මා දුටු අපේ ක්‍රිකට්

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked::angry::angry::angry:
    තැන් තැන් වලින් කවි උස්සලා දානවා මදිවට මගේ කොමන්ට් එකත් උස්සලා,,
    අම්මපා තොපි යාළුවොද..:(

    -12
    :oo::oo:තැන් තැන් වලින් කවි උස්සලා දානවා මදිවට මගේ කොමන්ට් එකත් උස්සලා,,
    අම්මපා තොපි යාළුවොද..:(
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මේ දවස් වල ටිකක් වැඩ...
    ඒ අස්සෙ මරු Ashes series එකක් යනවා..මේ අවුරුද්දෙ Ashes series දෙකක්නෙ..හොගක් කාලෙකින් කට ඇරල fast කියන්ට පුළුවන් fast bowlerයෙක් ඇවිල්ල ටෙස්ට් මැච් වල වැඩ පෙන්නනවා...Mitchell Johnson..ක්‍රිකට් ආයෙත් ලස්සන වෙලා..මේ අවුරුද්දෙ Ashes series දෙකේ ටෙස්ට් මැච් දහය 10-0 ක් ලෙසට දිනනවා කියල හෙන ලොකු ටෝක් දුන්න එංගලන්තෙ එවුන්ට දන්නෙ නැතුවම වැළේ වැල් නැති වෙලා..
    පුළුවන් නං series එක බලන්ට...මං නං අපේ එවුං ගහන්නැති උනත් හොඳ test series එකක් තිබ්බොත් කොහොම හරි බලනවා..Test cricket තමා නියම ක්‍රිකට්.....
    මේ තියෙන්නෙ මේ පාර Australian summer Ashes series එකේ Channel 9 theme එක...පරණ tune එකක්..70 ගනන් වල ඕස්ට්‍රේලියාවෙ ටෙලිනාට්‍යයකින් අරන් තියෙන්නෙ...
    Bradmanගෙ ඉදල.,Greg Chappell,Dennis Lilley,Mcdermott,Ian Bothem,Alan Border,Shane Warne,Mcgrath,Steve Waugh,Andrew Flintoff, Gilchrist,Hussey හරහා Michael Clarke,Alastair Cook වෙනකං ඔක්කොම Ashes ගහපු ඩයල් ඉන්නවා...

    Channel 9 - The Ashes 2013/14 Intro
    by CricketRules2013

    මේක දැම්මෙ අද ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් වල අගේ දන්න ක්‍රිකට් නරබන්නොයි,ක්‍රීඩකයොයි,ක්‍රිකට් පාලකයොයි බෙහෙතකටවත් හොයාගන්ට නැති හින්ද..ලෝකයේ ක්‍රිකට් දිහා බැලුවත් එච්චරයි..ටෙස්ට් ක්‍රිකට් වියකෙමින් යනවා...ඒත් Ashes series එක තියනකං ටෙස්ට් ක්‍රිකට් ඉතුරු වෙයි..
    මං දැකපු යන්තං හරි බලපු හොඳම cricket series එක 2005 Ashes series එක...ටෙස්ට් ක්‍රිකට් තාම වැදිල නැති අය මේ documentary එක බලන්ට..ආය ඒවගේ test series එකක් තව අවුරුදු 50කටවත් එන්නැතිවෙයි කියලයි මටනං හිතෙන්නෙ..1960/61 west Indies Australia test series එකට පස්සෙ වසර 135ක් විතර පැරණි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසෙ හොඳම තරගාවලිය කියල සලකන්නෙ මේක..

    The story of the greatest Ashes series of all time - England vs Australia 2005 Ashes
    by truthoutmedia

    ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් වල එච්චර දියුණුවක් අපිට ටෙස්ට් තත්වය ලැබුණු 1982කේ ඉඳල වෙලා නෑ කියලයි මට හිතෙන්නෙ..තාම අපි ඕස්ට්‍රේලියාවෙදි ටෙස්ට් මැච් එකක් දිනල නෑ..දින්නෙත් එකම එක ටෙස්ට් මැච් එකක් විතරයි..ඒ 1999යෙ නුවර අස්ගිරියෙදි..ඉන්දියාවෙදි ටෙස්ට් එකක් දිනලත් නෑ.
    හොඳ batting lineup එකක් හිටියොත් ටෙස්ට් මැච් නොපැරදී draw කරන්ට පුළුවන්..ඒත් ටෙස්ට් මැච් දිනන්ට ඕනෙ හොඳ bowling line up එකක්..විකට් 20ක් කඩන්ට එපෑ..මුරලියයි,වාසුයි නොහිටින්ට අපි සිම්බාබ්වේටවත් ටෙස්ට් දිනල හමාරයි..
    දැන් නං මහේලයි,සංගයි,හේරතුයි ගිහාම අපේ ටෙස්ට් ක්‍රිකට් නැතිවෙයි කියලමයි මට බය..ටෙස්ට් තත්වයේ බෝලරයෙක් ලගපාතකවත් නෑ..බැටාල ඉන්නව මහ එවුං ගැහුවෙ නැත්තං උන්ට ඕවර් මැච් එකක ඕවර 50වත් ගහගන්ට බෑ..ඉතිං උන්ට මොන ටෙස්ට්ද...
    අපි බලමුකො මොකෑ වෙන්නෙ කියලා....


    youtube video upload කරපු CricketRules2013 හා truthoutmedia යන අයට බොහොම ස්තුතියි!
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...

    දැන් නං මහේලයි,සංගයි,හේරතුයි ගිහාම අපේ ටෙස්ට් ක්‍රිකට් නැතිවෙයි කියලමයි මට බය..ටෙස්ට් තත්වයේ බෝලරයෙක් ලගපාතකවත් නෑ..බැටාල ඉන්නව මහ එවුං ගැහුවෙ නැත්තං උන්ට ඕවර් මැච් එකක ඕවර 50වත් ගහගන්ට බෑ..ඉතිං උන්ට මොන ටෙස්ට්ද...
    අපි බලමුකො මොකෑ වෙන්නෙ කියලා....


    youtube video upload කරපු CricketRules2013 හා truthoutmedia යන අයට බොහොම ස්තුතියි!
    sirawata ban. SL cricket board eka test match walata kemettak nette ei mama danne ne:baffled:

    FYI: robelinda2 :love:
    http://www.espncricinfo.com/magazine/content/story/697347.html
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    sirawata ban. SL cricket board eka test match walata kemettak nette ei mama danne ne:baffled:

    අපේ board එක හොඳටම හිඳිල ඉන්නෙ....සල්ලි නැතිඋනේ වැඩකට නැති කැලෑව මැද තියන තඩී.....හම්බන්තොට ground එක හදල..කවුද ඒ ground එකේ play කරන ඉස්කෝලෙ...නිකං වැඩකට නැති සල්ලි කන ground එකක් විතරයි..ඒ සල්ලි ඉස්කෝලවල ක්‍රිකට් දියුණු කරන්ට යෙදෙව්වනං එක බෝලරයෙක්වත් හදාගන්ට තිබ්බ test තත්වයේ ඉන්න...රංගන හේරත් ගිහාම ගන්ට..අපෙ board එක,සල්ලි හම්බකරන්ට එක එක පජා tournament සංවිධානය කරල අපිට T20 පෙන්නල රවට්ටනව මචෝ..උං අපේ ක්‍රිකට් කනවා..අපේ එවුන්ට ඒක පේන්නෑ..T20වලට ආතල් එකේ නටනව..ටෙස්ට් ගැහුවට සල්ලි හම්බ කරන්ට බෑ..ඉතිං කොහෙන් හරි team එකක් හොයල ලංකාවට ගෙනල්ල ගහන්නෙ T20/ODI...:angry::angry:
    ඔය T20 වලින් හදන patient නැති batsmanලයි බෝලයක් හරියට spin කරගන්ට බැරි,තනි කෙලින් දාන spinnersලයි ලගදිම ලංකාවෙ ODI ක්‍රිකටුයි,සංගල මහේලල,හේරත්ල ගියහම ටෙස්ට් ක්‍රිකටුයි නැතිකරනව මචෝ..බංගලිදේසෙට ටෙස්ට් පරදින දිනය වැඩි ඈතක නෙවෙයි...
    මේ අවුරුද්දටම Test ගැහුවෙ බංගලියොත් එක්ක විතරයි...උන්ටත් ගහගත්තෙ රෙවිල..ගාල්ලෙදි අපේ එවුන්ට හයසියගනං ගැහුව..SLPLකියන පජාත,ගොංපාට්,සල්ලි හිගාකන ලංකාවෙ ක්‍රිකට්වලට මෙලෝ වැඩක් නැති tournament එක වෙනුවෙන් number one test ranking South Africa series එක cancel කරා...ඒතරං අපරාධයක් ලගදි කිසිම රටක ක්‍රීඩා බරධාරියෙක් ක්‍රීඩාවට කරල නෑ..අන්තිමට SLPLත් නෑ..ඒ වගේ මැටි වැඩ කරන්නෙ ලංකාවෙ විතරයි..Number 1 rank test team එකෙ test series එක වෙනුවට සල්ලි හිගන T20 tournament එකක් replace කරන්නෙ කවුද..?:rolleyes::rolleyes:

    අඩෝ ඉන්දියාවෙ එවුං අපිට IPL පෙන්නල..අපිව කඩේ යවල...
    උන්ගෙ නියම ODI team එක්කුයි,හොඳ Test team එක්කුයි හදල ඉවරයි බං...
    උන්ගේ Board එකේ සල්ලි වැහිවැහැල,උන් TV rights වලින් මාරෙට හම්බ කරනවා.....උන් ඉස්සරහට ටෙස්ට් මැච් 4,5 තියන series එංගල්තෙ,ඕස්ට්‍රේලියාවෙ ගිහිං ගහන්ට schedule කරල ඉවරයි...T20,දැන් තියෙන ගොං ODI කොච්චර ගැහුවත් වැඩක් නෑ බං ක්‍රිකට් skill හැදෙන්ට ටෙස්ට් ගහනට ඕන..උන් ඒ test series දින්නෙ නැතත් නියමෙට young team එකේ skill,confidence හැදෙයි.....:oo::oo:

    අපෙ සමරෙ,දිල්ශාන් දැං ගියා test team එකෙන්,මහේලයි,සංගයි ගිහාම..test batting වලට බඩුම තමා..
    දිමුත් කරුණාරත්න,කුසල්,තිරිමාන්න..talent තිබ්බට polishවෙලා නෑ...චන්දිමාල් හොඳ batting skill,patient තියන බැටෙක්..,කීපරයෙක්..උට හරියන්නැති T20 captain කමක් දීල ඌ අනාත වෙලා..උගෙ confidence බැහැල...මැතිව්ස් test captain විදිහට තව confidence මදි...
    රංගන හේරත් ගිහාම ඉතිං ලංකාවෙ test bowling lineup එකට බඩුම තමා...teat match එකක විකට් 20ක් කඩන එක හීනෙන් වත් කොරන්ට බැරිවෙයි..ලග පාත බෝලෙ මුරලිය වගේ බාගයක්වත් spin කරන්ට පුළුවන් බෝලරයෙක් නෑ...ඔක්කොම ඉන්නෙ ලකුණු නවත්තන්ට හදන ඕවරයෙ බෝල 6,හය විදිහකට දාන patient නැති බෝලර්ල....
    fast bowling තත්වයක නෑ පුතේ,වෙලගෙදරය පොඩ්ඩක් හොඳයි..මිරැන්ඩෝ කොහෙ ගියාද දන්නෑ...කුලයට,ධම්මික ප්‍රසාද්ට එකදිගට test ගහන්ට බෑ,අනෙක් තිසරයට ගහන්ට ගත්තම නවත්තන්නෑ...,එරංග,නුවන් ප්‍රදීප්ට මොලේ කළඳක් නෑ...

    ලංකාව පොඩි රටක්නෙ...අපිට සල්ලි නෑ..තිබ්බත් ඉතිං මාටිය තමා..ඒකෙ ක්‍රිකටුයි,සුසන්තිකයි විතරයි sport වලින් world class...රග්බි වලින් ඕන්නං වැඩිම උනොත් ලංකාව 7s World Cup qualify වෙයි....වැර..දිලාවත් rugby world cup qualify උනොත් All blacksල,Wallabiesල,Springbokල,Pumasල,Rosesල බෝලෙ කියල වැරදිල අපේ එවුන්ව try line එකට ගිනියයි..


    මට පේන විදිහට ලංකාවෙ ක්‍රිකට් වලට දැන් තියන ලොකුම ප්‍රශ්නය ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් වල අනාගතය කියන එක..කට්ටිය හිනා වෙයිද දන්නෙ නෑ..මොකද ලංකාවෙ ටෙස්ට් ක්‍රිකට් වල අගේ දන්න ටෙස්ට් ක්‍රිකට් බලන්ට දන්න එවුං ඇත්තෙම නෑ වගේ..:rolleyes:
    ටෙස්ට් ක්‍රිකට් වලින් තමා characters හැදෙන්නෙ..patient,confidenceඑන්නෙ..talent ඔපමට්ටම් වෙන්නෙ...ටෙස්ට් වල අඩු ඉලක්කයක් හබායන අවස්තා..ඒවගේ අවස්තා ODIවල T20වල වැඩියි...ඒ වෙනුවට swing,spinවෙන්නැති flat pitches,swing වෙනව අඩු සුදු බෝල,fast outfield ඇවිල්ල cricketing skill test වෙන එක අඩු වෙලා..ඒ හින්ද හාල්පාරුවො පොරවල් වෙලා...දැන් තඩි බැට් තියන හින්ද හයේ පාරවල් වැහි වැහැල..තඩි edge එකේ වැරදිල වැදුනත් 6යි...වැරදි shot ගැහුවත් 4යි..

    දැං ක්‍රිකට් බලන එවුං දන්නෙ හයේ ඒවට අප්පුඩි ගහන්ට විතරයි......
    අපි ක්‍රිකට් රැකිය යුතුයි...තියන talent,සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගත යුතුයි..නැත්තං ඉතිං ලංකාවෙ ටෙස්ට් තත්වෙ ලගදිම නැතිවෙයි කියලත් මට හිතෙනව මචෝ..!නැති උනදාටවත් අගේ තේරෙයිද දන්නෑ..හැමදාම කරා වගේ කාලයට ඉඩදීල බලං ඉමු ඉතිං..!

    මං ඔය cricinfo article එක කියෙව්ව මචං..comment එක්කුත් දැම්ම..පොර තමා ලෝකෙ ඉන්න ලොකුම ක්‍රිකට් පිස්ස..ටිකක් තද උනාට මාර හොඳ පොරක්..82 ඉදල තාම එකදිගට cricket record කරනවා..වෙන මහන්සිය,කැපවීම සලකද්දි..මං හිතන්නෙ පොරගෙ youtube channel 2 තමා වටිනාම Channel දෙක youtube එකේ...ඒවගේම පොර youtube add වලින් වත් හම්බකරන්නෑ..රැකියාවෙන් ගිටාර් වාදන පුහුණුකරුවෙක්..වයස 36 ක දෙදරු පියෙක්...:yes::yes:

    ලංකාවෙ ක්‍රිකට් වලට කරපු වටිනම upload කිරීමක් පොර කරල තියනවා..ඒ 1989 ඕස්ට්‍රේලියානු සංචාරෙ බ්‍රිස්බේන් වල Terry Alderman,Merve Huges ලට එරෙහිව ගහන අරවින්දගෙ 167...2007 සංග Hobart වල ගහන 192 වෙනකං මේක තමා ලංකාවෙ පොරක් ඕස්ට්‍රේලියාවෙදි ටෙස්ට් වල ගහපු වැඩිම ගාන.මං මේ ඉනිම ගැන අහපුවහම හිතුවෙ ආයෙ නං ඒක බලන්ට වෙන්නැතිවෙයි කියල..මොකද 89 කියන්නෙ ලංකාවෙ අදුරුම යුගයක්නෙ..ඉතිං මේ ඉනිම අනිවාර්‍යයෙන් ලංකාවෙ පෙන්නල නෑ..පෙන්නුවත් කවුද ලංකාවෙ ඕක record කරන්නෙ..record කලත් දැන් quality තියෙයිද..තියෙන්නෙ Channel9 එකේ විතරයි..උන්ට ඉතිං ලංකාවෙ එකෙක් උන්ට ගහපු ඉනිමක් වැඩක් නෑනෙ...ඒත් Rob Moody(roblinda2)ඒක upload කරා...මරු ඩයල් එකක් ඌ..ඒ වගේ වටිනා දහස් ගානක් cricket videos මේ link වල...

    http://www.youtube.com/user/robelinda2?feature=watch
    http://www.youtube.com/user/robelinda

    Aravinda DeSilva vs Australia 167 1989 Gabba
    by roblinda2

    බොහෝම ස්තූතියි මචෝ එළ reply එකට..
    මේ thread එක ගොඩක් අය බැලුවත් reply දාන්නෑ...
    බලන අය බලන්නෙත් උඩින් පල්ලෙන්..
    මගෙ reply එක දිග වැඩි උනා..
    කම්මැලි කමට මම වෙන thread වලට මමම ලිව්ව ටිකකුත් copy paste කරා..
    (http://www.elakiri.com/forum/showthread.php?t=1587553)
    sorry..
    :yes::cool:

    youtube video upload කරපු roblinda2ට බොහොම ස්තුතියි!
     
    Last edited:
    • Like
    Reactions: suranga84

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    ඇත්තටම මචන් ගොඩක් ලස්සනට ලියල තියෙනවා....ඉස්සර සනතුයි කලුවයි ගහනවා නොකා නොබී හරි බලනවා ... දැන් ගොඩක් කලෙක ඉඳල ක්‍රිකට් බලන එක නවත්තල තිබ්බේ ඒ උනාට මේ ත්‍රෙඩ් එක කියෙව්වම අයෙත් බලන්න ඕන කියල ආසාවක් ඇති උනා.... ඒ උනාට ඉතින් පරණ කලේ වගේ නෑ නේ කියල හිතෙනකොට අයෙත් ඕනා නෑ කියල හිතෙනවා .. නියම ත්‍රෙඩ් එක .. බොහොම ස්තුතියි
     
    • Like
    Reactions: 07sanjeewakaru

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!


    බොහොම ස්තූතියි...!

    ඇත්තටම මචන් ගොඩක් ලස්සනට ලියල තියෙනවා....ඉස්සර සනතුයි කලුවයි ගහනවා නොකා නොබී හරි බලනවා ... දැන් ගොඩක් කලෙක ඉඳල ක්‍රිකට් බලන එක නවත්තල තිබ්බේ ඒ උනාට මේ ත්‍රෙඩ් එක කියෙව්වම අයෙත් බලන්න ඕන කියල ආසාවක් ඇති උනා.... ඒ උනාට ඉතින් පරණ කලේ වගේ නෑ නේ කියල හිතෙනකොට අයෙත් ඕනා නෑ කියල හිතෙනවා .. නියම ත්‍රෙඩ් එක .. බොහොම ස්තුතියි

    සිරාවටම ඔව්...!
    මම තාම ක්‍රිකට් බලනවා...ඒ ඔය අනූ ගනං වල ලැබුන kick එක හින්දා...අද වෙනකං මං පට්ටම ආතල් එකක් ගත්ත ඉනිං 2 ගැහුවෙ කලුව...(මේ thread එකේ මුල Youtube videos තියනවා...)
    අද මං හරියට බලන්නෙ Test ක්‍රිකට් විතරයි..ODI,T20 බලල දැං ඇති දෙයක් නෑ කියල හිතෙනවා...,බැට් එකයි බොලෙයි අතර කිසි ballance එකක් නෑ..හාල්පාරු බැටාල ගහනව බෝලර්ස්ලට දුවන්ඩ...තඩි බැට් දැන් තියෙන්නෙ...තිබ්බ ගමං 4යි,නැත්තං 6යි...සනාට එහෙම අනූ ගනං වල ඔය bat තිබ්බනං ඌ මොනව කරයිද දන්නෑ.. :rofl:

    ඔය අර්ජුන,අරවින්ද,තිළකෙ,මහානාම,සනා,මුරලි,ධර්මසේන,වාස් ,කලූ හිටපු ටීම් එක තරං හැඩ ටීම් එකක් ආයෙ හැදෙන්නෑ...අර්ජුන තමා සෙට් එකේ පොර,ඩයල් එක,බොස් ඒ වගේම තාත්ත...ඒවගේ නායකයෙකුත් ආයෙ එන්නෑ..මුරලියගෙන් කාලක් හරි වාස්ගෙන් බාගෙකවත් බෝලරයෙක් ලංකාවෙන් එයිද දන්නෑ...
    දැන් ක්‍රිකට් ඒ කාලෙ තරං ලස්සන නෑ..සල්ලියට යට වෙලා හොඳටෝම..හාල්පාරුවො පොරවල් වෙලා හැමතැනකම..:angry::angry:

    බොහොම ස්තූතියි...!
     
    Last edited:

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    sirawata Sangala, Mahelala giyama SL wala test cricket walata mona weida manda...
    roblinda2 nam cricket pissek

    John Snow 7/40 vs Australia- 4th ASHES test SCG 1970/71
    by roblinda2

    මං ආසම roblinda2,video එක....පට්ට rare..
    1970/71 Ashes John Snow bowling.....කොහොමද pitch එක...crack ගොඩයි...5th day pitch එකක්..(ටිකක් දැං යන Ashes series එකේ 3rd test එකේ Perth pitch එක වගේ...,2012 Sri Lanka Australia test series එකේ Hobart 1st test එකේ අන්තිම දවසෙ pitch එක වගේ )මේකක පුළුවන්නම් 4,6 ඒව ගහල නෙවෙයි Session එකක් අල්ලල පෙන්නපංකො...

    Cracks-at-the-Waca-008.jpg
    images


    පොර මේක live record කරපු එකක් නෙවෙයි...repeat යද්දි record කරපු එකක්..!
    වයස 80ත් පැනපු තාම commentary දෙන හිටපු ඕස්ට්‍රේලියානු නායක Richie Benaud ඒ කාලෙත් commentaries දෙනව(අන්තිමට ටික බලන්ට.)..
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බොහොම ස්තූතියි...!



    සිරාවටම ඔව්...!
    මම තාම ක්‍රිකට් බලනවා...ඒ ඔය අනූ ගනං වල ලැබුන kick එක හින්දා...අද වෙනකං මං පට්ටම ආතල් එකක් ගත්ත ඉනිං 2 ගැහුවෙ කලුව...(මේ thread එකේ මුල Youtube videos තියනවා...)
    අද මං හරියට බලන්නෙ Test ක්‍රිකට් විතරයි..ODI,T20 බලල දැං ඇති දෙයක් නෑ කියල හිතෙනවා...,බැට් එකයි බොලෙයි අතර කිසි ballance එකක් නෑ..හාල්පාරු බැටාල ගහනව බෝලර්ස්ලට දුවන්ඩ...තඩි බැට් දැන් තියෙන්නෙ...තිබ්බ ගමං 4යි,නැත්තං 6යි...සනාට එහෙම අනූ ගනං වල ඔය bat තිබ්බනං ඌ මොනව කරයිද දන්නෑ.. :rofl:

    ඔය අර්ජුන,අරවින්ද,තිළකෙ,මහානාම,සනා,මුරලි,ධර්මසේන,වාස් ,කලූ හිටපු ටීම් එක තරං හැඩ ටීම් එකක් ආයෙ හැදෙන්නෑ...අර්ජුන තමා සෙට් එකේ පොර,ඩයල් එක,බොස් ඒ වගේම තාත්ත...ඒවගේ නායකයෙකුත් ආයෙ එන්නෑ..මුරලියගෙන් කාලක් හරි වාස්ගෙන් බාගෙකවත් බෝලරයෙක් ලංකාවෙන් එයිද දන්නෑ...
    දැන් ක්‍රිකට් ඒ කාලෙ තරං ලස්සන නෑ..සල්ලියට යට වෙලා හොඳටෝම..හාල්පාරුවො පොරවල් වෙලා හැමතැනකම..:angry::angry:

    බොහොම ස්තූතියි...!
    sirawata math oka hithuna .t 20 ti eka baladdi ,oya gahana parawal samneyin 6 , 4 yanna tharam naha kiyala ,bat eke bale thama ,henama kathyi
     

    Kosala Chandana

    Junior member
  • Jun 15, 2011
    129
    4
    18
    oya kiyana tharam Koli kuttuwata,doniyata, Indiyan karayoth kamathi na bn
    e unata hamadatama Sachinwa deviyek wage salakanne indiyawe.... kuru awath one and only Sachin......
     

    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    මචන් මේක තව ටිකක් පිළිවෙලකට ලියල පොඩි පොතක්, නැත්නම් අඩුම තරමේ ebook එකක් හරි අවුට් කරපන් මචන්.. සිරාවට කියන්නේ.. මම ක්‍රිකට් වලට වැඩිය ආස නෑ.. හරියට බැලුවේ 96 මැච් ටික විතරයි.. ඒ කාලෙත් මම සෑහෙන පොඩියි! දැන් නම් ඉන්න උන් කවුද කියලවත් දන්නේ නෑ.. ඒත් මේක කියවද්දී මම ආපහු පුංචි කාලෙට ගියා බන්.. එක හුස්මට ඔක්කොම කියවගෙන ගියා.. සමහර තැන් වලදි කඳුලුත් ආවා.. කාගෙන් හරි උදව් අරගෙන කරුණු හරියට අරන් වෙලාව අරන් ලියපන්.. වරදින්නෑ! මේක පොතක් විදිහට ගැහුවොත් හිට් කරන්න පුලුවන්! :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    • Like
    Reactions: 07sanjeewakaru

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,527
    1,809
    113
    ලංකාවෙ අඩා...!
    මචන් මේක තව ටිකක් පිළිවෙලකට ලියල පොඩි පොතක්, නැත්නම් අඩුම තරමේ ebook එකක් හරි අවුට් කරපන් මචන්.. සිරාවට කියන්නේ.. මම ක්‍රිකට් වලට වැඩිය ආස නෑ.. හරියට බැලුවේ 96 මැච් ටික විතරයි.. ඒ කාලෙත් මම සෑහෙන පොඩියි! දැන් නම් ඉන්න උන් කවුද කියලවත් දන්නේ නෑ.. ඒත් මේක කියවද්දී මම ආපහු පුංචි කාලෙට ගියා බන්.. එක හුස්මට ඔක්කොම කියවගෙන ගියා.. සමහර තැන් වලදි කඳුලුත් ආවා.. කාගෙන් හරි උදව් අරගෙන කරුණු හරියට අරන් වෙලාව අරන් ලියපන්.. වරදින්නෑ! මේක පොතක් විදිහට ගැහුවොත් හිට් කරන්න පුලුවන්! :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    බොහොම ස්තුයි මචෝ මේක සම්පූර්ණයෙන් කියෙව්වට..:love:
    මම හිතන්නෙ 96යේ World Cup එක ගැන ඉස්සරහට බොහෝදේ කියවෙයි..ෆිල්ම් හිටන් එයි කියලයි මට හිතෙන්නෙ..ඒකට මට වඩා මතකෙ,හැකියාව තියන අය ඉදිරිපත් වෙයි මචෝ..සූටි මං මේක මගේ ආතල් එකට කරන වැඩක්..:yes::yes:
    මොකද අද ඉන්න සුට්ටං බ්ටිත්තො 96යේ World Cup එකවත් බලල නෑනේ..ලැජ්ජයි නේ..අපිත් වයසට යනව නේද කියල හිතුනෙ එහෙම එවුං හම්බෙනකොට..:rofl::rofl::sorry:
    ඒවගේ ලස්සන කාලයක් ආයෙ ලංකාවෙ ක්‍රිකට් වලට එයි කියල හිතන්ට අමාරුයි..ආය World Cup එකක් ගහුවත් එච්චර ආතල් එකක්,එච්චර බලාපොරොත්තු නොවුනු පිබිදීමක්,ගැම්මක් නං ලැබෙන්නෑ කියලනං ෂුවර්..මම එතකොට හතරවසරෙ හිටිය පොඩි කොල්ලෙක්..පොඩි කාලෙ ඉදල මිනිස්සුන්ගෙ අඳෝනා අහපු,දැකපු අපිට 96 කියන්නෙ කියන්නෙ මාරම මාර කාලයක්..සුසන්තිකා 2000හෙ ඔලිම්පික් වල දැන් රිදී පදක්කම අරන් තමා ඒ kick එක නැවතුනේ....මේ සූටි රටේ ක්‍රීඩා දියුණුව දිහා ඉන්දියාව බයවෙලා බලං හිටපු කාලයක් ඒක..

    ඔව් සිරාවට මේක ලියද්දි මටත් ඒ කාලෙට යන්ට හිතෙනවා..මේ මතක එද්දි එන්නෙ ඒ කාලෙ සුවඳ,සද්ද,දැනට ජීවතුන් අතර නැති අයගේ පවා හෙවනැලි අතරින්..හරියට මේ ලගදි ආයෙ ඔෂීන් බැලුවහම ආපු හැගීම වගේ.....
    ආයෙත් බොහොම ස්තූතියි මචෝ...!
    මම මේ කතාව පුළුවං හැටියට දිගටම කියනවා.....තව ඉවර නෑ...!:cool::yes:
     
    Last edited: