විස්ලින් නිහාල් ගී අනුවාදන
"විස්ලින් නිහාල්" ගැන කියන්න කලින් ගොඩක් දෙනා මොහුව ඩොමි ජයවර්ධනගේ පුතා ලෙස වරදවා හිතනවා. ගායක/ හඬ කැවිම් ශිල්පි නිහාල් ජයවර්ධන නොවන බව මුලින්ම කියන්න ඕනෑ. මොහු නිහාල් C. ජයවර්ධන නොහොත් "විස්ලින් නිහාල්"
80 දශකයේ මුල් භාගයේ ගුවන් විදුලි වාදක මණ්ඩලයට එකතු වන නිහාල් C. ජයවර්ධන පසුව ප‍්‍රකට සංගීතවේදි සරත් දසනායකයන් සිය වාදක මණ්ඩලයට සම්බන්ධකර ගන්නවා ගීත පටිගත කිරිම් වලදි බටනලා වාදකයෙකු ලෙස, පසුව ස්ටැන්ලි පීරිස්, වික්ටර් රත්නායක, සරත් ද අල්විස්, රෝහණ වීරසිංහයන් වැනි ප‍්‍රකට සංගීත අධ්‍යක්ෂකවරුන්ගේ වාදක මණ්ඩල වල වාදකයෙකු ලෙස සම්බන්ධ වෙනවා.
එපමණක් නොව "ජොති රාත‍්‍රීය" ප‍්‍රසංග මාලාව මෙන්ම නන්දා මාලනියන්ගේ "පවන", "සත්‍යයේ ගීතය" ප‍්‍රසංග වලට සම්බන්ධවිමට අවස්ථාව ලැබුනා.
ස්ටැන්ලි පීරිස්ගේ ගීත පටිගත කිරිමකදි "දුන්හිද හැලෙනා" මියුසික් ට‍්‍රැක් එකට මොහු විසිල් හඬ අනුවාදනයක් ලෙස එකතු කිරිමත්, එම වාදනයන් ගුවන් විදුලියෙන් ප‍්‍රචාරයවිමත් සමඟම මොහු එක රැයකින් ජනප‍්‍රියත්වයට පත්වෙනවා. රූපවාහිනියේ මොහුගේ ගීත අනුවාදන ප‍්‍රචාරය වෙනවා. පුවත්පත් වල මොහුගේ විස්තර පලවෙනවා. අසීමිත ජනප‍්‍රියත්වයත් මොහුට හිමිවනවා.
ලෝකප‍්‍රකට Clint Eastwood නලූවා රංගනයෙන් දායක වු For a few dollars more චිත‍්‍රපටයේ තේමා වාදනය ලෝකය පුරා ජනප‍්‍රිය වුනා. ඒ විසිල් වාදනය අපේ නිහාල් ජයවර්ධන ඉතාමත් අපුරුවට වාදනය කරනවා. මම හිතන්නේ "විස්ලින් නිහාල්ගේ" එම වාදනය ඔහුගේ විශිෂ්ඨතම වාදනය කියලා. නිහාල්ගේ එම වාදනය මෙතැනින් ගන්න.
රස්තියාදුකාර සංගීතකාරයෙක් කියලා ඔහුව ගුවන් විදුලි සංස්ථා සභාපති හඞ්සන් සමරසිංහ රැකියාවෙන් නෙරපනවා. එපමණක් නොව ඔහුගේ ගී අනුවාදන ගුවන් විදුලියෙන් ඉවත් කිරිමට තරම් සහාසික වෙනවා. මෙයින් බොහෝ කලකිරිමකට පත්වෙන මෙම සුන්දර කලාකරුවා අමෙරිකාවට යනවා. පසුව ලංකාවට පැමිණෙන මෙම නිහාල් C. ජයවර්ධන නැවත ගුවන් විදුලියට සම්බන්ධ වෙනවා. නමුත් වැඩිකලක් වාදක මණ්ඩලයේ කටයුතු නොකරන ඔහු සියලූ සංගීත වැඩකටයුතු වලට සමු දෙනවා. පසුව ව්‍යාපාරික කටයුතු වලට යොමුවෙන මොහු අද දවසේ නාවල රාජගිරියේ ප‍්‍රදේශයේ නිහඬව ජිවත් වෙනවා.
අද මං එකතු කරන්නේ නිහාල්ගේ ගී අනුවාදන එකතුවට බොහෝ දෙනෙක් කැමති වෙනවා නොඅනුමානයි. ඔබගේ අදහස් එකතු කරනවා නම් බොහෝ වටිනවා. ඉතිරි අනුවාදන පසුව එකතු කරන්නම්. ගීත වල නව සංගීත සංයෝජනය තිස්සසිරි පෙරේරා ගෙනි

විස්ලින් නිහාල් ගැන මතකය අවදිකරන්න ත්‍රේඞ් එකක් පල කල Mr.Tom සොහොයුරාට මාගේ ස්තූතිය.
Last edited: