මචන්, මට උඹට කියන්න බෑ ඕවා ගනන් ගන්න එපා කියලා. කෙල්ලො සීන් වලට දුක් වෙන එකාමයි දන්නේ ඒකේ දුක. අපි කෙනෙකුට බැඳෙනවා කියන්නේ කවදාහරි වෙන්වීමක් අත ලඟ එනවා කියන එක.
ඔයාට ටික කාලයක් දුකෙන් ඉන්න වෙයි හැබැයි ඊට පස්සේ කාලය විසින් ප්‍රශ්නේ විසඳාවි. අපේ ජීවිත වලට එන සියලුම දෙනා තාවකාලිකයි. අනාගතේ ඔයාට වෙන කෙනෙක් හම්බෙන්නත් පුලුවන් ඒක ගැන හිතලා කෙල්ලව අමතක කරන්න. දැන් ඔයාට කැම්පස් යන්න ඇවිල්ලා නේද ? ඉතින් හොඳට ඉගෙන ගන්න චාන්ස් එකත් එක්කම කෙල්ලෙකුත් දාගන්න පුලුවන් වෙයි ඒකෙන්ම.
"කෙනෙක් තමන්ගේ ජීවිතෙන් යන්නේ ඊට වඩා හොඳ කෙනෙකුට අවස්ථාව දීලා" කියලා කතාවක් තියෙනවා. ඒක නිසා ප්‍රශ්නය කාලයට දීලා හිත අවුල් කරගන්නේ නැතුව ඉන්න.