චීන_සවාරිය

siripala

Member
Oct 10, 2006
2,869
442
0

මචන් මම උබට PM එකක් දල ඇති එක බලන්න. අනෙක් අයට බලාගන්නත් එක්ක මම මෙතන දැන්නම්.

හැමදේම උබේ Budget එක මත තමයි තීරණය වෙන්න. මම මෙතන ප්‍රධාන වියදම් ටික සදහන් කරන්නම්.

ගුවන් ටිකට් පතට රුපියල් 54000 - 75000 අතර වෙනවා. සමහරක් විට මේ මුදල තවත් වැඩි වෙන්න පුළුවන්. එක තීරණය වන්නේ උබ යන්න තීරණය කරන ගුවන් සමගම අනුව වෙනස් වෙනවා. කාලෙන් කාලෙට එක එක offers එනවා. මට විශේෂ පැකේජයක් දුන්න Thai Airways වලින්. එක 54000 වගේ තමයි උනේ.

ටැක්සි වලට සැහෙන වියදමක් යනවා. Public Transport භාවිතා කරනවානම් transport සඳහා යන වියදම ගොඩක් අඩුයි.

නමුත් වෙන රටවල වගේ චීනයේ පොදු බස් සේවා භාවිත කරන්න අමාරුයි. මොකද බාෂාව පිළබඳ ප්‍රශ්නයක් තියන නිසා. නමුත් Subway Trains use කරන්න පුළුවන්. එකට Map එකක් ගත්තම හරි. නමුත් එකත් හොද අධ්‍යනයකින් පසුව කරනවානම් හොදයි.

අනෙක් වියදම් නම් හොටෙල් වලට යන ගණන්. චිනයෙක් ගොඩක් ම හොටෙල් සුපිරි තත්වයේ තියනවා. සාමාන්‍යයෙන් හෝටලයක් රුපියල් 5500 වගේ ඉඳල ඉහලට තියනවා. සමහරක් විට ඊටත් වැඩ අඩුවට ඇති. අපිනම් හොටෙල් ගත්තේ Agoda වලින්. Agoda හි හොටෙල් ගොඩක් ලබයි. කෑම පිටින් කන්න පුළුවන්. සාමාන්‍ය ගණන්. තව දෙයක් තමයි හොටෙල් තෝරනකොට ඉතාමත් ප්‍රවේශම් වෙන්න ඕන. මොකද චීනය කියන්න අතිවිශාල රටක්. එකම කලාපේ හෝටල් 2 බැලුවොත් ඒ දෙක අතර දුර කිලෝමීටර් 50 60 වෙන්න පුළුවන්. නිතරම තැන යන ස්ථානයට ආසන්නව හෝටලයක් වෙන්කරව ගන්න බලන්න. නැත්නම් ඉතින් Taxi වලට ගොඩක් සල්ලි ටික පුද කරන්න වෙයි .

මේ ඔක්කොම සපුරා ගත්තත් අනෙක් ගැටලුව තමයි විසා . චීනෙට හරිම අමාරුයි VISA ගන්න. මම දැක්ක තව සහෝදරයෙක් උතරයක් දීල තියනවා. එක හරියටම හරි.

උබේ Passport එකේ කලින් විසා වෙන රටවලට වැදිලා නැත්නම් හරි අමාරුයි විසා ගන්න. හොදම දේ Travel ඒජන්සියක් තුලින් යන එක. කලින් විස වැදිලා නැත්නම් ටිකක් අමාරු වෙයි. උත්සහ කරලා බලන්න. උත්සහ කලොත් ඕන දෙයක් පුළුවන්.

Business විසා යනවනම් එහෙන් Invitation letter එකක් ගෙන්න ගන්න ඕන. ( එක Chinese government approved වෙන්න ඕන. )



machan china gihin enna samanyen keeyak witara wage yanawada
 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
නුල ඉදිරියට ගෙනයමින් පවතී. රැඳී සිටින්න
 
Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
චීන සවාරියේ දෙවන කොටස

ඔන්න china සවාරියේ දෙවන කොටස. ඉතින් මම චීනය පිලිබඳ පොඩි හැදින්වීමක් කරන්නම්. හැමෝම දන්නවා චීනය කියන්න අතිවිශාල රටක්. චීනයේ දෙකොන අතර විශාල දේශගුණ වෙනසක් තියනවා. බිජින්ග් පැත්තට හිම වැටෙනවා. නමුත් දකුණු චීනයට හිම වැටෙන්න නැහැ. නමුත් සිත කාලයට අධික ශීතලෙන් වේලිලා යන රටක්.


චීනයේ මිනිස්සු ගැන කථා කරනවානම් ඉතාමත් හොද කෙන්තියන්න නැති මිනිසුන් පිරිසක් සිටින රටක්. අපි ගියා හැම තැනකම අපිව සාදරයෙන් පිළිගත්ත. බඩු ගන්න කඩේකට ගිහින් කොචර ගණන් අඩු කරලා හෙට්ටු කරලා නොගෙන ආවත් කෙන්ති යන්න නැහැ.

අනෙක එක කළු ආසියානු මුණක් පෙන්න නැහැ . අපි දැක්කේ එකම එක නේපල ජාතිකයෙක් පමණයි. ඔහුගේ සහෝදරයට ඉන්දියන් Resturant එකක් තියනවා. එක නිසා ඔහු නිතර නිතර යන එන කෙනෙක්.
යුරෝපිය ජාතින් නම් වරින් වර පේනවා. ඉතින් අපි පාරේ යනකොට හැමෝම Hello Hello කියනවා. හරි අසයි අපිව දකිනකොට. මොකද ඒ මිනිස්සු විදේශිකයෙක් දකින්න කලාතුරකින් වෙන්න ඇති කියල හිතෙනවා.

china නංගිලාත් ඉතින් හලෝ කියා කියා යනවා. :lol::lol: සමහරක් අය Hello Colombo කියල කැගහනවා :)

චිනේ ගැහැණු ළමයි ලංකාවේ අය වගේ ආඩම්බර නැහැ. ඕන කෙනෙක් නොපැකිලිව කතා කරනවා. පාරවල් හොයාගන්න උදවු කරනවා.

අපිට එක දුක හිතුන දෙයක් තමයි බොහෝ දෙනා ශ්‍රී ලංකා කිවුවට දන්නා නැහැ. සමහරු Colombo කිවම දන්නවා. ගොඩක් අය හිතන්න අපි ඉන්දියන් ය කියල. ඉතින් හෙන ගේමක් දෙන්න ඕන අපි ඉන්දියන් නොවේ කියල කියන්න.


ඉතින් අපි ගොඩ බැහැල හොටෙල් එකට යන්න ලෑස්ති වෙනවා. අපේ හෝටලය තිබ්බේ ගුවන්තොටුපොලට ඉතාමත් ආසන්නයෙන්. මොකද අපි පහුවෙනිදා උදේ Shenzhen යන්න තියන නිසා.

මේ තියන්න Taxi වල ගණන් මිනුම් . නිතරම මීටරයට ගෙවන්න වග බලාගන්න.

8g5c.jpg


අපේ හොටෙල් එකේ නම Pullman Hotel in guangzhou. මේක 5 ස්ටාර් හොටෙල් එකක්. නමුත් අපිට අඩුගානට agoda එකෙන් ලැබුන. එක් රාත්‍රියකට දෙන්නටම ඩොලර් 100 . මිල වැඩි තමයි නමුත් හෙට යන්න තියන ගමන ගැන හිතල මේකේ book කලේ. කෑම පිටතින් ගන්න ඕන. හෝටලේ ඇතුලෙන් ගත්තොත් මිල අධිකයි. දන්නවනේ ඉතින් තරු 5 හෝටල්වල ගණන් මිනුම්. නමුත් චිනේ ඉඳල එන අන්තිම දවසෙනම් එම හෝටලෙන් කෑවා බඩ පැලෙන්න. අම්බානක් බීවත් එක්ක. :lol:දෙන්නටම ලංකාවේ මුදලින් රුපියල් 8000 විතර ගියා.

6240_ho_00_p_751x371.jpg


6240_ro_01_p_751x371.jpg


6240_ro_03_p_751x371.jpg


මෙය pullman Hotel එකේ වෙබ් එකෙන් උපුටා ගන්නා ලදී. upload වීමට යන කාලය අඩු කරගැනීම සදහා copy කරගන්නා ලදී.

ඉතින් හොදට නා කියාගන ඔන්න එලියට බැස්ස. පාරේ ඇතිතරම් Street Foods තියනවා. ඒවා රසවත්. ( හැබයි සමහරක් අයට මෙය රසවත් නොවීමට ද හැකිය ) ඇත්තම කියනවනම් අපි ඉන්න ප්‍රදේශය නොනිදන නගරයක් කිවුවොත් හරි.

හැමතැනම කෑම කඩ. බියර් බොන්නව මිනිස්සු හැමතැනම. කන්න ගියාට ඉල්ලන්න විදිහක් නැහැ. ඉංග්‍රීසි මෙලෝ දෙයක් බහ. ඉතින් අපි අතින් පයින් තමයි හැම දෙයක්ම ඉල්ලුවේ.

මේ වීඩියෝව බලන්න. සුපුන් හෙන උත්සහයක් දෙනවා foreign Beer එකක් ඉල්ලන්න.Carlsberg වගේ බියර් එකක්. foreign Beer පිස්සු ඒවා එහෙ නැහැ. එහෙම ඒවා එහෙ නැහැ. ඔක්කොම ලෝකල්. නමුත් ටිකක් ඇඹුල ගතියක් තියනවා. නමුත් වදිනවා ඉහමොළ රත්වෙන්න.




ඔන්න අපි කම තෝරනවා. ලෝකේ නැති කොල ජාති මෙතන තියනවා. මේවා තෝරලා දෙන්න ඕන. එතකොට අපිට හදල දෙනවා. නිකන් සුප්වගේ. හරිම රසවත්. ( සැලකිය යුතුයි : මෙම ආහාර තව කෙනෙකුට අමිහිරි විය හැක )

කෑම හදන වීඩියෝව බලන්න. ජිගෝ කියන්න කුකුළුමස් වලට . අපිනම් තියන ඔකොම මස් ජාති අනුභව කලා . තියන හැම මස් වර්ගම කෑවා. නමුත් මොන මස් ද කියල ඇහුවේ නැහැ. ඇහුවොත් අවුල් යන නිසා. මොකද අහ අහ ඉන්න ගියොත් කන්න දෙයක් නැති වෙනවා. . රෝමෙට ගියාම රෝමන් කාරයෙක් වගේ ඉන්න ඕන කියල කියමනක් තියනවනේ. අපේ ලංකාවේ Street Foods වගේ නොවෙයි . මෙහෙ ඉතාමත් පිරිසින්දුවට තමයි හදන්න. දුහුවිලි යාම ඉතාමත් අවමයි. අනෙක් කරනේ තමයි අපිට ඩොලර් මාරු කරගන්න බැරි උන. යුවාන් මුදල් තිබ්බේ ලංකාවේ මුදලින් රුපියල් 1500 ක වගේ. එකත් එක හේතුවක් උනා Street Foods කන්න. පසුදාම බැංකුවකට ගිහින් සල්ලි මාරු කරගත්ත.




මෙතනට ගියාම හැමෝම අපි දිහා බලනවා. අමුතු ජාතියක් ආව වගේ. නමුත් හැමදෙනාම අපිසමග ගොඩක් මිත්‍රශීලි උන. ඔවුන් සමග photos වලට පවා පෙනිසිටින්න අපට ආරාධනා කලා.

ඉතින් අපිත් ගත්ත පින්තුර කිහිපයක් ඔවුන් සමග.


ypew.jpg


කන්න ඇවිල්ල හිටපු චීන ළමයින් දෙන්නෙක් අපගේ කාමර කාචයේ සටහන් කරගත්ත මේ අයුරින්

q1p5.gif



මෙහි හිටපු Street foods සුපවේදීන් අපි සමග මිත්‍ර වුයේ මේ අයුරින්

uhn6.jpg


0utj.jpg



දැන්නම් හරි මහන්සියි. ගිහින් මොන හරි කල ඇවිත් දැන්නම්. සමහරක් විට හවස් වෙයි දානකොට. මතක තියාගන්න මේක ටිකක් දිග නුලක්. රැදී සිටින්න. Video සහ පින්තුර ඉතා විශාල ප්‍රමාණයක් තියනවා. මේ ඔක්කොම upload කරන්න හෙන යුද්ධයක් දෙන්න ඕන .


මතු සම්බන්ධයි
 
Last edited:

අල මල්ලි

Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC


    හැමතැනම කම කඩ. බියර් බොන්නව මිනිස්සු හැමතැනම. කන්න ගියාට ඉල්ලන්න විදිහක් නැහැ. ඉංග්‍රීසි මෙලෝ දෙයක් බහ. ඉතින් අපි අතින් පයින් තමයි හැම දෙයක්ම ඉල්ලුවේ.

    මේ වීඩියෝව බලන්න. සුපුන් හෙන උත්සහයක් දෙනවා foreign Beer එකක් ඉල්ලන්න.Carlsberg වගේ බියර් එකක්. foreign Beer පිස්සු ඒවා එහෙ නැහැ. එහෙම ඒවා එහෙ නැහැ. ඔක්කොම ලෝකල්. නමුත් ටිකක් ඇඹුල ගතියක් තියනවා. නමුත් වදිනවා ඉහමොළ රත්වෙන්න.


    google translate පාවිච්චි කරන්න තිබුනේ. දවසක් මම කොටුවේ කෝච්චියට නගින්න ඉන්නකොට චීන කෙල්ලෝ දෙන්නෙක් ඇවිල්ල කැඩිච්ච english වලින් මාතරට යන්නේ කොහොමද කියල ඇහුව.. හැබැයි උන්ට මම කියපුව තේරුනේ නෑ.. පට ගාල phone එක අරගෙන translate app එක use කරලා screen එක පෙන්නුවා..
     
    Last edited:

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ypew.jpg


    Chops sticks mehema allanne ne, mehema allana eka unta karana apahasayak, awamanayak, chopsticks allanna oni eka athin, muladi nam katta kanna oni, hebey tikak kal giyata passe nikamma set wenawa.
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0

    ඔව් අපගේ ගමන පුරාවටම ගූග්ලේ Translate වල පිහිට තමයි. ඒවගේ google Map සැහෙන්න අපිට උපකාර උන. GPS විශාල ලෙස ප්‍රයෝජනයට ගත්ත. එහෙ මිනිස්සුත් ඒවාට පුරුදු වෙලා . කඩේකට ගියගමන් mobile phone එක දිකරනවා translate කරන්න .:lol::lol:



    අල මල්ලි;15735703 said:
    google translate පාවිච්චි කරන්න තිබුනේ. දවසක් මම කොටුවේ කෝච්චියට නගින්න ඉන්නකොට චීන කෙල්ලෝ දෙන්නෙක් ඇවිල්ල කැඩිච්ච english වලින් මාතරට යන්නේ කොහොමද කියල ඇහුව.. හැබැයි උන්ට මම කියපුව තේරුනේ නෑ.. පට ගාල phone එක අරගෙන translate app එක use කරා..