New JVP leader Anura Kumara Dissanayake

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ජවිපෙ නායක අනුර කුමාර

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ 07 වැනි ජාතික මහ සමුළුවේ දෙවැනි සැසියේ දී තෝරා පත් කර ගැනිණි.

    jvp-anura-dissanayake-press.jpg

    ජවිපෙ රැල්ල රක්ත වර්ණයෙන් බබළයි

    ජනතා විමුක්ති පෙරමුණේ 07 වැනි ජාතික මහා සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේදී අද පැවැත්විණි.
    පක්ෂ නායක සෝමවංශ අමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැති අතර රට පුරා පක්ෂය නියෝජනය කරමින් දහස් සංඛ්‍යාත පාක්ෂිකයෝ ඊට එක්ව සිටියහ.
    ශ්‍රී ලංකාවේ කියුබා තානාපතිනිය හා පලස්තීන තානාපතිවරයාද එම අවස්ථාවට එක්වෙමින් සමුළුවට සුභ පැතුම් එක් කළහ.
    පක්ෂ නායකත්වයේ වෙනසක් සිදු කෙරෙන බවට මාධ්‍ය මගින් විවිධ හෙළි දරව් කළද විප්ලවවාදීන් කිසි දිනෙක විශ්‍රාම නොගන්වන ලෙසත් එහෙත් ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ මෙන්ම අනාගතයේත් විවිධ වෙනස්වීම් සමග ජයග්‍රහණ කැර ඉදිරියට ගමන් කරන බව සෝමවංශ අමරසිංහ මහතා පැවසීය.
    සමුළුවේ පළමු සැසිය උදෑසන පැවැත්වු අතර නායකත්වය තෝරා ගැනෙන දෙවැනි සැසිය අද පස්වරුවේ පැවැත්වේ.

    60(20).jpg

    56(23).jpg

    58(20).jpg

    57(22).jpg

    52(26).jpg

    59(22).jpg

    61(17).jpg

    50(30).jpg
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    නියමයි..දැන් ඉතින් අරුන්ගේ ගොබිලෝ මඩ හොයනවා ඇති වෙලවල් වල බැහැගෙන..උන් කොහොමත් හරි බයෙන් නේ ඉන්නේ..පේනවනේ ෆොන්සේකාට කරන දේවල්..:angry:


     
    • Like
    Reactions: kokila rathnayake

    shenat

    Well-known member
  • May 13, 2007
    58,190
    86,404
    113
    ආශ්චර්යමත් රටක
    නියමයි..දැන් ඉතින් අරුන්ගේ ගොබිලෝ මඩ හොයනවා ඇති වෙලවල් වල බැහැගෙන..උන් කොහොමත් හරි බයෙන් නේ ඉන්නේ..පේනවනේ ෆොන්සේකාට කරන දේවල්..:angry:



    anduwa bayawechcha tharama mewain penawa :):)
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    anduwa bayawechcha tharama mewain penawa :):)

    ඔව් බං ඒ උනාට උන් කියන්නේ තව අවුරුදු විස්සක් බලයේ ඉන්න පුළුවන්ලු..ඉතින් එහෙම පුලුවන්නම් මොකටද මේ තරම් බය..:confused::rofl:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ජනතා විමුක්ති පෙරමුණේ නව නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක පත් කර තිබේ.
    මෙම පත් කිරීම සිදු කර ඇත්තේ අද සුගතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ පැවති එම පක්‍ෂ 07 වන සම්මේලනයේදීය.
    රෝහණ විජේවීර, සෝමවංශ අමරසිංහගෙන් පසුව පත් වූ ඔහු ජනතා විමුක්ති පෙරමුණේ තුන්වන නායකයාය. පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක් උසුලන පළමු ජවිපෙ නායකයා වන්නේද ඔහුය. ඒ මහතා 1993 වසරේදී කැළණි විශ්ව විද්‍යාලයෙන් ශිෂ්‍ය අංශය හරහා ජවිපෙ දේශපාලනයට සම්බන්ධ විය.
    තව දුරටත් ප‍්‍රධාන ලේකම් ධුරයේ ටිල්වින් සිල්වා මහතා රැදී සිටී.
    මෙතෙක් 25 දෙනෙක් වූ ජවිපෙ මධ්‍යම කාරක සභාවට නව සාමාජිකයන් 05 දෙනෙක් පත් කර ඇති අතර නව මධ්‍යම කාරක සභාව මෙසේය.
    1. සෝමවංශ අමරසිංහ මහතා
    2. ටිල්වින් සිල්වා මහතා
    3. අනුර දිසානායක මහතා
    4. විජිත හේරත් මහතා
    5. ලාල් කාන්ත මහතා
    6. බිමල් රත්නායක මහතා
    7. සුනිල් හඳුන්නෙත්ති මහතා
    8. ජිනදාස කිතුලෙගොඩ මහතා
    9. ආර්. චන්ද්‍රසේකර් මහතා
    10. ලක්‍ෂ්මන් නිපුනාරච්චි මහතා
    11. නිහාල් ගලප්පත්ති මහතා
    12. සමන්ත විද්‍යාරත්න මහතා
    13. මහින්ද ජයසිංහ මහතා
    14. නලින්ද ජයතිස්ස මහතා
    15. ගාමිණී රත්නායක මහතා
    16. වසන්ත පියතිස්ස මහතා
    17. නීතිඥ සුනිල් වටගල මහතා
    18. සමන්මලී ගුණසිංහ මහත්මිය
    19. එච්. පී. ධම්මික මහතා
    20. චන්ද්‍රික අධිකාරි මහතා
    21. වසන්ත සමරසිංහ මහතා
    22. සමන්ත කෝරලේ ආරච්චි මහතා
    23. සුමතිපාල මානවඩු මහතා
    24. එම්.ඞී. විජේරත්න මහතා
    25. සිසිර කුමාර වාහලතන්ති‍්‍ර මහතා
    26. නාමල් කරුණාරත්න මහතා
    27. නලින් හේවගේ මහතා
    28. ටී.බී. සරත් මහතා
    29. සුදත් බලගල්ල මහතා
    30. ජානක අධිකාරී මහතා


    JVP-MP-Anura-Kumara-Dissanayake-with-somawansa.jpg


    හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අනුර කුමාර දිසානායක මහතාගේ නම යෝජනා කළේය. පක්ෂ සාමාජිකයෝ එය ඒකමතිකව අනුමත කළහ.
    1965 ජවිපෙ ආරම්භයේ සිට රෝහණ විජේවීර හා සෝමවංශ අමරසිංහ මහත්වරු පක්ෂයට නායකත්වය දුන්හ. විජේවීරගේ ඝාතනයෙන් පසුව සමන් පියසිරි සුළු කාලයක් නායකයා වී සිටියේය.
    1968 නොවැම්බර 24 වැනි දා උපන් දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක 2004 සන්ධාන රජයේ කෘෂිකර්ම, පශු සම්පත්, වාර්මාර්ග හා ඉඩම් ඇමැති ද විය.

    උපුටාගැනීමකි
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,825
    2,393
    113
    පට්ට මොනව උනත් බය නැතුව ආණ්ඩුවේ බලු වැඩ විවේචනය කරපු පොරක්
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජවිපේ මලගම ඉක්මන් වේ,ලංකා දේශපාලනය තුල ජ්විපේ බුමිකාව අදින් අවසන් වේ.
     

    sanuri2007

    Member
    Jan 8, 2011
    462
    83
    0
    ජවිපේ මලගම ඉක්මන් වේ,ලංකා දේශපාලනය තුල ජ්විපේ බුමිකාව අදින් අවසන් වේ.


    Mokkakda awasan wela thiyenne kiyala menna me kathawa ahala balapan


     
    Last edited: