රහස්_ආයුධ

chamee1982

Well-known member
  • Jan 13, 2009
    1,210
    321
    83
    ON chair
    සාදා නිම කර ගැනීමට නොහැකි වූ රහස් ආයුධ 5ක්

    ලෝකයේ සමහරක් රටවල් සහ ජාතීන් උත්සහ කරන්නේ අන් අය පරදවා නැගී සිටීමටයි. එම හේතුව නිසා ඔවුන් පෙළඹෙනවා අතිවිශාල මුදල් සම්භාරයක් වියදම් කිරීමට තේරුමක් නැති දේවල් සඳහා වුනත්. ඒවගේම තමයි කිසිදා සාදා නිම කල නොහැකි හාස්‍යජනක අවි ආයුධ සෑදීමේ ව්‍යාපෘති සඳහාත් විශාල මුදල් කන්දරාවක් වියදම් කරනවා. මේ ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ සාදා නිමකර ගැනීමට නොහැකි වූ එවැනි අවි ආයුධ කිහිපයක් පිළිබඳවයි.


    Lunar Nuclear Bomb

    lunar-nuclear-bomb-e1359475381834.jpg


    මෙය චන්ද්‍රයා වුනත් විනාශ කල හැකි න්‍යෂ්ටික බෝම්බයක්. එය හැඳින්වුයේ (Project 119-A) ලෙසයි. ඔයාල දන්නවනේ මීට කාලයකට පෙර අභ්‍යවකාශය තරණය කිරීම සඳහා ඇමරිකාව සහ රුසියාව අතර විශාල තරඟයක් පැවති බව. එම තරඟයේදී ඇමරිකාව පරදවා රුසියාව ජය ගනු ලැබුවා ඔවුන්ට ප්‍රථමව අභ්‍යවකාශය තරණය කොට. එහිදී ඇමරිකානු ජනතාවගේ චිත්ත ධෛර්යය විශාල ලෙස පහල වැටුනා. අන්න එම හේතුව නිසා තමයි ඇමරිකානු රජය විසින් මෙම අවිය නිෂ්පාදනය කිරීම සඳහා පෙළඹුනේ. එම අවිය නිෂ්පාදනය කිරීමේ ප්‍රධාන අරමුණ වුනේ ඇමරිකානු ජනතාවගේ වැටී තිබුණු චිත්ත ධෛර්යය නැවත නගා සිටුවීමයි.

    කොහොම හරි ඔවුන්ට මෙය නිර්මානය කිරීමට නොහැකි වුනා. එම නිසා ඔවුන් තීරණය කරා චන්ද්‍රයා පුපුරවා හරිනවාට වඩා සඳ මතට මිනිසෙකු යවන එක වඩා හොඳ බව.


    Iceberg Aircraft Carrier

    Iceberg-Aircraft-Carrier-e1359475573456.jpg


    ( Project Habakkuk ) ලෙස හැඳින්වූ මෙය බ්‍රිතාන්‍යය විසින් නිර්මාණය කිරීමට තීරණය කරේ දෙවන ලෝක යුධ සමයේදී අහස යාත්‍රාවන් රැගෙන යන්නක් ලෙසයි. එය සෑදීම සඳහා ඔවුන් භාවිතා කරනු ලැබුවේ දැව පල්පයන් සහ අයිස් වලින් සමන්විත වූ මිශ්‍රණයක්. එය සාදා නිම කරගැනීමට කාලයක් ගත වෙන බවක් ඔවුන්ට පසුව අවභෝධ වුනා. පවතින දරුණු යුධමය වාතාවරණය නිසාත් සම්පත් වල අධික නාස්තියත් නිසා ඔවුන් මෙය අත හැරදමනු ලැබුවා.


    The Flying Dorito

    Flying-Dorito-e1359475841984.jpg


    මෙම අහස් යානයට ඕනෑම කාලගුණ තත්වයක් යටතේදී වුනත් පියාසර කිරීමට සහ ගොඩබෑමට භාධාවක් නැහැ. මෙය නිර්මාණය කිරීමට තීරණය කර තිබුනේ ඇමරිකාවේ නාවිකා හමුදාවේ සීමාවට අනවසරයෙන් ඇතුළු වෙන ජර්මන් හමුදාවන් වෙතට රහසේ බෝම්බ හෙලා විනාශ කිරීමටයි. නමුත් ඔවුන් බලාපොරොත්තු වුනු මුදලකට වඩා වැඩි මුදලක් මේ සඳහා ඔවුන්ට වියදම් කිරීමට සිදු වෙන බව ඔවුන් පසුව අවභෝධ කරගනු ලැබුවා. එම නිසා ඩොලර් මිලියන 5 ක පමණ මුදලක් අපතේ යවා 1991 වර්ෂයේදී එම යානය සෑදීම සම්පූර්ණයෙන්ම නවතා දමනු ලැබුවා.


    Intruder From the Future

    Intruder-From-the-Future-e1359476300916.jpg


    මෙය නිර්මාණය කරනු ලැබුවේ පරමාණු බෝම්භ රැගෙන යැමටයි. එයට හැකියාව තිබෙනවා හැතැප්ම 15ක් පමණ උසකට පියාසර කිරීමට. වේගය ගැන කතා කරනවානම් ශබ්දයේ වේගයට වඩා තුන් ගුණයක් වේගවත්. මෙම ව්‍යාපෘතිය සඳහා වැය වෙන අධික වියධම නිසාත් එය නිපදවීමෙන් මහද්වීප අතර යුධමය තත්වයක් ඇති වීමට ඉඩ ඇති නිසාත් B-70 කියන මෙම ව්‍යාපෘතිය 1961 වර්ෂයෙදී නවත්වා දමනු ලැබුවා.


    The Thunderscreech
    The-Thunderscreech-e1359476570179.jpg


    මෙය ටර්බෝ එංජින් එකකින් සහ සුපර් සොනික් පොප්ලර් එකකින් සමන්විත වූ අහස්යාත්‍රාවක්. මෙය පනගැන්වීමේදී එයින් නිකුත් වෙන ශබ්ධය සැතපුම් 25ක් පමණ දුරකට ඇසෙනවා. ඒ වගේම එයින් නිකුත් වෙන අධික ශබ්ධය නිසා කන් බෙර වුවද පුපුරා යෑමේ අවධානමක් තිබෙනවා. අන්න එම හේතුව නිසා මෙම අහස යානාව සෑදීමේ ව්‍යාපෘතිය අවලංගු කර දමනු ලැබුවා.

    ඉස්සුවෙ මෙතනින්.....
    www.apps-lanka.com
     
    Last edited: