විජය මැරුවේ මෙහෙමයි
අවුරුදු 26 කට පෙර විජය මැරුවේ මෙහෙමයි
IRIDA DIVAINA PUWATHPATHA
වසර 1986 පෙබරවාරි 15 වැනිදා කටුනායකට ආසන්න රද්දොලුවේදී ශ්‍රී ලංකා මහජන පක්ෂයේ හිතවතකු වූ ගාමිණී මැදගෙදරගේ අවමංගල උත්සවය පැවැතිවිණ. අවමංගල සභාව අමතා කතාවක් කළ මහජන පක්ෂයේ නායකයා වූ විජය කුමාරණතුංග, ගාමිණී මැදගෙදරගේ පාක්ෂිකත්වය අගය කළේය. එදා රෑ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව සිය ප්රවෘත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් විජය කුමාරණතුංග මැදගෙදරගේ අවමඟුලේ දී කළ කතාවේදී ජනතා විමුක්ති පෙරමුණ තදබල ලෙස විවේචනය කළ බව කීවේය. එහෙත් විජය එදා ජ.වි.පෙ. ගැන වචනයක්වත් කතා කළේ නැත. එවකට මහජන පක්ෂයේ ක්‍රියාකාරිකයකු වූද විජයගේ ඉතා කිට්ටු හිතවතකු වූද ජා ඇල µSලික්ස් පෙරේරා (අද සිටින අමාත්‍ය) පසු කාලයේදී විජය ඝාතන පරීක්ෂණ කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් විජය, ජ.වි.පෙ. ගැන එදා වචනයක්වත් නොකී බව තහවුරු කළේය.
විජය රද්දොලුවේ අවමංගල්‍යයට සහභාගි වූ 15 වැනිදා සඳුදා දිනයකි. පසුදින, එනම් 16 වැනිදා අඟහරුවාදාය. එදින දහවල් 12 ට පමණ කිරුළපන පොල්හේන්ගොඩ දී විජය කුමාරණතුංගට වෙඩි තබන ලදී. ඒ වනවිට ඔහු සිටියේ සිය නිවස ඉදිරිපිට ය. විජයට වෙඩි තැබූ මිනීමරුවා වූ එවකට 27 හැවිරිදි වියේ පසුවූ ලයනල් රණසිංහ හෙවත් ටාසන් වීරසිංහ හෙවත් ගාමිණී නමැත්තා එම මොහොත ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දුන් සාක්ෂිය මෙසේයá "පෙබරවාරි 16 වැනිදා උදේ මම දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ 'හේරත්' සමඟ කිරුළපනට පැමිණියෙමි. හේරත් මට හඳුන්වා දුන්නේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ කොළඹ දිස්ත්‍රික් නායකයා ජයන්ත නමැති කෙනෙක්. විජය කුමාරණතුංගට වෙඩි තැබීමේ කටයුත්ත අපට පවරන ලද්දේ ඔහුය. එම පැවැරීම විජයට වෙඩි තැබීමට සති කිහිපයකට පෙර පිළියන්දල හෝටලයකදී සිදු විය.
'විජයට වෙඩි තියන්නේ ඇයි...?" මම එවිට ජයන්තගෙන් ඇසුවෙමි.
"හේතු කිහිපයක් තියෙනවා.." ජයන්ත අපට පැහැදිලි කළේය. "ඉන්දු ලංකා සාම ගිවිසුමට විජය එකඟයි. 1987 ජුලි 28 වැනිදා රජිව් ගාන්ධි එක්ක ෙ-. ආර්. ජයවර්ධන ගහපු මේ ගිවිසුම ලංකාවේ ඒකීයත්වයට හානියක්. ඊළඟට පළාත් සභා ක්රමයටත් විජය පක්ෂයි. අපට පළාත් සභා ක්‍රමයෙන් වැඩක් නැහැ. එහෙම තියෙද්දී විජය පළාත් සභා ක්රමයෙහි වැදගත්කම පෙන්වන්න ඒ ගැන පැහැදිලි කරමින් රටපුරා රැස්වීම් පවත්වනවා. එයා ජනප්‍රිය නළුවෙක් නිසා තරුණ පරම්පරාව ඒ රැස්වීම්වලට ඇදිලා ඇවිත් එයාගේ කතා අහගෙන ඉන්නවා. එතකොට වෙන්නෙ පළාත් සභාවල සුබවාදී පැත්ත ගැන පණිවුඩය තරුණ පරම්පරාවට යැමයි. මේ ඔක්කොම ඉදිරි පළාත් සභාවල පාවිච්චිවෙන අලුත් ඡන්ද. මේ අතර බංකොලොත්වෙලා තිබෙන වමේ පක්ෂ විජයගේ මහජන පක්ෂයත් එක්ක සන්ධානගත වෙලා ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පළාත් සභාවලට විරුද්ධයි. ඒ එක්කම දෙමළ බෙදුම්වාදී PLOT සංවිධානය සහ EPRLF සංවිධානය විජයගේ පිරිසකට සන්නද්ධ පුහුණුව දෙනවා. අපි පසුගිය ටිකේම විජයට අනතුරු හඟවලා තිබෙනවා මේ වැඩ නවත්වන්න කියලා. ඒත් එයා ඒවා ගණන් ගත්තෙ නැහැ. අපි දැන් අවසන් නිවේදනයත් නිකුත් කරලයි තියෙන්නෙ. විජය ඒකත් ගණන් අරගෙන නැහැ. ඒ නිසා විජය මරන්නම ඕනෑ. ඒක අත්‍යවශ්‍ය කාරණයක්...."

)