මා දුටු අපේ ක්‍රිකට්

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    NUWAN BUWA,
    Dinushasankalpa
    pasindu007
    vmsgamer
    rudayas
    mldarshana
    calm manner
    thusitharhm
    kandyan
    Thilantdm
    chrishane
    TomCat077
    anilantha
    rcccc
    ruwanjrc
    බොහෝම ස්තුතියි සහෝ!
    මං මේ කතාව දිගටම කියන්ටයි ඉන්නේ...අපි සෙට් වෙලා මතකය අවදිකරගමු.ආය ඒවගේ කාලයක් ලග නැතුවාවාගේ හින්දා..
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඌ චැම්පියන් ලිග් එකේ ෆයිනල් එකේ වොට්සන්ට ගහපු කවර් ඩ්‍රයිව් එක නම් සුපිරි හොඳේ
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    මතකයි මචන් හෂාන් වමනේ දදා ගහපු ගැහිල්ල. එදා Stuart Williams තමා catch එක ගත්තේ. මතක විදියට රොෂාන් මහානාමත් එදා 76k ඩ කොහෙද ගැහුවා. පට්ටම සිරා match එක ඒකනම්.

    මට හොඳට මතකයි ලංකා innings එකේ පලවෙනි බෝල.මහානාම කවදාවත් පලවෙනි බෝලෙට ලකුණක් ගන්නෑ.මෑන් එදා ලකුණු 3ක් ගත්ත.out වෙන්නැතිව හිටියොත් පලවෙනි over 20ට ලකුණු 20ක් 25ක් තමා ගහන්නෙ.ඒ ඉතින් ඒකාලෙ ක්‍රිකට් වල හැටි.අන්තිම ඕවර් 10ය 15 ව විතර වෙනකං wicket තියං ඉන්නවා ගහන්ට.වෙනද එන හතුරුසිංහ වෙනුවට එදා openning ආව ජයසූරිය.කොඳෙව් team එකේ Courtney Walsh,Curtly Ambrose ඒ match එකට ගැහුවෙ නැතත් ඒ team එක West Indies නෙ.ඒ මැච් එක මං ආයෙ දැකලනෑ video එකකින්වත්.Youtube එකෙත් නෑ.මං හිතන්නෙ Tensport(වලට තමා Sarjah මැච් වල rights තියෙන්නෙ.)එකෙත් ගිහිල්ල නෑ මං දන්න තරමින්.TNL එකේ නං ඇති...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    000203FA.gif

    :love::love::love:

    නියමයි සංජිව විස්තරයනම් ,,,,
    ආයෙත් දෙකක් නැහැ සචින් කියන්නේ පොල් අඩි දෝනිට පසේ මට ඉන්න හොදම ක්‍රීඩකයා.
    සුන්දර ක්‍රිකට් අතීතය මත ආයෙත් ඇවිද්දා වගේ දැනෙනවා මචෝ..
    බොහෝම ස්තුතියි...

    +15
    :shocked::angry::angry::angry:
    තැන් තැන් වලින් කවි උස්සලා දානවා මදිවට මගේ කොමන්ට් එකත් උස්සලා,,
    අම්මපා තොපි යාළුවොද..:(

    -12
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    "කට්ටියට මතක නං තව ඩිංගෙන් මැච් එක දිනනවා.තිලකෙගෙ catch එක ඇල්ලුවෙ boundary line එක පාගල කියලයි මට හිතුනෙ"

    උඹ හරියටම හරි මචන් ,williams කියන එකා line එක පාගලා ඇල්ලුවේ ,ඒක 3rd umpire දුන්නේ නෑ,ඒ match එකේ තිලකේ අසනීපයෙන් වමනේ දම දම ගේම ගැහුවේ ,අපි දිනිය යුතු match එකක්
     
    • Like
    Reactions: aneasarayana

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මමත් ඉස්සර ක්‍රිකට් පිස්සෙක්. අන්තිමට වෙස්ට් ඉන්ඩිස්ල එක්ක වර්ල්ඩ් කප් එක පැරදුන දවසෙ ඉඳන් තාම ක්‍රිකට් මැච් එකක් බැලුවෙ නෑ. ආයෙ බලන්න හිතෙන්නෙත් නෑ බන්. මම හිතන්නෙ මම වගේ එදා ඉඳන් ක්‍රිකට් මැච් බැලිල්ල නවත්තපු තව ක්‍රිකට් පිස්සො ඇති. වර්ල්ඩ් කප් එක කීපවතාවක්ම පුජා කරනව දකිනකොට ඇතිවෙන හිතේ අමාරුව තේරෙන්නෙ තවත් ක්‍රිකට් පිස්සෙක්ට විතරයි. ඒකනෙ උන්ට පිස්සො කියන්නෙ.:lol:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    :shocked::angry::angry::angry:
    තැන් තැන් වලින් කවි උස්සලා දානවා මදිවට මගේ කොමන්ට් එකත් උස්සලා,,
    අම්මපා තොපි යාළුවොද..:(

    -12
    :no::shocked::rofl::lol:

    නුවන් බුවෝ,
    දෝනි හින්ද තමා ඉන්දියාව ඔය අද ඉන්න තත්වෙ ඉන්නේ,මතකද දෝනිය 183 ක් ගැහුව ලංකාවට 2005දි.. එදා ඉදල තමා අපි ආයෙත් ඉන්දියාවට බය උනේ..හරියට අපෙ සනා අනූ ගනංවල උන්ට කරා වගේ.ඊට පස්සෙ අර ගං කෝලිය Hobart වලදි අපෙ කොඳු කැඩුවනෙ..මොනව උනත් දෝනිය පොරක් තමයි. විශේෂයෙන්ම ODI වල ..ලෝකයේ බිහිවෙච්ච හොඳම ODI player කියලයි මටනං හිතෙන්නෙ.අපෙ සනා ඊලගට..
    ඌට ඕන වෙලාවක ඕනම බෝලරයෙකුට ඕනම බෝලෙකට 6ක් ගහන්ට පුළුන්.පුදුම ආත්ම විශ්වාසයක් උට ඌ ගැන තියෙන්නේ..Test match වල බෝලේ swing,seam වෙද්දි උට ගහන්ට අමාරුයි.උට තියෙන්නෙ උගේම technique.මොනව උනත් පොඩි පවුලක ඉදන් ආපු එල ඩයල් එකක්..
    බොහොම ස්තුතියි මචෝ reply වලට...
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    මාත් ඉපදුන දවසෙ ඉදල වගේ ක්‍රිකට් පිස්සෙක් තමා..මේ දැනුත් රේඩියෝ එකේ SW-1(Short Wave) band එකෙන් ඉන්දියා-ඕස්ට්‍රේලියා මැච් එක අල්ලල හින්දි-ඉංග්‍රීසි commentary අහගෙන තමා ඉන්නෙ..උඹලත් අද හැන්දෑවෙ MW band එක අල්ලපන්කො හැම තැනම ඒ band එකේ මැච් එක තමා යන්නෙ.ඉන්දියාව මැච් එකක් තියෙද්දි සම්පූර්ණ MW band එකේම වගේ මැච් එක තමයි දෙන්නේ..පිස්සුනේ!
    :growl::growl::growl:
     
    Last edited:

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :no::shocked::rofl::lol:

    නුවන් බුවෝ,
    දෝනි හින්ද තමා ඉන්දියාව ඔය අද ඉන්න තත්වෙ ඉන්නේ,මතකද දෝනිය 183 ක් ගැහුව ලංකාවට 2005දි.. එදා ඉදල තමා අපි ආයෙත් ඉන්දියාවට බය උනේ..හරියට අපෙ සනා අනූ ගනංවල උන්ට කරා වගේ.ඊට පස්සෙ අර ගං කෝලිය Hobart වලදි අපෙ කොඳු කැඩුවනෙ..මොනව උනත් දෝනිය පොරක් තමයි. විශේෂයෙන්ම ODI වල ..ලෝකයේ බිහිවෙච්ච හොඳම ODI player කියලයි මටනං හිතෙන්නෙ.අපෙ සනා ඊලගට..
    ඌට ඕන වෙලාවක ඕනම බෝලරයෙකුට ඕනම බෝලෙකට 6ක් ගහන්ට පුළුන්.පුදුම ආත්ම විශ්වාසයක් උට ඌ ගැන තියෙන්නේ..Test match වල බෝලේ swing,seam වෙද්දි උට ගහන්ට අමාරුයි.උට තියෙන්නෙ උගේම technique.මොනව උනත් පොඩි පවුලක ඉදන් ආපු එල ඩයල් එකක්..
    බොහොම ස්තුතියි මචෝ reply වලට...

    :(:(:(:(

    එදා මගේ ක්‍රිකට් මතකසටහන්වල අමතක නොවන දිනයක් මචෝ ,,,
    අපි එදා ලකුණු 298ක් ගහලා හිටියේ.
    සංගා එදා ගැහුවා සුපිරියට ලකුණු 138ක් බෝල් 147කට.
    සචින් ලකුණු 2ට වාස්ට ගැලවෙද්දී මම හිතුවේ අපි match එක දිනුම් කියලා:(
    කොහේද ,,,දොනියා අවා කොන්ඩෙත් වවාගෙන රිලවෙක් වගේ
    දැන් out වෙයි, දැන් out වෙයි කියලා බලාගෙන හිටියා.
    අන්තිමට නොදැවී බෝල් 145ට ලකුණු 183යි හතරේ 15යි හයේ 10යි:lol:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    sachin Tendulkar,Sanath Jayasuriya,Sri Lankan Cricket,Romesh Kaluwitharana,Arjuna Ranatunga,Aravinda de Silva,Mahamad Azarudinn,Sidhu,Australia,Channel9,Hathurusingha,Hashan Thilakarthne,Tony Greig,Richie,Murali,Vass,Dharmasena,World Cup 1996,India,Pakistan,Dhoni,Kohli,
     
    Last edited:

    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    අඩො. මේක නම් මරු thread එකක් වෙනව sure. හබැයි මේකෙ තියෙන්නෙ වැඩිපුර Sri Lankan Cricket ගැන නිසා heading එක වෙනස් උනානම් හොදයි
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    එතැන් සිට෴
    ඕං එහෙනං අපි 1996 ලෝක කුසලානෙට ආව...ලාංකීය ක්‍රිකට් වංශකතාවේ ස්වර්ණමය තරගාවලිය..තාමත් ස්වර්ණමයම තමා...
    මතකද ජාතික රූපවාහිනියෙ World Cup එකට ඊට මාස ගානකට පෙර ඉදල ලෝක කුසලානය හඳුන්වාදීමේ කඩ්ඩ වැඩසටහනක් ගියා.Europe-Final Countdown තමා ඒකේ theme එක උනේ.

    Europe-Final Countdown

    by EuropeVEVO

    ඒකෙ ලංකාව ගැන අන්තිමේට සූටි සඳහනක් කරා.කවුද හිතන්නෙ 1975 ඉදල World cup එකේ first round එකෙන්ම එලියට විසි වෙච්ච ලංකාව cup එක උස්සයි කියලා..
    මතකද ඕස්ට්‍රේලියාවයි උන්ට කඩේ ගිය බටහිර ඉන්දීය කොඳෙව්වොයි ලංකාවට ආවෙ නෑ ආරක්‍ෂක හේතු මත කියලා..ලංකාවට නිතරගයෙන්ම points හම්බ උනා..ආවනං උන්ට ගහනවා බං අපි..නැතත් අපි කොහොමත් Quarter final එනවා.සිම්බාබ්වෙයි,කෙන්‍යාවයි අනිවාර්‍යයෙන් කැපෙනවනෙ එකෙන්ම(හැබැයි කෙන්‍යාව 2003දි අපිට කරා වගේ West Indiesලව පරද්දව්වානෙ.).
    ඒකනෙවෙයි වැඩේ..මතකද ඕස්ට්‍රේලියාවයි,කොඳෙව්වොයි ආවෙ නැති හින්ද නැති හින්ද TV broadcasting rights වෙන පාඩුවයි,ගෙනාපු stump cam වගේ gadget කෑලි අපතේ යන හේතුවෙනුයි ඉන්දියා-පකිස්තාන් combined team එකක් ලංකාවට ආව.ඉන්දියාවෙ අසරුඩීන් තමා නායකය.සචීන්,වසීම් අක්‍රම්,වකාර් යූනිස් එකම team එකේ.එකේ කළමනාකාර තමා පකිස්තානෙ ඉන්ටිකාබ් අලාම්.මරුනේ..සුදු ඇඳගෙනයි ඒ match එක ගැහුවෙ.මට මතක හැටියට ලංකාව 170ක් විතරතමා ගැහුවෙ.එක ලේසියෙන් combined team එක ඒක ගැහුව.ඒක තමයි මං හිතන හැටියට ඉන්දියා පකිස්තාන් රටවල් දෙකේ ක්‍රීඩකයො විතරක් එකම team එකකට ගහපු එකම අවස්ථාව..ආසියානු ක්‍රිකට් සහයෝගීතාව ඉහල ලෙසින් පිළිඹිබු කරපු අවස්ථාවක් තමා ඒ තරගය.ලංකාවෙ මිනිස්සු ඉන්දියාවේ හා පකිස්තානයේ කොඩි එකට පූට්ටු කරල අලුත්ම කොඩියක් හදල ලෙළවව්ව ලංකාවෙ කොඩියත් එක්ක..

    සිම්බාබ්වේට එරෙහිව තමා ලංකාව ගහපු පලවෙනි තරගය තිබ්බෙ.SSC එකේ...

    Full match highlights

    by TARIQSHOAlBHD

    සිම්බාබ්වේ තමයි ඉස්සෙල්ලම ගැහුවෙ.230 ක් විතර..කලුව පලවෙනි බෝලෙන්ම අවුට් උනා..සනත් වැඩිවෙලා හිටියෙ නෑ..ඊට පස්සෙ තමා ගුරයි,අරවින්දයි සෙට් උනේ..ඩයල් දෙක හෙමීට පටන් ගෙන ලස්සන ඉණිමක් ගොඩනැගුවා. ගුරා අල්ල අල්ල ඉදල හිතාගන්ට බැරි වෙලාවල් වල Paul Strang,Andy Whitlle ලට 6යේ ඒව ගැහුව.6යේ 6ක්.

    ගුරාගෙ ඉණිම

    by Sachintha Kariyawasam

    අරවින්ද මේ ලෝක කුසලානෙදි මොනවගේ ක්‍රීඩා විලාශයක්ද පෙන්නුම් කරන්ට බලාපොරොත්තු වෙන්නෙ කියල ඉගි පහල කරපු ඉණිමක් ක්‍රීඩා කලා.ඒක හැමදාම අරවින්ද ලග නොතිබිච්ච සංයමයත්,ඇග තුලම තිබ්බ ආකර්ශණීය බව මුසු වෙච්ච පරිනත ඉණිමක්..අවුරුදු 12ක් විතර ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කිරීමත් 1995දී එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ කණ්ඩායම වෙනවෙන් විශිෂ්ට තරගවාරයක් සම්පූර්ණ කිරීමත් එතෙක් මගහැරීගිය,සංයමය නොමැතිකමෙන් ගිලිහීගිය අවස්ථා මතකයේ දරාගෙන සිටීමත් ඊට ඉවහල් වෙන්ට ඇති.

    අරවින්දගේ ඉණිම

    by Sachintha Kariyawasam

    හැබැයි දෙන්නටම බැරිවුනා ශතක වාර්තා කරන්ට..එහෙම උනා නම් ඒව තමා එකකදී ලංකාව World cup එකක ගහපු පලමු ශතක වෙන්නෙ.මට මතක හැටියට ලංකාවෙ පිතිකරුවෙක් ඒවෙනකොට World cup එකක ගහල තිබ්බ වැඩිම ගාන මහනාම 1987 World cup එකේ පකිස්තානෙට ගහල තිබ්බ 89.අර්ජුනයි,තිලකෙයි හැමදාමවගේ සෙට් වෙලා ලංකාව දිනුම් කණුව වෙත ගෙනාව ඕවර 37කින්...

    ඊලගට තමා සිරාම මැච් එක ආවෙ..ඉන්දියාවයි ලංකාවයි නවදිල්ලියේ Ferosha Kottla Stadium එකේ first round match එක. මම කිව්වනෙ ලංකාව කියන්නෙ 1993දි ඉන්දියාවෙන් ක්‍රිකට් එපා වෙන්ටම ගුටිකෑව (ඒක නිකං හරියට අර ආයෙ ක්‍රිකට් ගහනවද උඹල,ගහනවද උඹල කිය කියා වේවැලෙන් ඉස්කෝලෙ සර් කෙනෙක් වැරදි කරපු කොල්ලෙකුට ගැහුව වගේ ලංකාවෙ ක්‍රිකට් පජාත වෙලා යන්ටම ගහපු ගැහිල්ලක්) උන්ගෙ දබදාරු රට පල්ලෙහ තිබ්බ සූටිම සූටි රටක් කියල. උන් අපිව ඊට පස්සෙ වාතයක් තරමටවත් උන් ගනං ගත්තෙ නෑ.ඉතින් ඉන්දියාව මැච් එක කලින්ම උඩින්ම දිනල හිටියෙ.මිනිස්සු ground එකේ හරි TV එක ඉස්සරහ හරි බලං හිටියෙ ලංකාව ආයෙත් වැලේ වැල් නැතිකරගන්න හැටි බලන්ටයි.බොරු කියන්නෙ මොකද එහෙමම නොවුනත් අපිත් හිතං හිටියෙ එහෙමම වගේ තමා...

    මතු සබැඳි෴

    පසුව;මං මේක ලිව්වෙ මගේ මතකයේ හැටියටට..අවුරුදු විස්සක් විතර කියවපු බලපු දේ අනුව..වැරදි ගොඩක් ඇති..
    youtube video upload කරපු EuropeVEVO,TARIQSHOAlBHD
    හා Sachintha Kariyawasam යන අයට බොහොම ස්තුතියි!
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    එතැන් සිට෴
    ඕං එහෙනං අපි 1996 ලෝක කුසලානෙට ආව...ලාංකීය ක්‍රිකට් වංශකතාවේ ස්වර්ණමය තරගාවලිය..තාමත් ස්වර්ණමයම තමා...
    මතකද ජාතික රූපවාහිනියෙ World Cup එකට ඊට මාස ගානකට පෙර ඉදල ලෝක කුසලානය හඳුන්වාදීමේ කඩ්ඩ වැඩසටහනක් ගියා.Europe-Final Countdown තමා ඒකේ theme එක උනේ.

    Europe-Final Countdown

    ඒකෙ ලංකාව ගැන අන්තිමේට සූටි සඳහනක් කරා.කවුද හිතන්නෙ 1975 ඉදල World cup එකේ first round එකෙන්ම එලියට විසි වෙච්ච ලංකාව cup එක උස්සයි කියලා..
    මතකද ඕස්ට්‍රේලියාවයි උන්ට කඩේ ගිය බටහිර ඉන්දීය කොඳෙව්වොයි ලංකාවට ආවෙ නෑ ආරක්‍ෂක හේතු මත කියලා..ලංකාවට නිතරගයෙන්ම points හම්බ උනා..ආවනං උන්ට ගහනවා බං අපි..නැතත් අපි කොහොමත් Quarter final එනවා.සිම්බාබ්වෙයි,කෙන්‍යාවයි අනිවාර්‍යයෙන් කැපෙනවනෙ එකෙන්ම(හැබැයි කෙන්‍යාව 2003දි අපිට කරා වගේ West Indiesලව පරද්දව්වානෙ.).
    ඒකනෙවෙයි වැඩේ..මතකද ඕස්ට්‍රේලියාවයි,කොඳෙව්වොයි ආවෙ නැති හින්ද නැති හින්ද TV broadcasting rights වෙන පාඩුවයි,ගෙනාපු stump cam වගේ gadget කෑලි අපතේ යන හේතුවෙනුයි ඉන්දියා-පකිස්තාන් combined team එකක් ලංකාවට ආව.ඉන්දියාවෙ අසරුඩීන් තමා නායකය.සචීන්,වසීම් අක්‍රම්,වකාර් යූනිස් එකම team එකේ.එකේ කළමනාකාර තමා පකිස්තානෙ ඉන්ටිකාබ් අලාම්.මරුනේ..සුදු ඇඳගෙනයි ඒ match එක ගැහුවෙ.මට මතක හැටියට ලංකාව 170ක් විතරතමා ගැහුවෙ.එක ලේසියෙන් combined team ඒක එක ගැහුව.ඒක තමයි මං හිතන හැටියට ඉන්දියා පකිස්තාන් රටවල් දෙකේ ක්‍රීඩකයො විතරක් එකම team එකකට ගහපු එකම අවස්ථාව..ආසියානු ක්‍රිකට් සහයෝගීතාව ඉහල ලෙසින් පිළිඹිබු කරපු අවස්ථාවක් තමා ඒ තරගය.ලංකාවෙ මිනිස්සු ඉන්දියාවේ හා පකිස්තානයේ කොඩි එකට පූට්ටු කරල අලුත්ම කොඩියක් හදල ලෙළවව්ව ලංකාවෙ කොඩියත් එක්ක..

    සිම්බාබ්වේට එරෙහිව තමා ලංකාව ගහපු පලවෙනි තරගය තිබ්බෙ.SSC එකේ...

    සිම්බාබ්වේ තමයි ඉස්සෙල්ලම ගැහුවෙ.230 ක් විතර..කලුව පලවෙනි බෝලෙන්ම අවුට් උනා..සනත් වැඩිවෙලා හිටියෙ නෑ..ඊට පස්සෙ තමා ගුරයි,අරවින්දයි සෙට් උනේ..ඩයල් දෙක හෙමීට පටන් ගෙන ලස්සන ඉණිමක් ගොඩනැගුවා. ගුරා අල්ල අල්ල ඉදල හිතාගන්ට බැරි වෙලාවල් වල Paul Strang,Andy Whitlle ලට 6යේ ඒව ගැහුව.6යේ 6ක්.

    ගුරාගෙ ඉණිම

    අරවින්ද මේ ලෝක කුසලානෙදි මොනවගේ ක්‍රීඩා විලාශයක්ද පෙන්නුම් කරන්ට බලාපොරොත්තු වෙන්නෙ කියල ඉගි පහල කරපු ඉණිමක් ක්‍රීඩා කලා.ඒක හැමදාම අරවින්ද ලග නොතිබිච්ච සංයමයත්,ඇග තුලම තිබ්බ ආකර්ශණීය බව මුසු වෙච්ච පරිනත ඉණිමක්..අවුරුදු 12ක් විතර ජාතික කණ්ඩායමේ ක්‍රීඩා කිරීමත් 1995දී එංගලන්ත ප්‍රාන්ත තරගාවලියේ කණ්ඩායම වෙනවෙන් විශිෂ්ට තරගවාරයක් සම්පූර්ණ කිරීමත් එතෙක් මගහැරීගිය,සංයමය නොමැතිකමෙන් ගිලිහීගිය අවස්ථා මතකයේ දරාගෙන සිටීමත් ඊට ඉවහල් වෙන්ට ඇති.

    අරවින්දගේ ඉණිම

    හැබැයි දෙන්නටම බැරිවුනා ශතක වාර්තා කරන්ට..එහෙම උනා නම් ඒව තමා එකකදී ලංකාව World cup එකක ගහපු පලමු ශතක වෙන්නෙ.මට මතක හැටියට ලංකාවෙ පිතිකරුවෙක් ඒවෙනකොට World cup එකක ගහල තිබ්බ වැඩිම ගාන මහනාම 1987 World cup එකේ පකිස්තානෙට ගහල තිබ්බ 89.අර්ජුනයි,තිලකෙයි හැමදාමවගේ සෙට් වෙලා ලංකාව දිනුම් කණුව වෙත ගෙනාව ඕවර 37කින්...

    ඊලගට තමා සිරාම මැච් එක ආවෙ..ඉන්දියාවයි ලංකාවයි නවදිල්ලියේ Ferosha Kottla Stadium එකේ first round match එක. මම කිව්වනෙ ලංකාව කියන්නෙ 1993දි ඉන්දියාවෙන් ක්‍රිකට් එපා වෙන්ටම ගුටිකෑව (ඒක නිකං හරියට අර ආයෙ ක්‍රිකට් ගහනවද උඹල,ගහනවද උඹල කිය කියා වේවැලෙන් ඉස්කෝලෙ සර් කෙනෙක් වැරදි කරපු කොල්ලෙකුට ගැහුව වගේ ලංකාවෙ ක්‍රිකට් පජාත වෙලා යන්ටම ගහපු ගැහිල්ලක්) උන්ගෙ දබදාරු රට පල්ලෙහ තිබ්බ සූටිම සූටි රටක් කියල. උන් අපිව ඊට පස්සෙ වාතයක් තරමටවත් උන් ගනං ගත්තෙ නෑ.ඉතින් ඉන්දියාව මැච් එක කලින්ම උඩින්ම දිනල හිටියෙ.මිනිස්සු එකේ හරි එක ඉස්සරහ හරි බලං හිටියෙ ලංකාව ආයෙත් වැලේ වැල් නැතිකරගන්න හැටි බලන්ටයි.බොරු කියන්නෙ මොකද එහෙමම නොවුනත් අපිත් හිතං හිටියෙ එහෙමම වගේ තමා...

    මතු සබැඳි෴

    aa kale nan mathakath na,, api suuti kollo ethakota :D:yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    මේකෙ තියෙන්නෙ වැඩිපුර Sri Lankan Cricket ගැන නිසා heading එක වෙනස් උනානම් හොදයි
    බලමු Head එක මාරුකරන්ට,හැබැයි වැඩේ ලේසි නෑ..
    ruwanjrc,NUWAN BUWA,rocat90,B_i_n_g_o
    බොහොම ස්තුතියි සහෝ reply වලට...
    වෙලාව තියෙන හැටියට මං මේ කතාව කියන්නං..ඔයාලත් මට වැරදෙන,මගහැරෙන ඒව මතක්කරල මේ නූලෙ දාමුකෝ...
     
    • Like
    Reactions: maxxaa

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,177
    488
    83
    EaRtH
    patta thread eka machan , rep+8 , keep it up, thread eke nama maru karapan, 96 idan himin himin mathak karan emu.