මචන් ලoකාවේ film ගැන කතා කරන එක එපා වෙලා අපි fast5 ඉවර වෙලා අවුරුද්දක් fast6 එනකන් බලන් හිටියා..ඒකත් ඉවර උනාම අපි fast7 එනකන් බලන් ඉන්න කාලෙක අපිට මේ අපේම රටේ බිහි උන film එකක් ගැන අහන්න ලැබෙනවා.







මම මුලින්ම උබලට මගේ රසාස්වාදය ගැන කියන්නන්කෝ. මම මාර පොරක් නෙවෙයි.එච්චට ගැබුරු මගුල් බලන එකෙකුත් නෙවෙයි.අපේ රටේ හැටියට සෙනසුරු මාරුව වගේ film එකක් උනත් බලලා මට ඒක shape film එකක් කියල හිත හදාගන්න පුලුවන් එකෙක් මම.
මම මේක බලන්න යන්න නෙවෙයි හිටියේ.කෙල්ල තමයි අනේ හොදයි හොදයි කියල ඇදන් ගියේ.
පට්ට කියන්නේ උපරිමයි.මේ වගේ කතාවක් music සහ quality එකක් තියන වෙන ලoකාවේ film එකක් මම දැකලම නෑ.
අපි බලන්න ආස fight මේකෙ නෑ.hot කෙල්ලෝ නෑ.sex scenes නෑ. ඒ උනාට ඒ හැම දේකටම වඩා ගෙදර ඇවිත් උනත් හිතන්න දේවල් තියනවා.
මේක මාර ගැබුරු එකක් නෙමෙයි.පාර මාරු වෙන්න කලින් වාහන එනවද බලන්න ඕන කියල තේරෙන ඕන එකෙක්ට මේකත් අනිව තේරෙනවා.
අනික මේකෙ ආතල් හිනායන කෑලිත් තියනවා.මෙච්චට කල් අපේ රටේ මෝඩ ආතල් දෙන උන් ටිකක් වෙනම ඉන්නව හිනාගස්සන්න අපිව..සමහර වෙලාවට උන්ගෙ jokes වලට මට හිනායන්නේ උන් පව් වගේ හිතෙන නිසා.
ඒ උනාට මේකේ ආතල් දෙන්න වෙනම උන් නෑ.කතාවට අදාලව හිනායන කෑලි ඕන තරන් තියනවා.
ඒවගේම තමයි හිතට වදින දුක හිතෙන scenes අපිට දීල තියෙන්නේ නිකන්ම න්වෙයි.ඇගේ මවිල් කෙලින් වෙලා හිරිගඩු පිපෙන තරමට ඒක වදිනවා.
ඉවර වෙනකොට නන් මට පට්ටට ඇඩෙන්න ආව..මොන ලැජ්ජාවක්ද?මම ගියේ කෙල්ලත් එක්කනේ.කෙල්ල දැක්කොත් වස නෝන්ඩිය.මම දරාගෙනම හිටියා.
මෙන්න බොලේ ඉවර වෙනකොට කෙල්ල අඩනවා.එලියට එනකොට ගොඩක් දෙනෙක්ගේ ඇස්වල කදුලු.
අන්න ඒකයි මේක පට්ට කියන්නේ.
සමහරු මේක බලල ඇති.සමහර විට බලල නැතුවත් ඇති.බලල නැත්තන් අනිව බලපල්ලා.ආයේ මේවගේ සින්හල film එකක් එයිද කියල sure කරන්න බෑ..මොකද මේක සිරිලoකාවනේ...
මම බැලුවේ කොල්ලුපිටියේ liberty එකේ.බලනව නන් ඒවගේ සිරා hall එකක බලපල්ලා.මොකද film එකේ හැටියට හොද Quality තැනක බලන එක තමා හොදම..








ඔන්න මම මගේ අත්දැකීම උබල එක්ක බෙදා ගත්තා.තව මම වගේම සමනල සoධවනිය බලපු අපේ එලකිරි කොල්ලො කෙල්ලො ඉන්නව නන් අපි අපේ අදහස් බෙදාගමු නේද?































සමනල සoධවනිය බලන්න පුලුවන් සිනමා ශාලා janakaaj අපේ එලකිරියේ යාලුව මතක් කරනකන් දාන්න අමතක උනා... ගොඩක් ස්තුතියි මතක් කරාට...
හැබැයි මම ආයෙත් කියනවා බලනව නන් හොද සිනමාශාලාවක බලන්න නන් අමතක කරන්න එපා
Last edited:



