සුදු කැස්බෑ හිමිකරු අත්අඩංගුවට
කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ හිමිකරු චන්ද්‍රසිරි ආබ්‍රේවිගේ නිවසට මීට මොහොතකට පෙර විශේෂ පොලිස් කණ්ඩායමක් පැමිණ ඔහු අත්අඩංගුට ගත්තේය.පොලිසියට මුලින්ම පැමිණිලි කළ පුද්ගලයාද ඒ සමඟම අත්අඩංගුවට ගනිණි.
පසුගිය වසරේ දෙසැම්බර 15 වැනිදා රාත්‍රියේ තමන්ගේ සුදු කැස්බෑවකු සොරාගෙන ඇති බවත් සතාගේ වටිනාකම කෝටී පහක් පමණ වන බවත් ඔහුගේ පැමිණිල්ලේ සඳහන් විය.
පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කිරීම ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුව බව පොලිස් ආරංචි කියයි.
පොලිසියට අසත්‍ය පැමිණිල්ලක් කිරීමත් වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතට එරෙහිව කැස්බෑවකු ළඟ තබා ගැනීමත් සම්බන්ධයෙන් ඔවුන් බලපිටිය උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය.
lankadeepa
Last edited:





