Hiru FM මාෆියාව

Sri South

Member
Oct 23, 2013
20
2
0
සිංදු වලින් සල්ලි ගරන හිරු එෆ්.එම් මාෆියාව
hiru+logo.jpg


ගුවන් විදුලි නාලිකා වල ගීත ප්‍රචාරය කිරීම සඳහා මුදල් ලබාගැනීම මේවන විට මාෆියාවක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම රින්ගින්ටෝන් මාෆියාවේ සහ ගීත ප්‍රචාරය කිරීමට මුදල් ලබාගැනීම පිටුපස සිටින්නේ අන්කිසිවකු නොව ලංකාවේ ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවක් වන හිරු එෆ්.එම් ය.

සාමන්‍යයෙන් සිදුවිය යුත්තේ ගායකයාගේ ගීත ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම වෙනුවෙන් ගුවන් විදුලි නාලිකාව විසින් එම ප්‍රචාරය කරන වාරයක් පාසා මුදල් ගෙවිය යුතු වේ. නමුත් දැන් එය උඩු යටිකුරුවී ගායකයාට තමාගේ ගීතය ප්‍රචාරය කිරීමට මුදල් ලබාදීමට සිදුවී තිබේ.

ගුවන් විදුලි නාලිකාවල නිවේදකයන්ට නිෂ්පාදකයන්ට මුදල් ලබා දෙමින් සන්තෝෂ කිරීමේ කාර්යය පැවතුනේ ඈත අතීතයේ සිටය. මෙය ආරම්භ කලේ එක්තරා ප්‍රසිද්ධ කැසට් පට නිෂ්පාදන ආයතනයක් විසිනි.

ඔවුන්ගේ ලේබලයෙන් නිකුත් කරන ගීත වදිවාරයක් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීම සඳහා ඔවුන් නිවේදකයන්ට අත යටින් මුදල් ලබාදී තිබුන අතර එම මුදල ඇතැම් නිවේදකයන්ගේ මාසික වැටුප ඉක්මවා ගොස් තිබුණි.

ඒ අනුව නිවේදකයන් මෙය ජාවාරමක් කරගත් අතර තමන්ට වැඩි සැලකීමක් ලැබෙන ආයතන වල ගීත වැඩියෙන් ප්‍රචාරය කිරීම සිදුකරන ලදී. මෙය අඩු වැඩි වශයෙන් විවිධ ගුවන් විදුලි නාලිකා වල සිදුවුවත් අප සෘජුව මෙයට හිරු ගුවන් විදුලියට චෝදනා නැගුයේ ඔවුන් දැන් එය ප්‍රසිද්ධියේ සිදු කරන හෙයිනි.

බොහෝ ගායකයන් විසින් මෙය සිදුකලත් ඔවුන් මුදල් දී ප්‍රචාරය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව වචනයක්වත් පිටට කියන්නේ නැත. නමුත් නවපරපුරේ ගීත රචකයෙකු වන ඩිලාන් ගමගේ එය එළිපිට පුවත්පතකට සම්මුඛ සාකච්චාවක් ලබාදෙමින් හෙළිකොට තිබුණි.

මව්බිම පුවත්පතේ පළවූ එම සංවාදයේ කොටසක් පහත වේ.
දෙරණ මියුසික් වීඩියෝ එවෝඩ්වල සම්මාන ගත්ත හැමෝම කිව්ව "මේ සිංදුව සල්ලි දීල ගහගත්තේ නෑ" කියල. ඒත් ඩිලාන්ල සම්මානෙ ගන්නකොට ඒ බව නොකිව්වෙ සල්ලි දීල සිංදු ගහගන්න නිසා නේද?
ඒයි ඒයි, මොනවද මේ අහන ප්‍රශ්න. ඒව එහෙම පත්තරේ දාන්න එපා. ඊළඟ ප්‍රශ්නෙ අහන්න...

ඊළඟ ප්‍රශ්නෙට යන්න කලිං මේ ප්‍රශ්නෙට උත්තර ඕන ඩිලාන්.
මෙහෙමයි. මුල්ම සිංදු එකක්වත් මම මීඩියාවලට සල්ලි දීල ප්ලේ කරගත්තේ නෑ. ඉවසයිද මන්දා, එකයි සුරේන්ද්‍රගෙ තාමත් මුණ ගැසුනෙ නැතත් සිංදුවයි විතරයි සල්ලි දීල ගැස්සුවෙ. 'ඉවසයිද මන්දා' 'හිට්'කළේ 'හිරු' එකට සල්ලි දීලා. කිසිම කෙනෙකුට මගේ අනිත් සිංදුවලට ඒ චෝදනාව එල්ල කරන්න බෑ.

ඩිලාන් ගමගේ මේ කියන්නේ දැන් එළිපිටම සිදුවන සත්‍යය. මෙසේ සිතන්න ඔබට සල්ලි තිබේ, නමුත් ගීත ගායනා කිරීමේ හැකියාවක් ඔබට නැත. නමුත් ඔබට ගීත ගායකයෙකු වශයෙන් ජනප්‍රිය වීමටද ඔබට අවශ්‍යයය. එසේ නම් ඔබට ඇත්තේ කෙසේ හෝ නව පරපුරේ ගීත රචකයෙකු ලවා ගීතයක් ලියවා ගෙන එය කෙසේ හෝ ගායනාකොට ගුවන් විදුලි නාලිකාවට ලබා දීමයි.

ගුවන් විදුලි නාලිකාවේ ගීත ප්‍රචාරය සඳහා විවිධ පැකේජ ඇතිඅතර මසකට ලක්ෂ පහක් ලබා දුන්නොත් ඔබට ඔබේ ගීතය මාසයක් පුරාවට විකාශය කරගත හැක. එතනින් නොනැවතී එම නාලිකාවේ චාට් ෂෝ එකේ වැඩි කලක් ඉහල ස්ථානයේ ජනප්‍රිය ගීතය ලෙසද තබා ගත හැක.

ගීතය ජනප්‍රිය කරගැනීමට එසේ මුදල් ගෙවීමෙන් අනතුරුව ඔබට මුදල් ඉපයීම මාර්ගයක් ද තිබේ. ඒ රින්ගින්ටෝන් මාෆියාවයි. රින්ගින් ටොන් මගින් ඔබට මසකට ලක්ෂ 30 සිට ඉහලට ඉපයිය හැක. තීක්ෂණ අනුරාධ ගැයූ ‘ඔබ තරම්’ ගීතය රුපියල් ලක්ෂ 80 ක් ද නොයෙල් රාජ් ගැයූ ‘දුක වැඩි තරමට’ ගීතය ලක්ෂ 90 ක් පමණද මේවනවිට උපයා ඇත.

දෙරණ මියුසික් වීඩියෝ අවොර්ඩ්ස් හි බොහෝ ගායකයන් පැමිණ මෙම ගීතය මුදල් ගෙවා ප්‍රචාරය කර නොගත් බව කීමෙන් එහි සීතල යුද්ධයක් ඇති විය. මේ සම්බන්ධව සොයා බැලීමට අප හිරු ගුවන් විදුලියට දුරකථන ඇමතුමක් දුන් අතර අපට පෙර තොරතුරු හෙළිකර තිබු පරිදිම ඔවුන් එය දුරකථනය හරහා නොකීමට වගබලාගන්නා අතර හිරු කාර්යාලයට පැමිණ කතා බහ කරන මෙන් ඉලා සිටී.

ඔවුන් හා අප අතර ඇතිවූ සංවාදය මෙසේය.

තිස්තුන්දාහ : හෙලෝ හිරු එෆ්.එම් ද?
හිරු : ඔව්

තිස්තුන්දාහ : මට සින්දුවක් ප්ලේ කරගන්න ඕන..ඒක ගැන දැනගන්නේ කොහමද ?
හිරු : ලයින් එකේ ඉන්න (වෙනත් තැනකට ඇමතුම මාරු කරයි)

තිස්තුන්දාහ : මට සින්දුවක් ප්ලේ කරගන්න ඕන..මම අලුතින් ඇල්බම් එකක් කරලා තියෙන්නේ
හිරු : ආ පොඩ්ඩක් ඉන්න ලයින් එකේ (තවත් තැනකට ඇමතුම මාරු කරයි)

තිස්තුන්දාහ :මට සින්දුවක් ප්ලේ කරගන්න ඕන..මම අලුතින් ඇල්බම් එකක් කරලා තියෙන්නේ
හිරු :හරි

තිස්තුන්දාහ : මම කලින් ඇවිල්ල කතා කරගත්ත වෙලාවේ කිව්වා පැයකට එකපාරක් ගහන්න පැකේජ් එකක් තියෙනවා කියල..කොහමද කරගන්නේ ඒක?
හිරු :ආ හා..කවුද මේ කතා කරන්නේ..මීට කලින් ආවද මෙහෙට?

තිස්තුන්දාහ : ඔව් මීට කලින් ආවා..එතකොට මගේ ට්‍රැක් එක ෆයිනල්යිස් කරලා තිබුනේ නැහැ
හිරු : ආ හා ආ.. මම හිතන්නේ ඔයා ආපහු අපේ ඔෆිස් එකට ආවනම් තමා හරි ..මොකද මට කියන්න බෑ ඒක හරියටම වෙන්නේ කොහමද කියලා..ඔයා හිරු එකට දාගන්න නේද?

තිස්තුන්දාහ :ඔව්..කලින් මට කිව්වා පැයකට පාරක් ගහන්න පැකේජ් එකක් තියෙනවා කියලා..මම විෂුවල් එකකුත් කරලා තියෙනවා..
හිරු :කව්ද ඔයත් එක්ක කලින් කතා කරේ?

තිස්තුන්දාහ :. අ.......රන්ගේ හරි...මට හරියට මතක නෑ ...රුහුණ ගේ වගේ..
හිරු : ආ *** රුහුණ ගේ ද?

තිස්තුන්දාහ : ඔව් ඒ වගේ නමක්
හිරු : මෙහෙමයි ඔයාට පුලුවන්නම් අපේ ඔෆිස් එකට එන්න.ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ කෙනාව හම්බ වෙලා ඒ දේවල් කරගන්න

තිස්තුන්දාහ: මිස්ටර් රුහුණ ගේ ද මේක තාම හැන්ඩ්ල් කරන්නේ?
හිරු : ඔව්..තව එක්කෙනෙකුත් ඉන්නවා..

තිස්තුන්දාහ :ඇපොයිමන්ට් එකක් දාගෙනද එන්න ඕන..
හිරු : ඔයාට පුළුවන් ඒක සෙට්ල් ඩවුන් කරගන්න ආවොත්..මොකද ඕවර ද ෆෝන් කියන්නම් ටිකක් අමාරුයි

තිස්තුන්දාහ : කවුද මම ඇවිත් හම්බවෙන්න ඕන ? රුහුණ ගේද ? අනිත් කෙනා කවුද?
හිරු : එයාගේ මට හරියටම ඩීටේල්ස් දෙන්න අමාරුයි

තිස්තුන්දාහ :මම පහුගිය කාලේ ඇක්සිඩන්ට් වෙලා හිටියේ..මගේ මල්ලි කෙනෙක් තමා සින්දුව ගෙනත් දීල තිබුනේ..ඒක නිකන් ලයිබ්රි එකට දාල විතරයි තිබ්බේ..එයා දන්නේ නෑ මම මේක කතාකරගෙන තිබ්බ කියලා..
හිරු : ඔයාට තිළිණද මේක කිව්වේ ?

තිස්තුන්දාහ :ඔව්..
හිරු : ආ එහෙනම් ඔයා ඇවිල්ල කියන්නකෝ ප්‍රසාද් ව හම්බවෙන්න ඕන කියලා

ඉහත සංවාදයේ හඬපට අප සතුය.

හිරු හි පැකේජ් ක්‍රමයට කනේ පහරක් ගැසූ ඉරාජ් ගේ පැකේජ් සින්දුව පහතින් බලන්න

33000හේ අද ගිය ආටිකල් එකක්.

සල්ලි වලට සිංදු ප්‍රචාරය කරාට කමක් නැහැ ඇඩ්වටිස්මන්ට් විදියට ඒවා දානවා නං. මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට එපා වෙනවා මේ වගේ වැඩ නිසා. මෙලෝ රහක් නැති සිංදු වැහි වැහලා දැන්. මිනිස්සුත් ඒවට හුරු වෙලා දැන්
 

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඉතින් ඔකේ වැරැද්ද මොකක්ද? ඔනම ආයතනයක් ලාබ ලබන්න මිසක් පාඩු ලබන්න පවත්වන්නේ නැනේ..
 

Sri South

Member
Oct 23, 2013
20
2
0
ඉතින් ඔකේ වැරැද්ද මොකක්ද? ඔනම ආයතනයක් ලාබ ලබන්න මිසක් පාඩු ලබන්න පවත්වන්නේ නැනේ..

වැරැද්ද තමා හොඳ නිර්මාණ ජනතාව අතර ජනප්‍රිය නොවෙන එක. FM නාලිකා සාමාන්‍ය සිල්ලර කඩ වගේ වැඩ කරාම හරි යන්නේ නෑනේ. මොකද සිල්ලර කඩ ඕනේ කෙනෙක්ට දාන්න පුළුවන් උනාට FM නාලිකා පවත්තන්න රජයෙන් අවසර පත්‍ර ලැබෙන්නේ අතලොස්සකටනේ. ඒ නිසා රජය නැත්තම් ජනතාවගේ කැමැත්ත අනුවයි නාලිකා වල වැඩසටහන් නිර්මාණය වෙන්න ඕනේ. නැතිව මුදල් පදනම් කරගෙන නෙමෙයි. ලාභ ලබන්න වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරන්න පුළුවන්.
 

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඒත් මම බැලුව කව්රුත් අකමැති ගොබ්බ සින්දු මෙච්චර හිට් වෙන්නේ කොහොමද කියලා?
    බැලුවම මේකනේ රහස..
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    කවුරු මොන දේ කතා කරත් ප්‍රබලයා දිනනවා දුබලයා පරදිනවා.. සල්ලි තමයි හෑමදේම තීරනය කරන්නේ. සල්ලි නෑත්තන් සල්ලි තියේන එකාගේ වෑරදි හොයන්නේ නෑතිව සල්ලි හොයාගන්න ට්‍රයි කරන්න ඕන. Businesses for profits වෙනයි charities වෙනයි.
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හැම දාම එකම වචන සෙට් එකක් දාල එකම කතාවකට කිසිම තේරුමක් නැතුව කොල්ලෙක් නිකන් බොරුවට අඬන ඒවා බලන මිනිස්සුන්ටයි අනින්න ඕනේ හොඳ ටොක්කක්
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    oka aluth deyak nemei ban. kochchara hoda sinduwak wunath pay karanna ona.
    kellek wage nam wena monawahair dila wunath shape wenna puluwan
     

    Sri South

    Member
    Oct 23, 2013
    20
    2
    0
    ඒත් මම බැලුව කව්රුත් අකමැති ගොබ්බ සින්දු මෙච්චර හිට් වෙන්නේ කොහොමද කියලා?
    බැලුවම මේකනේ රහස..

    හැම දාම එකම වචන සෙට් එකක් දාල එකම කතාවකට කිසිම තේරුමක් නැතුව කොල්ලෙක් නිකන් බොරුවට අඬන ඒවා බලන මිනිස්සුන්ටයි අනින්න ඕනේ හොඳ ටොක්කක්

    යන්නෙම ඒවානන් ඉතිං වෙන බලන්න දෙයක් නෑනේ. මාසෙකට විතර කලින් ලයිට් කපපු වෙලාවක මං ෆෝන් එකෙන් රේඩියෝ එක දා ගත්තා. ජීවිතේට අහපු නැති මෙලෝ රහක් නැති සිංදුවක් තුන් පාරක් ගියා ඒ පැය දෙකක විතර කාලය තුල. අඩු ගානේ ඒ සින්දුවේ නමවත් මට මතක හිටියේ නෑ. ඒවා අතරින් දාන හොඳ සිංදු වලටත් අගෞරවයක් ඔහොම සිංදු ගොඩක් එක්ක එකම මට්ටමට වැටෙන්න වෙච්ච එක
     

    Sri South

    Member
    Oct 23, 2013
    20
    2
    0
    okun maha kaalakanni ban, penne nadda ara dumindayava market karanna dagalana dagalilla..........

    oka aluth deyak nemei ban. kochchara hoda sinduwak wunath pay karanna ona.
    kellek wage nam wena monawahair dila wunath shape wenna puluwan

    සිංදු පැකේජ් මාෆියාව ගැන මොනා හරි ක්‍රියාමාර්ගයක් ගන්නවනං හොඳයි. දැන් අහන්න අලුත් හොඳ සිංදු නැති තරම්. එන්න එන්නම මේ තත්වේ වැඩි උනානේ.
     

    Sri South

    Member
    Oct 23, 2013
    20
    2
    0
    කවුරු මොන දේ කතා කරත් ප්‍රබලයා දිනනවා දුබලයා පරදිනවා.. සල්ලි තමයි හෑමදේම තීරනය කරන්නේ. සල්ලි නෑත්තන් සල්ලි තියේන එකාගේ වෑරදි හොයන්නේ නෑතිව සල්ලි හොයාගන්න ට්‍රයි කරන්න ඕන. Businesses for profits වෙනයි charities වෙනයි.

    ඔය තත්වේ හැමදමා කලාව තුලත් තිබුණා. ඒත් මේ තරම් පරිහානියක් තිබුන් නෑ ගීත නිර්මාණ වල දන්න කාලෙක නන්. ඕක පාලනය කරන්න බැරි දෙයක් නෙමෙයි කරන්න අවශ්‍ය නං. ඒක නිසා මේක නවත්තන්න මොකක් හරි කරනවා නං හොඳයි
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    machan oya pakege seen eka mara kes ekk ban danna thramata laksha 6 gannawa oke ,anith ewageth ehema thama ,sinduwak karanna yanne podi ganyi ,danna yana gana mara wadi ,enisa mara awulak wela thiyenne
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    oka aluth deyak nemei ban. kochchara hoda sinduwak wunath pay karanna ona.
    kellek wage nam wena monawahair dila wunath shape wenna puluwan

    umba kiyana eka hariyata hari
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සිංදු පැකේජ් මාෆියාව ගැන මොනා හරි ක්‍රියාමාර්ගයක් ගන්නවනං හොඳයි. දැන් අහන්න අලුත් හොඳ සිංදු නැති තරම්. එන්න එන්නම මේ තත්වේ වැඩි උනානේ.
    eka mara amaru wadk dan kauda oya chan ahanne :baffled::baffled::baffled:
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ඔය තත්වේ හැමදමා කලාව තුලත් තිබුණා. ඒත් මේ තරම් පරිහානියක් තිබුන් නෑ ගීත නිර්මාණ වල දන්න කාලෙක නන්. ඕක පාලනය කරන්න බැරි දෙයක් නෙමෙයි කරන්න අවශ්‍ය නං. ඒක නිසා මේක නවත්තන්න මොකක් හරි කරනවා නං හොඳයි

    රේඩියෝ ගහන්නේ මිනිස්සු ඉල්ලන දේ.. මිනිස්සු ඉල්ලන්නේ උන්ගේ ඔලුගෙඩි වලට රින්ගවල තියේන දේ... ඔලුගෙඩිවලට මෙලෝ ර්හක් නෑති දේවල් ඔබන්නේ හපුතල් යනකොටහරක් දක්කනවා වගේ පෑය 24ම බයිලා නන්ස්ටොප් ගහ ගහ රට වලට දක්කන තුට්ටු දෙකේ රේඩියෝ චෑනල්... මුලු දවසේම ඉන්ඩියන් ජරාවල්, බොලද මෙගා විකාර පෙන්නන හිගන ටීවී චෑනල්. උන් කරන්නේ බිස්නස් එකක්, රටේ මිනිස්සු දෑනගන්න ඕන හරි දේ ගන්න අනිත් දේ ප්‍රතික්ශේප කරන්න... ඒත් මිනිස්සුත් ඉල්ලන්නේ ඒ දේම තමයි.
     

    Sri South

    Member
    Oct 23, 2013
    20
    2
    0
    machan oya pakege seen eka mara kes ekk ban danna thramata laksha 6 gannawa oke ,anith ewageth ehema thama ,sinduwak karanna yanne podi ganyi ,danna yana gana mara wadi ,enisa mara awulak wela thiyenne

    ඔව්. රුපවාහිනි නාලිකා වලත් එහෙමයිලු. සල්ලි ගෙව්වම ඒ වගේ වැඩසටහන් වලටත් ගායකයෝ ගෙන්න ගන්නවලු අමුත්තෝ විදියට. හැකියාව තියෙන මිනිස්සුත් සල්ලි හොයන්න පෙලබෙනවා මිසක් නිර්මාණ කරන්න පෙලබෙන් නෑ ඉතින්. අර ලිරික්ස් දාපු සිංදුවක් තිබුනා නේද? මොකද උනේ?
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හැම දාම එකම වචන සෙට් එකක් දාල එකම කතාවකට කිසිම තේරුමක් නැතුව කොල්ලෙක් නිකන් බොරුවට අඬන ඒවා බලන මිනිස්සුන්ටයි අනින්න ඕනේ හොඳ ටොක්කක්
    machan eka balpanwa minisunnge dina chrayawa ,arthika ththwaya ,ewa hoda wenakota ,manasika nidahasa labenakota thama hoda raswindana shkthiyak enne ,nathnm one ekk hoda thama
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඔව්. රුපවාහිනි නාලිකා වලත් එහෙමයිලු. සල්ලි ගෙව්වම ඒ වගේ වැඩසටහන් වලටත් ගායකයෝ ගෙන්න ගන්නවලු අමුත්තෝ විදියට. හැකියාව තියෙන මිනිස්සුත් සල්ලි හොයන්න පෙලබෙනවා මිසක් නිර්මාණ කරන්න පෙලබෙන් නෑ ඉතින්. අර ලිරික්ස් දාපු සිංදුවක් තිබුනා නේද? මොකද උනේ?
    eka maga nawathila thiyenne ,me ralla aduwenkm balan inna wenwa ,onema ekakkta kalyak thiyenwa ne ,dan digital wadk karanth try karanwa