එකෙන්ම කිව්වොත් රටට සල්ලි වලින් පෝසත් වෙන්න නම් ඔය කැසිනෝ දාන එක හොඳයි. හැබැයි ඉතින් ආධ්‍යාත්මික පැත්ත නම් හුක් වෙන එක වල්ක්වන්න බෑ. දැනටමත් ඉතින් ඒකට හු* ලනෙ තියෙන්නෙ. ඔව්වට අනේ සාදු කියන උපාසකයො ඉන්න රටේ තව මොනාද කතා.
බුදුන් වහන්සේ වැඩියයි කියල නෑ බන්. හැදෙන්නෙ නැති එකා හැදෙන්නෙම නෑ. මේක දැන් බුදු දහම වැලලිලා යන කාලෙ. බුදු දහම එක්ක බැඳිලා තියෙන සංස්කෘතික අංග විතරක් ඉතුරු වෙයි.(ඔය පෙරහැරවල්,පිච්ච මල් පූජාවල්) පෝය දාට පන්සල් ගිහින් එන ගමන් බඩුවකුත් ගහලා ගෙදර එන ලයින් එකක් එයි. බුදු දහමේ හරය තේරුම් ගන්න එකෙක්ටවත් උවමනාවක් නෑනෙ. උන්ට ඉතින් ලිඳ තමයි!



meka thamai bn ape sinhalayange awasane
ape rajathuma me mulu ratama salli walata wikunana dawasa atha langama![]()

ane manda ithin oya bellanwila hamuduruwo benz s class car wala yanne a/c room wala sathapenneකොළඹ රිගල් සිනමා හල ඉදිරිපිට ඉදිකිරිමට යෝජිත කැසිනෝ හෝටල් ව්‍යාපෘතිය දැන් උණුසුම් මාතෘකාවක් බවට පත්වී ඇත. මෙම ව්‍යාපෘතිය සිදු කරනු ලබන්නේ ලේක් ලේෂර් හෝල්ඩිංස් සමාගම විසිනි.
මෙම සමාගමේ සියයට 45 බැගින් වු සම හිමිකම ස්ටාර් ඩස්ට් කැසිනෝ හල හිමි රවි විජේරත්න මහතාගේ රැන්ක් හෝල්ඩිංග්ස් සමාගමටත් ඕස්ට්‍රෙලියාවේ කැසිනෝ ව්‍යාපාරයේ ප්රමුඛයෙකු වන ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතත් හිමිව ඇත.
මෙහි ඉතිරි 10% අයිතිය පැවරී ඇත්තේ යුනියන් බැංකු සභාපති ඇලෙක්ස් ලොවෙල් මහතාට අයත් කලිංගා නම් සිංගප්පුරු සමාගමකටය. එම 10% හිමිව ඇත්තේ ජේම්ස් පැකර්ගේ ක්‍රවුන් ඉන්වෙස්ට්මන්ට්ස් ආයෝජනය ලංකාවට ගෙන ඒම සදහා සිය සිංගප්පුරු සමාගම හරහා ඇලෙක්ස් ලොවෙල් මහතා විශාල වැඩකොටසක් ඉටුකර ඇති හෙයිනි.
ඒ අනුව ඩොලර් මිලියන 400 ක් වන ආයෝජනයේ ඇලෙක්ස් ලොවෙල් මහතාගේ කොටස ඩොලර් මිලියන 40 ක් වේ. කෙසේනමුත් දිගින් දිගටම එල්ලවූ විරෝධතා හමුවේ එම ව්‍යාපෘතියට බදු සහන ලබාදීම වෙනුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජනා වී තිබූ ක්‍රමෝපාය සංවර්ධන පනත් කෙටුම්පත් දෙක තාවකාලිකව නතර කිරීමට රජය මේවනවිට තීරණය කර ඇත.
ඒ අනුව එම ගැසට් නිවේදනයට පහත සඳහන් සංශෝධන ඇතුළත්කොට ඉදිරිපත් කිරීමට තීරණය වී ඇත.
සංශෝධන
වයස අවුරුදු 18න් පහළ කිසිවකුටත් කැසිනෝ ශාලාවන්ට ඇතුළු වීම තහනම් වේ.
ස්වදේශිකයන් කිසිවකුටද කැසිනෝ ශාලාවලට ඇතුළුවීම තහනම්.
කැසිනෝ ශාලාවට ඇතුළුවීමේදී විදේශ ගමන් බලපත්‍රය ඉදිරිපත් කළයුතුය.
ඇතුළත් වීමේ ගාස්තුව ඩොලර් 500කි.
මෙම ව්‍යාපෘතිය සම්බන්ධව එහි සම හිමිකරුවන් දෙදෙනා පවසන්නේ කතා දෙකකි. ජේම්ස් පැකර් පවසන්නේ කොළඹ බේරේ වැව් ඉවුරේ සැලසුම් කොට ඇති එම ව්‍යාපෘතිය මගින් රැකියා අවස්ථා දෙදහස් පන්සියයක් ඇති කෙරෙන බවත් එහි කාමර හාරසිය පනහකින් යුත් හෝටලයක් ද භෝජන ශාලා, වෙළෙඳ සංකීර්ණ, සම්මන්ත්රණ ශාලා, හා කැසිනෝ හල්ද පිහිටා ඇතිබවයි.
මෙය ශ්‍රීලංකාවට බැබලීමට අවස්තාවක් බවද ඔහු ඕස්ට්‍රේලියානු මාධ්‍යය අමතමින් ප්‍රකාශකොට තිබුණි. මේ සම්බන්ධව අදහස් පලකරන ශ්‍රී ලාංකික හිමිකරු රවී විජේරත්න රන්දොර පුවත්පතට පවසා තිබුනේ මෙවැන්නක්
"ජේමිස් පැකර්ට යන්න අවශ්‍ය තරම් රටවල් තිබෙනවා. මටත් මගේ පාඩුවේ මගේ කැසිනෝව කර ගෙන ඉන්න පුළුවන්. මෙයින් රටට තමයි පාඩු වෙන්නේ"
කැසිනෝ ලංකාවට ගෙන ඒම සම්බන්ධයෙන් විවිධ පාර්ශව විරෝධතා පල කලත් එම විරෝධතා සිදුකරන පිරිස් වලින් කෙතරම් ය රට ගැන අවංකවම සිතා බලා විරුද්ධ වන්නේ දැයි අප නොදන්නෙමු.
පහතින් පලවන්නේ ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමා 1993 අගෝස්තු 17 වනදා විපක්ෂයේ මන්ත්රීවරයෙකුව සිටියදී කැසිනෝ වලට විරුද්ධව අදහස් පලකල අයුරු වේ.
“මොකක්ද මේ විනෝදය?.. පසුගිය කාලයේ කැසිනෝව විනෝදාංශයක් වුණා. ජෝසිම්ට පුළුවන්කම ලැබුණා. ඉහළ පෙළේ දේශපාලනඥයන් සමග පින්තූරවලට පෙනී සිටින්න. ජෝසිම්ලා වගේ උදවිය මේ රටට කැසිනෝ සූදු එක්ක තායිලන්ත ගණිකාවොත් ගේන ව්‍යාපාරයක් ගෙන ගියා.
මේ වගේ අය මේ රටේ අවුරුදු පහක් ඉන්න එකවත් පුරවැසි භාවය ලබාගන්න එකවත් ඒ හැටි දෙයක් නොවෙයි. මේ රටේ මිනිසුන්ගේ සල්ලි සූරා කාලා, මේ රටේ ඉඳලා සල්ලි හම්බකරලා, කලු සල්ලි ඩොලර් කරලා, ඒ සල්ලිවලින්ම මේ රටේ ජීවත් වෙනවා. මේ තත්ත්වය යටතේ ගණිකා වෘත්තීය, සමලිංගික සේවනය, ඒඩ්ස් වැනි දේවලුත් මෙරටට ගේන්න පුළුවන්."
මෙවන් තවත් ඊනියා විරෝධත්වයක් පසුගියදාආගමික සමුළුවක් විසින් පලකරනු ලැබුණි. බෞද්ධයන් නියෝජනය කරමින් මාදුළුවාවේ සෝභිත හිමි, බෙල්ලන්විල අනුනායක හිමි, ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි, කොටුගොඩ ධම්මාවාස හිමි,මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ද කතෝලිකයන් නියෝජනය කරමින් මැල්කම් රංජිත් කාදිනල්තුමා ද, මුස්ලිම් ආගම නියෝජනය කරමින් ජේව්ඩ් යුසුෆ් ද ඔක්තෝබර් 17 දින නාරාහේන්පිට අභයාරාම යේදී පැවැත්වූ මාධ්‍ය සාකච්චාවක් පවත්වමින් කැසිනෝ පනතට සිය විරුද්ධත්වය පලකොට තිබුණි.
මෙහිදී වඩාත් කැපී පෙනුනේ මාදුළුවාවේ සෝභිත හිමිගේ කතාවය.
"මේක මහා විනාශයක්...ජනාධිපතිතුමා හොඳ බෞද්ධයෙක්..අපි ඉල්ලා හිටිනවා එතුමාගෙන් මේක නතර කරන්න කියලා, අපි ආණ්ඩුවේ හා විපක්ෂයේ ඉන්න පාර්ලිමේතු මන්ත්‍රීවරුන්ට කියන්නේ..කැසිනෝ පනතට අත උස්සල මේ රට විනාශ කරන්න පාර කපන්න එපා "
එවන් උද්වේගකර කතාවලින් පැවැත්වූ මාධ්‍යය හමුව විනාඩි 40 ක් පමණ පැවැත්වුනි. ඉන් අනතුරුව එහි සහභාගී වූ මාධ්‍යයවේදීන්ට තේ පැන් සංග්‍රහයක් සුදානම්කොට තිබුණි.
එහිදී එයට සහභාගී වූ බෙල්ලන්විල විලරතන ඇතුළු ප්‍රධාන සංඝයා වහන්සේලා මාධ්‍යවේදීන් පිටත්වීමටත් පෙර එම ස්ථානයෙන් බැහැරට වැඩියේය.
රට ජාතිය වෙනුවෙන් කැසිනෝව එපා කියූ උන්වහන්සේලා ඉන් අනතුරුව කෙලින්ම ගොස් තිබුනේ මෑතකදී අංක 1A, රාජකීය මාවත, කොළඹ හත හිදී විවෘත කරන ලද කැසිනෝ ව්‍යාපෘතියේ 45% ක අයිතිය ඇති රවී විජේරත්න ගේ "මහරාජා පැලස්" නම් ඉන්දියානු අවන්හල වෙතය.
එහිදී කැසිනෝ වලට එරෙහිව කතා කල ස්වාමීන් වහන්සේලා ගේ අවන්හල ඉදිරිපිට දී පා දොවා පිළිගත්තේ ද කැසිනෝ හිමිකරු රවී විජේරත්න විසිනි. එහිදී අවන්හල තුල ටික වෙලාවක් ගත කිරීමෙන් අනතුරුව උන් වහන්සේලා යලි පැමිණීමට ප්‍රථම රවී විජේරත්න ගේ සහායකයන් විසින් පැමිණ ස්වාමීන් වහන්සේලාගේ මෝටර් රථ වලට තෑගී පටවා තිබුණි.
මේ පිළිබඳව විමසීම සඳහා සන්ඩේ ටයිම්ස් පුවත්පත මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි හා බෙල්ලන්විල විමලරතන හිමි දුරකතනයෙන් සම්බන්ධකොටගෙන ඇති අතර ඔවුන් අතර ඇතිවූ සංවාදය මෙසේය.
මුරුතෙට්ටුවේ ආනන්ද හිමිගේ සංවාදය
ප්රශ්නය : ස්වාමින් වහන්සේ පසුගියබ්රහස්පතින්දා මාධ්‍යය සාකච්චාව අවසන් වීමෙන් අනතුරුව විශේෂ දහවල් ආහාරයක් සඳහා ඔබ වහන්සේ වැඩියා ද?
ආනන්ද හිමි :ඒක දානයක්
ප්රශ්නය :කව්ද එම දානය දුන්නේ ?
ආනන්ද හිමි :මම දන්නේ නැහැ
ප්රශ්නය :කව්ද ඔබවහන්සේට ආරාධනා කලේ ?
ආනන්ද හිමි :බෙල්ලන්විල විමලරතන හාමදුරුවෝ
ප්රශ්නය : එහිදී කැසිනෝ සම්බන්ධව කිසිවක් සාකච්චා වුවාද?
ආනන්ද හිමි : වචනයක් වත් නැහැ
ප්රශ්නය : එම දහවල් දානයේ අරමුණ මොකද්ද ?
ආනන්ද හිමි : ඒක සාංඝික දානයක්
ප්රශ්නය : මාධ්‍යයට හමුවූ සියල්ල එම දානයට සහභාගී වුවාද ?
ආනන්ද හිමි : නැහැ කොටසක් පමණයි
ප්රශ්නය : ඔබවහන්සේ රවී විජේරත්න දන්නවද?
ආනන්ද හිමි : මට ඔහු සමග කිසි සම්බන්ධයක් නැහැ
ප්රශ්නය : ඔබවහන්සේ ඔහු ගැන දන්නේ නැහැ ?
ආනන්ද හිමි : ඔහු ගැන මතකයක් නැහැ මට
බෙල්ලන්විල විමලරතන හිමිගේ ප්‍රතිචාරය
ප්රශ්නය : ඔබ වහන්සේ මාධ්‍ය හමුවෙන් අනතුරුව රවී විජේරත්නගේ ආරාධනයෙන්දහවල් දානයටඅවන්හලකට වැඩියා ද?
බෙල්ලන්විල හිමි : අපි වැඩියේ දහවල් දානයකට. කැසිනෝ සම්බන්ධයක් ගැන අපි දන්නේ නැහැ. එන ගමන් දහවල් දානයටත් වැඩියා.
ප්රශ්නය : රවී විජේරත්න ඔබවහන්සේට ආරාධනා කලාද ?
බෙල්ලන්විල හිමි : ආරාධනාව පැමිණියේ ****** (රවී විජේරත්නගේව්යාපාරික හවුල්කරුවෙකි)
ප්රශ්නය : ඔබ රවී විජේරත්න දන්නවාද?
බෙල්ලන්විල හිමි : අපි දන්නේ නැහැ. අපි අවන්හලට ගොස් දානය වළඳා පැමිණියා විතරයි.
ප්රශ්නය : මුරුත්තෙටුවත්තේ ආනන්ද හිමි ප්‍රකාශ කළා ඔබ වහන්සේ මෙම දානයට අරාධනා කළා කියලා
බෙල්ලන්විල හිමි : මම අරාධනා කලේ නැහැ. අර **** තමයි ආරාධනා කලේ.
ප්රශ්නය :කවදද මෙම ආරාධනාව ලැබුනේ ?
බෙල්ලන්විල හිමි : සති දෙකකට විතර කලින්
ප්රශ්නය : අවන්හලේදී කැසිනෝ ගැන කිසිවක් කතා කලාද ?
බෙල්ලන්විල හිමි :කිසිවක් නැහැ. අපි එච්චර හිතුවේ නැහැ ..ඔහු කැසිනෝ වල සම්බන්ධයි කියලා..
ප්රශ්නය : ඔබවහන්සේට දානයට ඇරයුම් ලැබුනාම ඔබ වහන්සේ විමසුවේ නැද්ද කාගෙන්ද දානේ කියලා?
බෙල්ලන්විල හිමි :අපට ආරාධනාව ලැබුනා එච්චරයි. ඔකේ අගක්මුලක් හොයන්න ගියේ නැහැ. අපි දානේ වළඳලා ආව විතරයි. සමහර වෙබ් අඩවි ඕක අල්ලාගෙන අපිට මඩගහන්න හදනවා.
එම දානයට එම හිමිවරු වැඩමවූ ආකාරය.




ane manda ithin oya bellanwila hamuduruwo benz s class car wala yanne a/c room wala sathapenne
siwura daganna kalin siyalu sapa sampath atha harala lokema thiyana sapa sampath windinawa
owath thanikara business thamai bn
naththan hamuduruwo kenekta kohenda benz ganna tharan salli kohenda ewata petrol gahanna salli![]()
ඔක්කොම සල්ලි නෙ බන්ස්. වර්තමාන ආගමික ස්තාන කියන්නෙ සුපර්මාකට්. සල්ලි වියදම් කරලා පින්,පිහිට,ආසිර්වාද ගන්න පුලුවන්. සල්ලි තියෙන එකා දිවියලෝකෙ, නැති එකා ආපායෙලුනෙ.![]()



ow bn me rate agadayata yanna mula ekak me rate nithiyak na anith eka minissunge kisima sanwarayak na
rajathumai unge pawlai nan ithin edath adath hetath sathutin kalayak indi![]()
ආඩම්බරයි හසන්ත! 
ජෙම්ස් පකර් කාරයා අපෙ රටට තින ආදරෙටද ඔක මෙහෙ දාන්නෙ.??
අර කියනවා වගෙ ආර්තිකෙ ශක්තිමත් කරන්න ද උ මෙක දාන්නෙ..?? සුද්දො කැසිනො ගහන්න මෙහෙටම එයිද.?? වෙන රට වල කැසිනො නැද්ද.??
දැනුත් කැසිනො ලන්කාවෙ තිනව නෙද.??
ඔකක් අලුතෙන් දැම්ම කියල මක්ක වෙනවද.??
කැසිනො ගහන්න එවුන් එන්නෙ කැසිනො ගහන්නමද..??
ඇයි එවාට බදු සහන.??
අපිට බදු සහන කො..??
මෙකට ස්වදෙශිකයන්ට යන්න දෙන්නැලු නෙද..?
එතකොට මෙ ක්‍රවුන් කැසිනො එකට කඩෙ යන උදවිය කඩෙ යන්නෙ මෙක නිසා රටෙ ආර්තිකෙ ශක්ස්තිමත් වෙන නිසාද..?? 
අනෙ මද මට ඔය එවුන් මට තින ප්‍රශ්න වලට උත්තර දිපන්..දන්න එකෙක් මෙවට උත්තර දිපන්කො..මේක ගොඩක් ටාගට් කරන්නේ ඉන්දියන් , චයිනිස් ටුවරිස්ට්ලා . ලංකාවේ සාමාන්‍ය මිනිස්සු මේක ආව කියල කැසිනෝ ගහන්න ඇබ්බැහි වෙයි කියන එක මෝඩ කතාවක්. ඕනෙමනම් ලොකු සල්ලි කාරයෝ ටික යයි. උන් ගිහින් පැරදුනත් මොකද. කැසිනෝ දැනටමත් කොච්චර තියනවද ලංකාවේ. අර දම්මික පෙරේරාට කොච්චර කැසිනෝ තියනවද. හැම හන්දියක් ගානෙම තියන නියෝන් බල්බ් වලින් අශ්වෙයෙක් දුවන "sporting star" රේස් බුකියෙන් මීට වඩා කොච්චර හානියක් වෙනවද. එව්වට යන්නේ අපේ ගම්වල මෝඩ මිනිස්සු. රුපියල් සියටත් ඔට්ටු දානවා උන්.
අඩුම ගානේ මේකෙන් අපේ ටුවරිසම් හරි වැඩි වෙයි. මොකද සල්ලි කාර ඉන්දියන් කාරයෝ කැසිනෝ ගහන්න දුවන්නේ මොනැකෝ හරි සිංගප්පුරු හරි. උන් මෙහෙට ආව කියන්නේ ශ්‍රීලන්කන් එයාලයින් එකේ ඉදන් , ලංකාවේ ට්‍රැවලින් කොම්පැනි, හෝටල් , හැම එකටම ලාබයි කියන එක. දැන් මේක කිව්වා කියල මට බැනපල්ලා.














පැකර්ට සල්ලි හොයන්න මේ දූපත විකුනන්න යන්නේ.. කවුද බන් දන්නේ ඔක කොලබට සීමා වෙයි කියලා.. 2/3ක් හොරු රජ කරන විලමැද බන්ගලාව එක රැයින් කිව්වොත් හෙට සිට දිවයිනේ තොරාගත් පලාත්වල පැකර් කැසිනො පිහිටුවීමට යයි කියලා, ඒකටත් හුරේ දාන උන් ඉන්නවා..දැනට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යන කැසිනෝ පනත් දෙකට වසර දහයක බදු නිදහසක් ලබා දී තිබේ. එම වසර දහය නිම වීමෙන් අනතුරුව තවත් වසර 12 ක සහන බදු කාලයක් ලබා දීමට පොරොන්දු වී ඇත.
මේ කාලයේ අය කරනුයේ 6% බද්දක් පමණි. ඒ අනුව එම කාලය තුල එකතු කල අගය මත බදු, රඳවාගැනීමේ බදු, වරාය හා ගුවන්තොටුපොළ බදු වලින් එම ව්‍යාපෘති නිදහස්කොට තිබේ. ඊට අමතරව ව්‍යාපෘති ඉදිකිරීම් කාලය තුල කොන්ත්‍රාත්කරුවන්ට ඉදි කිරීම් කර්මාන්ත සහතික අරමුදල් බදු ගෙවීමද නිදහස් කොට තිබේ.
එයට අමතරව ඉදි කිරීම් කාලය වන වසර හතර තුල මෙරටට ගෙන්වන සියලුම ප්‍රාග්ධන භාණ්ඩ හා ආනයන භාණ්ඩ රෙගු බදු ඇය කිරීමෙන් නිදහස්කොට තිබේ.එමෙන්ම මෙම ව්‍යාපෘති වල සේවය කරන විදේශ කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකු සඳහා උපයන විට ගෙවීමේ බද්ද අවරුදු පහක් යන තෙක් නිදහස්කොට ඇත.
රටට විශාල ආයෝජනයක් පැමිණෙන විට බදු සහන ලබාදීම සම්ක්ප්රදායක් වුවත් සමාජ ව්‍යවසනයකට තුඩු දෙන මෙවන් ව්‍යාපෘතියකට මෙතරම් බදු සහන ලබාදෙන්නේ මන්දැයි ගැටළුවක් පැන නගී.
සාමන්‍යය ජනතාවගේ සැමන් ටින් එකෙන්, පරිප්පු කිලෝවෙන්, රීලෝඩ් එකෙන් පවා බදු මුදල් අයකරගන්නා රජය ජේම්ස් පැකර් ට ආරම්භ කොට වසර 22 ක් යන තෙක්ම බදු වලින් නිදහස්කොට තිබේ.
මැකාවෝ රටේ කැසිනෝ වලින් ලබා ගන්න ආදායම 40% කි. මැලේසියාවේ 25% කි. සිංගප්පුරුවේ 25% ක ආදායම් බද්දක් සහ 17% වැට් බද්දක් අයකරයි.
40% ක් බදු අය කරන මැකාවෝ හි කැසිනෝ බදු ආදායම ඩොලර් බිලියන 45 කි. අපේ රටේ බලාපොරොත්තුව මෙයින් 5% කි. එනම් ඩොලර් බිලියන 2.25 කි. මෙමගින් ජේම්ස් පැකර් ට හිමිවන බදු සහනය සිතාගත හැක.