සිංදු වලින් සල්ලි ගරන හිරු එෆ්.එම් මාෆියාව
ගුවන් විදුලි නාලිකා වල ගීත ප්‍රචාරය කිරීම සඳහා මුදල් ලබාගැනීම මේවන විට මාෆියාවක් බවට පත්ව ඇත. විශේෂයෙන්ම රින්ගින්ටෝන් මාෆියාවේ සහ ගීත ප්‍රචාරය කිරීමට මුදල් ලබාගැනීම පිටුපස සිටින්නේ අන්කිසිවකු නොව ලංකාවේ ප්‍රසිද්ධ ගුවන් විදුලි නාලිකාවක් වන හිරු එෆ්.එම් ය.
සාමන්‍යයෙන් සිදුවිය යුත්තේ ගායකයාගේ ගීත ගුවන් විදුලියේ ප්‍රචාරය කිරීම වෙනුවෙන් ගුවන් විදුලි නාලිකාව විසින් එම ප්‍රචාරය කරන වාරයක් පාසා මුදල් ගෙවිය යුතු වේ. නමුත් දැන් එය උඩු යටිකුරුවී ගායකයාට තමාගේ ගීතය ප්‍රචාරය කිරීමට මුදල් ලබාදීමට සිදුවී තිබේ.
ගුවන් විදුලි නාලිකාවල නිවේදකයන්ට නිෂ්පාදකයන්ට මුදල් ලබා දෙමින් සන්තෝෂ කිරීමේ කාර්යය පැවතුනේ ඈත අතීතයේ සිටය. මෙය ආරම්භ කලේ එක්තරා ප්‍රසිද්ධ කැසට් පට නිෂ්පාදන ආයතනයක් විසිනි.
ඔවුන්ගේ ලේබලයෙන් නිකුත් කරන ගීත වදිවාරයක් ගුවන් විදුලියෙන් ප්‍රචාරය කිරීම සඳහා ඔවුන් නිවේදකයන්ට අත යටින් මුදල් ලබාදී තිබුන අතර එම මුදල ඇතැම් නිවේදකයන්ගේ මාසික වැටුප ඉක්මවා ගොස් තිබුණි.
ඒ අනුව නිවේදකයන් මෙය ජාවාරමක් කරගත් අතර තමන්ට වැඩි සැලකීමක් ලැබෙන ආයතන වල ගීත වැඩියෙන් ප්‍රචාරය කිරීම සිදුකරන ලදී. මෙය අඩු වැඩි වශයෙන් විවිධ ගුවන් විදුලි නාලිකා වල සිදුවුවත් අප සෘජුව මෙයට හිරු ගුවන් විදුලියට චෝදනා නැගුයේ ඔවුන් දැන් එය ප්‍රසිද්ධියේ සිදු කරන හෙයිනි.
බොහෝ ගායකයන් විසින් මෙය සිදුකලත් ඔවුන් මුදල් දී ප්‍රචාරය කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳව වචනයක්වත් පිටට කියන්නේ නැත. නමුත් නවපරපුරේ ගීත රචකයෙකු වන ඩිලාන් ගමගේ එය එළිපිට පුවත්පතකට සම්මුඛ සාකච්චාවක් ලබාදෙමින් හෙළිකොට තිබුණි.
මව්බිම පුවත්පතේ පළවූ එම සංවාදයේ කොටසක් පහත වේ.
දෙරණ මියුසික් වීඩියෝ එවෝඩ්වල සම්මාන ගත්ත හැමෝම කිව්ව "මේ සිංදුව සල්ලි දීල ගහගත්තේ නෑ" කියල. ඒත් ඩිලාන්ල සම්මානෙ ගන්නකොට ඒ බව නොකිව්වෙ සල්ලි දීල සිංදු ගහගන්න නිසා නේද?
ඒයි ඒයි, මොනවද මේ අහන ප්‍රශ්න. ඒව එහෙම පත්තරේ දාන්න එපා. ඊළඟ ප්‍රශ්නෙ අහන්න...
ඊළඟ ප්‍රශ්නෙට යන්න කලිං මේ ප්‍රශ්නෙට උත්තර ඕන ඩිලාන්.
මෙහෙමයි. මුල්ම සිංදු එකක්වත් මම මීඩියාවලට සල්ලි දීල ප්ලේ කරගත්තේ නෑ. ඉවසයිද මන්දා, එකයි සුරේන්ද්‍රගෙ තාමත් මුණ ගැසුනෙ නැතත් සිංදුවයි විතරයි සල්ලි දීල ගැස්සුවෙ. 'ඉවසයිද මන්දා' 'හිට්'කළේ 'හිරු' එකට සල්ලි දීලා. කිසිම කෙනෙකුට මගේ අනිත් සිංදුවලට ඒ චෝදනාව එල්ල කරන්න බෑ.
ඩිලාන් ගමගේ මේ කියන්නේ දැන් එළිපිටම සිදුවන සත්‍යය. මෙසේ සිතන්න ඔබට සල්ලි තිබේ, නමුත් ගීත ගායනා කිරීමේ හැකියාවක් ඔබට නැත. නමුත් ඔබට ගීත ගායකයෙකු වශයෙන් ජනප්‍රිය වීමටද ඔබට අවශ්‍යයය. එසේ නම් ඔබට ඇත්තේ කෙසේ හෝ නව පරපුරේ ගීත රචකයෙකු ලවා ගීතයක් ලියවා ගෙන එය කෙසේ හෝ ගායනාකොට ගුවන් විදුලි නාලිකාවට ලබා දීමයි.
ගුවන් විදුලි නාලිකාවේ ගීත ප්‍රචාරය සඳහා විවිධ පැකේජ ඇතිඅතර මසකට ලක්ෂ පහක් ලබා දුන්නොත් ඔබට ඔබේ ගීතය මාසයක් පුරාවට විකාශය කරගත හැක. එතනින් නොනැවතී එම නාලිකාවේ චාට් ෂෝ එකේ වැඩි කලක් ඉහල ස්ථානයේ ජනප්‍රිය ගීතය ලෙසද තබා ගත හැක.
ගීතය ජනප්‍රිය කරගැනීමට එසේ මුදල් ගෙවීමෙන් අනතුරුව ඔබට මුදල් ඉපයීම මාර්ගයක් ද තිබේ. ඒ රින්ගින්ටෝන් මාෆියාවයි. රින්ගින් ටොන් මගින් ඔබට මසකට ලක්ෂ 30 සිට ඉහලට ඉපයිය හැක. තීක්ෂණ අනුරාධ ගැයූ ‘ඔබ තරම්’ ගීතය රුපියල් ලක්ෂ 80 ක් ද නොයෙල් රාජ් ගැයූ ‘දුක වැඩි තරමට’ ගීතය ලක්ෂ 90 ක් පමණද මේවනවිට උපයා ඇත.
දෙරණ මියුසික් වීඩියෝ අවොර්ඩ්ස් හි බොහෝ ගායකයන් පැමිණ මෙම ගීතය මුදල් ගෙවා ප්‍රචාරය කර නොගත් බව කීමෙන් එහි සීතල යුද්ධයක් ඇති විය. මේ සම්බන්ධව සොයා බැලීමට අප හිරු ගුවන් විදුලියට දුරකථන ඇමතුමක් දුන් අතර අපට පෙර තොරතුරු හෙළිකර තිබු පරිදිම ඔවුන් එය දුරකථනය හරහා නොකීමට වගබලාගන්නා අතර හිරු කාර්යාලයට පැමිණ කතා බහ කරන මෙන් ඉලා සිටී.
ඔවුන් හා අප අතර ඇතිවූ සංවාදය මෙසේය.
තිස්තුන්දාහ : හෙලෝ හිරු එෆ්.එම් ද?
හිරු : ඔව්
තිස්තුන්දාහ : මට සින්දුවක් ප්ලේ කරගන්න ඕන..ඒක ගැන දැනගන්නේ කොහමද ?
හිරු : ලයින් එකේ ඉන්න (වෙනත් තැනකට ඇමතුම මාරු කරයි)
තිස්තුන්දාහ : මට සින්දුවක් ප්ලේ කරගන්න ඕන..මම අලුතින් ඇල්බම් එකක් කරලා තියෙන්නේ
හිරු : ආ පොඩ්ඩක් ඉන්න ලයින් එකේ (තවත් තැනකට ඇමතුම මාරු කරයි)
තිස්තුන්දාහ :මට සින්දුවක් ප්ලේ කරගන්න ඕන..මම අලුතින් ඇල්බම් එකක් කරලා තියෙන්නේ
හිරු :හරි
තිස්තුන්දාහ : මම කලින් ඇවිල්ල කතා කරගත්ත වෙලාවේ කිව්වා පැයකට එකපාරක් ගහන්න පැකේජ් එකක් තියෙනවා කියල..කොහමද කරගන්නේ ඒක?
හිරු :ආ හා..කවුද මේ කතා කරන්නේ..මීට කලින් ආවද මෙහෙට?
තිස්තුන්දාහ : ඔව් මීට කලින් ආවා..එතකොට මගේ ට්‍රැක් එක ෆයිනල්යිස් කරලා තිබුනේ නැහැ
හිරු : ආ හා ආ.. මම හිතන්නේ ඔයා ආපහු අපේ ඔෆිස් එකට ආවනම් තමා හරි ..මොකද මට කියන්න බෑ ඒක හරියටම වෙන්නේ කොහමද කියලා..ඔයා හිරු එකට දාගන්න නේද?
තිස්තුන්දාහ :ඔව්..කලින් මට කිව්වා පැයකට පාරක් ගහන්න පැකේජ් එකක් තියෙනවා කියලා..මම විෂුවල් එකකුත් කරලා තියෙනවා..
හිරු :කව්ද ඔයත් එක්ක කලින් කතා කරේ?
තිස්තුන්දාහ :. අ.......රන්ගේ හරි...මට හරියට මතක නෑ ...රුහුණ ගේ වගේ..
හිරු : ආ *** රුහුණ ගේ ද?
තිස්තුන්දාහ : ඔව් ඒ වගේ නමක්
හිරු : මෙහෙමයි ඔයාට පුලුවන්නම් අපේ ඔෆිස් එකට එන්න.ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ කෙනාව හම්බ වෙලා ඒ දේවල් කරගන්න
තිස්තුන්දාහ: මිස්ටර් රුහුණ ගේ ද මේක තාම හැන්ඩ්ල් කරන්නේ?
හිරු : ඔව්..තව එක්කෙනෙකුත් ඉන්නවා..
තිස්තුන්දාහ :ඇපොයිමන්ට් එකක් දාගෙනද එන්න ඕන..
හිරු : ඔයාට පුළුවන් ඒක සෙට්ල් ඩවුන් කරගන්න ආවොත්..මොකද ඕවර ද ෆෝන් කියන්නම් ටිකක් අමාරුයි
තිස්තුන්දාහ : කවුද මම ඇවිත් හම්බවෙන්න ඕන ? රුහුණ ගේද ? අනිත් කෙනා කවුද?
හිරු : එයාගේ මට හරියටම ඩීටේල්ස් දෙන්න අමාරුයි
තිස්තුන්දාහ :මම පහුගිය කාලේ ඇක්සිඩන්ට් වෙලා හිටියේ..මගේ මල්ලි කෙනෙක් තමා සින්දුව ගෙනත් දීල තිබුනේ..ඒක නිකන් ලයිබ්රි එකට දාල විතරයි තිබ්බේ..එයා දන්නේ නෑ මම මේක කතාකරගෙන තිබ්බ කියලා..
හිරු : ඔයාට තිළිණද මේක කිව්වේ ?
තිස්තුන්දාහ :ඔව්..
හිරු : ආ එහෙනම් ඔයා ඇවිල්ල කියන්නකෝ ප්‍රසාද් ව හම්බවෙන්න ඕන කියලා
ඉහත සංවාදයේ හඬපට අප සතුය.
හිරු හි පැකේජ් ක්‍රමයට කනේ පහරක් ගැසූ ඉරාජ් ගේ පැකේජ් සින්දුව පහතින් බලන්න
33000හේ අද ගිය ආටිකල් එකක්.
සල්ලි වලට සිංදු ප්‍රචාරය කරාට කමක් නැහැ ඇඩ්වටිස්මන්ට් විදියට ඒවා දානවා නං. මහන්සි වෙලා වැඩ කරන මිනිස්සුන්ට එපා වෙනවා මේ වගේ වැඩ නිසා. මෙලෝ රහක් නැති සිංදු වැහි වැහලා දැන්. මිනිස්සුත් ඒවට හුරු වෙලා දැන්

