මට නම් කැසිනො ගැන අමාරුවක් නැහැ. නමුත් අපෙ රට ගැන අමාරුවක් තියෙනව. මම ගම්මන්පිල මහත්තය කියන හැම එකටම ඔළුව වනන්නෙ නැ. නමුත් මේ දේ හරි.
සෙලින්කෝ කාරය නැති උනෙ මොකක් කරලද කියල දන්නෝ දනිති. සක්විති සල්ලි විනාස කරපු ක්රමයෙන් එකක් තමයි මේ. මුන් මේක පාස් කරන්න හදන්නෙ අත යට පාස් කරන සල්ලිවලට. කාලකණ්නි. බොරු බයිලෙ ගහනව මිනිස්සු අන්දන්න. ලංකාවෙ තියෙන ඔක්කොම කැසිනෝ එක තැනකට ගේනවා නම් කමක් නැහැ. මුන් ඒ මුවාවෙන් මේවා ගෙනල්ලා මෙච්චර කල් බදු ගෙවපු කැසිනෝ කාරයින්ටත් නොමිලේ කරන්නයි යන්නෙ බදු අයින් කරලා. අනික පැකර් කාරයා දාන්නෙ සුද්දන්ට කියාගෙන මේකෙන් වෙන්නෙ ලෝකෙ වටේ ඉන්න කාලකණ්නි මේකෙ වහ වැටෙන එක.
ලෝකෙ අනික් රටවලත් තියෙනව කැසිනො අති බහුතරය තියෙන්නෙ මිනිස්සු ජීවත්වෙන තැංවලවත් ප්රධාන නගරවලවත් නෙවෙයි. මුන් ඔක්කොටමත් වැඩිය අර පරයට බදු රහිත කරන්න යනවා අවුරුදු 10ට ලෝකෙ සමහර රටවල් තියෙනව කැසිනෝ එකෙන් 45% ආණ්ඩුව බදු අරගන්න. ඒ තියෙද්දිත් උන් කැසිනෝ කරනව ඒ නීතිවලට යටත් වෙලා මොකද මේක ලාභ නිසා.
අපේ හැත්ත පොඩි මිනිහගෙ ගිණිකූරු පෙට්ටියට, හඳුන්කූරටත් බදු ගගහා මූට අවුරුදු 10 නොමිලේම දෙන්න යනව. ඒ මදිවට අවුරුදු දහයෙන් පස්සෙත් මුට ගෙවන්න ඕනෙ 6% බද්ද.
රටේ හැම ව්යාපාරිකයම දැනටමත් ලාභෙන් 30% ආණ්ඩුවට දෙනකොට උට සහන දෙන්නෙ සාධාරණද ? මේවා පිළිල. අනික කරන්න යන්නෙත් මහම මහ පාහර විදිහකට.
එහෙනම් දැන් කට වහගෙන තියෙන්නෙපෑ. උඹට කියන්න බැරි දේවල් ගොඩයි බන්. මට කියන්න බැහැ. ඔය මුස්ලිම් සිංහල ඒවයෙ එක බල්ලෙක් නැහැ චම්පික සරුයි ගම්මන්පිලයි ඇරුණම.