බැංකු වල විතරක් නෙමෙයි බං 90% ක් ජොබ් වල තත්වේ ඕක තමයි. බොහොම ටික දෙනාටයි තමන් කැමති දෙයක් තමන්ගේ ජොබ් එක විදිහට කරන්න පුළුවන්. ක්‍රිකටර්ස්ලා ඒ වගේ කට්ටියක්. කොච්චර උනත් බිස්නස් එකක් කරත් අපි හිතන නිදහස එතන නැහැ. හෙම වෙලේම හිතන්න වෙන්නේ බිස්නස් එක දියුණු කරන විදියි හොරුන්ගෙන් ආරක්ෂා කරගන්න එවයි. ට්‍රිප් එකක් ගියත් හිත තියෙන්නේ බිස්නස් එකේ. නිවාඩු දවස් කියල නෑ. මගේ ස්කොලේ යාලුවෙක් පොඩි හොටෙල් එකක් දාගෙන ඉන්නවා. මිනිහට එතනින් හොඳට සරුයි. එත් කිසි නිදහසක් නෑ. පෝය දවසට විතරයි කඩේ වහන්නේ. අනිත් දවසට උදේ 6 ඉඳන් රෑ 10 වෙනකල් වැඩ. ජිවිතේ බයක් නැතුව එන්ජෝයි කරන්නනම් රිලැක්ස් ජොබ් එකක් එක්ක වෙන income source එකක් තියෙන්න ඕන one time invest කරපු එකකින්. එත් ඒ වගේ chances ගොඩක් අඩුයි. එහෙම වෙන income තියෙනවනම් තමන්ට පොඩි ජොබ් එකකට යන්න පුළුවන් salary එක ගැන ලොකුවට හිතන්නේ නැතුව.