මගේ ඩිස්කවරි 125 ST එකේ එන්ජින් එකෙන් බයික් එක ගියර් ටික දගෙන පිකප් කරනකොටයි පොඩි කන්දක් නගිද්දියි එන්ජිම ඇතුල්ලෙන් මොකකින් හරි ගහනව වගේ සද්දයක් එනවා.වේගේ වැඩි කරනකොට සද්දේ වැඩි වෙනවා.
මේක මුලින්ම දැනුනේ දෙවනි සර්විස් එකෙන් පස්සේ.මම එදාම ගිහින් කිව්වට උන් කිව්වා අවුලක් නෑ කියලා.මුන් ටැපට්(වචනේ හරිද දන්නේ නෑ. ) එජස්ට් කරලා.
…කොහොම හරි මම තුන්පරක්ම ගිහින් කිව්වා සද්දේ එන්න එන්නම වෙනස් වෙනවා.බයික් එක අදින්නෙත් නෑ පෙට්රල් කරන්නෙත් නෑ කියලා. එත් උන් ගනන් ගත්තෙම නෑ.අවුලක් නෑ කියලමයි.කිව්වේ.
පස්සෙ මම 7000km ස්රවිස් එක වෙන තැනකින් කලා.උන්ට කිව්වාම එයාලා පිලිගත්තා සද්දේ වෙනස් කියලා. ටැපට් එජස්ට් කරලා දුන්නා.ටිකක් හරි ගිහින් තිබ්බා.
…එත් පහුවදා ඉදන් අයෙත් ඒ විදියමයි.
…බයික් එක වයිබ්රෙට් වෙනවත් වැඩි. 40kmට වඩා යන්න අමරුයි. එන්ජිම හාරගෙන යනවා වගේ දැනෙන්නේ.
…කොලඹ කවුරුවත් නැද්ද බන් මේක හදාගන්න.
…මම යුරාජ් අයියටත් ටිකක් කිව්වා මේ ගැන.