ජීවිත කාලෙටම මතක හිටින සුපිරි ෆන් එකක් එක්ක ජයග්‍රහනයකුත් ලබාගෙන ගෙදර ආවෙ.
කවදාවත් දැකලා තිබුනෙ නැති යාළුවො ගොඩාක් සෙට් උනා. වලි සීන් නෑ.. කට්ටිය බොක්කෙන්ම හිටියා අන්තිම මොහොත වෙනකං. ඒක තමා මේ ටූනමන්ට් එකේ මං දැකපු හොදම දේ. ඩීජේ එකත් පට්ට.
ඔක්කොටම වඩා ඕගනයිසිං පට්ට.
හැකර් ටී , චචියා ඇතුළු පිරිසට ගොඩක් ස්තූතියි.
මේ වගේ එකට එකතු වෙන්න ප්ලැට්ෆෝම් එකක් සෙට් කරපු ජීටී අයියාටත් ගොඩක් ස්තූතියි.
හැම ටීම් එකක්ම හොදට සෙල්ලං කලා. ඕවර් 5ට ලකුණු 100ක් ගහපු අවස්ථාවකුත් තිබුනා.
කුරුණෑගල සෙට් එකත් සුපිරියට සෙල්ලං කලා..
ඉබ්බා අන්ජුවා ඇතුළු නයිට් ක්ලබ් කුකුලෝස් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වගේ නෙලාගෙන ඇවිත්අන්තිමට කැපුනා...
මල් පප්පා මලක් වගේ ලස්සන බෝල 20 ඕවරයක් දාලා සපෝට් එක දුන්නා...
ඇත්තටම මල් පප්පාගෙ දක්ෂතාවය හිස නමා අගය කරනවා...
අන්තිමට මලක් වගේ බෝලෙ එන්න කලිං නෙලුවත් මුල් මැච් දෙකේ තුනේදි පට්ට ගැහිල්ලක් ගහපු ගමයාට වගේම තිමිර,රන්දික,ඉරේශ, අන්තිම ඕවරේ චචියගෙ කැච් එක පියාඹන් ගිහිං ගත්ත ටී ශර්ට් (දැං නං හදිසි අනතුරු ඒකකයේ ලු) ඇතුළු අපේ සෙට් එකටම ජය වේවා !
ඊලග පාරත් කප් එක උස්සමු...
අර ලාස්ට් ඕවර් එක තාම මතක් වෙනවා යකෝව්.. පට්ට ත්‍රිල් එක...
අන්තිමට කියන්න තියෙන්නෙ...
ස්තූතියි..
උඹලා සේරටම දෙවි පිහිටයි..
යලි හමුවෙමු.![]()












