ජෙහාන්_

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    දිනය : 2015 වසරේ මුල භාගයේ දිනයකි

    29433328_10156338912909365_1713718158994440192_n.jpg


    අගනුවරට දුරින් පිහිටි වතුයායක ජෙහාන් ව හමුවන ප්‍රභූවරයෙකි..

    "ජෙහාන්, මට මේ ETCA ගිවිසුම කොහොමහරි අත්සන් කරන්න ඕනේ ඉන්දියාවත් එක්ක.. ඒත් කොහෙද මේ ලංකාවේ මිනිස්සුත් එක්ක බෑ නේ වැඩේ කරන්න.. මුන්ට ඉන්දියාව පේන්න බෑ! ගිවිසුම ගහන්න ගිය ගමන්ම මුන් එ්කට විරුද්ධව කෑගහනවා.. අයිසේ ජෙහාන්, මේ ගිවිසුම ගහන්න ලංකාවේ මිනිස්සුන්ගේ කැමැත්ත ගන්න මට තමුසෙගෙන් හොඳ ගේමක් ගහල ඕනේ.. "

    " හ්ම්.. හරි සර්.. මං ගාව තියෙනවා ඕකට අවුරුදු තුනක ප්ලෑනක්.. අපි ලංකාවේ මිනිස්සුන්ගේ හිතේ ඉන්දියාව ගැන තියෙන විරෝධය ඉවත් කරමු.. ඒක මම කරන්නේ ක්‍රිකට් පාවිච්චි කරලා.. "

    "තමුසෙට පිස්සුද ජෙහාන්.. ක්‍රිකට් වලින් කොහොමද ලංකාවයි ඉන්දියාවයි එකතු කරන්නේ.. තමුසේ ජීවිතේට මැච් බලන්නේ නැද්ද? ETCA වලටත් වඩා ඉන්දියාවත් එක්ක නයි වෙෙරයි ඕයි මිනිස්සු ක්‍රිකට් වලදී! "

    " හරි සර්, එ් දැන්නේ.. එ්ක වෙනස් කරන හැටි මම කියන්නම්..

    මුලින්ම අපි කරන්න ඕනේ ශ්‍රී ලංකා ක්‍රිකට් ටීම් එක පට්ට චාටර් කරන්න ඕනේ.. ගහන ගහන හැම මැච් එකම වගේ පැරදෙන තත්වෙට ගේන්න ඕනේ.. කොටින්ම බංග්ලාදේශෙටත් පැරදෙන ලෙවල් එකට ගේන්න ඕනේ.. මේක හොඳට අහගන්න සර්, විශේෂයෙන්ම බංග්ලාදේශෙට පවා පරදින තත්වෙට ගේන්න ඕනේ.. "

    "ඒක ලේසි වෙන්නෙ නෑ ජෙහාන්. අපි ගිය අවුරුද්දේ 2014 වර්ල්ඩ් කප් එකත් දින්නා නේ.. එහෙම ටීම් එකක් කොහොමද වට්ටන්නේ? "

    "අයියෝ සර්, සර් බබෙක් වෙන්න හදනවා නේ.. ඔය දැන් ඉන්න සභාපති ධර්මදාස මහත්තයා අයින් කරලා, බෝර්ඩ් එකේ සභාපතිකම දෙන්න අර බුකිය කරන සුමතිපාල ට.. මිනිහා ගාණට වැඩේ කරලා දෙයි.. මිනිහ කොහොමත් ක්‍රිකට් කන්න දක්ෂයා නේ.. තව සර් ඔය මාලිංග වගේ බෝලර්ස්ලා ටීම් එකෙන් කපලම දාන්න.. එතකොට ඔය වැඩේ නිකන්ම වෙනවා.. සර්ට පුළුවන් නේ ඔය වැඩ ටික කරවන්න ලේසියෙන්ම, සර් ගෙ අගමැති බලතල පාවිච්චි කරලා.. "

    "හ්ම්.. හරි මම එ් ටික බලන්නම්.. ඊට පස්සේ?"

    "ඊට පස්සේ සර් මෙහෙමයි.. 2018 අවුරුද්දේ එනවා අපේ රටේ 70 වෙනි නිදහස් සැමරුම.. අපි ඕකට ලොකු ක්‍රිකට් තරගාවලියක් ලෑස්ති කරන්න ඕනේ..2018 මාර්තු මාසේ වගේ.. ඒකට අපි අාරාධනා කරන්න ඕනේ ඉන්දියාවටයි බංග්ලාදේශෙටයි.. හැබැයි සර් පාකිස්තානෙට එන්න කියන්න බැහැ.. උන් ආවොත් මේක අල වෙනවා.. කොහොමත් පාකිස්තානේ ඉන්දියාව එක්ක තරහ නිසා අපිට ඒක එක්ස්කියුස් එකක් කරගෙන උන්ට එන්න එපා කියන්න පුළුවන්.. එ් වැඩ ටික සර්ට බාරයි.. "

    "හරි, එ් ටික මම ලෑස්ති කරන්නම්.. තව මොනවද මගෙන් වෙන්න ඕනේ.. "

    "තව සර් මම ඔය කිව්ව නිදහස් කුසලානෙට හරියටම කලින්, ශ්‍රී ලංකා ටීම් එකේ බංග්ලාදේශ සංචාරයක් ලෑස්ති කරන්න ඕනේ.. ඒ කිව්වේ 2018 ජනවාරි මාසේ වගේ..

    තව සර් මෙන්න මේක ඉතාමත්ම වැදගත්.. බංග්ලාදේශේ දැනට ඉන්න කෝච් හතුරුසිංහ මහත්තයා ඉන්නවා නේද.. මොනම හේතුවක් නිසාවත් මිනිහට බංග්ලාදේශේ කෝච් කම දාලා එන්න ඉඩ තියන්න එපා.. ලංකාව මැච් පිට මැච් පරදිනකොට මිනිහා මෙහාට එහෙම එන්න ඉල්ලයි.. හැබැයි වැරදිලාවත් මිනිහව මෙහෙට ගන්න එපා.. මෙහාට තියා වෙන රටකට වත් මිනිහට යන්න දෙන්න එපා බංග්ලාදේශේ දාලා.. සර් සුමතිපාල ලව්වා බංග්ලාදේශ් ක්‍රිකට් බෝර්ඩ් එකට ගාණක් දීලා එ් වැඩේ බලාගන්න..

    අපි හතුරුසිංහ ව ලංකාවට ගමු.. හැබැයි ඒ මම කියන වෙලාවට.. "

    "හරි ජෙහාන්, එ් ටික මම කරන්නම්.. තව මොනවද වෙන්න ඕනේ? "

    "වෙන මුකුත් නෑ සර්.. දැන් සර් බලන් ඉන්න.. මම සෙල්ලම කරන්නම්.. සර්ගෙන් ආපහු මට දෙයක් ඕනේ වුණු වෙලාවට මම සර්ට කෝල් කරන්නම්.. සර් දැන් ගෙදර යන්න.. ගිහින් නිදාගන්න.. ගුඩ් නයිට් සර්.. "

    *************************

    දිනය : 2017 දෙසැම්බර්

    ප්‍රභූවරයාගේ දුරකථනය නාද වේ..

    "හෙලෝ ජෙහාන්.. "

    "සර් දැන් තමයි වෙලාව.. හතුරුසිංහ මහත්තයට ලංකාවේ හෙඩ් කෝච් තනතුර ඔෆර් කරන්න! සර්ට මේ වැඩේ වෙන්න ඕනේ නම් මිනිහා කීයක් ඉල්ලුවත් ඉල්ලන ගාණ දීලා මිනිහව කොහොමහරි ගන්න! "

    *************************
    "තමාගේ පුහුණුකරු ප්‍රතිවාදී පිලෙන් ඩැහැ ගැනීම ගැන බංග්ලාදේශ ක්‍රීඩකයන් අසතුට පල කරයි " - පුවත්පත් වාර්තා
    *************************

    දිනය : 2018 ජනවාරි

    ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරයේ අවසන් තරඟය ද ශ්‍රී ලංකාව ජයගන්නට ඔන්න මෙන්න.. අවසන් කඩුල්ල ද දැවී යයි..

    "ධනුෂ්ක මල්ලී, ඔය පඩත්තර බංගලියෝ අපිට පලවෙනි මැච් එකේම නයා පෙන්නුවා මතකයි නේ? අත අරින්න එපා මේක, දීපන් හොඳ අැඩ් එකක් මුන්ව කොර වෙලා යන්න.."

    "හරි ජෙහාන් අයියේ.."

    කණේ සවි කල මයික්‍රෝ රිසීවරය අතින් හදමින් ධනුෂ්ක ගුණතිලක නයි නැටුම පෙන්වයි..

    *************************
    "හතුරුසිංහ තමන්ගේ රහස් ප්‍රතිවාදීන්ට ලබා දුන් බවට බංග්ලාදේශ ක්‍රීඩකයන් ගෙන් චෝදනා. කණ්ඩායම් දෙක අතර නොහොඳ නෝක්කාඩු වර්ධනය වන ලකුණු " - පුවත්පත් වාර්තා
    *************************

    දිනය : 2018 මාර්තු 15

    නිදහස් කුසලාන අවසාන තරඟයට සුදුසුකම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට පැවැත්වෙන තරගයෙන් අනිවාර්යයෙන්ම බංග්ලාදේශය පැරදවිය යුතුය.. ප්‍රභූවරයාගේ වතුයායේ නැවතත් ජෙහාන් සහ ප්‍රභූවරයා හමුවෙති..

    "දැන්නම් සර් බංග්ලාදේශෙයි අපේ උනුයි අතරේ තත්වේ හොඳටම රත් වෙලා තියෙන්නේ.. ඒ මදිවට මම නොහිතපු විදියට පලවෙනි මැච් එක දිනලා අර කොටා නයි නැටුමකුත් දැම්ම නේ.. එ්ක අපිට බෝනස් එකක්.. ඒකට අපේ මිනිස්සුන්ට උන් එක්ක තවත් තද වෙලා ඉන්නේ.."

    "මට තාම තේරෙන්නේ නෑ අයිසේ.. තමුසෙ මේ මොකද්ද කරන්න හදන්නේ කියලා.. "

    "සර්.. දැන් අපේ සැලසුම පත්තු වෙන්න අත ළඟ.. මට දැන් සර් ගෙන් පොඩි දේවල් ටිකක් ඕනේ..

    හෙට අපියි බංග්ලාදේශෙයි අතර තීරණාත්මක මැච් එක.. හෙට මැච් එක බලන්න මට ග්‍රවුන්ඩ් එකට යන්න ඕනේ.. එ් වගේම ග්‍රවුන්ඩ් එක හතර වටේම පේන තැනක් හෙට මට ඕනේ..

    තව මට ඕනේ බංග්ලාදේශ් ඩ්‍රෙසින් රෑම් එකට සර් ට විශ්වාසවන්ත ගාඩ් කෙනෙක් දාන්න.. මිනිහව වාේකිටෝකි හරහා මට ඕනෙ වෙලාවක සම්බන්ධ කරගන්න පුළුවන් වෙන්න ඕනේ..

    තව අම්පයර් ලා දෙන්න අපේ වුනොත් හොඳයි.. එයාල දෙන්නම මට සම්බන්ධ වෙලා ඉන්න ඕනේ මුළු මැච් එක පුරාවටම..

    හෙට මැච් එක අපි පරදින්න ඕනේ සර්.. එ්කට ප්ලෙයර්ස්ලව නම්මගන්න එක සර් ට බාරයි... "

    "හරි, මම සුමතිට කියන්නම් ප්ලෙයර්ස්ල ගැන බලාගන්න කියලා.. බංග්ලාදේශ් ඩ්‍රෙසින් රෑම් එකට මගේ හිතවත් සිකුරිටි අතුලව දාමු ගාඩ් කෙනෙක් විදියට... අම්පයර්ස්ලත් දෙන්නම්.. මොකද්ද ඔයා දැන් මේ ඔක්කොම අරන් කරන්න හදන්නේ? "

    ජෙහාන් අර මජර හිනාව දමයි..

    "මට ඕනේ සර් ප්‍රශ්නයක් ඇති කරන්න.. "

    *************************

    දිනය : 2018 මාර්තු 16
    ස්ථානය : ඛෙත්තාරාම ක්‍රීඩාංගණය
    ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක ක්‍රිකට් තරගය පැවැත්වේ..

    "හරි අම්පයර් සර්.. අම්පයර් සර් මේ අහන්න.. ඔයා නෝ බෝල් එක දැක්කේ නෑ වගේ ඉන්න! ලෙග් අම්පයර් නෝ අැල්ලුවා එ්ත් ඔයා දැක්කේ නෑ වගේ ඉන්න.."

    "අතුල.. අතුල.. ඔය වීදුරුව කුඩු කරන්න ටක් ගාලා.."

    "හූ..... හූ... අඩෝ..."

    *************************

    දිනය : 2018 මාර්තු 18, උදෑසන

    "ඉතිහාසයේ ප්‍රථම වතාවට මුළු ශ්‍රී ලංකාවම ඉන්දියාවට සහාය දක්වන අයුරු.. මුළු ඛෙත්තාරාමයම ඉන්දියානු කොඩි වලින් වැසී යයි.. " - පුවත්පත් වාර්තා

    "රෝහිත් ඔයා අද ගහන්නම ඕනේ"
    "හින්දුස්තාන් සින්දාබාත්" - ෆේස්බුක් පෝස්ට්

    *************************

    දිනය : 2018 මාර්තු 18, දවල්

    "ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර වසර කිහිපයක්ම විවාදයට බඳුන් වූ ETCA ගිවිසුම, දෙරටේ අගමැතිවරැන් ප්‍රමුඛව අද අත්සන් තැබේ" - පුවත්පත් වාර්තා

    *************************
    දිනය : 2018 මාර්තු 18
    වේලාව : සවස 4 ට පමණ

    ප්‍රභූවරයා ගේ සැප රියේ ජෙහාන් සහ ප්‍රභූවරයා වාඩි වී සිටිති..රථය කර්කශ කොළඹ නගරයේ පාරක සෙමින් ධාවනය වේ.. ජෙහාන් අර මජර හිනාව දාගෙන සිටී..

    "අයිසේ ජෙහාන්, තමුසෙ තමයි ඕයි දවසකට හරි මිනිහා! "

    ජෙහාන් අර මජර හිනාව දාගෙනම සිටී..

    "පායනා කාලෙදී... රෑ දවල් මාන්සි වී....."

    - ගැබා -

    උපුටා ගැනීම : රඛිත චන්දුල ගෙනි