EK Monster Fish Keepers

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    pata fish bn this type pirahna lanka hoyagana na redbelly thamai most common type eka.
    mamath monster fish thiyaganawa mata innawa shovelnose catfish 2ft, redtail catfish 1ft,
    redtail shovelnose hybrid 1ft, silver arowana 18 inches, alligator gar 1ft. mama heta colombo yanawa monsterfish inna kadayak mata kiyannawada. siamese tiger fish mama thanata hoyanne

    siamese tiger inna aquariums nam danne na bn. ikman.com eke nam tibuna...
     

    bando

    Member
    Dec 17, 2013
    22
    1
    0
    kamak na bn monsterfish ina kadayak thiyeyda battaramulla wala. northwest aqaurium eka shovelnose catfish innawa 400rs each
    wena kadayak thannawada
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    My Piranha tank's filter

    It is difficult to take a photo of the filter until the next major water change,
    So I drew it. This is exactly the filter I have. It is located in the right side of the tank.

    Number 2 is its front view where the water takes in. Number 1 is how the filter system it looks outside.


    1qr8n4.jpg


    2nd pic shows how it looks inside. There are 4 types of layers to filter the water.
    Number 3 is a small bag made by a net and it has some kinda ceramic valves inside. (Don't know why it needs there)


    s18dmt.jpg
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Sri Lankan Native fish la hadana aya innawada ?
    native fish kiwwe, bulat hapaya wage podi un nevei......
    Loola, kawayya, gourami, aada (eels) and hunga wage fresh water fish....
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    හුංගා

    2i0dlxk.jpg


    හුංගා කියන්නේ ලංකාවේ මිරිදිය ජලාශ වල ඉන්න දරුණු මාලුවෙක්. මූට english වලින් කියන්නේ Asian Stinging Catfish කියලා. විද්‍යාත්මක නාමය Heteropneustes fossilis. මෙයාලව අයිති වෙන්නේ cat fish වර්ගයට. මෙයාල ලංකාවේ වගේම ඉන්දියාව, පකිස්ථානය, නේපාලය, මියන්මාරය සහ තායිලන්තය වගේ රටවල් වල මිරිදිය ජලාශ වලත් ජීවත් වෙනවා.

    මෙයාලට පුළුවන් ඉතාම painful විදියට මිනිස්සුන්ට පහර දෙන්න. ඒකට මේ මාළුවා පාවිච්චි කරන්නේ උගේ මූනේ තියෙන කූරු. මේ මාළුවට විෂ ග්‍රන්තියක් තියෙනවා විෂ හැදෙන්න. මූ අනිනකොට ඒ විෂ තමයි පහර දීමට ලක් වන මිනිසාගේ හෝ සතාගේ ඇගට යන්නේ. ඉතාම විෂ සහිතයි.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කාවයියා

    2u5q0co.jpg


    කාවයියා හෙවත් Climbing Perch ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මිරිදිය මාලුවෙක්. මේ මාළුවට Anabas Cloquet කියලත් කියනවා. මෙයාල සෙන්ටිමීටර 20 ක් විතර ලොකු වෙනවා. මේ මාළුවට fresh water සහ brackish water වලත් ජීවත් වීමට හැකියාව තියෙනවා.

    brackish water කියන්නේ fresh water වල තියෙනවට වඩා ලුණු (salt) සාන්ද්‍රණය වැඩි ජලාශ. නමුත් මේ ජලාශ වල වතුර මුහුදේ වතුර වල තියෙනවා තරම් ලුණු සාන්ද්‍රණයක් නැහැ.

    කාවයියා ගෙ ඇඟ දුඹුරු සහ කොළ මිශ්‍ර පාටක් වන අතර බඩ ප්‍රදේශය කහ පාටට හුරුයි.
    මේ මාළුවාගේ ඔලුවේ තියෙනවා කිසියම් අවයවයක්. එකෙන් මේ මාළුවට වාතයේ ඇති ඔක්සිජන් ලබාගන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේ මාළුවට වතුර නැතුව පැය 8 -10 ක් විතර ඉන්න පුළුවන්.
    එහෙම හිටියත් මේ මාළුවා ගොඩක් වෙලාවට මැරෙන්නේ හුස්ම ගන්න බැරුව නෙවෙයි, ශරීරය වියලී යාමෙන්.
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලූලා

    2wc30js.jpg


    ලූලා හෙවත් Channa striata ලංකාවේ ජීවත් වන දරුණු මිරිදිය මාලුවෙක්. ගොඩක් රටවල් වල මේ මාලුවව ගෙවල් වල ඇති කරනවා pets ලා විදියට. snake heads කියන්නේ මේ ජාතියේ මාළුන්ට තමයි. Snakehead murrel කියලත් මේ මාළුවට කියනවා.

    මෙයාල ප්‍රධාන වශයෙන්ම මාංශ භක්ෂක මාළු. ඒ උනාට මාංශ නොවන කෑමත් සමහර වෙලාවට කනවා. ලූලාට හොඳින් ජීවත් වෙන්න අවශ්‍ය පරිසර සාධක වෙන්නේ 23-27 C උෂ්ණත්වයක් සහ 7-8 ph අගයක් ඇති මිරිදිය ජලාශ. මේ මාළුවට උපරිම ලොකු වෙන්න පුළුවන් 100 cm විතර.
    ලංකාවේ ජීවත් වෙන දත් තියෙන මිරිදිය මාලුවෙක් තමයි ලූලා.

    මේ මාළුවාගේ තවත් විශේෂත්වයක් තමයි මෙයාල ඉක්මනින් බෝවෙන එක. සාමාන්යෙන් population එක දෙගුණයක් වෙන්න අවුරුදු 2-5 දක්වා කාලයක් තමයි යන්නේ. මේ මාළුවා ව්‍යාප්ත වෙලා ඉන්නේ ලංකාවේ විතරක් නෙවෙයි, පාකිස්තානේ, ඉන්දියාවේ, තායිලන්තේ සහ වෙනස් ආසියාතික රටවල් කිහිපයකම මිරිදිය ජලාශ වල මේ මාළුවා ජීවත් වෙනවා.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මඩ කනයා

    2wdpp2d.jpg


    මඩ කනයා හෙවත් Channa punctata කියන්නෙත් ලංකාවේ මිරිදිය ජලාශ වල ජීවත් වෙන මාලුවෙක්. මෙයාලත් අයිති වෙන්නේ snake head කියන මාළු වර්ගයටම තමයි. මඩ කනයට Spotted snakehead කියලත් කියනවා.

    සාමන්යෙන් මෙයාලට හොදින් ජීවත් වෙන්න 22-28 C අතර උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. හොඳින් වැඩුනු මඩ කනයෙකුගේ ප්‍රමාණය 31 cm පමණ විය හැකියි. ගොඩක් රටවල් වල මෙයාලව විසිතුරු මත්ස්‍යයින් ලෙස සහ මිනිසුන්ගේ ආහාරයට ගැනීමට ඇති කරනවා.

    ලංකාවේ, ඇෆ්ඝනිස්තානේ, පාකිස්තානේ, ඉන්දියාවේ, නේපාලේ, බන්ග්ලාදෙශේ, මියන්මාරේ සහ චීනේ මිරිදිය ජලාශ වල තමයි මඩ කනයා වැඩිපුරම ජීවත් වෙන්නේ.

    මඩ කනයාට මිරිදිය ජලාශ වල මෙන්ම brackish water වලත් ජීවත් වීමට හැකියාව තියෙනවා. සාමාන්යෙන් මෙයාලගේ population එක දෙගුණයක් වෙන්න ගත වෙන්නේ අවුරුදු 2-5 දක්වා අතර කාලයක්.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Parandal kanaya

    2i8gfuh.jpg


    Parandal kanaya හෙවත් Channa orientalis කියන්නෙත් snake head වර්ගයට අයිති වෙන ලංකාවේ ජීවත් වන මිරිදිය මාලුවෙක්. Walking snakehead කියන්නෙත් මේ මාළුවට තමයි. උපරිම වශයෙන් මේ මාළුවට 33 cm දක්වා වර්ධනය වීමට හැකියාව තියෙනවා. Walking snakehead කියල කියන්නෙත් මේ මාලුවටම තමයි.

    ph අගය 6-8 සහ 23-26 C උෂ්ණත්වය මේ මාළුවට හොඳින් ජීවත් වෙන්න අවශ්‍ය වෙනවා. මේ මාළුවාගේ විශේෂත්වයක් තමයි ඉතාම සීග්‍ර ලෙස බෝවීම. population එක දෙගුණයක් වෙන්න ගත වෙන්නේ මාස 15ක් වැනි ඉතාම කෙටි කාලයක්.

    මේ මාළුවාගේ ප්‍රධාන වශයෙන් වාසස්ථාන වෙන්නේ ලංකාව, ඇෆ්ඝනිස්තානය සහ ඉන්දුනිසියාවයි. මේ මළුවටත් brackish water වල ජීවත් වීමට හැකියාව තියෙනවා. අනිත් හැම snake head මාලුවෙකුගෙම වගේ Parandal kanaya ගේත් ප්‍රධාන ආහාරය වෙන්නේ කුඩා මාළු වර්ග. මෙයාලට 36.5°C වැනි ඉහල උෂ්ණත්වයකදී පවා ජීවත් වෙන්න හැකියාව තියෙනවා.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මගුරා

    2j4vyti.jpg


    මගුරා කියන්නේ ලංකාවේ ගොඩක් අය දන්නා මාලුවෙක්. දැකල නැති උනත් නම අහල තියෙනවා ගොඩක් අය. මේ මාළුවාගේ English නම තමයි Clarias brachysoma. Walking catfish කියලත් කියනවා.

    මගුරා කියන්නේ ලංකාවේ මිරිදිය ජලාශ වල ජීවත් වෙන ඉතාම දරුණු මාලුවෙක්. මෙයාලගේ මුනේ තියෙන විෂ සහිත කටු වලින් මෙයාලට කරදර කරන්න එන සතුරන්ට දරුණු ලෙස පහර දෙන්න පුළුවන්.

    මෙයාල ඉන්න ජලාශ වල වතුර අඩු උන කාලෙට ළඟ තියෙන වෙනත් ජලාශ වලට බිම දිගේ යන්න මෙයාලට පුළුවන්. ඒක නිසා තමයි Walking catfish කියල කියන්නේ. තව මෙයාලට පුළුවන් වාතයේ තියෙන ඔක්සිජන් වලින් හුස්ම ගන්න. එක නිසා වතුර නැතුව පැය ගානක් ඉන්න එක මෙයාලට ප්‍රශ්නයක් නෙවෙයි.

    මේ මාලුන්ව ගොඩක් මිනිස්සු ආහාරය සඳහා ඇති කරනවා. pets විදියට මේ මාලුවව ඇති කරන අය අඩුයි. මෙයාලගෙත් population එක දෙගුණයක් වෙන්න යන්නේ අවුරුදු 5 කට වැඩ අඩු කාලයක්. මගුරාගේ ප්‍රධාන ආහාරය වෙන්නේ කුඩා මාළු වර්ග, ඉස්ගෙඩි, පනුවෝ, ඉස්සෝ සහ small frogs.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    තල්කොස්සා

    cqrgk.jpg


    තල්කොස්සා හෙවත් Belontia signata කියන්නේ ශ්‍රී ලංකාවට ආවේණික වූ මාළු විශේෂයක්. මෙයාල අයිති වෙන්නේ ගුරාමි වර්ගයට. සාමාන්යෙන් මේ මාළු ජාතිය 18 cm විතර ලොකු වෙනවා.
    සමහර මිනිස්සු මෙයාලව aquarium fish විදියටත් ඇති කරනවා. Ceylonese combtail කියන්නෙත් තල්කොස්සට තමයි.

    මේ මාළුවට ජීවත් වෙන්න අවශ්‍ය උෂ්ණත්වය 24-28 C දක්වා වූ පරාසයක තමයි තියෙන්නේ. මෙයාලගේ population එක දෙගුණයක් වෙන්න ගත වෙන්නේ මාස 15 ක් තරම් වූ කුඩා කාලයක් විතරයි. ලංකාවේ මෙයාලව වැඩියෙන්ම දකින්න පුළුවන් වෙන්නේ මහවැලි, කැළණි සහ කළු යන ගංගා වල.

    මේ මාළුවා පොඩි කාලේ රංචු පිටින් ජීවත් වෙන්න කැමැත්තක් දැක්වුවත් ලොකු උනාම තනියම තමයි ගොඩක් වෙලාවට ජීවත් වෙන්න කැමති. මෙයා Territorial මාලුවෙක්. තල්කොස්සගේ ප්‍රධාන ආහාරය වෙන්නේ කුඩා මාළු වර්ග සහ කෘමීන් වර්ග.

    මේ මාළුවාගේ ඇඟේ විශේෂ අවයවයක් පිහිටලා තියෙනවා. එකෙන් මේ මාළුවට පුළුවන් වාතයේ ඇති ඔක්සිජන් වලින් හුස්ම ගන්න. එක නිසා ඔක්සිජන් සාන්ද්‍රණය ඉතාම අඩු තැන්වල පවා මේ මාළුවන්ට ජීවත් වෙන්න පුළුවන් වාතයේ තියෙන ඔක්සිජන් වලින්.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    වැලිගොව්වා

    i2su80.jpg


    වැලිගොව්වා හෙවත් Awaous grammepomus කියන්නෙත් ලංකාවේ මිරිදිය ජලාශ වල ජීවත් වෙන මාළු විශේෂයක්. Scribbled goby කියල හඳුන්වන්නෙත් මෙයාලවම තමයි. වැලිගොව්වා ප්‍රධාන වශයෙන් ජීවත් වෙන්නේ ලංකාව, New Guinea සහ Palau කියන රටවල් වල.

    වැඩුනු වැලිගොව්වෙක් සාමාන්යෙන් 15 cm විතර ලොකුයි. සමහර මිනිස්සු වැලිගොව්වන්ව aquarium fish විදියටත් ඇති කරනවා. මෙයාලගේ population එක දෙගුණයක් වෙන්න ගතවෙන කාලය අවුරුදු 2-5 දක්වා අතර කාලයක් වෙනවා.

    මෙයාල මිරිදිය ජලාශ වල පතුලේ තමයි ජීවත් වෙන්නේ. මෙයාලගේ ප්‍රධාන ආහාරය වෙන්නේ ඇල්ගී සහ කුඩා මාළු වර්ග. වැලිගොව්වා කියන්නේ ඉතාම සාමකාමී මාලුවෙක්.