චාමරගේ A330 ටෙලි නාට්‍යය ලංකාවේ වාරණයට ලක්වේ!
චාමර පීරිස් විසින් අධ්‍යක්ෂණය කල A330 නම් ස්වාධීන රූපවාහිනියේ විකාශය වූ නවතම ටෙලි නාට්‍යය ලංකාව තුල විකාශය කිරීම තාවකාලිකව නවතා දමා තිබේ. ඒ එයාර් ලංකා සමාගම විසින් අධිකරණය නියෝගයක් ලබාගනිමින් ස්වාධීන රූපවාහිනියට කල දැනුම් දීමකට අනුවය.
ටෙලි නාට්‍යය කේෂ්ත්‍රයේ මෙතෙක් කතා බහට ලක් නොවූ ගුවන් සමාගමක් තුල දිවෙන උප සංස්කෘතිය පිලිබඳ මෙම නිර්මාණයෙන් කතා බහට ලක්වූ අතර එහිදී ගුවන් නියමුවන් හා ගුවන් සේවිකාවන් ගේ ඇතුලාන්තය පිලිබඳ හෙළිදරව්වක් සිදුකොට තිබුණි.
මෙම ටෙලිනාට්‍ය මුලදී නම්කොට තිබුනේ අව්රෝරා ලෙසින් වන අතර පසුව එය A330 ලෙස වෙනස් කරන ලද්දේ ස්වාධීන රූපවාහිනිය මගින් සිදුකල බලපෑමකින් අනතුරුවය.
මෙම ටෙලි නාට්‍යයේ ගුවන් නියමුවන් සුරූපී ලඳුන් සමග පවත්වන සම්බන්ධතා ඇතුලත් දර්ශනද එම ටෙලි නාට්‍යයෙන් ඉවත් කිරීමට සිදුව ඇත්තේ ස්වාධින රූපවාහිනිය මගින් එය විකාශය කිරීමට පෙර ටෙලි නාට්‍යය බැලූ විද්වත් මණ්ඩලය විසිනි.
කෙසේ වුවත් එයාර් ලංකා සමාගම ලබාගත් අධිකරණ නියෝගයට අනුව එම ටෙලි නාට්‍යයේ පුර්ව ප්රචාරක පට පවා විකාශය කිරීම තහනම්කොට ඇත.
මෙම ටෙලි නාටය්යේ අධ්‍යක්ෂක චාමර පීරිස් මෙයට ප්‍රථම "යාය 4" "පියවි" වැනි වෙනස්ම ආකාරයේ නිර්මාණවල අධ්‍යක්ෂකවරයාද වේ.
source:33000LK





