ඇත්තටම මේ Australian Cricket summer ODI tournament එක 1977/78 ඉදල මේ 95/96 එක වෙනකං හැඳින්වූයේ Benson & Hedges World Series එක කියල.මේක තමයි එනමින් හැඳින්වූ අවසන් තරගාවලිය..ICC එක ක්‍රිකට් තරගාවලි සඳහා දුම්කොළ සමාගම් අනුග්‍රාහකත්වය අත්හිටුවීමෙන් පසුව 96/97 එකේ ඉදල Series එක නම් කලේ ප්‍රධාන අනුග්‍රාහකයින් වන Carlton & United නමින්.2000/01 Carlton Series නමිනුත්,01/02 සිට ප්‍රධාන අනුග්‍රාහකයින් බියර් සමාගමක් වන Victoria Bitter(VB) වීමත් සමග එනමිනුත්,බියර් සමාගම් ක්‍රිකට් ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබාදීම අත්හිටුවීමෙන් පසු 2006/07 සිට මේ තරගාවලිය ප්‍රධාන අනුග්‍රාහකයින් වන Commonwealth Bank නමින් නම් කරා.ඉන්දියාව දින්න 2007/08 එක තමා මේ Series එකේ අවසන් තරගාවලිය ලෙස නම් කලේ.ඕස්ට්‍රේලියාව සහභාගී නොවන තරග සඳහා තරග නරඹන පිරිස අඩුවීමත්,TV ratings අඩුවීමෙන් Broadcasting rights වලින් අලාභ සිදුවීමත් හේතුවෙන් මෙම තරගාවලිය සත්කාරක ඕස්ට්‍රේලියාවත් එක්ක සංචාරක රට සහභාගී වන Bilateral series එකක් බවට පරිවර්තනය කරා.ඒත් 2011/12 දී ඉන්දියාව ඕස්ට්‍රේලියාවේ සංචාරය කිරීම හේතුවෙන් ඉන්දියාවේ TV rights වැඩි ගානකට අලවි කරමට හැකි නිසා Tri-series එක ලාභදායී වුනා.ලංකාවට Tri-series එකේ අනෙක් රට ලෙස සහභාගී වීමේ වරම් ලැබුන.මං හිතන්නේ ඒ Series එක තමා හොඳම Tri series එක කියල 97/98 Tri-series එකට පස්සෙ.අපරාදේ අපේ සංග,මහේල,දිල්ෂාන් වගේ senior playersල ටිකක් ඉවසල 3rd final එකේ ලකුණු 230 chase කරා නං World cup එකට පස්සෙ ලකාව ලබපු ලොකුම ODI ජයග්‍රහනෙ ඒක වෙන්ට තිබ්බ.ඒ අතරෙ තිබ්බ VB ODI series එක තමා ලංකාව වෙන හැම රටකටම වඩා 96 World Cup එකට සූදානම් කරේ.





අරවින්ද සීයක් ගැහුව. හැබැයි අර්ජුන තමයි අන්තිමට McDermott කාරයගෙ (ඒ කාලේ උන්ගේ හොඳම පන්දු යවන්නා) පන්දු වාරයකට 20ක් විතර ගහල අපිව ගොඩ දැම්මෙ. මට දැන් හිතුනෙ... හොඳට බැලුවොත් මේ මැච් එක 96 WC අවසාන තරඟෙට ගොඩක්ම සමානයි 
එළ නූල
මමත් ඔය කියපු ඔක්කොම මැච් බලල තියෙනවා, ඔය සිදුවීම් ඔක්කොමත් මතකයි. මම ටීවී එකකින් බලපු පළමුවෙනි මැච් එක තමා 92 Aus සංචාරයේ පළමුවෙනි ODI එක. ඒ කාලේ අපි ඉඳල හිටලා දිනන බව සලකන කොට මගේ මැච් බැලිල්ල පටන් අරන් තියෙන්නේ බොහොම සුභ දායක විදිහට. මොකද මේ මැච් එක අපි දිනුවඅරවින්ද සීයක් ගැහුව. හැබැයි අර්ජුන තමයි අන්තිමට McDermott කාරයගෙ (ඒ කාලේ උන්ගේ හොඳම පන්දු යවන්නා) පන්දු වාරයකට 20ක් විතර ගහල අපිව ගොඩ දැම්මෙ. මට දැන් හිතුනෙ... හොඳට බැලුවොත් මේ මැච් එක 96 WC අවසාන තරඟෙට ගොඩක්ම සමානයි
![]()