How Facebook can ruin your friendships :/

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංලා මේ දවස්වල ෆේස්බුක් එක ගැන ලංකාවේ සෑහෙන්න කතාවෙන නිසා මමත් හිතුව ෆේස්බුක් එක නිසා මටත් උන සිදුවීමක් කියන්න.:P මම ෆේස්බුක්
    භාවිතා කරන්න ගත්තේ 2007 විතර. ඒදවස් වල නම් එකවුන්ට්ස් කීපයක් තිබ්බ. පස්සේ 2009 විතර හදපු එකක් තමයි එක දිගටම භාවිතා කරේ.:) මුල් කාලෙදි
    ඇක්ටිව් විදියට යූස් කරත් කාලයත් එක්ක මම ෆේස්බුක් භාවිතා කරේ නිවුස්ෆීඩ් බලන්න විතරයි. හැමතිස්සෙම චැට් එක ඕෆ්ලයින් දාල තිබ්බේ. ඒත් ෆේස්බුක් එකට
    ඇඩික්ට් වෙච්ච ගතියක් තේරුන නිසා. මම තාව කාලිකව ෆේස්බුක් එක ඩිඇක්ටිවේට් කරල දැම්ම. :angry:

    මම ජොබ් එක කරන්න ගත්තම එතන හැම කෙනාම වගේ ෆේස්බුක් එකක් තියෙනවද අහන නිසා. නැවත මේ ලඟදි එකවුන්ට් එක ඇක්ටිවේට් කරා.:rolleyes:
    වැඩ කරන තැන හැම කෙනාම වගේ මගේ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ්ස්ල උනා. ඉතින් එයාල දාන එක එක ස්ටේටස් වලට ලයික්, කමෙන්ට්ස් කරේ නැති උනාට දන්න කියන
    අය නිසා කැමැත්තෙන් බැලුව.:P ඔන්න ඔතන තමයි අවුල ගිහින් තිබ්බේ.:dull::frown:

    මම ගොඩක් කමෙන්ට්ස් කරොත් හරි ලයික් කරොත් හරි කරන්නෙ මම ගොඩක්ම කැමති දේවල් වලට තමයි. ඔය වෙබ් ඩිවලොපින් පැත්තට එහෙම මම ආසයි ඉතින් ඒවට
    අදාල දේවල් ශෙයා කරන මම සැබෑජීවිතේ දන්න අයගෙ සහ නෙට් එකෙන් දැන අඳුන ගත්ත අයගේ ස්ටේටස් වලට මම බොහෝවිට කමෙන්ට්ස් කරනව, මටම ශෙයාර් කරගෙන
    බැකප් එකක් විදියට තියා ගන්නව.:P මම පූසොන්ටත් හෙන කැමතියි, ඉතින් උන් ගැන දාන ඒවටත් මම සෑහෙන්න රියැක්ට් කරනව.:rofl: නමුත් යාලුවො දාන සාමාන්‍ය ස්ටේටස් වලට
    මම කමෙන්ට්ස් , ලයික් කරන්නෑ. ඒ හිතාමතා නෙමෙයි ඒ මගේ හැටි. කොටින්ම මාත් එක්ක ගත්ත ෆොටෝ යාළුවො මාව ටැග් කරල දැම්මත් මම ගොඩක් ඒවට කමෙන්ට්ස් කරල නෑ.:no:

    මම මොනව හරි දැම්මොත් යාළුවො කමෙන්ට්ස් කරනව. ඒත් මම ඒ කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්නේ කමෙන්ට් එකකින් ප්‍රශ්නයක් වගේ අහල තිබ්බොත්. හැබැයි ප්‍රයිවට් මැසේජ්
    එකක් දැම්මොත් මම අනිවා රිප්ලයි කරනවා.:)

    _______________________________

    ඕක තමයි මගේ විදිය. දැන් බලමු සිද්දිය මොකක්ද කියල.
    _______________________________

    වැඩ කරන තැන හෙන බොක්කෙන් හිටපු යාලුවෙක් ටික දවසක ඉඳන් මාව ignore කරනව වගේ දැනන මට. මොකද ඉස්සර මිනිහ මාර ක්ලොස් මට. ඒත් මීට මාස එක හමාරක
    විතර ඉඳන් වෙනස් වෙලා වගේ දැනුන. මොකද මම කෝල් කරත් මිනිහ වචනයයි දෙකයි, වෙයිස් ටෝන් එකත් හෙන අවුල්, පස්සේ කෝල් ගන්නේ නැතිවම ගියා, වැඩ කරන තැනදිත් මාව
    මගහරින ගතියක් දැනුන.:growl: මමත් ගියේ නෑ මොකක්ද මචං අවුල කියල අහන්න. මම අනිත් කොල්ලො කීපදෙනෙක්ට සිද්දිය කිව්ව. පස්සේ උන්ට කියල තිබ්බ මාව කපන්න හේතුව. ඒක
    ඇහැව්වම මට පුදුම හිතුන. :baffled::rolleyes::rofl:

    මිනිහ උන්ට කියල මගේ හෙන මොරාල් එකලු, ෆේස්බුක් එකේ ඌදාන එක ස්ටේටස් එකකටවත් මම ලයික්, කමෙන්ට් කරන්නෑලු. මම දාන ස්ටේටස් එකකට ඌ කමෙන්ට් කරත් මම රිප්ලයි
    කමෙන්ට් එකක් හෝ ලයික් එකක්වත් නෑලු. :D සමහර උන්ගේ සහ කෙල්ලොන්ගේ ඒවට විතරලු ලයික් , කමෙන්ට් කරන්නේ අරව මේව හෙන සිද්දි ටිකක් කියල.:rofl::baffled: කියල විතරක් නෙමේ
    මිනිහ ස්ක්‍රීන්ෂොට් පවා ගහගෙන. මේ යෝදය දින පතා මුනගැහිලත්, කෝල් කරලත්, එකට කාලත් මේ කෙහෙල් මල් ෆේස්බුක් රෙද්දක කමෙන්ට් කරේ නෑ කියල මේ වගේ හැසිරුන එක ගැන මට
    මාර පුදුමයි.:nerd:

    පස්සෙ මට වැඩේ තේරුනාම මිනිහට කතා කරල පැහැදිලි කරල දුන්න එහෙම කිසිම දෙයක් නෑ කියල. දැන්නම් අවුලක් නෑ ඒත් ඉස්සර තරම් ෆිට් නෑ.:( මගේ අනිත් යාළුවොත් කිව්ව
    උබේ ඒ පැත්තනම් අන්තිමයි කියල. :dull:දැන්නම් මම ටිකදවසක ඉඳන් කමෙන්ට් කෙසේ වෙතත් අනිවා ලයික් එකක් හරි දානව රාජකාරියක් විදියට. :D හැම දාම වෙලාවක් ඒකට වෙන් කරල
    තියෙන්නේ. නැත්නම් යාළුවොන්ගේ හිත් රිදෙනවනේ. :growl::frown:

    __________________________

    මට හිතාගන්න බැරි දේ
    __________________________

    මචං මේ ෆේස්බුක් එක මිනිස්සු සෑහෙන්න සීරියස් අරන් ඉන්න බව ඇත්ටම තේරුනේ ඔය කේස් එකෙන්.:growl: අනික මුන් පොඩි උන් නෙමේනේ මට පස්සේ නොට් උනේ මටම රික්වෙස්ට්
    එවපු වැඩ කරන තැන සෙට් එකක්ම මාව අයින් කරල එයාලගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකෙන්.:growl: ඔය ඔක්කොම එළි උනේ පස්සේ මම හිතුවේ අර යෝදය විතරයි ඔය මනස්ගාත හිතන්නේ කියල
    නමුත් අපි හිතන්නේ නැති තරම් ෆේස්බුක් එක මිනිස්සු සීරියස් අරන්. :angry::angry::angry:

    මම මචංලා ඔයාලට කියන්නේ. ඔයාලේ ලඟම අය ඉන්නව නම් ෆේස්බුක් එකේ එයාල දාන ඒවට නිකමට හරි අඩුම ලයික් එකක් වත් දාන්න.:lol::shocked: නැත්නම් සමහර අය ඔය අපේ එකා වගේ හිතන්න ගන්නවා.:nerd:
    ඔය අපේ එකා ඕව කිව්වට ඕව හිතේ තියන් කපන්න පුලුවන් තැන කපන්න බලන් ඉන්න උන් කොච්චර ඇද්ද?. මට මේ සිද්දියෙන් ෆේස් බුක් එපාම උනා.:angry::dull::no: එක පාරටම ඕක වහල දාන එක හරි නැති නිසා
    ටික දවස් හැම එකාගෙම ඒවට රෙස්පොන්ස් කරල මීට දවස් කීපයකට කලින් ෆේස්බුක් එක වහල දැම්ම සදහටම.:dull: මේ මගුලක් නිසා නැති ප්‍රශ්න. ඔය මගේ ප්‍රෙෆයිල් එකේ තියෙන්නේ මගේ ඇත්ත
    එක නෙමේ මේක හැදුවේ ඔය වෙබ් ඩිසයින්, ඩෙව් කරන නෙට් එකේ ඉන්න අය එක්ක සම්බන්දකන් ගොඩ නගාගන්න. දැන් ඒක විතරයි යූස් කරන්නේ. එපා වෙනව බන්.:(

    උබලගෙත් මචන් යාලුවො ඕව කිව්වේ නැති උනාට සෑහෙන්න හිතනව. ඒ නිසා ඒ ගැන සැලකිලි මත් වෙන්න. මොකද තව එකෙක් මට කියල තියෙනව උබට මැසේජ් එකක් දැම්මම
    රිප්ලයි නෑ හෙන ගනන්නේ කියල.:rofl::rolleyes: මම කිව්වා පිස්සුද බන් මම එක්කෝ ඕෆ්ලයින් නැත්නම් වෙන වැඩක කියල. පස්සේ ඌ කියනව නෑ ඌ දකිනවලු ලඟ ලඟ කරන ඒව ඇක්ටිවිටි වල ඒ
    කියන්නේ මම ඔන්ලයින්ලු. බලපන් මචංලා මුන් කොච්චර මේව ගැන හිතනවද කියල. ඒනිසාමයි මේ කෙහෙල් මල වහල දැම්මේ. සමහරුන්ම කමෙන්ට් ලයික් කරල හොඳට කරගෙන
    යනව ඒත් හැමෝම එක වගේ නෙමේනේ. :)

    මොකද උබල මේ ගැන හිතන්නේ? :rolleyes:
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මේකෙ සමහරු repගන්නත් ඕන කුණු වැඩක් කරන්නෙ බං.ඕක මොකක්ද?සමහර එවුන් කාපු බීපුවත් status දානකොට එකෙක්ගෙවත් post එකක් බලන්න හිතෙන්නෙ නෑ.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Pissu ban dan inna unta math 2007 tamai join wune apuma kale...mata epa una reasons

    Millions of enhanced duck face photos(real life eke dekkama bath kanna be)
    Everyone updates every single thing in their lives on facebook
    Bitch drama
    status about what they eat,what they do,whining
    Dan lagadi idan mania eka tamai yana yana tana check up kirima...kohe hari town ekkata giyoth eka update karala forthsquare eken....

    dan inna un manasin hena bolada wela,insecure,very attention seeking,very judgmental....mata nan 88 wala hitapu minusgei dan inna minugei mara wenasak terenawa....

    math facebook deactivate kara mata birthday wish karanna beiwuna kiyala man danna kello dennek taraha wela tibba man danneth ne ai kiyala...passe tamai kivve man witarak wish karala ne kiyala.....for fuck sake it's a website...

    matath oya office case eka awa athugana ekage idan hema ekama facebook account eken add karannan kiyanawa....man dan karanne account eka tiyagena innawa but kisima update ekak danne ne...comment karanne ne...like karanne ne.....add karana unwa accept karanawa etcharai...sathi dekakta serayak wage log wenawa etcharai....dan nan sahenna free
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    මම 2008 onwards Facebook heavy use කරපු එකෙක්..
    මට experience එකෙන් කියන්න පුලුවන් FB වල ඉන්න types....

    උබේ යාලුවෝ FB life ගෙවන එවුන්.. උන්ට comment එකක් Like එකක් ලොකු දෙයක්..
    සාමනයෙන් සමාජයේ ටිකක් place නැති එවුන් තමයි ඔහොම හැසිරෙන්නේ
     
    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,892
    113
    C:\
    ohoma ewun innawa ban .. :D un like & comment balanawa winadiyen winadiyata status hari profile pic eka hari change karoth :D e samaharunge hati... godakma close aya aniwa Like ekak balaporththu wenawa machan .. :D :yes: man danna hethuwa mokadda kiyala ..
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මම 2008 onwards Facebook heavy use කරපු එකෙක්..
    මට experience එකෙන් කියන්න පුලුවන් FB වල ඉන්න types....

    උබේ යාලුවෝ FB life ගෙවන එවුන්.. උන්ට comment එකක් Like එකක් ලොකු දෙයක්..
    සාමනයෙන් සමාජයේ ටිකක් place නැති එවුන් තමයි ඔහොම හැසිරෙන්නේ

    මේකනම් ඇත්ත.සමහර එවුන් ඉන්නෙ හෙන ගොං නම් දාගෙන.තවත් ඒ වගේම නමක් දාගත්තු එවුන් ටිකක් add කරගෙන "Good morning yaluwane,oyala kaawada biwwada naawada?" අහ අහ like හිඟ හිඟ යනවා.උන් පොර වෙන්න දඟලන්නෙත් ඒ වගේම එවුං අතරේ.උන්ගෙන් status කියෙව්වනම් උදේම බඩ පැලෙන්න හිනා වෙලා දවස පටන්ගන්න පුළුවන්.
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මේකෙ සමහරු repගන්නත් ඕන කුණු වැඩක් කරන්නෙ බං.ඕක මොකක්ද?සමහර එවුන් කාපු බීපුවත් status දානකොට එකෙක්ගෙවත් post එකක් බලන්න හිතෙන්නෙ නෑ.

    Pissu ban dan inna unta math 2007 tamai join wune apuma kale...mata epa una reasons

    අනිව මචං

    Millions of enhanced duck face photos(real life eke dekkama bath kanna be)
    Everyone updates every single thing in their lives on facebook
    Bitch drama
    status about what they eat,what they do,whining
    Dan lagadi idan mania eka tamai yana yana tana check up kirima...kohe hari town ekkata giyoth eka update karala forthsquare eken....

    dan inna un manasin hena bolada wela,insecure,very attention seeking,very judgmental....mata nan 88 wala hitapu minusgei dan inna minugei mara wenasak terenawa....

    math facebook deactivate kara mata birthday wish karanna beiwuna kiyala man danna kello dennek taraha wela tibba man danneth ne ai kiyala...passe tamai kivve man witarak wish karala ne kiyala.....for fuck sake it's a website...

    matath oya office case eka awa athugana ekage idan hema ekama facebook account eken add karannan kiyanawa....man dan karanne account eka tiyagena innawa but kisima update ekak danne ne...comment karanne ne...like karanne ne.....add karana unwa accept karanawa etcharai...sathi dekakta serayak wage log wenawa etcharai....dan nan sahenna free

    මටත් එකපාරටම හිතා ගන්න බැරි උනා මේ කෙහෙල් මල් ෆේස්බුක් එකක් නිසා අර යකා වෙනස් උනාම :growl: වැඩ කරන තැන අය හොඳින් තියා ගන්න ඕන නිසා වහලම දැම්ම. මගේ පේජස් වගයක් තිබ්බ ඒවත් එක්කම වහල දැම්ම.

    email, phone calls හොඳයි මචන් මේ වවට වැඩිය. අනික ෆේස් බුක් මල විකාරයක් අපි කරන හැම දේම අනිත් අයට පේනව. අපි පේජ් එකක් ලයික් කරත් අනිත් උන්ට ඒක පේනව. කිසිම ප්‍රයිවසි එකක් නෑ. whatsapp හොඳයි මීට වඩා දහස් ගුණයක්. :)

    මම 2008 onwards Facebook heavy use කරපු එකෙක්..
    මට experience එකෙන් කියන්න පුලුවන් FB වල ඉන්න types....

    උබේ යාලුවෝ FB life ගෙවන එවුන්.. උන්ට comment එකක් Like එකක් ලොකු දෙයක්..
    සාමනයෙන් සමාජයේ ටිකක් place නැති එවුන් තමයි ඔහොම හැසිරෙන්නේ

    ඔව් බන් මූනට හිනා උනාට මිනිස්සු පොඩි පොඩි දේවල් කොච්චර දේවල් ලොකුවට ගන්නවද. මේක හෙන පාඩමක්. :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    මේකනම් ඇත්ත.සමහර එවුන් ඉන්නෙ හෙන ගොං නම් දාගෙන.තවත් ඒ වගේම නමක් දාගත්තු එවුන් ටිකක් add කරගෙන "Good morning yaluwane,oyala kaawada biwwada naawada?" අහ අහ like හිඟ හිඟ යනවා.උන් පොර වෙන්න දඟලන්නෙත් ඒ වගේම එවුං අතරේ.උන්ගෙන් status කියෙව්වනම් උදේම බඩ පැලෙන්න හිනා වෙලා දවස පටන්ගන්න පුළුවන්.

    මමනම් මචන් FB ඒකේ fake names, fake work place fake location දාල තියෙන්නේ..
    ඕක උනේ මචන් 2009 පස්සෙ කොල්ලොයි බල්ලොයි ඔක්කොම FB එන්න ගත්තා.. ඉස්සර හිටියේ decent set එකක් විතරයි...
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ohoma ewun innawa ban .. :D un like & comment balanawa winadiyen winadiyata status hari profile pic eka hari change karoth :D e samaharunge hati... godakma close aya aniwa Like ekak balaporththu wenawa machan .. :D :yes: man danna hethuwa mokadda kiyala ..

    ඔන්න ඕක තමයි අවුල මචං. ලඟම අය ඔව වගේ සුලු සුලු දේවල් ලොකුවට අරන් හිත අමනාප කරගන්න එක තමයි අවුල. තවත් වෙන්න දෙන්න බැරි නිසා වහල දැම්ම. මොකද මට ෆේස්බුක් හෙන බොරින් දැන්. :growl:

    මේකනම් ඇත්ත.සමහර එවුන් ඉන්නෙ හෙන ගොං නම් දාගෙන.තවත් ඒ වගේම නමක් දාගත්තු එවුන් ටිකක් add කරගෙන "Good morning yaluwane,oyala kaawada biwwada naawada?" අහ අහ like හිඟ හිඟ යනවා.උන් පොර වෙන්න දඟලන්නෙත් ඒ වගේම එවුං අතරේ.උන්ගෙන් status කියෙව්වනම් උදේම බඩ පැලෙන්න හිනා වෙලා දවස පටන්ගන්න පුළුවන්.

    අහ් ඒ වගේ අය නම් මම දාගන්නෑ. ඔය මම ආස ෆීල්ඩ් වල ඉන්න හොඳ අයව මම ඇඩ් කරගන්න. ඒ අය ගොඩක් වටින දේවල් ශෙයා කරගන්නව. සමහර වෙලාවට මම උදව් එහෙමත් ගන්නව. අනිත් ඔක්කොම අය පවුලේ අයයි, වැඩ කරන තැන අයයි, යාළුවොයි. :)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මටත් එකපාරටම හිතා ගන්න බැරි උනා මේ කෙහෙල් මල් ෆේස්බුක් එකක් නිසා අර යකා වෙනස් උනාම :growl: වැඩ කරන තැන අය හොඳින් තියා ගන්න ඕන නිසා වහලම දැම්ම. මගේ පේජස් වගයක් තිබ්බ ඒවත් එක්කම වහල දැම්ම.

    email, phone calls හොඳයි මචන් මේ වවට වැඩිය. අනික ෆේස් බුක් මල විකාරයක් අපි කරන හැම දේම අනිත් අයට පේනව. අපි පේජ් එකක් ලයික් කරත් අනිත් උන්ට ඒක පේනව. කිසිම ප්‍රයිවසි එකක් නෑ. whatsapp හොඳයි මීට වඩා දහස් ගුණයක්. :)

    ඔව් බන් මූනට හිනා උනාට මිනිස්සු පොඩි පොඩි දේවල් කොච්චර දේවල් ලොකුවට ගන්නවද. මේක හෙන පාඩමක්. :)
    ai msg ekaki awama anith ekata seen kiyala pena scene eka...mata oka tama malama paninne...reply karanna hiten nethi ewatath reply karanna one ai ewapu ekata penawane seen kiyala.......puduma free ekak tiyenne ban active nethi wunama..man giya mase eka parai check kare fb....puduma stress free ekak dannene dan......

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මම Foursquare යූස් කර කර හිටියේ ඒ මම යන යන තැන කියන්න නෙමේ. කොලබ අවට හැමෝම නොදන්න අලුත් කෑම කන්න පුලුවන් තැන්, ඇඳුම් ගන්න පුලුවන් තැන් අරව මේව දැන ගන්න කියල හිතාගෙන ඒ උනාට මම හිතුව වැඩේ වෙන්නෑ. හැම එකාම චෙක් වෙන්නේ ඔඩෙල්, ලිබර්ටි, මැක්ඩොනල්, පීසා හට් .. වගේ තැන් වල :lol::lol::lol: පස්සේ මම ඇප් එක අයින් කරල දැම්ම. :P
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ai msg ekaki awama anith ekata seen kiyala pena scene eka...mata oka tama malama paninne...reply karanna hiten nethi ewatath reply karanna one ai ewapu ekata penawane seen kiyala.......puduma free ekak tiyenne ban active nethi wunama..man giya mase eka parai check kare fb....puduma stress free ekak dannene dan......

    හා හා මචන් මම ඔය සීන් එකත් ත්‍රෙඩ් එකේ දාන්න හිටියේ ඔය දේම හරියටම අර යෝදයත් කිව්වනේ. :lol::lol::lol: පස්සේ තමයි දන්නේ එහෙම සීන් එකක් තියෙනව කියල. ඉඳහිට චැට් කරාට ඔච්චර සීන් එකක් මම කලින් දැන ගෙන හිටියේ නෑ :lol::)
     
    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    මමනම් මචන් FB ඒකේ fake names, fake work place fake location දාල තියෙන්නේ..
    ඕක උනේ මචන් 2009 පස්සෙ කොල්ලොයි බල්ලොයි ඔක්කොම FB එන්න ගත්තා.. ඉස්සර හිටියේ decent set එකක් විතරයි...

    නෑ බං.මං කිව්වේ fake වල අවුල නෙමෙයි.fakeවලින් ඇවිත් කිසි personality එකක් නැති කතා කියල පොර වෙන්න දඟලන උන් වැහි වැහැල.උන් නිසා අලුතෙන් එන උනුත් හිතන්නේ ඒක පට්ට වැඩක් කියල.කොහොමත් මම account එක use කළේ යාළුවො contact කරගන්න.පස්සේ deactivate කළා.අවශ්‍යම වෙලාවට ගිහින් අවශ්‍ය වැඩේ කරගෙන එනවා.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    හා හා මචන් මම ඔය සීන් එකත් ත්‍රෙඩ් එකේ දාන්න හිටියේ ඔය දේම හරියටම අර යෝදයත් කිව්වනේ. :lol::lol::lol: පස්සේ තමයි දන්නේ එහෙම සීන් එකක් තියෙනව කියල. ඉඳහිට චැට් කරාට ඔච්චර සීන් එකක් මම කලින් දැන ගෙන හිටියේ නෑ :lol::)

    hena boladai ban danna inna un....man danneth nethi ewa wate un dannawa mage profile eka gena...apita kivve nethi wunata minissu sahena anun gena hoyanawa....

    dawasak mata ekek set una supermarket ekedi u mage fb eke innawa.. u tikak kal mawa ad karagatta ekek...dekala purudu munak hinda math katha kara...mu ahuwa dan koheda mchn work karanne kiyala....man kivva hitiya eken as wela mchn mae tike dan wena ekak hoyana gaman kiyala...man ithin ohoma talk kara menna mu kiyapi uba april wala neda resign wune kiyala...mata loweth nethi una dannewath nethi un metchara hoiyanawada kiyala...
     
    අනිව මචන්. ඒකත් එක හේතුවක් ඕක වහල දාන්න.
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මමනම් මචන් FB ඒකේ fake names, fake work place fake location දාල තියෙන්නේ..
    ඕක උනේ මචන් 2009 පස්සෙ කොල්ලොයි බල්ලොයි ඔක්කොම FB එන්න ගත්තා.. ඉස්සර හිටියේ decent set එකක් විතරයි...

    mama IT field eke.eth mata thama FB account ekak na.oneth na.:lol::lol::lol::lol:

    oya redda nathi tharamata mage wada tika hodata karaganna puluwan.:growl::growl::growl::growl::growl:

    kollai ballai hamaoma dongle ganna patan gaththamai,smart phone famous unata passei thamai me magula wasangathayak wage giye.

    oya google eke sex kiyala wadiyenma search karanna hethuwath okama thamai.

    kollo kurutto first time internet log wenakota search karanna balagenam inna word ekak thmai sex kiyanne.

    kalin land phone connection ekak thibuna ayane internet giye.

    godak outside colombo inna kenektanam ithin land line connection ekak ganna amarui meeta tika kalekata kalin.

    eth dongle ehema awama hamoma dongle arage podi cost ekak gewala internet use kara.

    rs.100 reload ekak danawa,FB yanawa.:rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    මමනම් FB පාවිච්චි කරන්නෙ යාලුවො එක්ක චැට් කරන්න විතරයි. Like, share, comment නැහැ