පරණ ලයිසන් එක අළුත් කරගන්න
ඔයාලට තාමත් තියෙන්නෙ පරණ ලයිසන් එකක් නම්.. ඒක අලුත් කරගන්න කැමති නම් මේ විස්තරේ වැදගත් වෙයි..
අපිට වැඩ 2ක් කරන්න තියෙනව..
1) මෙඩිකල් රිපෝට් එකක් ගන්න ඔනේ
2) වේරහැරට ගිහිල්ල අලුත් ලයිසන් එක ගන්න ඔනේ
මම අද තනියෙන් ගිහිල්ල වැඩේ කරගත්තා.. එත් ඒ තැන් වල වැඩ වෙන විදිහ දැනගෙන යන එක තමයි වඩාත් ලේසි. මෙන්න විස්තරේ..
ඉස්සෙල්ලම යන්න ඕනෙ "National Transport Medical Institute" එකට.. ඒක තියෙන්නෙ නුගේගොඩ ගුවන් පාලම මහරගම පැත්තෙන් ඉවරවෙන තැනමයි, දකුණු පැත්තේ. හොයගන්න ලේසියි.. ලොකුවට නම ගහල තියෙනවා. එතනට උදේ 8ට වෙද්දි ගියොත් වැඩේ ඉක්මන්. ඔයල කෙලින්ම අතුලට යන්න. යද්දි දකුණු පැත්තේ තියෙනව "B" කියල ගහපු කමරයක්. මුලින්ම සපත්තු/සෙරෙප්පු ගලවල ඒක ඇතුලට යන්න.. එතනදි උසයි බරයි මැනල පොඩි ටෝකන් එකක් දෙනව මේ වගේ..

ඒකත් අරන් "B" කාමරේම ලියාපදින්චිය සදහ තියෙන කවුන්ටර් එකකට පරණ ලයිසන් එකයි ජාතික හැදනුම්පතයි දීල ලියාපදින්චි වෙන්න ඕනේ. ඊට පස්සෙ යන්න ඕනේ සල්ලි ගෙවන්න "A" කවුන්ටර් එකට. එතනට කලින් දීපු ටෝකන් එක දීල සල්ලි ගෙවන්න ඕනේ, මට නම් 700/= ගියා. එතනින් මේ වගේ රිසිට් එකක් දෙනව.

ඒ රිසිට් එක එතන එලියෙ මේසෙ ඉන්න කෙනාට දුන්නහම එයා නම ලියාගෙන අපිට ෆොටෝ ගන්න කමරේට යන්න කියනවා.. එතනින් ෆොටෝ එකට ඉදල රිසිට් එකත් අරන් උඩ තට්ටුවට යන්න ඕනෙ. (ෆොටෝ එක ගන්න පස්සෙ එන්න ඕනෙ. උඩට යන්න පඩි පෙල තියෙන්නේ ඇතුල්වෙන තැනමයි )
උඩ තට්ටුවෙ 16 වෙනි කමරේට තමයි යන්න ඕනේ.. අපි ගිය ගමන් නොම්මර 16 ලොකුවට ගහපු බෝඩ් එකක් පේනව.. එතන මේසයක් තියන් දෙන්නෙක් ඉන්නවා.. එතනට අර රිසිට් එකයි ටෝකන් එකයි දීල හිස් මෙඩිකල් රිපෝට් කොලේ ගන්න ඕනෙ. ඒකත් අරන් රතු පාට පුටු වල ඉදගෙන ඉන්න ඕනේ. පුටු වල ඉදගන්න පිලිවෙලට තමයි මෙඩිකල් චෙක් වලට ගන්නේ (සෙල්ලම් පුටු තරගෙ වගෙ පුටු මාරු වෙවී ඉස්සරහට යන්න ඕනේ). අපේ වාරෙ ආවහම ඉස්සෙල්ලම ලේ පරීක්ශාව තමයි කරන්නෙ (අගිල්ලෙන් ලේ ටිකක් ගන්නව.. බය වෙන්න දෙයක් නැහැ ). එතනදි කියනව අපේ ලේ වර්ගය මොකක්ද කියලා. ඊට පස්සේ අපි එලියෙ තියෙන නිල් පාට පුටු වල ඉදගෙන ඉන්න ඔනෙ අපේ නම කතාකරනකම්.
අපේ නම කතාකරහම අපිව (තව පස් හය දෙනෙක් එක්ක ) දොස්තර කෙනෙක් ඉන්න කාමරෙකට යවනව. එතනදි අපේ ඇස් පෙනීම, රුධිර පීඩනය සහ ශාරීරික යෝග්යතවය පරීක්ශාකරනව ( ඔයාල ඇස් කන්නඩි දානව නම් මතක අතුව එක අරන් යන්න.. මම ඉන්න වෙලේ කන්නඩි අමතක වෙලා අපු එකෙක්ට හෙන ගේමක් දෙන්න උනා ) . එතන ඉන්න දොස්තර අපේ හිස් මෙඩිකල් රිපෝට් කොලේ ගන්නවා.. ඊට පස්සේ අපිට කියනව පහලට ගිහිල්ල ෆොටෝ අරන් එන්න කියල. පහලින් අපෙ ෆොටෝ එක අරන් ඇවිල්ල දොස්තර ගාව ඉන්න සහායකයට දෙන්න ඕනේ. දීල එලියට වෙලා ඉන්න ඕනේ.. ටිකකින් අයිමත් නම් කතාකරනව.. එතකොට අපිට අපේ මෙඩිකල් රිපෝට් එක අතට හම්බුවෙනව. ඒක හොදට බලන්න.. නම සහ අනිත් විස්තර හරිද කියලා.
දැන් මෙඩිකල් රිපෝට් එක හරි.. ඊලගට තියෙන්නෙ වේරහැර බලා ගමන් ඇරඹිමයි.
වේරහැර රියැදුරු බලපත්ර අංශයට තමයි අපි යන්න ඔනෙ.. ගේට්ටුවෙන් ඇතුල්වෙලා දිගටම යන්න, කැන්ටින් එකට පස්සෙ තමයි ඕක හම්බුවෙන්නෙ, වම් අත පැත්තෙ.
ඇතුල් උන ගමන්ම වම්පැත්තෙ තියෙන කවුන්ටර් එකට ලයිසන් අලුත් කරන්න කියල ටෝකන් එකක් ඉල්ලගන්න ඔනෙ.. එතනදි අහනව එක්දින සේවාද? සාමාන්ය සේවාද? කියලා.. ( මම නම් එක්දින සේවා තමයි ගත්තේ.. 2200/= ගියා.. සල්ලි ගෙවන්නෙ පස්සෙ ) ටිකක් වෙලා ඉදගෙන ඉන්නකොට ටෝකන් නොම්මර කතාකරනව, එක පාර 5ක් 6ක් ගන්නව.
ඇතුලෙ නොම්මර දාපු පොඩි පොඩි කවුන්ටර්ස් තියෙන්නෙ.. අපිට ටෝකන් පිලිවෙලට ඉදගන්න කියල එක්කෙනා එක්කෙනා කතා කරනව. එතනදි අපේ ඇගිලි සලකුන, අත්සන, ෆොටෝ එක ගන්නව.. තව ඇප්ලිකේශන් ෆෝර්ම් එකක් ප්රින්ට් කරල දෙනව.. එකේ ලිපිනය, දු.ක අංකය වගේ ඒව අපි පුරවල කවුන්ටර් 15 ඉදන් 27 වෙනකන් ඕන එකකට දෙන්නයි තියෙන්නෙ. එතනින් අපේ ජාතික හැදනුම්පත, පරණ ලයිසන් එක, මෙඩිකල් එක, ඇප්ලිකේශන් එක බලලා ස්කෑන් කරගන්නව. එතනදි පරණ ලයිසන් එක පන්ච් කරනව.
ඊට පස්සෙ කවුන්ටර් 31ට යවනව සල්ලි ගෙවන්න. එතනින් දෙනව තව රිසිට් එකක් වගේ එකක්. ඊට පස්සෙ අපි ඒකත් අරන් යන්න ඔනෙ අපි වේරහැරට ඇතුල් උන තැනම වම් පැත්තෙ තිබ්බ හෝල් එකට.. එතනින් තමයි අලුත් ලයිසන් එක දෙන්නෙ. මම එතනට ගිහිල්ල අර බිල දුන්නහම 2ට විතර එන්න කිවුව, එතකොට වෙලාව 11.30. මම කැන්ටිමෙන් පොඩ්ඩක් සප්පායන් වෙලා රවුමක් ගහල 12.45ට විතර එතනට ගියා.. 1.00 වෙද්දි ලයිසන් එක රෙඩි වෙලා නම කතාකරා, අර බිල දීල ලයිසන් එක ගත්ත. වැඩේ ගොඩ. ඔයාලත් එතනින් එන්න කියන වෙලාවට කලින් ගිහිල්ල ඉන්න.. කියන තරම් වෙලවක් යන්නෙ නැහැ ලයිසන් එක එන්න.
මේක මගෙ පලවෙනි ත්රෙඩ් එක.. කියවල ඔයලගෙ අදහස් කියන්න..