Dialog i35,k35,i43 Root කරල සිංහල දාල Sim 2 එකෙත් 3G On කරමු..

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    Dialog i35,k35,i43 Root කරල සිංහල දාල Sim 2 එකෙත් 3G On කරමු..

    Dialog+Root.jpg


    කොහොමද යාලුවනෙ ඔයාලට...ඔන්න අද තවත් වැදගත් පෝස්‍ටුවක් අරන් ආව...මේ දවස්වල Dialog එකෙන් අඩුවට SmartPhone දෙනවනෙ...අපෙ උනුත් ගිහින් දික්කරගෙන අරන් එනව...මමත් ඕකෙ ඉන්න කෙල්ලො ටික බලන්න ඕනෙ නිසා දවස් දෙකක් තුනක් ආකේඩ් එක අස්සෙ රින්ගුව...ආසාවෙ බෑ....
    මේ ෆෝන් ගැන කියනවනම් මේක Innos කියන චීන සමාගම තමයි මේ දුරකතන නිපදවන්නෙ...ඉතින් මේකෙ පලවෙනි Sim එකට අනිවා Dialog Sim එකක් විතරයි දාන්න පුලුවන්..දෙවෙනි එකට ඕනෙ එකක් දාන්න පුලුවන්..ඒත් 3G අහුවෙන්නෙ පලවෙනි Sim එකට විතරයි...ඒහෙම ඔට්‍ටු නෑ...අහුවෙනවනම් දෙකටම ඕනෙ...
    අද මම ඔයාලට කියන්නෙ මේ Dialog එකෙන් දෙන i35,k35,i45 කියන SmartPhones Root කරල,සිංහල දාල,දෙවෙනි Sim එකෙ 3G On කරන විදිය...හරි එහෙනම් අපි වැඩේට බහිමු...
    මුලින්ම අපි Phone එක Root කරන්නෙ කොහොමද කියල බලමු..අහ් මේ පෝස්ට් එක අදාල Dialog Phone වලට විතරක් නෙමෙ...අනිත් Androide Phone වලටත් මෙහෙම Root කරල සිංහල කියවීමෙ පහසුකම ලබාගන්න පුලුවන්...


    ROOTකරාම ඔයාගෙ දුරකතනයෙ වගකීම නැති වෙනව...ඇතිවෙන කිසිම ගැටලුවකට මම වගකියන්නෙ නෑ ඔන්න...

    හරි මුලින්ම මේ පහලින් දෙන ඒව බා ගන්න..

    Font - https://www.dropbox.com/s/a7lnjjxxc3a48y9/DroidSansFallback.rar

    VRoot 1.7 - https://www.dropbox.com/s/vx1t4svo3m3psu5/VRoot_1.7.3.4388_Setup.rar

    Root Explorer - https://www.dropbox.com/s/aovliqfphp43sus/Root Explorer.apk

    හරි මුලින්ම VRoot එක ඔයාගෙ මැසිමට දාගන්න...දැම්මට පස්සෙ මෙන්න මේ වගෙ..චීනගෙ බාසවෙන් තියෙන්නෙ...ඒක ගැටලුවක් කරගන්න එපා....

    Untitled+4.jpg


    දැන් ඔයාගෙ ෆෝන් එකෙ Debugging On කරන්න...කරල මැසිමට සම්බන්ද කරන්න ඩේටාකේබලයෙන්...ෆෝන් එක කනෙක්ට් උනාම ඊතලෙන් පෙන්නල තියෙන Root කියල එක ක්ලික් කරන්න..

    12.png


    ඊට පස්සෙ ෆෝන් එක Reboot වෙවි....ඊට පස්සෙ හරි ලකුනක් වැටිල දුරකතනයෙ නම පස්සෙන් Root කියල වැටෙවි...මම රූට් කරෙ Dialog K35ක්..

    Untitled+3.jpg


    ඔන්න අපි K35 ෆෝන් එක Root කරල ඉවරයි..මේක විතරක් නෙමෙ..Sony,Huawei,Samsung,HTC,Micromax,LG,Zigo යන මාදිලි වලට අයත් දුරකතනත් මේ විදියට රූට් කරන්න පුලුවන්..දැන් ඔයාගෙ ෆෝන් එක ඩේට කේබල් එකෙන් ගලවගන්න...Root එක හරියට උනනම් මම පහලින් රවුම් කරල පෙන්නල Supperuser Appතියෙන එක ඔයාගෙ දුරකතනෙටත් ස්තාපනය වෙන්න ඕනෙ...

    01.png


    හරි දැන් අපි මේකට සිංහල දාමු...මුලින්ම ඔයා කලින් බාගත්තු ෆොන්ට් එක SD Card එකට දා ගන්න...


    02.png


    දැන් Root Explorer App එක ඔයාගෙ දුරකතනෙට Install කරගන්න..Install උනාට පස්සෙ රවුම් කරල තියෙන විඩියට වැටෙවි..ඒක ඕපන් කරන්න..

    Screenshot_2013-12-02-15-54-19.png


    දැන් Root Explorer වලින් කලින් බාගත්තු Font එක තියෙන තැනට ගිහින් Font එක Copy කරගෙන System/font කියන තැනට Past කරන්න..

    Screenshot_2013-12-02-16-07-27.png


    දැන් ඔයා Font List එකෙන් ඔයා Past කරපු Fout එක ටිකක් ටච් කරගෙන ඉන්න...එතකොට මෙහෙම මෙනු එකක් ඒවි..

    Screenshot_2013-12-02-16-07-49.png


    ඒ මෙනු එකෙ ඊතලෙන් පෙන්නල තියෙන Permissions කියන එක සිලෙක්ට් කරල දෙන්න...එතකොට මෙහෙම මෙනු එකක් ඒවි...

    Screenshot_2013-12-02-16-07-59.png


    ඒකත් මේ පෙන්නල තියෙන විදියට ටික් ටික දාල Ok කරන්න...ඊට පස්සෙ ෆෝන් එක Reboot පාරක් දාන්න..දැන් ගිහින් බලන්න..සිංහල නියමෙට වැඩ...මමනම් රූට් කරපු එකෙ මුලින්ම කියෙව්වෙ වැල කතාවක්...:lol::lol:

    Screenshot_2013-12-02-16-54-07.png


    හරි දැන් බලමු Dialog එකෙන් දෙන SmartPhone වල දෙවෙනි Sim එකෙ 3G On කරන්නෙ කොහොමද කියල...පුන්චි වැඩයි කරන්න තියෙන්නෙ...කීපෑඩ් එක අරන් මෙන්න මේ කෝඩ් එක ගහන්න...
    *#*#4636#*#* මේක ගහන විදියක් තියෙ..මුලින්ම 4636#*#* ගහන්න..ඊට පස්සෙ 4636#*#* ඉස්සරහින් *#*# ගහන්න..


    Screenshot_2013-12-02-16-08-34.png


    දැන් Testing Menu එක Open වේවි..එකෙන් Sim 2 සිලෙක්ට් කරන්න..

    Screenshot_2013-12-02-16-08-59.png


    ඊට පස්සෙ එන Menu එකෙ පොඩ්ඩක් පහලට ගියාම ඇති GSM Only කියල...ඒක WCDMA Only හරි WCDMA preferred දෙන්න...

    Screenshot_2013-12-02-16-09-13.png


    දැන් ඔයාගෙ 2 එකටත් 3G නියමෙට වැඩ...ඔන්න ඉතින් අපි Dialog SmartPhone එක Root කරල සිංහල දාල Sim 2එකෙත් 3G On කරා...

    අයිතිය: https://www.facebook.com/tasika.dineesha

    Rep වලින් දමලා ගැහුවට මම තරහා වෙන් නැ මචංලා :lol::lol:
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ela ela.hoya hoya hitapu ekak,ape nangige ekata hawa 4 month walin warranty iwarai ,ita passe karanna one