A330 Teledrama Banned

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,349
    15,981
    113
    චාමරගේ A330 ටෙලි නාට්‍යය ලංකාවේ වාරණයට ලක්වේ!

    a330-banned+(9).jpg

    චාමර පීරිස් විසින් අධ්‍යක්ෂණය කල A330 නම් ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ නවතම ටෙලි නාට්‍යය ලංකාව තුල විකාශය කිරීම තාවකාලිකව නවතා දමා තිබේ. ඒ එයාර් ලංකා සමාගම විසින් අධිකරණය නියෝගයක් ලබාගනිමින් ස්වාධීන රූපවාහිනියට කල දැනුම් දීමකට අනුවය.

    ටෙලි නාට්‍යය කේෂ්ත්‍රයේ මෙතෙක් කතා බහට ලක් නොවූ ගුවන් සමාගමක් තුල දිවෙන උප සංස්කෘතිය පිලිබඳ මෙම නිර්මාණයෙන් කතා බහට ලක්වූ අතර එහිදී ගුවන් නියමුවන් හා ගුවන් සේවිකාවන් ගේ ඇතුලාන්තය පිලිබඳ හෙළිදරව්වක් සිදුකොට තිබුණි.

    මෙම ටෙලිනාට්‍ය මුලදී නම්කොට තිබුනේ අව්රෝරා ලෙසින් වන අතර පසුව එය A330 ලෙස වෙනස් කරන ලද්දේ ස්වාධීන රූපවාහිනිය මගින් සිදුකල බලපෑමකින් අනතුරුවය.

    මෙම ටෙලි නාට්‍යයේ ගුවන් නියමුවන් සුරූපී ලඳුන් සමග පවත්වන සම්බන්ධතා ඇතුලත් දර්ශනද එම ටෙලි නාට්‍යයෙන් ඉවත් කිරීමට සිදුව ඇත්තේ ස්වාධින රූපවාහිනිය මගින් එය විකාශය කිරීමට පෙර ටෙලි නාට්‍යය බැලූ විද්වත් මණ්ඩලය විසිනි.

    කෙසේ වුවත් එයාර් ලංකා සමාගම ලබාගත් අධිකරණ නියෝගයට අනුව එම ටෙලි නාට්‍යයේ පුර්ව ප්‍රචාරක පට පවා විකාශය කිරීම තහනම්කොට ඇත.

    මෙම ටෙලි නාටය්යේ අධ්‍යක්ෂක චාමර පීරිස් මෙයට ප්‍රථම "යාය 4" "පියවි" වැනි වෙනස්ම ආකාරයේ නිර්මාණවල අධ්‍යක්ෂකවරයාද වේ.

    a330-banned+(8).jpg

    a330-banned+(7).jpg

    a330-banned+(5).jpg

    a330-banned+(4).jpg

    a330-banned+(2).jpg

    a330-banned+(1).jpg

    source:33000LK​
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    sri lankan eke air eka තුල දිවෙන උප සංස්කෘතිය gana dannawa ona ekek :lol:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,349
    15,981
    113
    film thahanam karanawa dan tele thahanam karanawa hambayonge ratak wage

    ඒකනේ මුන්ට ඕවා කරන්න හොදයි..අපි දැනගන්නවට කැමති නැහැ.:D
     
    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    Pilot la etthatama air hosters lata gahanwada ?

    උඹට පිස්සුද, එයාල හතර පෝයට සිල් ගන්න, මස් මාළු නොකන විහිළුවටවත් ගෑනු කෙනෙක් දිහා බලන්නෙ නැති ධාර්මික කට්ටිය. මඩ ගහන්න එපා. :angry:
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    Pilot la etthatama air hosters lata gahanwada ?
    bohoma waradi kathawak.

    kalekata issella mamath oke rassawa kala.

    ehema kalayak thiyenna athi bohoma kalekata issella.. kisima Pilot kenekta hari senior kenekuta air-hostess lata balapam karanna ba.

    ටිකක් අමුතු සංස්කෘතියක් තමයි. අපේ සංස්කෘතියත් එක්ක යුරෝපා සංස්කෘතියත් ටිකක් වැඩිපුර mix වෙච්ච එකයි ඔතන වෙනස..... කියන තරම් යක කළු නෑ බන්. බොහොම අතලොස්සක් ඉන්නවා වැරදි කරන.. එක උන්ගේ විනොදෙට මිසක් බලපෑමකට නෙමෙයි.

    මචං එහෙම උන් ලංකාවේ නෙමෙයි ඔන රටක, ඕනෑම ආයතනයක ඉන්නවා.. කොටින්ම කිව්වොත් ඔච්චර නීති තද අරාබියේත් (Arabic women ) ඕනෑතරම් ඉන්නවා.
    සල්ලි වලට වේ*කමේ යන්න තරම් අහේනියක් උන්ට නෑ බන්. සල්ලි හොයන්න ඊට වඩා ක්‍රම උන්ට තියනවා, ඕනේ නම්.
    වෙනස තමයි, එයාලට ලැබෙන freedom එකයි mix වෙච්ච සංස්කෘතියයි. ඉතින් ගොඩක් අය අපේ ගෙවල්වල කෙල්ලන්ට වඩා එයාලට ලිමිට් නැති නිදහස දැකල, හිතන්නේ උන් වේසකමේ යනවා කියල.
    ඒත් එක හරිම tired ජොබ් එකක්. හරියට කන්න, නිදාගන්න, නෑ.. පෝය,අව්රුදු,වෙසක්,නත්තල්,කියල නිවාඩු නෑ. flight take-off එකෙන් පස්සේ, landing වෙනකම්, පිස්සට හැතැක්ම නෑ වගේ, අහසේ පාවෙන tube එකක,ඉස්සරහටයි,පස්ස්ටයි, දුවන්න ඕනේ.. passenger complain එකක් අවොත් inquiry/warning/suspend/dismiss..

    සමහර උන් ටිකක් ආඩම්බරයි. ඉතින් දන්නවනේ, කඩන්න බැරි උනාම මිදී තිත්තයි කියලා. Down 2 earth ඉනන අය ඕනෑතරම්. ..ඕකයි ඇත්ත. (අපේ උන්ටත් ඉතින් හිනා උනත් අහවල් එක කොරන්න යනවනේ)

    flight වලට select කරන්නේ crew scheduling එකෙන්. roster එක හදන්නේ වෙනම department එකකින්. pilot ලා කිසිම සම්බන්ධයක් නෑ.

    අපි අනිත් ය දිහා බලන කණ්ණාඩියේ තමා ප්‍රශ්නේ තියෙන්නේ. කන්නාඩියෙ පාටට තමා අපිට ලෝකේ පේන්නේ.
     
    Last edited:
    • Like
    Reactions: malkavi

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,714
    20,993

    :yes::yes: