 169 ක් ගහපු,ලංකාව තව ඩිංගෙන් දිනන ලකුණු 333ක් හඹා ගිය මැච් එක..ඒකාලෙ 330ක් තියා 230ක් follow කරනව කියන්නෙත් මාර දෙයක්.ලංකාවෙ 100/5 ගියත් තිලකෙ,හතුරුසිංහ(ලේන්සුවා),ධර්මසේන එක්ක සෙට් වෙලා ලංකාව 329 වෙනකං ගෙනාව.තිලකෙගෙ 100 මං දැකපු ලංකාවෙ කෙනෙක් ගහපු හොඳම ඉනිමක්,මැච් එක දින්නනං ඒක දෙවනි වෙන්නෙ අරවින්දගෙ 96 World cup final 100ට විතරයි.කට්ටියට මතක නං තව ඩිංගෙන් මැච් එක දිනනවා.තිලකෙගෙ catch එක ඇල්ලුවෙ boundary line එක පාගල කියලයි මට හිතුනෙ.TNL එකේ එක දුන්නෙ.දැං වගේම තමා TNL හරියට අහූනේ නෑ.මං හිතන්නෙ එදා තමයි ලංකාව ලෝකෙටම කිව්වෙ අපිත් ඩයල් තමා කියල..ඉන්දියාව ඕව දන්නෑ.
    මතුසබැඳි෴
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    එතැන් සිට..෴
    ඊට පස්සෙ තීරණාත්මක ඕස්ට්‍රේලියානු සංචාරෙ ආවා.ලංකාවෙ ක්‍රිකට් වානේ පන්නරය ලබනවා වගේ පන්නරය ලැබුවේ මේ තරගාවලියෙන්.

    ඉස්සෙල්ලම MCG එකේ Boxing day එකේදි 60000 ක් සෙනග ඉස්සරහ මුරලියට හෙයාර් no bowl ඇල්ලුවා. ලංකාව බෝලෙ පළුදු කරා කියල Perth වලදි අර්ජුනට දඩ ගහන්ට හැදුව.ස්ලේටර්ල,වෝල ලංකාවෙ හොඳි බහින්ට ගැහුව.පොන්ටින් ඌ ගහපු පලවෙනි ඉනිමෙ 98ක් ගහල වාස්ට වැරදි LBW decision එකකට out වුනා.ලංකාව 3-0ක් විදිහට පැරදියි.හැබැයි ඒ දවස් වල ඕස්ට්‍රේලියාවෙ ගිය ඕනම දකුණු ආසියානු රටකට උනේ ඔය ටික තමයි.(1991/92 ඉන්දියාව 4-0,
    95 පකිස්තානය 2-1)මැච් පැරදුනාට ගුරා,තිලකෙ,සනා සීයෙ ඒව ගැහුව.

    සනාගෙ පලමු ටෙස්ට් ශතකය



    Adelaide වල තිබ්බ අන්තිම ටෙස්ට් මැච් එකේ 4 th innings එකේ සනා ගැහුව ඉනිමෙදි තමා මං හිතන්නෙ සනා මල්වර උනේ.සචීන් වගේම 1989 යෙ ඉඳල international ගැහුව සනා අළු ගසා දාල මේ මගේ මූන හොඳට බලාගනිං කියල කිව්වෙ ඒ ඉණිමෙන්.

    ඒ අතරෙ තිබ්බ VB ODI series එක තමා ලංකාව වෙන හැම රටකටම වඩා 96 World Cup එකට සූදානම් කරේ.
    සනා,කලූ එකතු වෙලා සම්පූර්ණයෙන් ක්‍රිකට් වෙනස් කරේ.
    ලංකාව ඕස්ට්‍රේලියාවට එරෙහිව ඕවර් මැච් 2ක් දින්නා.දින්න 2කේ අපේ පුංචි කලුව මායං වෙලා වගේ ලොකු ඕස්ට්‍රේලියන් ground වල හතර අතේ මැග්‍රාලට,මැක්ඩමට්ලට,දැන් විනිසුරුවරයෙකු වන පෝල් රයිෆල්ට වගේම මහ ලොකු ශේන් වෝනයට ගැහුව.Channel9 commentatorsල ඔක්කොම පුදුම වුනා ලංකාවෙන් ආපු මේ සූටිම සූටි බඩ්ඩ ගැන..ඔවුන් කිව්වෙ ඕස්ට්‍රේලියාවෙ bowling attack එකකට ඕස්ට්‍රේලියාවෙදි මෙහෙම පලවෙනි බෝලෙ ඉදල Viv richardsවත් ගැහුවෙ නෑ කියල.

    මතුසබැඳි෴
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    එතැන් සිට෴

    මේ මැච් එක ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය තරගයක්.ඉස්සර Add එකකත් ගියා වාසුයි,ධර්මසේනයි දිනල වැටිවැටී යන හැටි..අන්තිමට Bill lawry කියන්නේ "one of the greatest ODI run chase ever "කියල..පේනවනේ 242යි chase කරන්නේ ඒත් ඒවගේ අවස්ථා ඒ දවස් වල හරිම විරලයි.විශේෂයෙන් ඕස්ට්‍රේලියාවට
    එරෙහිව ඕස්ට්‍රේලියාවෙදී..ඊටත් වඩා ලංකාව ඒකාලෙ දැං බංගලිදේසෙ තත්වයෙන් තමා සැලකුවේ..



    මේ කලුවගෙ හුරුබුහුටි ඉනිං 3 ක් .
    Romesh Kaluwitharana 77 vs Australia MCG 1995/96 - YouTube


    Romesh Kaluwitharana 74 vs Australia MCG 1995/96 - YouTube


    Romesh Kaluwitharana 50 vs WI 1995/96 - YouTube


    මට නං ඒව ලංකාවෙ කෙනෙක් ගහපු හොඳම ඉනිම්.
    ලංකාව කොඳෙව්වො අභිබවා VB එකේ final series එකට ආවා.3 කින් සමන්විත Final series එකේ පලමු තරගයේ ඕස්ට්‍රේලියාව ලකුණු 200කට සීමා කලත් final වැඩිය ගහල නැති නිසා ලංකාව 180 ට විතර out උනා.Final series එකට එද්දි ඕස්ට්‍රේලියාව කලුවට හොඳටම බය වෙලා හිටියෙ.කොහොමහරි Mcgrath කලුවව LBW trap එකට අහුකරගත්ත.දෙවෙනි final එකේ වැස්ස හින්ද ඕවර් 25ට 168ක target එකක් ලංකාවට හම්බුනේ.ඒකාලේ හැටියට ඒක ලොකු ඉලක්කයක්.හුගක් වෙලාවට ඕවර 50ටම ගහන්නේ 200නේ.ලංකාව 150ට විතර out වුනා.සනා මේකෙ වේගවත් ලකුණු 40ක් වගේ ගහනවා.ඒ අතරෙ තමා මැග්රාත් 'කලු වදුර' කියල ජයසූරියට කියන්නෙ.ඒක එළි වුනේ මහනාමගෙ "වේදනාත්මක සමුගැනීම(retired hurt)" පොතෙන්..

    Final series එක පැරදුනත් ලංකාව අමුතුම කණ්ඩායමක් බවට පරිවර්තනය වෙලයි හිටියේ..මේක Channel9 එකේ ක්‍රිකට් විස්තරවිචාරක,හිටපු ඕස්ට්රේලියානු නායක Ian Chappellට දැනිල කිව්ව ලංකාව 96 ලෝක කුසලානයේ 'කලු අශ්වයා' කියලා..
    කවුරුවත් ඒක වැඩිය ගනං ගත්තෙ නෑ.

    මේ series එක පෙන්නුවෙ MTV එකේ.ඒ දවස්වල දැන් සිරස වගේ MTV එක එච්චර පැහැදිලි නෑ.ඒත් මම පරිපූර්ණ ක්‍රිකට් විකාෂයක් ඉස්සෙල්ලාම දැක්කෙ මේ තරගාවලියෙන්.ඇත්තටම එදා ඉදල ඕස්ට්‍රේලියන් තරගාවලියක් ශ්‍රී ලංකාවෙ පෙන්නනකං ඉන්නෙ විකාශයේ ලස්සන බලන්ට..හරියට තේරුන්නැතත් commentaries අහන්ට.මාර commentary crew එකක් Channel9 එකට හිටියෙ(තාම ඉන්නවා),30 ගනං වල ඉදල ක්‍රිකට් බලන,60 ගණන් වල ඕස්ට්‍රේලියාවෙ captain Richie Banaud. ,මාර voice එකක් තියන 60 මැද ඉඳල 70 වෙ මුල වෙනකං ඕස්ට්‍රේලියාවෙ captain Bill Lawry,මාර අදහස් තියන ලොව බිහිවූ හොඳම ක්‍රිකට් නායකයා ලෙස සලකන 70 ගනං වල ඕස්ට්රේලියාවෙ Captain Ian Chappell,70 ගනං වල එංගලන්තෙ Captain Tony Graig...

    Channel9 cricket opening theme

    මං මේ music එකට මාර ආසයි.

    Bill Lawry


    මතු සබැඳි෴


    විරාමයක් හොඳයිනෙ.සමහර අයට Boring වගේ ඇති.
    පසුව;මං මේක ලිව්වෙ මගේ මතකයේ හැටියටට..අවුරුදු විස්සක් විතර කියවපු බලපු දේ අනුව..වැරදි ගොඩක් ඇති..
    youtube video upload කරපු roblinda2(ලෝකයේ ඉන්න ලොකුම ක්‍රිකට් පිස්සා-1980 විතර ඉදල ඕස්ට්‍රේලියාවෙ විකාශය වෙච්චි හැම ක්‍රිකට් තරගයක්ම,වැඩසටහනක්ම ඔහු record කරනවා.කිසිදු වෙළඳ දැන්මක් නොමැතිව ඔහු youtube එකට විශාල video ප්‍රමාණයක් කර upload කර තිබෙනවා.
    http://www.youtube.com/user/robelinda2?feature=watch),
    mangtanig,mandkbell හා Trevor Byers· යන අයට බොහොම ස්තුතියි!
     
    Last edited:

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    umbanam maxxa macha..cricket kochchara baluwath kochchara paradunath cricket walata thiyena aasawa mage le walinyanne naa bnz...!!
    umba me thread eka daala thiyana lassana dakkama cricket uth lnkawe ithihasaya paadamak wage schoole yana ewnata ugannana subject ekak karanna hithenawa...fattah bnz..keep it up..!!
     

    pasindu007

    Active member
  • Jun 19, 2007
    411
    125
    43

    ඊට පස්සෙ ආව සාර්ජා සීරීස් එක.ලංකාවයි,පකිස්තානයයි,කොදෙව්වොයි.ලංකාව final ඇවවිල්ල එක ඉස්සුවා.මං දැක්ක ලංකාව උස්සපු පලවෙනි කප් එක.හැබැයි එක නෙවෙයි මැච් එක.ලාර 169 ක් ගහපු,ලංකාව තව ඩිංගෙන් දිනන ලකුණු 333ක් හඹා ගිය මැච් එක..ඒකාලෙ 330ක් තියා 230ක් follow කරනව කියන්නෙත් මාර දෙයක්.ලංකාවෙ 100/5 ගියත් තිලකෙ,හතුරුසිංහ(ලේන්සුවා),ධර්මසේන එක්ක සෙට් වෙලා ලංකාව 329 වෙනකං ගෙනාව.තිලකෙගෙ 100 මං දැකපු ලංකාවෙ කෙනෙක් ගහපු හොඳම ඉනිමක්,මැච් එක දින්නනං ඒක දෙවනි වෙන්නෙ අරවින්දගෙ 96 World cup final 100ට විතරයි.කට්ටියට මතක නං තව ඩිංගෙන් මැච් එක දිනනවා.තිලකෙගෙ catch එක ඇල්ලුවෙ boundary line එක පාගල කියලයි මට හිතුනෙ.TNL එකේ එක දුන්නෙ.දැං වගේම තමා TNL හරියට අහූනේ නෑ.මං හිතන්නෙ එදා තමයි ලංකාව ලෝකෙටම කිව්වෙ අපිත් ඩයල් තමා කියල..ඉන්දියාව ඕව දන්නෑ.
    මතුසබැඳි෴

    මතකයි මචන් හෂාන් වමනේ දදා ගහපු ගැහිල්ල. එදා Stuart Williams තමා catch එක ගත්තේ. මතක විදියට රොෂාන් මහානාමත් එදා 76k ඩ කොහෙද ගැහුවා. පට්ටම සිරා match එක ඒකනම්.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif



    :love::love::love:

    නියමයි සංජිව විස්තරයනම් ,,,,
    ආයෙත් දෙකක් නැහැ සචින් කියන්නේ පොල් අඩි දෝනිට පසේ මට ඉන්න හොදම ක්‍රීඩකයා.
    සුන්දර ක්‍රිකට් අතීතය මත ආයෙත් ඇවිද්දා වගේ දැනෙනවා මචෝ..
    බොහෝම ස්තුතියි...

    +12
     
    • Like
    Reactions: 07sanjeewakaru

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    000203FA.gif



    :love::love::love:

    නියමයි සංජිව විස්තරයනම් ,,,,
    ආයෙත් දෙකක් නැහැ සචින් කියන්නේ පොල් අඩි දෝනිට පසේ මට ඉන්න හොදම ක්‍රීඩකයා.
    සුන්දර ක්‍රිකට් අතීතය මත ආයෙත් ඇවිද්දා වගේ දැනෙනවා මචෝ..
    බොහෝම ස්තුතියි...

    +15
     
    • Like
    Reactions: 07sanjeewakaru