2014 වත් සුභ අනාගතේ එයිද ලොක්කා.... ? - Wish You a Very Happy New Year Sir
උදේ පාන්දරම බාසා තුනෙන්ම විස් කොරලා, ඇස් ඇම් ඇස් එකක් ආවාම, "සෑම් ටූ යූ මයි ඩියර් සෑර්...!!!" කියලා රිප්ලයි කොරාට, එහෙම කොරන්න බැරියෙයි කියා, පෝන් එකේ මැසේජ් එකක් ආවේය. අද ඉඳලා ඇස් ඇම් ඇස් එකටත් කෙලලා ඇරියාට, ඔබ තුමාට එහෙම විස් කොරලා රිප්ලයි එකක් යැව්වාට, ඒක නිකන්, ඇඟෙන් ඇටයක් ගියා වගේ කේස් එකක් වෙන්නේ නැතිය. සීනී ඇටේටත් කෙලලා තියෙන එකේ, ඇස් ඇම් ඇස් එකට යන ගාන, නිකන්, මෝය කටෙන් පොල් ලෙල්ලක් ගියා වගේය.
පිරබාහරන්ට පොරෝ පාර දීලා, දියවන්නාවේ බයිලා මඩුව ඉස්සරහා පිට්ටනියේ, මහරජාණනි සින්දුව එහෙම ගහලා ආතල් එක දුන්න වෙලාවේ, අපි නම් හිතුවේ, සුබ අනාගතේ හෙට ඉඳන් පහල වේය කියාය. ඒත් ඉතින් අද තියෙන තත්තෙට නම්, ඒකා හිටියානම් මීට වඩා හොඳයි කියාද හිතෙන්නේය. එහෙනම් ඉතින් ඔය සෝමවාහිනියේ රස කතා කිය කියා ගොන් ආතල් දෙන ඔබ තුමාගේ ගෝලයෝ හොයාගන්නවත් බැරි නිසා, අපිට පාඩුවේ නිව්ස් ටිකක් බලා ගන්නවත් පුළුවන් නිසාය.
අපි හිතාගෙන උන්නේ, යුද්දේ තියෙන කාළේ තද කරගනේයි කියපු පටි ලූස් කරලා, ඊට වඩා දිග පටියක් දාගෙන්නේයි කියලාය. ඒත් ඉතින් දැන් නම් වෙලා තියෙන්නේ, අර තද කර ගත්ත පටියේ ලූප් ඉවර නිසා, බල්ලගෙ කරට දාන පටියක් ඉනේ බැඳ ගන්නය. සම හරක් උන් නම් පටිය බෙල්ලේ දාගෙන ජීවීතේට අතුරු ආන්තරා කොර ගන්නේ, ජීවත් වෙන්න අමාරු නිසා නොව, ඔබ තුමාගේ නමට ගමට නිග්ගරහ කොරන්නය. එහෙම උන් ඉන්නවාට වඩා මැරෙණ එක කොහොමත් හොඳය.
යුද්දේ ඉවර උනාට, ඔබ තුමාගේ මට්ට මෝල් ගෝලයෝ සෙට් එක තාමත් යන්නේ ඔබ තුමා යනවා වාගෙමය. ඔබ තුමයි ඔබ තුමාගේ යුද්ද මල්ලියි එහෙම ගියාට අපිට අවුලක් නැත්තේය. ඒත් ඉතින් අර, මෙළෝ දෙයක් නොකර, උදේ ඉඳන් බීලා වමනේ දාන තොන්ඩමනයා යන්නේත් පරිවාර ජීප් හයක් හතක් එක්කය. සමහර වෙලාවට ඒවා එයාගේ අම්මාගේ අප්පාගේ බූදලෙන් ලැබිච්ච එවා වෙන්න ඇහැකිය.
ඒත් ඉතින් එහෙම යනකොට, පාරේ ඉන්න වේස කොල්ලෝ බනින්නේ ඌගේ අම්මාට විතරක් නෙමේය. අර පර බල්ලෝ ඔබ තුමාගේ අම්මාත් මතක් කොරනවාය. එහෙම නිකන් අහක ඉන්න අහින්සක මනුස්සයෝ බැනුම් අහන එක නවත්තන්නත් පුළුවන්, සක්කර දේවයා වගේ ඉන්නා ඔබ තුමාටම විතරයිය.
මොකෝ මේ කාලකන්නි මොකාගෙන ආරස්සා කොර ගන්නදය..? අපේ උන් ගැරඬි මරලා, පව් පුරවා ගන්නේ නැති නිසා, ඔය හාල් පාරුවන්ට දීලා තියෙන බැකප් වෙහිකල් ටික අරගෙන, පාරට බස් එකක් දාන එක ඊට වඩා පින් සිද්ද වෙනවාය. ගමේ උන් ගල් ගහන එකෙන් බේරෙන්න, හැල්මට් එකක් දුන්නාම හොඳටෝම ඇතිය.
මේ දවස්වල කසිප්පුකාරයන්ගේ සභා වල අය වැය පරදින එක නම්, ඒ තරම් හොඳ දෙයක් නෙමෙයිය. තව පොඩ්ඩක් ඔය ගැන හොයලා බලනවානම් හොඳය. මේක මේ බලය හා ධනය පිළිබඳ කේස් එකක් කියා, සිරිසේන ලොක්කා කින්ඩියකුත් දාලා තිබුනේය. තව හාතයි බූරූවෙක් කිව්වේ, "කුට්ටිය" පිළිබඳ පුරස්නයක්ය කියලාය. "කුට්ටිය" කියන්නේ මොකක්ද කියා මම මේ දවස් වල විසේස සමීක්සනයක් කොරනවාය. හොයා ගත්තාම ඒ මොකක්ද කියා ඔබ තුමාටත් කියන්නන්ය
මට නම් හිතෙන්නේ ඔක්කෝම ටික ගෙනත්, කොල්ලුපිටය දන්සැලේ පොඩි ආතල් එකක් දුන්නා නම් වැඩේ ඉවරය. ඕකුන්ට මහ දේවල් දෙන්නා ඕන නැතිය. කසිප්පු ගහලා, විට කන, බීඩී බොන ඕකුන්ට, ෂිවාස් ලීටරයක් දීලා, බඩ කොනිත්තලා යැව්වානම් වැඩේ ඉවරය. ඒත් ඉතින් කොනිත්තන එක හෙමීට කොරනවානම් හොඳය. ඒ මොකෝ සම හරක්ගේ බඩවල් රිදෙන්නම කොනිත්තනවා කියා පොඩි කොම්ප්ලේන් එකක් තියෙන නිසාය.
ඔය මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුය කියන්නේ පට්ට බොරු කතාය. අර කුරුණෑගල අරක්කු දන්සැල් දීපූ ජොනියා, කුණු කොල්ලෙට සුපිරි සතොසෙන් බඩු දෙද්දීත්, ඒවා ගන්න, බල්ලෙක් තියා මැස්සෙක වත් නැතිය. ඒවා ඉස්සරහා, ලීස් දාලා ගත්ත වාහන, මොටෝ බයිසිකල්, නවත්තන එක නිකන් තත්වෙට හොඳ නැති කේස් එකක් නිසා, හැම එකාම යන්නේ පුඩ් සිටි එකටමය. ජොනියාට තියෙන්නේ සංස්ථාවේ ගල් නැත්නම්, එතනෝල් හරි, එතන විකුණන්න පටන් ගන්න එකය. එහෙම උනානම් අඩු ගානේ ආතල් ඩයල් ටිකවත් ඔතෙනට ඇදෙනවාය.
අනික මේ, ඔය තරමටම සල්ලි නැත්නම් කිරි පිටි හොය හොයා මැරෙන්න හදන්නේ කොහොමද කියා තවම එකෙක්වත් ඇහුවේ නැති උනාට, මම නම් අහනවාය. කන්න නැති උනත්, ඔබ තුමාගේ අන්දරේලා සැට් එක දෙන ආතල් වලින් අපේ බඩවල් පිරෙනවාය, අධෝ වාත් ගිහින් බඩ සුද්ද වෙලා, සවුක්ක සම්පන්න වෙනවාය. සමහර වෙලාවට වැඩිම අන්දරේලා සැට් එකක් හිටපු රජ තුමා හැටියට, ඔබ තුමාගේ නම ගිනස් එකේ කෙසේ වෙතත්, මහාවන්සේනම් ලියවෙනවා බුදු ෂුවර්ය.
ඔබ තුමා අවුරුදු 18 ක්ම බලයේ ඉන්නවා කියා, පොලොන්නරුව පැත්තේ පොඩි එකෙක් කියලා තියෙනවාය. සම හරක් වල් බල්ලෝ ඒ කොල්ලාගේ අම්මාට මොන මොනවාදෝ කීවාට, ඔබ තුමා ඔය කොල්ලාගෙ පවුලම ගොඩ දානවා කියා, මම එහා ගෙදර එකා එක්ක ඔට්ටුවකුත් ඇල්ලුවේය. ඒ මොකෝ මට කෙලවෙන්න නෑ කියා, සුදු කැස්බෑවා ටැංකියෙන් ඉගිල්ලිලා ගියා වගේ බුදු සුවර් නිසාය.
අපිට හතේ හත වැදුනත්, ඔබ තුමාට මේ අවුරුද්ද ඉතරක් නෙමෙයි, ඉස්සරහට එන අවුරුදුත් "උන්ගල් එල්ලෝරුමිනිය පුත්තන්ඩු වාල්තුක්කල්" වෙන්නෙයි කියා ප්රාර්ථනා කොරනවාය. ඒ වාගෙම ඉස්සරහට එන පලා බබාලාත්, ඔබ තුමාගේ පිහිටෙන්ම ගොඩ යන්නෙයි කියා ප්රාර්තනා කොරනවාය, ආයේ දෙකක් නැතුව ඒවා කොහොමත් ගොඩ යනවාය. ඒ මොකෝ, මොනා නැතත්, බතික් ෂර්ට් එකක් ගහලා, විජේ වගේ පඩි පෙල නැගලා, අත් දෙකම උස්සලා අපිට ටටා කියන කොට, සරම කඩාගෙන වැඩුනත්, අපිත් අත් දෙකම උස්සලා ඔබ තුමාට ටටා කියනා නිසාමය.
ඔබ තුමාට සුබ අනාගතයක්...!!!
තැන්කිව් පො ද ඇස් ඇම් ඇස් ඈ...... මම මේක කාටවත් කියන්නේ නෑ.. සමහර වෙලාවට අපි ඔබ තුමාට බොක්ක දෙන්න උනත් ලෑස්ති නිසා වෙන්න ඇති, මෙහෙම ඇස් ඇම් ඇස් එකක් එව්වේ..
උපුටාගැනීම මාතලන්ගේ බ්ලොග් අඩවියෙනි.

Last edited: