බොහෝ ස්වාමි පුත්‍රයන්ටද එපා වූ අහිංසකාවි
බොහෝ ස්වාමි පුත්‍රයන්ටද හිගමනේ ගොස් ජීවත් වූ මිනිසාට ද එපා වූ අහිංසකාවිය
මැය නමින් ඉසිදාසි වේ.අවන්ත රට සිටුතුමාගේ එකම දුව විය.තම තත්වයට ගැලපෙන සිටු පවුලක සිටු පුත්‍රයෙකු හා සරණ ගිය මැය අනලසව පණ්ඩිතව උත්සහවන්තව දාසියක් මෙන් සියලු කටයුතු තම ස්වාමියාට කරදුන්නේය.නමුදු නිරන්තරයෙන් ඒ සිටු පුත්‍රයා ඇයට බැණ වදින්නීය.අවසානයේ ඔහු විසින් ඇයව මාපියන් වෙත යවන ලදි.ඉසිදාසිගේ පියා ඇයව නැවත මධ්‍යම පන්තියේ සිටුවරයෙකුට සරණ පාවා දුන්නේය.ඒ සිටු පුත්‍රයාටද තම ජීවිතය මෙන් ආදරය කළේද,සෙනෙහස දැක්වීද,මැයගේ කර්මය නිසා ඔහුටද එපා විය.
කරන්නට වෙන යමක් නොමැති හෙයින් පසුව සිටු පියා පාරේ ඉදුල් කමින් යන හිගන්නෙකු දැක ඔහු තම දුවට ස්වාමිකොට දී ඒ සිටු මැදුරේම නැවැත්වීය.මහ පුදුමයකි.අහෝ කර්මයක ඇති බලවත්කම.මැය ඔහුටද අතිශයින් ආදරයෙන් ,සෙනෙහසින් මවක් මෙන්ද සයනයෙහි වෙසගනක් මෙන්ද කටයුතු කල නමුදු මේ හිගන මිනිසාටද ඇය එපාවී සිටු මැදුරින් බැහැර වී යන්නට ගියේය. අහෝ මේ අකුසල කර්මයන්ට නින්දා වේවා.පසුව ඇය මහණ වීමට හෝ සියදිවි නසාගැනීමට තීරණය කලාය.පෙර පින් ඇති ඇය මහණ වූවාය.මහණ වී දින සතකින් රහත් වී ත්‍රිවිද්‍යාලාභී වූවාය.
මේ රහත් මෙහෙණන් වහන්සේ තමාගේ පූර්ව කර්මය (පෙර භවයන් දැක ගත හැකි නුවණින් බලා)මෙසේ කීවාය.ඇය පෙර එරකච්ච නුවර මහත් ධන ඇති රන්කරුවෙක්ව සිටියදී තරුණ මදයෙන් මත්ව පරදාර සේවනයේ යෙදී දිගු කලක් නිරයේ දුක් වින්දේය.ඉන් මිදී වැදිරියක කුස පිලිසිද ඉපදුන කල්හි නායක වදුරා මේ කුඩා වදුරාගේ පුරුෂ ලකුණ (පුරුෂ නිමිත්ත)සූරා විනාශ කලේය.මෙයද පරදාර සේවනයේ දුක් විපාකයකි.පසුව මැරීගොස් අන්ධ වූ කුදු වූ එඵදෙනක කුස පිලිසිද බිහිවූ අතර එහිදී ද බිජෝද්ධාරණය (වෘෂණ කෝෂ අයින් කිරීම/විනාශ කිරීම)කරන ලදි.තවද පුරුෂ නිමිත්ත ප්‍රදේශයේ පණුවන් ගසා අවුරුදු දොළහක් මහත් සේ දුක් විදින්නට විය.මෙයද පරදාර සේවනයේ විපාක වේ.පසුව අන්ධ වී මහත් සේ දුක්විද මැරී දාසියෙක කුස නපුංසකයෙක්ව ඉපදුනි.මෙයද පරදාර සේවනයේ විපාක වේ.පසුව අවුරුදු තිහෙන් මැරීගොස් දිලිදු වූ අසරණ පවුලක ඉපදුනාය.
ගිරිදාස නම් ගැල් අයිති තරුණයෙක් හා විවාහ වූවාය.ඔහුට තවත් බිරිදක් විය.එබැවින් මේ දිලිදු කත ඒ බිරිද කෙරෙහි ස්වාමියා බිදවා තමාගේ වසගයේම පවත්වා ගැනීමට විද්වේශන කර්මය කළාය (ස්වාමියාට ඒ බිරිද පෙනෙන විට අතිශයින්ම කිපෙන සේ කරන කටයුත්තකි)ඒ කල පහත් අකුසලය හේතුවෙන් මේ දිවියේ ඇය තම ස්වාමියාට කොපමණ ආදරය කලත් සෙනෙහස දැක්වුවත් දාසියක් මෙන් සියලු වැඩපල කලත් හොදක් නම් අසන්නට නොලැබුනි.ඇය සියලු ස්වාමි පුත්‍රයන්ට එපා වූවාය.පාරේ ඉදුල් කමින් ගිය හිගන මිනිසාට පවා එපා විය.එබැවින් සත්පුරුෂයෙනි කර්මයේ ඇති බරපතලකම තේරුම් ගෙන අතිශය පරිස්සමින් අකුසල් නොකොට ජීවත් වෙත්වා.
ථේරි ගාථා,චත්තාලීස නිපාතය,ඉසිදාසි ථේරිය
කර්ම විපාක - පූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමි
උපුටාගැනිම සසර තරණය පිටුවෙන් හොදනම් යමක් දැනගත්තානම් මටත් සලකලා යන්න

Last edited:
yako 122 kak balala sadda nethuwama gihin 

una.. 