
උඹ ඉස්සරලා සාම්පල් සෙට් 1ක් හදා ගනිං උඹ ගාවා තියෙන හැම ඇදුම් වර්ගෙම 1ක ගානේ දාලා සාම්පල් සෙට් 1ක් හදාගනිං..... ඉස්සරලා ලොකු කඩවල් වලටයි පොඩි කඩවල් වලටයි ගිහින් කතා කරපන් උඹ කතා කරන විදිහ ගැන උඹ ඇදගෙන යන ඇදුම ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වියන්.... අනිත් 1ක තමා බං බඩු වල කොලිටි 1ක ඒක උපරිමෙන් තියාගන්න බලපං.... මාස 3-4ක් යනකං ඇදගෙන යන්න උඹ ශක්තිමත් වෙන්න ඕනි... මොකද උඹේ ප්‍රඩක්ෂන් 1ක පාරිභෝගිකයින්ට හුරුවෙන්න ඕනි නිසා..... අනිත් 1ක උඹ කිරිබත් ගොඩ ටවුන් 1ක මේ මාසේ 10 වෙනිදා විසිට් කලා නම් ඊලග මාසේත් අනිවා එදාටම විසිට් කරපන්.... එතකොට කඩේ මුදලාලියාට උඹ ගැන විශ්වාසයක් ඇතිවෙන්නේ..... උං චෙක් වලට ඇහුවොත් සතියක් දෙකක් විතර දින දාලා චෙක් ගනින්..... ණයට නම් දෙන්න එපා..... කඩවල් වලින් හදිස්සි ඕඩර් ඉල්ලුවොත් ප්‍රවාහන වියදම බලන්නේ නැතුව ඒ ඕඩර් 1ක ගනිං..... ගොඩක් වෙලාවට කුරියර් කරලා යවන්න පුලුවන්.. ඒතකොට ඒ කස්ටමර් උඹ ගැන තියෙන විශ්වාසේ වැඩි වෙනවා.... මචං වැදගත්ම දේ තමා කවදාවත් කොස්ට් 1කට බඩු දෙන්න එපා.... මොකද උඹට යන අනිවාර්ය වියදම් සෙට් 1ක් තියෙනවා.... ඒ වියදම් ටික කවර් කරන්න වෙන්නේ අපිට ලැබෙන ලාබෙන්...... අපේ ගොඩක් උන් අල කරගන්නේ මෙතනින්.... අපි ලාබේ අඩු කලොත් අපේ අනිවාර්යය වියදම් වලට ගන්න වෙන්නේ අපිට ආපහු බඩු ගන්න තියෙන සල්ලි අනික මචං උඹේ අනවශ්‍ය වියදම් අඩු කරපන් ලාබේ 4ට බෙදලා ඒ 1/4 පරිභෝජනයට 1/4 ඉතුරුම්, අනිත් 2/4 නැවත ව්‍යාපාරයේ ආයෝජනය කරපං...... තුණුරුවන්ගේ සරණින් උඹට වරදින්නේ නෑ බං...... සාධාරනව හම්බ කරපං උඹට වරදින්නේ නෑ..... කොම්පියුටරක් විතරක් තියාගෙන ටයිප් සෙටින් කරලා ජීවිතේ පටං ගත්තු මම අද මටම කියලා ස්ටුඩියෝවක්.... ඇඩ්වර්ටයිසින් ඒජන්සියක්..... මගේම කියලා ප්‍රඩක්ෂන් හවුස් 1ක් තියනවා බං..... ඒ උත්සාහය හින්දා..... කට්ට කාපං.... කවදා හරි උඹ ගොඩ.... බිස්නස් වැටෙයි..... ඒත් අධෛර්ය වෙන්න එපා.... ආය උත්සාහ කරපන් හරි ගියේ නැත්නම් පොඩ්ඩක් වෙනස් කරලා බලපං.... අනිත් අය හිතන්නේ නැති පැති වලිං හිතපං..... එක එක අය එක එක කතා කියයි.... අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ, ගෑණි දරැවෝ ඇරුනම ගොඩක් උන් දියුණු වෙනවට කැමති නෑ..... වැටුනහම හිනා වෙනවා .... එ හෙම වෙද්දි උඹ වැටෙන්න එපා ගට අරගෙන නැගිටපන් ....... වැදගත්ම දේ තමා උඹ ගන්න තීරණ ඒ තිරණ ගද්දි සැරයක් දෙසැරයක් එක එක පැති වලින් හිතලා බලපන්....ඒ තීරණ මත තමයි ව්‍යාපාරයේ පැවැත්ම රැදෙන්නේ...... මගේ උණුසුම් සුභපැතුම්.......