දෑවැද්දක්

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    දෑවැද්දක් එක්ක කෙල්ලෙක් ඕනෙද ? Lesbian කෙල්ලේක් හැබැයි :lol:

    499.jpg



    ‘සල්ලිකාර තාත්තලාගේ දුවලා ඔහොම්මයි‘ එක පාරක් හරි ඔබේ කනට ඔය කතාව වැටිලා ඇති. කරන්න පුළුවන් තරමක් වැරදි කරලා ඩැඩීගෙයි මමීගෙයි මූණේ දැලි ගාන්න පෝසත් දුවලා හරි දක්ෂයි. ගිගී චාඕ කියන්නෙත් ඒ වගේ දුවෙක්. වයස 34යි. හරිම මුරණ්ඩුයි. මීට අවුරුදු 2 කට කලින් ප්‍රංශයේදි, ඇය දෙමාපියන්ට පිටුපාලා ගැහැණු ළමයෙක්ව විවාහ කරගත්තා.


    ඔව් ඔබ හරි. ඇය Lesbian. ඒ කියන්නේ සම ලිංගික ඇසුරට කැමති කෙනෙක්.ඒ හින්දනේ සම ලිංගික විවාහයන් අනුමත කරන ප්‍රංශයට ගිහිං විවාහ වුණේ.


    හැබැයි කතාව ඒක නෙවෙයි. 2012 අවුරුද්දේ ගිගී මේ විවාහය කරගත්ත දවසෙම, හොංකොං වල මුල් පෙළේ සල්ලිකාරයෙක් වෙනසිසිල් චාඕ පත්තර වල ඇඩ් එකක් දැම්මා.මගේ දුවව බදින්න කැමති ඕන කොල්ලෙක්ටඩොලර් මිලියන 65ක් දෙනවා කියලා. ඒ කියන්නේ රුපියල් බිලියන 85ක්. ඒත් ඉතිං තාම නම් කිසි කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ ගිගීව කසාද බදින්න.


    හැබැයි ඔන්න ඊයේ පෙරේදා‍ මැලේසියාවේ පත්තර මේ කතාව අළුත් කරා. පහුගිය දවසක ව්‍යාපාරික සිසිල් චාඕ සමග කරපු සාකච්ඡාවෙදි ඔහුගේ දුවව බදින්න කැමති කොල්ලෙක්ට කලිං දෙනවා කිව්ව ගාණ Double කරලා, ඒ කියන්නෙ ඩොලර් මිලියන 130ක් ගෙවන්න පොරොන්දු වුණා කියලා හැම පත්තරයක්ම වාර්තා කරා. හැබැයි ඉතිං සිසිල් නම් එහෙම කතාවක් කිව්වේ නෑලු. කලිං කිව්ව විදිහටම ඩොලර් මිලියන 65ක් දීලා ගිගීව කොල්ලෙක්ට දීග දෙන්නයි සිසිල් චාඕ ආසාවෙන් බලං ඉන්නේ.


    මේ කතාව ආරංචි වුන ගමන් ප්‍රංශයේ ඉන්න ගිගී චාඕ තාත්තට ලියුමක් එවලා. වැඩේ කියන්නේ ඒ ලියුමේ තිබ්බ දේවලුත් පත්තර වලට ආරංචි වෙලා.
    ‘තාත්තේ, මට කොල්ලෙක් හොයන්න මහන්සි වෙන්න එපා. මං සතුටින් ඉන්නවා. අනික හොං කොං වල හොද කොල්ලෝ ටික දෙනයි ඉන්නේ. හැබැයි මං වෙනුවෙන් කෙනෙක් ඒ අතරත් නෑ. මේ ජීවිතේ මට හොදයි...‘


    ලියුමේ තිබ්බේ ඔන්න ඔය කතාවයි.


    කොහොම වුණත් මාමණ්ඩි තාම බෑණා කෙනෙක් හොයන්න try කරන එකේ, ඔබත් පොඩි try එක්ක දාලා බලන්න. ගිගීව කසාදෙට කැමති කර ගන්න පුළුවන් වුනොත් රුපියල් බිලියන 85ක් නිකංම ඔබේ අතේ. හැබැයි ඉතිං කෙල්ල Lesbian ...



    ef1e2f98f411b835efab63c10e012e90.jpg




    හිරු ගොසිප් ඇසුරෙනි :)