Amazon Lanka Emoney ප්‍රෝඩාව

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    [FONT=&quot]මං මේක දාන්නෙ ranga_uoc ඉල්ලපු නිසා වගේම මේ වගේ හොරුන්ගෙන් ටික දෙනෙක් හරි බේරගන්න ඕන නිසා. මෙන්න මේකයි සීන් එක.[/FONT]

    [FONT=&quot]ඔන්න මං දන්න නංගි කෙනෙක් ඇවිත් අහුවා මගෙන් Amazon Lanka එකේ Register වෙලා කොහොමද Job වලට දාන්නෙ කියලා. (මං ඕක ගැන අහලා තිබ්බෙවත් නෑ. මං හිතුවෙ Top Jobs වගේ සයිට් එකක් කියලා :rofl:). ඉතින් මං කිව්වා රෙජිස්ටර් වෙලා ඒකෙ එන Form එකේ Fields ටික පුරවලා CV එකක් Attach කරන්න කියලා.:P එතකොට මගෙන් ඇහුවා CD එකෙන්ද Register වෙන්නෙ කියලා. මං ඇහුවා මොන CD එකද කියලා. :rolleyes: එතකොට කිව්වා Amazon Lanka එකෙන් දුන්න CD එක කියලා.[/FONT] :dull:

    [FONT=&quot]ඔන්න එතකොට මට තේරුනා මේ මොකක්හරි Emoney කාරයෙක්ගෙ CD එකක් කියලා. මං කිව්ව හෙට මට CD එක ගෙනත් දෙන්න මං බලලා කියන්නම් කියලා. ඒ අතරෙ මං විස්තර ඇහුවා. එක දවසෙ course එකක් ලු. මාසෙට ලක්ෂයක් හොයන්න පුලුවන් කිව්වලු. තව $$ ගන්න පුලුවන් කාඩ් එකකුත් දෙනවා කිව්වලු. Card එකත් හම්බුනාලු. ඔය වගේ අනන් මනන් වගයක් කිව්වා.[/FONT]:yes:

    [FONT=&quot]මං පස්සෙ තව විස්තර අහල බැලුවා.[/FONT] :confused:


    • [FONT=&quot]Course එක 5500 ක් ලු. ගිය එකෙක්ගෙන් Coupon එකක්ද මොකක්ද හම්බෙලා ඒක පෙන්නුවම කීයක්ද ගානක් Discount එකක් දෙනවලු.[/FONT]
    [FONT=&quot]හෙන ගහනවා යකෝ රුපියල් 5500 අහිංසක මිනිස්සුන්ගෙන් කඩාගන්න එක. ඕකට ගිය ඒ ලමයත් ටිකක් ආර්ථික අපහසුකම් තියෙන කෙනෙක්. ගෙදරට Computer එකක් අරන් තියෙන්නෙත් මෑතකදි Secondhand එකක්.[/FONT]


    • මේකට ගිහින් කියලා දීපුවා ගොඩක් තේරුනේ නෑලු. Ad Click කරන සයිට් ගොඩක[FONT=&quot] register උනාලු.[/FONT]
    [FONT=&quot]මුලින් ඊමේල් එකක් හදලා දීලා Bux Site තොගයක Register කරවලා. සමහර එවුන්ට හරියට ඒක තේරිලත් නෑ. තේරුනේ නෑ කිව්වම කිව්වලු ඉවර උනාම ඇවිත් හම්බෙන්න කියලා. Sure එකටම මුන් ඔය ආපු ලමයින්ව Register කරවන්න ඇත්තෙත් උන්ගෙම referral links වලින් වෙන්න ඇති.[/FONT]
    තව Freelancer, Fiverr, Elance, Odesk වගේ සයිට් වලත් Register කරවලා. හැබැයි ඔවගෙන් Jobs වලට ඇප්ලයි කරන හැටිවත් හරියට කියලා දීලා නෑ. ඒ නංගි දන්නෙ නෑ Register උනාම Email එක Confirm කරවන හැටිවත්.


    • [FONT=&quot]තව කියලා ඔයාලට ඉස්සරහට USA Bank Account එකකින් එයි කියලා Card එකක් කරන වැඩ වලින් සල්ලි ගන්න පුලුවන් විදිහෙ. ඒ කාඩ් එක එයාට ආවලු.[/FONT]

    [FONT=&quot]පස්සෙ මං බැලුවා මොකක්ද කියලා. Payoneer කාඩ් එකක්. මුන් එන හැම එකාටම මේ Payoneer කාඩ් ගෙන්නවලා දෙනවා Free නිසා. මේ වගේ කාලකන්නි නිසා කවදාහරි ලංකාවට Payoneer කාඩ් වත් එවන එකක් නෑ මෙහෙම කරාම. දැනටම Adsense ගන්න අමාරුයි දක්ෂිණ ලංකා කාරයො කරපු ගොන් වැඩ නිසා.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]දැන් තමයි හොදම හරිය. මුන් CD එකක් දුන්නා කිව්වානෙ. ඒකෙ තියෙන දේවල් දැක්කාම මට පුටුවෙම ගූ ගියා සිංහලයෝ. උඹලටත් පෙන්නනම මං ඒකෙ Copy එකක් දාගත්තා. මෙන්න තියෙන දේවල්.[/FONT]


    [FONT=&quot]මෙන්න CD එකේ / Directory එක[/FONT]

    qFzrpWd.png


    මෙන්න Bank information කියන එකේ තිබ්බ ඒවා.

    නිකන්ම ලංකාවෙ බැංකු ලිස්ට් එකකුයි. ඒවගෙ Address ටිකකුයි. Contact Numbers ටිකයි. Modified Date බැලුවොත් පෙනෙයි 2008 හදපු Word File එකක්.
    අපරාදෙ කියන්න බෑ ලිස්ට් එකේ
    [FONT=&quot]SABARAGAMUWA DEVELOPMENT BANK, [/FONT][FONT=&quot][FONT=&quot]SANASA DEVELOPMENT BANK, [/FONT][/FONT][FONT=&quot][FONT=&quot][FONT=&quot]NDB HOUSING BANK වල Details පවා තියෙනවා.
    ඊ මනී මොකොම වෙතත් අඩුම ගානෙ ගෙයක් හදන්න ඉන්න එකෙක්ට ණයක් ගන්න Details ගන්නවත් ප්‍රයෝයනවත් වෙයිනෙ. :rofl::rofl:
    [/FONT][/FONT][/FONT]
    b35gbFJ.png


    Satellite TV කියන Page එකේ තියෙන්නෙ මේක.

    VlnXMko.png


    මෙන්න Software Collection කියන Folder එක. :P

    aTuq8S3.png


    ඔන්න දැන් තමයි වැඩේ. මුලින්ම කියන්න ඕනෙ මේක බලලා හිනාවෙලා Scurviyata වගේ පුටුවෙම ගියොත් මම වග කියන්නෙ නෑ. :oo::baffled::rofl:
    ඔන්න උබලට මම පෙන්නන යන්නෙ ලෝකේ ඕනම Software එකක් සල්ලි නොගෙවා Download කරගන්න පුලුවන් Software එකක් ගැන. :rofl:

    පපර පප්ප පාං :rofl::rofl::rofl:


    i2lrecH.png


    ආපු උන්ට කිව්වාලු මේ Software එකෙන් ඕනම එකක් සල්ලි නොගෙවා Free Download කරන්න පුලුවන් කියලා. කතාව ඇත්ත යකෝ. $99, $299 වගේ ගහපු ඒවා මේකෙන් Download කරන්න පුලුවන්. මමත් Try කරා. :rofl::rofl::rofl:
    කැමති එකෙක් ඉන්නවනම් මෙතන Comment එකක් දානවා. උඹලට නිසා මං මේක $20 කට දෙන්නම්. :rofl::rofl::rofl::P:P:P

    ඔන්න ඕක තමයි කතන්දරේ. හෙන ගහනවා බං මේ වගේ බලු වැඩ කරන උන්ට. අර තේරුනේ නෑ කියලා ඉවර උනාම අහන්න කියපු උන්ට ඉවර උනාම කිව්වලු හැම එකක්ම එකින් එක කියලා දෙන්න වෙලාව නෑ CD එක බලල තනියෙන් කරන්න කියලා. තව Data Entry වැඩ එහෙම උන්ට එනවා කියලා ඒවට සෙට් කරන්නම් කියලත් කියලා. උන් ජොබ් දෙනවා කියල කියන්නෙ ඔන්න ඕකට. මට කිව්වා එදා ලමයි 100 විතර හිටියා කියලා ඇවිත්. නිකන් බලපන් 5500 ගානෙ 100 කියන්නෙ 550,000. මේවා කරන උන් හොයලා පොලීසියට අල්ලල දෙන්න ඕනෙ.

    ඕකට ගොඩක් යන්නෙ තමන්ට හම්බෙන පඩිය මදි මිනිස්සු (ගෑනු අයත් ඇතුලුව). මේ ගොඩක් අය වැඩිය Computer එහෙම පාවිච්චි නොකරපු අය. එහෙම කෙනෙක්ගෙන් මෙහෙම 5500 අරන් එ මිනිස්සුන්ව තවත් අමාරුවෙ දාන උන්ට හෙන ගහන්න ඕනෙ. ඔය ගිය අයගෙන් ගොඩක් අය තාමත් හිතන්නෙ මේක ඇත්ත කියලා. මොකද Payoneer card එක ගෙදරටම එන නිසා.


    මේක දන්න උන් පුලුවන් තරම් Share කරපල්ලා. ගිය උන් ඉන්නවනම් තමන්ගෙ අත්දැකීමුත් දාපල්ලා. මේ Thread එක බලලා එකෙක් හරි තමන්ගෙ සල්ලි ඉතුරු කරගත්තොත් ඒකම මට ඇති.

    මේකට නම් Amazon Lanka කාරයොන්ට හොඳටම රිදෙයි.

    අම්මෝ අතත් රිදෙනවා Type කරලා. එක පාරක් බාගයක්ම Type කරලා තියෙද්දි මේකට කෙල උනානෙ. GT මචන් පුලුවන්නම් Post Draft කරලා Save කරන්න පුලුවන් System එකක් Implement කරපන්. :yes:
     
    Last edited:

    ganidu94

    Well-known member
  • Dec 16, 2010
    989
    160
    63
    localhost
    Hahaha Sira scene eka :D Math oya batta kale advertisement dakala yanna haduwa , passe passe internet atha patha ganakota theruna lankawe eunge boruwa
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    csn එකේ පොන්සියො මේ වගේ හු@තවල් මාකට් කරාම ඉතින් අසරණ මිනිස්සු අහුවෙනවා.. අඩේ tv එකෙත් යනව.. හරි සෝයි.. කියල

    ඔය කාලකන්නි වේ@ගෙ පුතාලට වැහි නැති හෙන ගහන්න ඕන..
    folder එකක් rename කරගන්න දන්නෙ නැති වේ@ගෙ පුතාල

    9Y7qmQ3.png
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    [FONT=&quot]අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි කඩාගන්න එකට[/FONT][FONT=&quot] Amazon Lanka Emoney එකට හෙන ගහනන්න ඕනා...[/FONT]:angry:
     

    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    ඔය වගේ ගොඩක් උන් කරනවා. ඕව විතරක් නෙවෙයි. අර "මාසෙට 50,000 ක් උපයන්න " කියල දාන "ඔක්කොම ඇඩ්ස් " ඔහොම තමයි. ඩිරෙක්ට් මාකටිං කියල ගෙවල් ගානේ ඇවිද්දවන ඒක.
    මේවා අල්ලන්න අපේ රටේ කවුරුවත් නෑ.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    අඩෝ මටත් අර කොලපාට සොෆ්ට් වෙයාර් එක ඕනේ.:rofl::rofl:
    අඩේ උබ මේ කරපු වැඩේ නම් හොදයි.පව් බන් මේ මිනිස්සු.
    :yes:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    අඩෝ මටත් අර කොලපාට සොෆ්ට් වෙයාර් එක ඕනේ.:rofl::rofl:
    අඩේ උබ මේ කරපු වැඩේ නම් හොදයි.පව් බන් මේ මිනිස්සු.
    :yes:

    උඹට නිසා $20 කට දෙන්නම්. නැත්තම් සාමානයයෙන් $50 වගේ තමයි දෙන්නෙ. නත්තල් සීසන් එක නිසා මේ දවස් වල $39.99 ට තමයි යන්නෙ. :rofl:
     

    pissu_balla

    Member
    Oct 3, 2010
    494
    104
    0
    හිමාල වනයේ
    මචන්ලා මේකට මොනවා හරි කරන්න ඕන, ඔය පොන්සියා හින්ද ලංකාවට card එවන එකත් නවතිනවා.

    වැඩක් තියන සෙට් වෙලා කරමුද. හැමෝම 119 එකට කෝල් කරමුද.


    මේ මොකක්ද අර දක්ෂිණ ලංකා කාරය කළා කිඋවේ ?
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    csn එකේ පොන්සියො මේ වගේ හු@තවල් මාකට් කරාම ඉතින් අසරණ මිනිස්සු අහුවෙනවා.. අඩේ tv එකෙත් යනව.. හරි සෝයි.. කියල

    ඔය කාලකන්නි වේ@ගෙ පුතාලට වැහි නැති හෙන ගහන්න ඕන..
    folder එකක් rename කරගන්න දන්නෙ නැති වේ@ගෙ පුතාල

    9Y7qmQ3.png

    බලපන් 2004 වල බාපු Software ත් තියෙනවා. :rofl::P

    2004 ඉදන් කැපවීමෙන් වැඩ කරලා තියෙනවා මුන්. අවුරුදු 9 ක පලපුරුද්ද.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    මේ මොකක්ද අර දක්ෂිණ ලංකා කාරය කළා කිඋවේ ?

    ඇයි බං Adsense Account හදලා දීලා Group වලට බදවගෙන click කරවගත්තෙ. දැන් ලංකාවෙ එකෙක්ට මලාට Adsense ගන්න බෑ පට්ටම Content එකක් නැත්තම්.